News Category
From Date
To Date
Maximum Number of Result

ඉස්සර කන්තෝරු නෝනලා මහත්තුරු රස කර කෑ ‘බයිසිකලේ බත්’

Mar 21, 2025 at 01:42 PM
|

බයිසිකල් බත්කරුවන් අද දකින්නට නැති තරම්…
ඒ වෙනුවට සුපිරි අවන්හල්වලින් කෑම බෙදාහරින යතුරුපැදි
නවකතා හා කෙටි කතාවලටත් මාතෘකාවක් වෙලා
ඒ කාලයේ කෑඹ පිඟානක් රුපියල් පහයි
හැට, හැත්තෑව දශකයේ කොළඹ නගරය හෝ වෙනත් ප්රධාන නගරයක දහවල් දර්ශනය පිළිබඳ මතකය ඇත්තෙකුට, දහවල් දහයට එකොළහට පමණ නගරයේ වීදි ඔස්සේ ඊයක වේගයෙන් බයිසිකල් පැද ගිය පිරිසක් පිළිබඳව මතක තිබෙන්නට පුළුවන.
සාමාන්ය පාපැදියක පිටුපස සවිකළ ශක්තිමත් පුළුල් ලැගේජයක අඟල් දෙකෙන් දෙකට පරතරය ඇතිව ලෑලි පටි ගැසූ උස පෙට්ටියක් එහි සවිකර තිබිණි.
සමහරුන් ඔවුන් හැඳින්වූයේ ‘බයිසිකල් බත්කාරයා’ යනුවෙනි. තවත් එවැනි නම් කීපයක් ඔවුනට පටබැඳී තිබිණි.
බොහෝවිට මෙවැනි පුද්ගලයකුගේ උඩුකය වැසුණේ අත් දිග සුදු මේස් බැනියමකිනි. සමහරු සුදු හෝ පාට සරමක් ඇන්දාහ. තවත් සමහරුනගේ ඇඳුම වූයේ කොට කලිසමකි.
සමහරු තනි තනිව මෙම වෘත්තියෙහි නිරත විය. සමහර මුදලාලිලා යටතේ බයිසිකල්කරුවන් හත්අට දෙනෙක් සේවය කළහ.
එකල මෙම බත්කාරයන්ගේ සේවය ආරම්භ වන්නේ දහවල් දහයට දහයමාරට පමණය. තම සේවා වපසරියේ අවසානම නිවස වෙත යන ඔහු නිවසේ ගේට්ටුව අසල නතර වී බයිසිකලයේ සීනුව හඬවයි. ඒ වනවිට නිවසේ බිරිඳ තම සැමියා, පුතා හෝ සහෝදරයා වෙනුවෙන් දවල් බත උයා අවසන්ය. බොකුටු බෙලෙක් පිඟානකට බත් සහ ව්යාංජන බෙදා එම බෙලෙක් පිඟාන තවත් බොකුටු බෙලෙක් පිඟානකින් වසා පිරිසිදු සුදු පැහැ රෙදි කඩකින් ඔතා එහි සතර කොන්, කොන් දෙක බැගින් එකට අල්ලා තදින් ගැටගසනු ලැබේ.
ඒ සමගම ආහාර බඳුන ලැබිය යුත්තාගේ නම සහ සේවා ස්ථානය ලියූ ඝන කඩදාසි කැබැල්ලක් ආයා කටුවකින් රෙදිකඩෙහි රඳවනු ලැබේ. මෙසේ නිවසින් නිවසින් ලැබෙන ආහාර බඳුන් ලෑලි පෙට්ටියෙහි පරිස්සමට රඳවාගනු ලැබේ. එහිදී ආහාර බඳුන් පෙට්ටියේ මුලින්ම භාරදිය යුතු කෑම බඳුන පිහිටනසේ තබාගැනීමට බයිසිකල්කරුවන් පරිස්සම් වෙති.
එකල මෙම බයිසිකල් බත්කරුවන්ගේ අපූරු සහයෝගිතාවයක් ද විය.
