ඔවුන් ඔහුට කිව්වේ "ලාහෝර් නගරයේ සිංහයා" කියලා. මේ ඉම්රාන් ඛාන්ගේ අද තත්වය. ඔහු සිරකරුවෙක්.
ඉම්රාන් ඛාන් සිවිල් ඉංජිනේරුවෙකුගේ පුත්‍රයෙක් වංශවත් පවුල් පසුබිමක උරුමක්කරුවෙක්. 1952 පාකිස්තානයේදී උපන්නත් 1971දී එංගලන්තයේ වූස්ටර්හි රාජකීය ව්‍යාකරණ පාසලට (Royal Grammar School) ඔහු ඇතුළත් වුණේ ක්‍රිකට් ක්‍රීඩාවත් කරන ගමන්.
1971දී සංචාරක පාකිස්තාන කණ්ඩායමට එංගලන්තයේදීම එක්වෙලා, ටෙස්ට් ක්‍රිකට් වරම් දිනාගන්න මේ යෞවනයා සමත් වුනා. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. අධ්‍යාපනයත් ඇතුළුව ඉරියව් 4ක්. 1972දී ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කීබ්ල් විශ්ව විද්‍යාලයෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හදාරලා උපාධිය ලබාගත්තා.
1973-'75 කාලය තුළදී ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ ක්‍රිකට් කණ්ඩායමත්, වූස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමත් නියෝජනය කළා. 1982 වර්ෂය තුළදී ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වුණේ ඔහුයි. ටෙස්ට් තරගයකදී කඩුලු 10ක් සමග ශතකයක් වාර්තා කළ ලොව දෙවැන්නා වුණෙත් ඔහුයි. 1989දී "වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා" නමැති සම්මානය දිනාගත් පළමු ආසියානුවා බවටත් පත්වුණා.
හැකියාවෙන්, රුවෙන්, ධනයෙන් සහ බලයෙන් එක ලෙස බැබලුණු ඉම්රාන්ගේ පසුපසින් ආවේ ආසියානු තරුණියන් විතරක් නෙමෙයි. එංගලන්ත, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත කාන්තාවන් ඔහුගේ ඇසුර ප්‍රිය කළා. ඔහු තරුණ කාලේ නළුවෙක් වගේ ලස්සනයි. කෙළිලොල් තරුණයෙකු වුණත්, ඔහුගේ ක්‍රිකට් පරිච්ඡේදය හරි ඉහළින් ලියවුණා.
1987දී ක්‍රිකට් වලින් විශ්‍රාම ගෙන සිටි ඉම්රාන් ඛාන්ට නැවත ක්‍රිකට් කණ්ඩායම භාරගන්නැයි ආරාධනා කළේ එවකට පාකිස්තාන ජනාධිපති ජෙනරාල් සියා උල් හක්. එය භාරගෙන 1992දී පාකිස්තාන කණ්ඩායම ක්‍රිකට් ලෝක ශූරතාවය කරා මෙහෙයවූ නායකයා තමයි ඉම්රාන් ඛාන්. මුළු පාකිස්තානයටම සහ ලෝකයටම ඒක ඓතිහාසික දිනයක් වුණා. තරුණ කණ්ඩායමක් එක්ක ඕස්ට්‍රේලියාවට ගිහින් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කරලා ඔහු විසින් ජය ලබාගැනීම ඓතිහාසික කතාන්දරයක්.
නායකයෙකු හැටියට ටෙස්ට් තරග 48කදී ජයග්‍රහණ 14ක් සහ පරාජයන් 8ක් ඔහු විසින් වාර්තා කළා. එක්දින තරග 139කදී ජයග්‍රහණ 75ක් සහ පරාජයන් 59ක් වාර්තා කළා. අපි '90 දශකයේදී දැකපු වසීම් අක්‍රම්, වකාර් යුනුස්, ඉන්සමාම් උල් හක් වගේ ක්‍රීඩකයන්ව හැදුවේ ඉම්රාන් ඛාන්. ඒ තමයි ඔහුගේ සුපිරි නායකත්වය.
ක්‍රීඩකයෙකු හැටියට ඔහු ටෙස්ට් කඩුලු 362ක සහ ටෙස්ට් ලකුණු 3807ක හිමිකරුවෙක්. දුර්ලභ "ටෙස්ට් ලකුණු 3000+ටෙස්ට් කඩුලු 300" සමාජයේ සාමාජිකයෙක්. 37.69ක ටෙස්ට් ලකුණු සාමාන්‍යයක් සහ 22.81ක පන්දු යැවීමේ සාමාන්‍යයක් තියෙන ක්‍රීඩකයෙක් කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨයෙකුද... එක්දින ලකුණු සාමාන්‍යය 33.41යි, මුළු ලකුණු 3709යි. එක්දින කඩුලු ලබාගැනීමේ සාමාන්‍යය 26.61යි, කඩුලු 182යි.
