බුද්ධගයා පුදබිමේ පරිපාලන ගැටළුවක්...ඉන්දීය බෞද්ධයින් විරෝධතා ව්‍යාපාරයක
ලෝකවාසී බෞද්ධයන්ගේ ප්‍රධානතම පූජා භූමිය වන බුද්ධගයා පුදබිමේ පරිපාලන ගැටළුවක් හේතුකොටගෙන මේ දිනවල ඉන්දීය බෞද්ධයින් විශාල විරෝධතා ව්‍යාපාරයක් ගෙන යන බව ඔබ දන්නවාද?
මට පේන තරමින් ශ්‍රි ලංකාවේ මාධ්‍යය මේ ගැන කිසිම නිව්ස් එකක් මේ දක්වා පල කරලා නෑ....
12 වෙනි ශත වර්ෂයෙන් පසු සිදුවූ ඉරාන සහ මූගල් ආක්‍රමණ නිසාත් ඊට පෙර සිටම එල්ලවූ හින්දු බලපෑම් නිසාත් 19 වෙනි ශත වර්ෂයේ අවසානය දක්වා බුද්ධගයා පුදබිමේ අයිතිය බෞද්ධයන් හට හිමිව තිබුනේ නැහැ....
19 ශත වර්ෂයේදී අග වන විට පුද බිම පාලනය කලේ හින්දු මහන්තා කෙනෙකු වූ අතර ශිව දෙවොලක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන ගියා....
අනගාරික ධර්මපාලතුමාගේ මැදිහත්වීමෙන් පිහිටවූ මහාබෝධි සමාගම විසින් පසුව මෙම පුදබිමේ පරිපාලනය වෙනුවෙන් බ්‍රිතාන්‍යය යුගයේදී අධිකරණය ඉදිරියේ යුක්තිය ඉල්ලා සිටීමේ ප්‍රථිපලයක් ලෙස නැවත වතාවක් බෞද්ධයන්ට මෙම ස්ථානයට ගොස් ආගමික වතාවත් වල නිරත වීමේ අයිතිය ලැබුණා....
නමුත් බහුතර ලාංකිකයන් සිතාගෙන සිටින අයුරින් අනගාරික ධර්මපාලතුමා මිය යන තෙක්ම මෙම පුදබිමේ සම්පූර්ණ අයිතියක් බෞද්ධයින් හට හිමිවූයේ නෑ....
1947 දී ඉන්දියාව නිදහස ලබා ගැනීමෙන් අනතුරුව නිදහස් ඉන්දියාවේ ප්‍රථම අධිකරණ අමාත්‍යවරයා වූ ආචාර්‍ය අම්බෙඩ්කාර් මැතිතුමාගේ මැදිහත් වීමෙන් 1949 දී මහාබෝධි පරිපාලන පනත නීතිගත කරනවා.....
එහිදී පුදබිමේ පරිපාලනය සම්බන්දව නව දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත් කරන අතර ඉන් හතර දෙනෙකු බෞද්ධයන් විය යුතුයි ....තවත් හතර දෙනෙකු හින්දූන් වෙනවා....කමිටුවේ සභාපතිවරයා ලෙස පත් වෙන්නේ ගයා දිස්ත්‍රික්කයේ දිසාපතිවරයායි....
පනතට අනුව ගයා දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා හින්දු හෝ බෞද්ධ නොවන්නේ නම් ඒ සදහා වෙනත් සභාපතිවරයෙක් කමිටුවට පත් කර ගත හැකියි....
නමුත් බොහෝ අවස්ථාවල ගයා දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා හින්දූ ආගමිකයෙක් වන නිසා කමිටුවේ බහුතර බලය මෙන්ම සභාපතිත්වය හිමිවන්නේත් හින්දූන්ටයි....
ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ මක්කම පුද බිම ඉස්ලාම් ආගමිකයන් පාලනය කරද්දී ක්‍රිස්ත්‍රියානීන් සහ යුදෙව්වන් ජෙරුසලම් පුදබිම පවත්වාගෙන යද්දී කේදරනාත් පුදබිම හින්දූන් විසින් පරිපාලන කරද්දී බෞද්ධයින්ගේ ප්‍රධානතම පූජා භූමිය වන බුද්ධගයාව තවමත් පවතින්නේ හින්දු පරිපාලනයක් යටතේයි....
මෑත කාලයේදී නැවතත් හින්දු ආගමික වතාවත් ගයා විහාරය තුල වැඩි දියුණු වීමත් ශිව ලිංගයක් ඒ තුල තැන්පත් කලා යැයි පැවසීමත් මේ වාතාවරණය බෞද්ධයින්ගේ නොසතුට වර්ධනය කිරීමට හේතුවක් වුනා....
අනෙක් අතට ඉන්දීය හින්දු සමාජය තුල බෞද්ධ සහ හින්දු යනු එකම ආගමක් බවටත් ගෞතම බුදුන් යනු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙසත් පවතින අදහස බුද්ධගයාව ආශ්‍රිත මෙම ප්‍රශ්නය විසදීමට බාදාවක් ලෙස පවතිනවා....
විශේෂයෙන්ම ඉන්දීය දලිත්වරුන් බහුල ප්‍රදේශ වලින් නැගෙන චෝදනාවක් වන්නේ ජන සංගණන වලදී පවා සංගණන නිලධාරීන් විසින් බෞද්ධයින් හින්දූන් ලෙස ගණන් කොට සංඛ්‍යා ලේඛන තබන බවයි....
කෙසේ නමුත් දැන් වන විට මේ සම්බන්දව මහාරාෂ්ඨ්‍ර , තෙලංගනා සහ බිහාර් ප්‍රාන්ත තුල බෞද්ධයින්ගේ සහ හරිජනයා මූලික කරගත් දේශපාලන ව්‍යාපාරවල මැදිහත් වීමෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙමින් යනවා...
- පන්සිළු දිනිත් -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්