News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවේ ආධිපත්‍යයට යටත් වෙන ගිවිසුම් අත්සන් කරන්න වර්තමාන ජනාධිපතිවරයාට ජන වරමකුත් නැහැ, ඓතිහාසිකව කිසිම උරුමයකුත් නැහැ - උවිදු විජේවීර (වීඩියෝ)

Apr 3, 2025 at 09:37 AM
|

ශ්‍රී ලංකාව ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යවරයා සමග ගිවිසුම් 5කට අත්සන් කිරීමට නියමිතව ඇති බවත්, ඉන්දියාවේ හින්දුස්ථාන් පුවත්පත, Tamil Guardian පුවත්පත් වාර්තා කර තිබෙන ආකාරයට  ලංකාව සහ ඉන්දියාව අතර ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති ආකාරයේ වටිනා ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත් උවිදු විජේවීර පවසයි. 

ඊයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේවීර මහතා මෙසේද පැවසීය. 

‘‘විශේෂයෙන්ම 88,89 දේශපාලනය කරපු නායකයෝ මේ ජනතා විමුක්ති පෙරමුණ තුල ඉන්නවනම්, එදා තිබුණු පන්ති 5න් එකක් වෙන ඉන්දියානු ව්‍යාප්තවාදය යන පන්තිය අවම කරලා තියෙනවා නම් ඔවුන් දන්නවා මේ අනතුරේ තරම මොකක්ද කියලා. අපි කියන්නේ ගැටුම් වලට ඉන්දියාව අපේ තරහකාරය කරගන්න ඕන කියන එක නෙමෙයි, පැහැදිලිවම මේ රටේ අනාගතය සහ මේ රටේ ස්වාධිපත්යි උදෙසා මේ අපේ පුංචි රට ලෝකයේ අනවශ්ය  යුද ගැටුම් වලට මැදිහත් නොවෙන්න මේ රටේ දේශපාලනය මෙහෙයවිය යුතුයි. අපි දන්නවා මේ වෙනකොට ඉන්දු පැසිෆික් මුහුදු කලාපය මූලික කරගෙන කොඩ් නමින් යුධමය සංවිධානයක් නිර්මාණය කරලා තියෙනවා. නේටෝ එකක් වගෙ සංවිධානයක් නිර්මාණය කරමින් යනවා. එතකොට ඒක ඇතුලේ ඉන්දියාව එකට ගැට ගැහෙනවා. ජපානය ඇතුළු ඉන්දු-පැසිෆික් කලාපයේ රටවල් ගණනාවක් ගැට ගැහෙනවා, චීනයට විරුද්ධව, එතකොට චීනය, ඉන්දියාව, ඇමරිකාව යන භූ දේශපාලන ප්රෙභලයන්ගේ ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අප රට ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත මේ ආරක්ෂක ගිවිසුම හරහා අපිවත් මේ අර්බුදයට ඇදගැනීමක් වෙනවාද නැද්ද කියන එක දැනගන්න මේ රටේ ජනතාවට සාධාරණ අයිතියක් තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවට කියනවා මේ ලෝකෙ තියෙන අනවශ්‍ය ප්‍රශ්න වලට අපිව ඇදගෙන යන්න එපා. අපිට පුළුවන් නොබැඳි ජාතියක් හැටියට, ස්වාධීන ජාතියක් හැටුයට, මධ්ය ස්ථ රටක් හැටියට මේ සියලු ගැටුම් වලින් මිදිලා, අපේ ස්වාධීපත්ය්, ස්වාධීනත්වය තහවුරු කරගෙන, මේ අනාගතයේ ඇතිවෙන්න නියමිත ගෝලීය දේශපාලන වලින් උපක්රතමශිලීව ඈත් වෙලා ඉන්න. නැවත නැවතත් කියන්න කැමති මේ ඉන්දියාවේ ආධිපත්ය යට යටත් වෙන ගිවිසුම් අත්සන් කරන්න මේ වර්තමාන ජනාධිපතිවරයාට ජන වරමකුත් නැහැ, ඓතිහාසිකව කිසිම උරුමයකුත් නැහැ. ඒ වගේම තමයි මේ රටේ ජනතාවගේ අනාගතය විනාශ කරන, ඒ සැලසුම් වලට යටත් වෙන්න අවශ්ය ත් නැහැ කියන එක අපි මේ ආණ්ඩුවට මතක් කරන්න කැමතියි. අපි මේක මතක් කරන්නේ ආණ්ඩුවට විරෝධයක් ලෙස නෙවෙයි, ඔබගේම යහපැවැත්ම උදෙසා. අපි දන්නවා ජේ.ආර් මහත්තයා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරලා මේ රටට කරපු හානිය. අදටත් මේ රටේ ජනතාව ඔහුට ආමන්ත්රකණය කරන්නේ කොහොමද කියලා.එහෙම ඉතිහාසයේ කුනු බක්කියකට නොවැටෙන්න මේ වර්තමාන ජනාධීපතිවරයාට වගකීමක් තියෙනවා මෙවැනි උගුල් වල වැටෙන්නේ නැතුව අහිතකර අනපනත් සහ ගිවිසුම් වලට එළඹෙන්නේ නැතුව මේ රට වඩාත් යහපත් දිශානතියකට ගෙනියන්න.“



