
රට අනතුරට මුහුණ පාන සෑම අවස්ථාවකම රාජ්‍ය බලය නොතිබුණද දිවි නොතකා සටන් කළ ජවිපෙයට රාජ්‍ය බලය හොබවද්දීත් එලෙසම කටයුතු කිරීමේ වගකීම පැටවී තිබෙනවා- මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
1987 දී ඉන්දු ලංකා ගිවිසුම අපට බලහත්කාරයෙන් පැටවීමට ගත් උත්සාහය පරාජය කිරීමට වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ දිවි පරදුවට තබා සටන් කළ බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. එදා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කළ කැපවීම හේතුවෙන් එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාට ඉන්දු ලංකා ගිවිසුම මගින් රට බෙදීමට ලක්වන ප්‍රතිපාදන වලට යම් යම් සම්බාධක පැනවීමට සිදු වූ බවද පැවසූහ. එලෙසම 2002 දී රනිල් වික්‍රමසිංහ මහතා තාවකාලික ආණ්ඩු යෝජනාව රැගෙන එන විට එයට විරුද්ධව කටයුතු කරන්නට ජාතික බලවේග සමඟ එක්ව කටයුතු කරනු ලැබුවේත් ජනතා විමුක්ති පෙරමුණ බවද උන්වහන්සේ අවධාරණය කළහ. 2005 දී සුනාමි සහන මණ්ඩලය හරහා බෙදුම්වාදයට මග කපන වැඩපිළිවෙල පරාජය කළෙත් වර්තමාන ජනාධිපතිවරයා නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
රාජ්‍ය බලය නොමැති වකවානුවක බෙදුම්වාදය මෙන්ම ඉන්දීය මැදිහත්වීම් වලකා ලන්න්නට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය හොබවන කාලයේදීත් ඒ වෙනුවෙන්ම් පෙනී සිටිමේ විශාල වගකීමක් තිබෙන බව ජාතික සංවිධාන වල සාමාජිකයන් වෙනුවෙන් අවධාරණය කරන බව උන්වහන්සේ පැවසූහ. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මේ බව ප්‍රකාශ කළේ
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්ම රතන හිමිගේ සහ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගේ අනුශාසකත්වයෙන් 2025 මාර්තු 30 වන දින පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙණට රැස්වූ ජාතික සංවිධාන 50කට ආසන්න නියෝජිතයෝ සහ ඒවායෙහි උපදේශකවරු සංදේශය ත්‍රෛ නිකායික මහ හිමිපාණන්වරු ප්‍රමුඛ මහා සංඝරත්නයට, ගරු ජනාධිපති තුමාට, මහජන නියෝජිතයන්ට සහ සමස්ත පොදු ජනයා වෙත ඉදිරිපත් කිරීම පිණිස අත්සන් තබන උත්සවයට සහභාගි වෙමිනි.
උත්සව සභාව අමතමින් උන්වහන්සේ කළ අනුශාසනය පහත පලවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
