ඉන්දියාවේ ආධිපත්‍යයට යටත් වෙන ගිවිසුම් අත්සන් කරන්න වර්තමාන ජනාධිපතිවරයාට ජන වරමකුත් නැහැ, ඓතිහාසිකව කිසිම උරුමයකුත් නැහැ - උවිදු විජේවීර (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යවරයා සමග ගිවිසුම් 5කට අත්සන් කිරීමට නියමිතව ඇති බවත්, ඉන්දියාවේ හින්දුස්ථාන් පුවත්පත, Tamil Guardian පුවත්පත් වාර්තා කර තිබෙන ආකාරයට ලංකාව සහ ඉන්දියාව අතර ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති ආකාරයේ වටිනා ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත් උවිදු විජේවීර පවසයි.
ඊයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේවීර මහතා මෙසේද පැවසීය.
‘‘විශේෂයෙන්ම 88,89 දේශපාලනය කරපු නායකයෝ මේ ජනතා විමුක්ති පෙරමුණ තුල ඉන්නවනම්, එදා තිබුණු පන්ති 5න් එකක් වෙන ඉන්දියානු ව්‍යාප්තවාදය යන පන්තිය අවම කරලා තියෙනවා නම් ඔවුන් දන්නවා මේ අනතුරේ තරම මොකක්ද කියලා. අපි කියන්නේ ගැටුම් වලට ඉන්දියාව අපේ තරහකාරය කරගන්න ඕන කියන එක නෙමෙයි, පැහැදිලිවම මේ රටේ අනාගතය සහ මේ රටේ ස්වාධිපත්යි උදෙසා මේ අපේ පුංචි රට ලෝකයේ අනවශ්ය යුද ගැටුම් වලට මැදිහත් නොවෙන්න මේ රටේ දේශපාලනය මෙහෙයවිය යුතුයි. අපි දන්නවා මේ වෙනකොට ඉන්දු පැසිෆික් මුහුදු කලාපය මූලික කරගෙන කොඩ් නමින් යුධමය සංවිධානයක් නිර්මාණය කරලා තියෙනවා. නේටෝ එකක් වගෙ සංවිධානයක් නිර්මාණය කරමින් යනවා. එතකොට ඒක ඇතුලේ ඉන්දියාව එකට ගැට ගැහෙනවා. ජපානය ඇතුළු ඉන්දු-පැසිෆික් කලාපයේ රටවල් ගණනාවක් ගැට ගැහෙනවා, චීනයට විරුද්ධව, එතකොට චීනය, ඉන්දියාව, ඇමරිකාව යන භූ දේශපාලන ප්රෙභලයන්ගේ ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අප රට ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත මේ ආරක්ෂක ගිවිසුම හරහා අපිවත් මේ අර්බුදයට ඇදගැනීමක් වෙනවාද නැද්ද කියන එක දැනගන්න මේ රටේ ජනතාවට සාධාරණ අයිතියක් තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවට කියනවා මේ ලෝකෙ තියෙන අනවශ්‍ය ප්‍රශ්න වලට අපිව ඇදගෙන යන්න එපා. අපිට පුළුවන් නොබැඳි ජාතියක් හැටියට, ස්වාධීන ජාතියක් හැටුයට, මධ්ය ස්ථ රටක් හැටියට මේ සියලු ගැටුම් වලින් මිදිලා, අපේ ස්වාධීපත්ය්, ස්වාධීනත්වය තහවුරු කරගෙන, මේ අනාගතයේ ඇතිවෙන්න නියමිත ගෝලීය දේශපාලන වලින් උපක්රතමශිලීව ඈත් වෙලා ඉන්න. නැවත නැවතත් කියන්න කැමති මේ ඉන්දියාවේ ආධිපත්ය යට යටත් වෙන ගිවිසුම් අත්සන් කරන්න මේ වර්තමාන ජනාධිපතිවරයාට ජන වරමකුත් නැහැ, ඓතිහාසිකව කිසිම උරුමයකුත් නැහැ. ඒ වගේම තමයි මේ රටේ ජනතාවගේ අනාගතය විනාශ කරන, ඒ සැලසුම් වලට යටත් වෙන්න අවශ්ය ත් නැහැ කියන එක අපි මේ ආණ්ඩුවට මතක් කරන්න කැමතියි. අපි මේක මතක් කරන්නේ ආණ්ඩුවට විරෝධයක් ලෙස නෙවෙයි, ඔබගේම යහපැවැත්ම උදෙසා. අපි දන්නවා ජේ.ආර් මහත්තයා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරලා මේ රටට කරපු හානිය. අදටත් මේ රටේ ජනතාව ඔහුට ආමන්ත්රකණය කරන්නේ කොහොමද කියලා.එහෙම ඉතිහාසයේ කුනු බක්කියකට නොවැටෙන්න මේ වර්තමාන ජනාධීපතිවරයාට වගකීමක් තියෙනවා මෙවැනි උගුල් වල වැටෙන්නේ නැතුව අහිතකර අනපනත් සහ ගිවිසුම් වලට එළඹෙන්නේ නැතුව මේ රට වඩාත් යහපත් දිශානතියකට ගෙනියන්න.“
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..