කොටහේන, අලුත් මාවත, මෝදර, ප්රදේශයේ බත් පිඟන් එකතුකරගෙන එන බයිසිකල්කරුවන් බත් පිඟාන වැඩිපුර බෙදීමට ඇත්තේ කොල්ලුපිටිය ප්රදේශයෙහි නම්, බොරැල්ල, මරදාන ප්රදේශයේ බෙදීමට ඇති බත් පිඟන් ඒ ප්රදේශයට යන බයිසිකල්කරුවකුට භාරදෙයි. ඔහු ළඟ ඇති කොල්ලුපිටිය ප්රදේශයේ භාර දීමට ඇති ආහාර බඳුන් ඔහු ලබාගනී.
මෙම අපූරු වෘත්තීය සහයෝගීතාවය දෙදෙනාටම වාසි ගෙන එන ලදී. එමෙන්ම අන් බයිසිකල්කරුවකුගෙන් ලබාගන්නා බත් පිඟාන ද තමන්ගේ එකක් මෙන් වගකීමෙන් බෙදාහැරීම එකම ඔවුන්ගේ සිරිත විය.
ඉස්සර කන්තෝරු නෝනලා මහත්තුරු රස කර කෑ 'බයිසිකලේ බත්'
මෙලෙස කොළඹ විවිධ මාර්ග ඔස්සේ පැමිණෙන බයිසිකල්කරුවන් නිශ්චිත එක් එක් ස්ථානවලදී මුණගැසී තමන් ගමන් ගන්නා මාර්ගවල බෙදීමට ඇති වෙනත් බයිසිකල්කරුවන්ගේ ආහාර භාජන ලබාගෙන, තමන් සතුව ඇති ආහාර භාජන වෙනත් මාර්ගයක් ඔස්සේ ගමන් ගන්නා බයිසිකල්කරුවකුට භාරදෙන සිරිතක් විය. බොහෝවිට ඔවුන් මේ සඳහා තෝරා ගත්තේ වැඩිපුර වාහන තදබදයක් නැති ගස් හෙවනක් ඇති පාරක් අද්දරය. විහාරමහාදේවි උද්යානය අසල පාරවල් එවැනි එක් තැනක් විය.
මෙලෙස ලබාගන්නා ආහාර බඳුන් එහි සඳහන් කර ඇති සේවා ස්ථානයේ කෑම ගන්නා ස්ථානයේ තැන්පත් කිරීම ඔවුන්ගේ සිරිතය. දහවල් කෑම වේලාව එළඹි විට එක් එක් පුද්ගලයා පැමිණ තමන්ට නියමිත ආහාර බඳුන ගෙන ලිහා අනුභව කර නැවත ගැටගසා කෑම කාමරයෙම තැන්පත් කරති. දහවල් දෙක පමණ වනවිට, නැවත එන බයිසිකල්කරුවෝ හිස් බඳුන් ගෙන, උදෑසන සිදුවූ ආකාරයට නැවත ඒ ඒ නිවෙස්වලට භාරදෙති. සමහරවිටක බත් භාජනය අයිතිකරුවාට බයිසිකල්කරුවා ආපසු එන වෙලාවට ආහාර ගැනීමට නොහැකිවී නම් පසුව ආහාර ගෙන කාර්යාලයේ වැඩකටයුතු අවසන්වී ආපසු යනවිට හිස් භාජනය නිවසට ගෙන යෑම සිදු කරයි. මෙලෙස නිවසේ සිට කාර්යාලය දක්වා කෑම භාජනය ගෙන යෑම සහ ආපසු නිවස දක්වා ගෙන ඒමට එක ආහාර බඳුනකින් මාසයකට අයකරන ලද්දේ රුපියල් පහක් වැනි සුළු මුදලකි. නමුත් රුපියල් පහක් යනු ඒ කාලයේ හැටියට සැළකිය යුතු මුදලකි.