සම්බන්ධිත පුවත් | Related News

ග්‍රැමෆෝන් මුල් යුගය පෝෂණය කළ "මුණි නන්දන සිරි පාද වඳිම්" ගීතයේ මුල් ගායිකාවද වන ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය වසර 99ක් අයු වළදා පසුගියදා (02/06/2025) අප අතරින් සදහටම සමුගත්තාය.
වෙසක් සමාව යටතේ රැදවියකු නිදහස් කිරීම් පිළිබද මාධ්‍ය හා සමාජ මධ්‍ය මඟින් පලවු පුවත සම්බන්ධව බන්දනාගාර කොමසාරිස් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
අරක්කු මිල වැඩි වී තිබෙන්නේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු අරක්කු මුදලාලිලාගෙන් මුදල් ගන්නා නිසා බවටත්, ඔවුන් මෙම ගැටළුව විසඳීමට ඉඩ නොදෙන බවටත් අමාත්‍යවරයා චෝදනා කරයි.
ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
රේගු පරීක්‍ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා නව ජනතා පෙරමුණ විසින් අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් බාර දී ඇත.
ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.
රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන මේ වන විට පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා හරිත සංවිධානය ඇතුළු පාර්ෂව හතක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

ප්‍රධාන පුවත්

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදල් යන සංකල්පය බදු දැලෙන් නිදහස්ව මුදල් භාවිතා කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම සඳහා භාවිතා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා නගයි.

රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

පසුගිය රණවිරු සැමරුම සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය පිළිබඳව ජනතාවගේ සැකසංකා වර්ධනය වීමක් පෙන්නුම් කරන පසුබිමක ආණ්ඩුව විසින් අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ ක්‍රියාදාමය කරළියට පැමිණ ඇති බවත්, අධිකරණ පද්ධතියේ ඇති කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ගෙනෙන දෙයක් ලෙස මතුපිටින් පෙන්නුවද මෙම අභිචෝදක කාර්යාලය ගෙන ඒමේ ඇත්ත අරමුණ එය නොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.

22 වන ෂැංග්‍රි-ලා සංවාදයේදී චීනය සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා කළ "චීන තර්ජනය" ආඛ්‍යානය අතිශයෝක්තියට නැංවූ නිෂේධාත්මක අදහස් දැක්වීම්වලට ප්‍රතිචාර වශයෙන්, චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන ෂැං ෂියාඕගැං ඉරිදා ප්‍රකාශ කළේ ෂැංග්‍රි-ලා සංවාදයේදී ආරවුල් ඇති කිරීමට, ගැටුම් ඇති කිරීමට සහ ආත්මාර්ථකාමී අවශ්‍යතා ලුහුබැඳීමට එක්සත් ජනපදය පුරුදු වී සිටින බවයි. එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශ ගැඹුරින් මුල් බැසගත් ආධිපත්‍යවාදී තර්කනය, හිරිහැර කිරීමේ හැසිරීම සහ සීතල යුද්ධ මානසිකත්වයෙන් පිරී තිබුණි.

රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු

සයිබීරියාව සහ ඈත පෙරදිග ඇතුළු රුසියානු කලාප පහක හමුදා ගුවන් තොටුපළවල්, කියෙව් විසින් සංවිධානය කරන ලද "සම්බන්ධීකරණ ඩ්‍රෝන් ප්‍රහාර" වලට ඉලක්ක වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(01) පැවසීය

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.