සුරංගනා කතාවක් වගේ ලස්සනට ලියැවිලා තිබුණු ඉම්රාන් ඛාන්ගේ කතාවට දේශපාලන සෙවණැල්ල පතිත වෙන්නේ 1987 ජනාධිපති, ජෙනරාල් සියා උල් හක් ඔහුට දේශපාලනයට ආරාධනා කිරීමත් එක්කයි. ඉන්පස්සේ නවාස් ශරීෆ්, ඉම්රාන්ට ආරාධනා කළා ඔහුගේ පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට. ඔය ආරාධනා දෙකම ඉම්රාන් විසින් ප්‍රතික්ෂේප කළා. මේ තරම් ආරාධනා ගලා ඒමෙන් පැහැදිළි වෙන්නේ ඉම්රාන් ඛාන්, එවකට ලොව තුළ කෙතරම් බලවතෙකුද කියන එකයි.
1993දී ඔහු මොයිනුදීන් අහමඩ් ඛුරේෂිගේ අන්තර්වාර ආණ්ඩුවේ සංචාරක කර්මාන්ත තානාපතිවරයෙකු වුණා. 1995දීත් ඉම්රාන් ඛාන් පාකිස්තානයේ බලවත්ම තරුව වූ නිසා අගමැතිනි බෙනාසීර් භූතෝ බියවුණා. ඇය ඔහුට එරෙහිව විවිධ ප්‍රචාර දියත් කළා. 1996දී ඉම්රාන් තමන්ගේම පක්ෂයක් සමගින් දේශපාලනයට පිවිසුණා.
දෛවය හරි පුදුමාකාරයි. ඔහුව දේශපාලනය වෙත තල්ලු වුණු ආකාරය සහ ඉන් එහාට ඔහුගේ ගමන වෙනස්ම එකක්. විපක්ෂය නියෝජනය කරමින් කාලයක් දේශපාලනය කළ ඉම්රාන් ඛාන් 2018දී අගමැති ධුරයට පත්වුණා. ඒත් ඒ කාලය පාකිස්තානයට යහපත් කාලයක් වුණේ නෑ. ආර්ථික තත්වය වල පල්ලට යමින් තිබුණා. ඔහු ඔහුගේ කාර්‍යාල සේවකයන් ගණන 524සිට 2ට අඩු කළා. සුඛෝපභෝගී වාහන විකුණා දැම්මා. අගමැතිවරයාගේ නිල නිවාස වැයෙන් 49%කින් පහත හෙලුවා. කාර්‍යාල වියදම් වලින් 29%ක් පහත හෙලුවා.
IMF එකත් එක්ක එකතුවෙලා විශාල වැඩකටයුතු ටිකක් කරන්න ඔහුට සිදුවුණා. ඔහු චීන-පාකිස්තාන නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් කළා. වේලි දෙකක් ඉදිකිරීම වෙනුවෙන් ලොව වටා ගොස් පාකිස්තාන රු. බිලියන 17.2ක් එකතු කළා. ජල විදුලි ජනනය 20%කින් ඉහළ නංවාගත්තා. ගල් අඟුරු භාවිතය අවම කරගත්තා. දේශපාලකයන්ගේ දූෂණ සොයන්නට කමිටුවක් පත්කළා. ඉන්දියා-පාකිස්තාන ගැටුම් සමථයකට පත් කරගන්නට ඔහු ඔහුගේ ශූර නායකත්ව වචන භාවිතා කළා. ලෝකය ඉදිරියේ පාකිස්තානයේ ගෞරවය රැකගත්තා. කොවිඩ් 19 වෛරසයටත් මුහුණ දෙමින් රට කරගෙන ගියා.
ඒ සියල්ල එසේ තිබියදීත්, 2022දී විපක්ෂය ඉම්රාන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවා. ඒ මොහොතේ ඔහුගේ ළඟම සගයනුත් ඔහුගෙන් ඉවත් වුණා. මන්ත්‍රණ සභාවේදී ඔහු විශ්වාස භංගය පරාජය වුණා. 2023දී ඔහුව නිවාස අඩස්සියට පත්වූ අතර, 2025දී අල්ලස් හා දූෂණ චෝදනා මත ඔහුව 14 වසරකට සිරගත කරනු ලැබුවා.
මේ 72හැවිරිදි ඔහුගේ අද තත්වයයි.
- අසංක හදිරම්පෑල.
Copped - colombo journalසම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..