කාර්යාල ආපනශාලා මෙන්ම කාර්යාල සමීපයෙහි හෝටල් නොතිබූ සමයක බයිසිකල් බත්කාරයන්ගෙන් සුවිශේෂ සේවයක් සිදුවිය. මෙනිසා නිවසේම පිළියෙළ කළ ආහාරය තරමක් උණුසුමක් ද ඇතිව භුක්ති විඳීමේ වාසනාව කාර්යාලවල ලිපිකරු පන්තියේ අයට හිමි විය.
සම්මානනීය නවකතාකරුවකු සහ අතිදක්ෂ රූපවාහිනි තිර කතා රචකයකු වූ සෝමවීර සේනානායක මහතා කලකට පෙර මෙම බත් බයිසිකල්කරුවන් පිළිබඳ මෙවැනි විස්තරයක් කළේය.
ඒ කාලෙ ලේක් හවුසියටත් ඔය වගේ බත් අරගෙන බයිසිකල්කාරයෝ ආවා. ලේක් හවුසියේ සුබ සාධක අංශයෙන් පොඩි කාර්ඩ් එකක් දීලා තිබුණා. එම කාර්ඩ් එකේ සේවකයා සේවය කරන අංශයයි. සේවකයාගේ නමයි සටහන් කරලා තිබුණා. ඒ කාඩ් එක තමයි කෑම එවන තමන්ගෙ ගෙදරින්, එහෙම නැතිනම් බෝඩිමෙන් නැතිනම් බත් අම්මගෙ ගෙදරින් කෑම පිඟාන එවන රෙද්දෙ දවටන්නෙ සෝමවීර සේනානායක මහතා එදා පැවසුවේ ලේක්හවුසියේ සුබ සාධක අංශය, සේවකයන්ගේ ආහාර බඳුන් මාරු නොවීමට කටයුතු කළ ආකාරය පිළිබඳවය.
දහවල් දහයට එකොළහට ගෙවල්වලින් කෑම භාජන ඉල්ලගෙන ඔවුන් එක එක පාරවල්වලින් ඇවිල්ල නියමිත එක් තැනකදී එකතුවෙනවා. එතැන හරියට මධ්යම තැපැල් හුවමාරු මධ්යස්ථානය වගේ. මධ්යම තැපැල් හුවමාරු ස්ථානයට විවිධ ප්රදේශවලින් එන ලියුම්, නැවත එක් එක් ප්රදේශයට තෝරලා යවනවා වගේ. මෙතැනදි එක එක පාරට බෙදන්න තියෙන කෑම භාජන හුවමාරු කරගන්නවා. මේ වගේ බත් භාජන හුවමාරු කරගන්නා ස්ථාන කොළඹ නගරයේ කීප තැනකම තිබුණ දශක කීපයකට එහා ක්රියාත්මක වූ බයිසිකල්කරුවන්ගේ බෙදාහැරීමේ යාන්ත්රණය සෝමවීර සේනානායක මහතා විස්තර කළේ එසේය.
වෙනත් කාර්යාලවල ඇතුළට ගොස් කෑම භාජන තබා ආපසු පැමිණියත් ලේක් හවුසියේ එවැනි ඉඩක් නොවීය.
බත්කාරයන්ට ලේක් හවුසියේ ඇතුළට එන්න ඉඩක් තිබුණෙ නැහැ. ලේක් හවුසියේ පිටුපස්සෙ වාහන නවත්වන පැත්තෙන් ඇවිල්ලා නතර වෙන්න ඕනෙ. එතකොට පියන්ලා දෙන්නෙක් ඇවිල්ලා කෑම භාජන බයිසිකල්කරුවන්ගෙන් අරගෙන ගිහිල්ලා කෑම කාමරයේ තියෙන රාක්කවල තියනවා. කෑම අයිතිකාරයා කෑම කාලා ආපහු රාක්කෙම තියෙනවා හවස බයිසිකල්කාරයා ආවම ආපහු අර භාජන ගිහින් දෙනවා. බයිසිකල්කාරයා ඒ හිස් භාජන ලියුම් බෙදනවා වගේ ආපහු නියමිත ගෙවල්වලට භාරදෙනවා. බත්කාරයන්ගේ ක්රියා පිළිවෙත එසේ සවිස්තරව දැන සිටියත් සෝමවීර සේනානායක මහතා එවැනි බයිසිකල් බත්කරුවන්ගෙන් ගෙනා බත් අනුභව කළ අයකු නොවීය.
