'ෆ' අක්ෂරය හඳුන්වාදී වසර 114 ක්
'ෆ' අක්ෂරය හඳුන්වාදී වසර 114 ක්
හෙළ බසට "ෆ" එකතු කළ විද්වතාණෝ
හෙළ බසට "ෆ" ශබ්දය නැඟීමට අක්ෂරයක් නොමැති වූ නිසා "ප" අක්ෂරය මත ඉංග්‍රීසි හෝඩියේ"F” අකුර රදවා "ෆ" අක්ෂරය හඳුන්වා දුන්නේ මීට වසර 114 කට ඉහතදී 1896 "ඥානදර්ශනය"සඟරාවේ මංගල කලාපයේය. ඔහු නමින් බලපිටිය වලව්වේ තිරිමාදුර එබ්‍රාහිම් මැන්දිස් ගුණසේකර විජය ශ්‍රී වර්ධන වාසල මුදලිතුමාය. ජ'මන් ජාතික විල්හෙල්ම් ගයිගර් මහතා පවසා ඇත්තේ ලංකාවේ පමණක් නොව යුරෝපයේ පවා එවන් පුළුල් භාෂා ඥානයක් ඇති අයෙකු සොයා ගැනීමට අපහසු බවයි.
1860 ජූනි මස 14 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ග්‍රාමයෙහි තිරිමාදුර බස්තියන් මැන්දිස් මුදලිතුමාට සහ අසේයා ද සොයිසා මැතිණියට දාව තිරිමාදුර එබ්‍රාහිම් මැන්දිස් ගුණසේකර උපත ලැබීය. හෙතෙම බලපිටියේ රංදොඹේ වෙස්ලියන් විද්‍යලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හැදෑරීය. පාසලේ සෑම අංශයකින්ම විශිෂ්ඨ ලෙස දස්කම් පෙන් වූ හෙතෙම ඉංග්‍රීසි ආණ්ඩුවේ ලිපිකාර විභාගයෙන් ඉහළින්ම සමත් විය. අවුරුදු 20 දී ඒජන්ත කාර්‍යාලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ හෙතෙම ඒ අතරතුර වස්කඩුව ශ්‍රී සුභූති නාහිමියන් යටතේ පාලි,සංස්කෘත භාෂා හදරන්නට විය.1901 වර්ෂයේදී හෙතෙම "විජය ශ්‍රී වර්ධන " යන ගරු නාමයක් සහිත මුදලිදු පදවියෙන් පිදුම් ලැබීය.
යුරෝපීය ඇදුම් ආයිත්තම් අගය නොකළ හෙතෙම සිය බොදු පිළිවෙත් වෙනස් නොකළේය. භාෂා පරිවර්තකයෙක් ලෙස සේවය කළ ඔහු සිංහල, දෙමළ, පාලි, සංස්කෘත, මැලේ, ප්‍රංශ, ලතින්, ජර්මන් සහ ග්‍රීක් යන භාෂාවන් හී ප්‍රවීණයෙක් විය.
සිංහල ශබ්දකෝෂය ආරම්භ කිරීමට පුරෝගාමී වූ මෙතුමා ඉංග්‍රීසි-සිංහල, සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂ දෙකෙහී ආදි කතෘ ද විය. මෙම කෘති දෙක 1905 දී එළි දැක්වූ අතර 1915දී වචන 20,000 ක එකතුවක් ඇති සිංහල -ඉංග්‍රීසි ශබ්දකෝෂය ලියා අවසන් කළේය.
සිංහල බසට සාහිත්‍යයට බුදු දහමට අනගි මෙහෙවරක් කළ තිරිමාදුර එබ්‍රාහිම් මැන්දිස් ගුණසේකර 1931 පෙබරවාරි 9 වන දින සදහටම දෙනෙත් පියා ගත්තේය.
වත්මනේ ඔහු විසින් සිදු කළ ඒ අප්‍රමාණ සේවය අගය නොකිරීම කණගාටුවට කරුණකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..