1996 ලෝක කුසලාන අවසන් තරගයේ රසමුසු සිදුවීම් පෙළක්
අර්ජුන ඇතුළු කණ්ඩායම 1996 ලෝක කුසලාන අවසන් තරගයට පෙර දිනයක ලාහෝර් පිටිය පරීක්ෂා කිරීමට ගියා. එහි දී ඔහුට දක්නට ලැබුණේ තණකොළ මත අධික ලෙස වතුර තිබුණු ආකාරය යි. ඒ අවස්ථාවේ දී ඔහුට හිතවත් පිටිය සකසන්නෙකු ළඟට ගිය අර්ජුන මෙසේ පවසා සිටියා.
“මොකද තණකොළ මත මේ තරම් වතුර? ෆයිනල් එක දවසෙ නම් මෙහෙම තණකොළවලට වතුර දාන්න එපා.”
එවිට පිටිය සකසන්නා මෙසේ පවසා සිටියා.
“නෑ සර් ඔය වතුර දාල එහෙම නෙවෙයි. මේ දවස්වල රෑට හරියට පින්න. ඉතින් 7 පහුවෙනකොට පින්න වැටෙන්න ගන්නව. ඒ හින්දා සර්ට තියෙන්නෙ ටොස් එක ආවොත් මුලින්ම බෝල් කරන එක. ඒ මොකද සර් රෑට මේකෙ බෝල දාන්න අමාරුයි පින්න හන්ද”
පිටිය සකසන්නා ලබාදුන් උපදෙස හිතේ තියාගත් අර්ජුන අවසන් තරගයේ දී කාසියේ වාසිය ලැබුණොත් මුලින්ම පන්දු යැවීමට තීරණය කළා.
තරගය පැවති දිනයේ කාසියේ වාසිය උරගා බැලීමට පැයක පමණ කාලයක් තිබිය දී ඉම්රාන් ඛාන් අර්ජුන හමුවීමට පැමිණියා. එම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අතර මෙවැනි කතාබහක් ඇතිවුණා.
ඉම්රාන්- ඔබට කාසියේ වාසිය ලැබුණොත් මොකද කරන්න ඉන්නෙ?
අර්ජුන- මං පන්දු යවන්න යි සූදානමින් ඉන්නෙ
ඉම්රාන්- නෑ නෑ එහෙම කරන්න එපා. ඔබ මුලින්ම පන්දුවට පහරදෙන්න. ඒ මොකද ලෝක කුසලාන අවසන් තරගයක තියන පීඩනයත් එක්ක ලකුණු හඹායන්න ලෙහෙසි නැහැ.
ඉම්රාන්ගේ එම උපදෙස නිසා අර්ජුන දෙගිඩියාවෙන් පසුවුණා. ඒ අවස්ථාවේ දී ඔහු සිය සගයන් හමුවී ඉම්රාන් පැවසූ දෙය පිළිබඳව මෙසේ පවසා සිටියා.
“ඇත්තටම තවමත් කිසිම කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් තරගයක දී දෙවනියට පන්දුවට පහරදීල ලෝක කුසලානයක් ජයග්‍රහණය කරල නෑ. ඉම්රාන් කියන්නේ පාකිස්ථානයට ලෝක කුසලානය දිනල දුන්න නායකයෙක්, ඉතින් එයා කියන්නෙ මුලින්ම පන්දුවට පහරදෙන්න කියල. දැන් අපි මොකද කරන්නෙ?”
එවිට කණ්ඩායමේ ක්‍රීඩකයන් එක හඬින් පවසා සිටියේ මෙච්චර දවසක් අර්ජුන අයියා ගත්ත තීරණ හරි ගියා. ඉතින් මේ තරගෙදිත් අර්ජුන අයියට හිතෙන දේ කරමු. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තීරණය වුණේ කාසියේ වාසිය දිනාගතහොත් මුලින්ම පන්දු යැවීමට යි.
අවසන් තරගයේ දී කාසියේ වාසිය අර්ජුනට හිමිවුණා. ඔහු මුලින්ම පන්දු යැවීමට තීරණය කිරීමත් සමගම ලොව පුරා සිටි ක්‍රිකට් විචාරකයන් අර්ජුන විවේචනය කරන්නට පටන් ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට පිටියට පිවිසි අවස්ථාවේ, ආබාධිත පාකිස්ථානු ජාතිකයෙන් අර්ජුන ඇතුළු කණ්ඩායමට සුබ පතන ආකාරය දක්නට ලැබුණා. පසුකලෙක අර්ජුන පවසා තිබුණේ එය තමන්ට සුබ පෙරනිමිත්තක් සේ දැනුණු බව යි.
ඊටපස්සෙ අවසන් තරගයේ දී සිදු වුණු දේ අපි කවුරුත් දන්නවනෙ. ඕස්ට්‍රේලියාව 241කට කඩුලු 7යි. ශ්‍රී ලංකාව ලකුණු 245ට කඩුලු 3යි. කුසලානය අපිට ❤️.
ඡායාරූපය- අර්ජුනට සුබ පැතූ ආබාධිත පාකිස්තාන ජාතිකයා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..