ඔය කියන කාලවල මම තනිකඩයනේ. ඒක නිසා මට බත් එවන්න කෙනෙක් හිටියෙ නැහැ. සත පනහේ බත් එක තමයි කඩවලින් කෑවෙ. සෝමවීර සේනානායක මහතා පැවසුවේ සිනහසෙමිනි.
කොළඹ නගරයේ නිවෙස්වල නේවාසිකව සිටි කාර්යාල ලිපිකාර මහත්වරුන්ට එලෙස බත් සැපයූ බත් අම්මා කෙනකු පිළිබඳ ලියූ ‘භවතු සබ්බ මංගලම්’ යන කෙටි කතාවක් සෝමවීර සේනානායක මහතාගේ ‘සුද්දා පරාදයි’ කෙටිකතා සංග්රහයෙහි ඇතුළත්ව ඇත.
වැඩිවියට පත්වූ දියණිවරුන් ලවා නේවාසිකයන්ගේ කාමරවලට ආහාර බඳුන් යවා ඔවුන් කාර්යාල ලිපිකරුවකුට විවාහ කර දීම පිළිබඳව එම කෙටි කතාවෙහි විස්තර වෙයි.
එවකට කොළඹ නගරයේ බෙහෙවින් ව්යාප්තව පැවතුන මෙම බයිසිකල් බත්කරුවන් පිළිබඳව එම කාලයේ අපූරු චිත්රපටයක් ද ප්රදර්ශනය විය.
ඒ ‘බයිසිල් හොරා’ ය.
චිත්රපට අධ්යක්ෂණය කළේ එවකට බොක්ස් ඔපීස් වාර්තා තැබූ චිත්රපට කීපයක්ම අධ්යක්ෂණය කළ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාය. ඔස්වල්ඩ් ජයසිංහ, ජීවරාණි කුරුකුලසූරිය, ඩී. ආර්. නානායක්කාර, ඩේවිඩ් ධර්මකීර්ති, දොන් සිරිසේන වැනි නළු නිළියන් ‘බයිසිකල් හොරා’ චිත්රපටයේ රඟපෑවෝය.
විවිධ වංචාකර ජීවත් වෙන පියකුගේ චරිතය ඩී. ආර්. නානායක්කාර එම චිත්රපටයේ රඟපෑවේය. එම චිත්රපටයේ ඔහුගේ දියණිය ලෙස රඟපෑ ජීවරාණිගේ උපදෙස් අනුව එම ජීවිතය අතහැර බයිසිකලයකින් බත් බෙදා දෙන පුද්ගලයකු ලෙස ජීවිතය ගොඩනගා ගන්නා අන්දම ‘බයිසිකල් හොරා’ චිත්රපටයේ විස්තර වෙයි.
හැටේ දශකයේදී කොළඹ නගරයේ කාර්යාලවලට පමණක් නොව, ප්රධාන පෙලේ පාසල්වලට ද මෙම බයිසිකල් බත්කරුවන්ගේ සේවාව සැපයුන බව ප්රවීණ ගමන් විස්තර සාහිත්ය නිර්මාපකයකු වූ නීල් විජේරත්න පවසයි.
ඒ කාලෙ හුඟාක් පාසල් උදෑසන අටේ සිට හවස තුන වෙනකම් පැවැත්තුවා. දහවල් දොළහේ ඉඳල එක වෙනකම් කෑම විවේකයක් තිබුණා. මම කොළඹ මරදාන ශාන්ත ජෝශප් විද්යාලයේ ඉගෙන ගන්නා කාලයේ, මෝදර, කොටහේන පැත්ත ඉඳල පැමිණෙන ළමයින්ට ඔය බයිසිකල්කැවන් බත් ගෙනැත් දුන්නා මතකයි නීල් විජේරත්න තම පාසල් සමය සිහිපත් කරමින් පැවසීය.
