බුද්ධගයා පුදබිමේ පරිපාලන ගැටළුවක්...ඉන්දීය බෞද්ධයින් විරෝධතා ව්‍යාපාරයක
ලෝකවාසී බෞද්ධයන්ගේ ප්‍රධානතම පූජා භූමිය වන බුද්ධගයා පුදබිමේ පරිපාලන ගැටළුවක් හේතුකොටගෙන මේ දිනවල ඉන්දීය බෞද්ධයින් විශාල විරෝධතා ව්‍යාපාරයක් ගෙන යන බව ඔබ දන්නවාද?
මට පේන තරමින් ශ්‍රි ලංකාවේ මාධ්‍යය මේ ගැන කිසිම නිව්ස් එකක් මේ දක්වා පල කරලා නෑ....
12 වෙනි ශත වර්ෂයෙන් පසු සිදුවූ ඉරාන සහ මූගල් ආක්‍රමණ නිසාත් ඊට පෙර සිටම එල්ලවූ හින්දු බලපෑම් නිසාත් 19 වෙනි ශත වර්ෂයේ අවසානය දක්වා බුද්ධගයා පුදබිමේ අයිතිය බෞද්ධයන් හට හිමිව තිබුනේ නැහැ....
19 ශත වර්ෂයේදී අග වන විට පුද බිම පාලනය කලේ හින්දු මහන්තා කෙනෙකු වූ අතර ශිව දෙවොලක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන ගියා....
අනගාරික ධර්මපාලතුමාගේ මැදිහත්වීමෙන් පිහිටවූ මහාබෝධි සමාගම විසින් පසුව මෙම පුදබිමේ පරිපාලනය වෙනුවෙන් බ්‍රිතාන්‍යය යුගයේදී අධිකරණය ඉදිරියේ යුක්තිය ඉල්ලා සිටීමේ ප්‍රථිපලයක් ලෙස නැවත වතාවක් බෞද්ධයන්ට මෙම ස්ථානයට ගොස් ආගමික වතාවත් වල නිරත වීමේ අයිතිය ලැබුණා....
නමුත් බහුතර ලාංකිකයන් සිතාගෙන සිටින අයුරින් අනගාරික ධර්මපාලතුමා මිය යන තෙක්ම මෙම පුදබිමේ සම්පූර්ණ අයිතියක් බෞද්ධයින් හට හිමිවූයේ නෑ....
1947 දී ඉන්දියාව නිදහස ලබා ගැනීමෙන් අනතුරුව නිදහස් ඉන්දියාවේ ප්‍රථම අධිකරණ අමාත්‍යවරයා වූ ආචාර්‍ය අම්බෙඩ්කාර් මැතිතුමාගේ මැදිහත් වීමෙන් 1949 දී මහාබෝධි පරිපාලන පනත නීතිගත කරනවා.....
එහිදී පුදබිමේ පරිපාලනය සම්බන්දව නව දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත් කරන අතර ඉන් හතර දෙනෙකු බෞද්ධයන් විය යුතුයි ....තවත් හතර දෙනෙකු හින්දූන් වෙනවා....කමිටුවේ සභාපතිවරයා ලෙස පත් වෙන්නේ ගයා දිස්ත්‍රික්කයේ දිසාපතිවරයායි....
පනතට අනුව ගයා දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා හින්දු හෝ බෞද්ධ නොවන්නේ නම් ඒ සදහා වෙනත් සභාපතිවරයෙක් කමිටුවට පත් කර ගත හැකියි....
නමුත් බොහෝ අවස්ථාවල ගයා දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා හින්දූ ආගමිකයෙක් වන නිසා කමිටුවේ බහුතර බලය මෙන්ම සභාපතිත්වය හිමිවන්නේත් හින්දූන්ටයි....
ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ මක්කම පුද බිම ඉස්ලාම් ආගමිකයන් පාලනය කරද්දී ක්‍රිස්ත්‍රියානීන් සහ යුදෙව්වන් ජෙරුසලම් පුදබිම පවත්වාගෙන යද්දී කේදරනාත් පුදබිම හින්දූන් විසින් පරිපාලන කරද්දී බෞද්ධයින්ගේ ප්‍රධානතම පූජා භූමිය වන බුද්ධගයාව තවමත් පවතින්නේ හින්දු පරිපාලනයක් යටතේයි....
මෑත කාලයේදී නැවතත් හින්දු ආගමික වතාවත් ගයා විහාරය තුල වැඩි දියුණු වීමත් ශිව ලිංගයක් ඒ තුල තැන්පත් කලා යැයි පැවසීමත් මේ වාතාවරණය බෞද්ධයින්ගේ නොසතුට වර්ධනය කිරීමට හේතුවක් වුනා....
අනෙක් අතට ඉන්දීය හින්දු සමාජය තුල බෞද්ධ සහ හින්දු යනු එකම ආගමක් බවටත් ගෞතම බුදුන් යනු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙසත් පවතින අදහස බුද්ධගයාව ආශ්‍රිත මෙම ප්‍රශ්නය විසදීමට බාදාවක් ලෙස පවතිනවා....
විශේෂයෙන්ම ඉන්දීය දලිත්වරුන් බහුල ප්‍රදේශ වලින් නැගෙන චෝදනාවක් වන්නේ ජන සංගණන වලදී පවා සංගණන නිලධාරීන් විසින් බෞද්ධයින් හින්දූන් ලෙස ගණන් කොට සංඛ්‍යා ලේඛන තබන බවයි....
කෙසේ නමුත් දැන් වන විට මේ සම්බන්දව මහාරාෂ්ඨ්‍ර , තෙලංගනා සහ බිහාර් ප්‍රාන්ත තුල බෞද්ධයින්ගේ සහ හරිජනයා මූලික කරගත් දේශපාලන ව්‍යාපාරවල මැදිහත් වීමෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙමින් යනවා...
- පන්සිළු දිනිත් -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..