නීල් විජේරත්න පවසන ලෙස මෙලෙස බත් ප්රවාහනය කිරීමේ ක්රමය ඉන්දියාවේ ඉතාමත් ප්රචලිතය. ටිපින් කැරියර් සේවය කරන අය ඉන්දියාවේ හැඳින්වෙන්නේ ‘දබ්බවාලා’ යනුවෙනි.
ඉන්දියාවේ මෙම දබ්බවාලා සේවය හා සබැඳුන අපූරු හින්දි චිත්රපටයක් කලකට ඉහත නැරඹීමට මෙම ලියුම්කරුට හැකි විය.
චිත්රපටයේ නම ‘ලන්ච් බොක්ස්’ය.
එහි මෙම ලියුම්කරු ඇතුළු බොහෝ දෙනකු ප්රිය කරන ඉතාමත් දක්ෂ නළුවකු වූ ඉර්ෆා ඛාන් (මියගිය) එහි රඟපාන ලදී. එම චිත්රපටයේ ප්රධාන නිළි චරිතය රඟපෑවේ නිම්රත් කොවුර්ය. රිතේෂ් බත්රා අධ්යක්ෂණය කළ ‘ලන්ච් බොක්ස්’ හින්දි චිත්රපටය නිෂ්පාදනය කළේ සභානම් අල් අත්ය.
ඉන්ෆාන් ඛාන් බිරිඳ මියගිය විශ්රාම යෑමට ආසන්න කාර්යාල නිලධාරියකුගේ චරිතය රඟපායි. සැමියා විසින් ගණන් නොගන්නා වූ බිරිඳගේ චරිතය නිම්රත් කොවුර් රඟපායි.
දිනක් ඇය රසවත් කෑමක් පිළියෙළ කර එම ආහාර බඳුන සමග ලිපියක් ද එකතුකර ‘දබ්බවාලා’ කෙනකුට භාරදෙයි. නමුත් වැරදීමක් නිසා එය ලැබෙන්නේ ඇයගේ සැමියාට නොව ඉර්ෆාන් ඛාන්ටය. ඔහු එම ආහාර බඳුන අනුභව කර පිළිතුරු ලිපියක් ද යවයි. මෙලෙස ටික කාලයක් ආහාර බඳුන් සමග දෙදෙනා ලිපි ද හුවමාරු කර ගනිති. අවසානයේ ඇය, මෙම ලිපිය ලියන්නේ තම සැමියාට නොවන බව වටහා ගනී. ඔහුගේ කාර්යාලයේදී දෙදෙනා මුණගැසීමට තීරණය කර ගනිති. ඇය ඔහු මුණගැසීමට පැමිණි විට ඔහු ඇය දෙස බලා සිට ඇය මුණනොගැසී ආපසු යයි.
ඉර්ෆාන් ඛාන් රඟපෑ ‘ලන්ච් බොක්ස්’ චිත්රපටයේ ආහාර බඳුන් සමග හුවමාරු වන ලිපි පිළිබඳව වූ කතාව රසවිඳි පසු මට සිහි වූයේ මා කලකට පෙර කියවූ නවකතාවක්මය. ඒ ටී. බී. ඉලංගරත්නගේ ‘තිලක හා තිලකා’ය. තිලක විවාහයෙන් පසු රැකියාවට ගිය පළමු දිනයේ තිලකා, දහවල් බත් බඳුන සමග ආදර ලිපියක් යවන සිද්ධියක් එම නවකතාවේ ඇතුළත්ව ඇත.
divaina.
පීටර් කැනියුට් පෙරේරා

සම්බන්ධිත පුවත් | Related News

මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.