News Category
From Date
To Date
Maximum Number of Result

මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ජනපති අනුර ත්‍රිවිධ හමුදාව කැඳවීම: භයානක ගැසට්ටුවක් විය හැකියි

Oct 2, 2024 at 08:53 AM
|

මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ(26) රාත්‍රී නිකුත් කිරීම ගැන මම පළකළ පෝස්ටුවෙන් පසු බොහෝදෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ. රනිල් වික්‍රමසිංහ මෙම ගැසට්ටුව නිකුත් කරද්දී ප්‍රවෘත්ති ඇලර්ට් දැමූ, ප්‍රවෘත්ති පළකළ ජනමාධ්‍ය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැසට්ටුව නිකුත් කිරීමෙන් පසු මුණිවත රකිමින් සිටියි. මෙම ගැසට්ටුව භයානක ගැසට්ටුවක් විය හැක්කේ ඇයිද යන්න ගැන මෙසේ කරුණු ඉදිරිපත් කරමි.

ශ්‍රී ලංකාවේ මහජන සාමය ආරක්ෂා කිරීමේ ප්‍රධානතම ආයතනය ශ්‍රී ලංකා පොලිසියයි. කෙසේවෙතත් රටේ පැවති සිවිල් යුද්ධය පාදක කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කර මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවට ද අවශ්‍ය බලතල ලබාදී තිබිණි. වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සඳහන් කර ඇති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත පවා සම්මත කළේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ පසුබිමක විරෝධතා පවා යටපත් කරමිනි.

හදිසි නීතිය රටේ ක්‍රියාත්මක වුවද කොළඹ ඇතුළු දකුණේ ප්‍රදේශ ගණනාවකම බෝම්බ ප්‍රහාර දියත් වූ අතර මහජන ආරක්ෂාව සඳහා දකුණට පවා හමුදාව කැඳවා තිබියදීත් ඒවා නතර කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. උතුරේ සහ දකුණේ කැරලිවලට මුවාවෙමින් 1978 සිට පැවැති සෑම රජයක්ම පාහේ උතුරේ සහ දකුණේ මහජන නැගිටීම් මර්දනය කළ අතර දහස් ගණනක් මරාදැමූහ.

2009 වසරේ මැයි මාසයේදී යුදමය තත්ත්වය අවසන් වීමෙන් පසු හදිසි නීතිය ඉවත් කිරීමට රජයට සිදුවිය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිදුකළේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තහවුරු කර ගැනීමෙන් පසු 2010 වසරේ ජුනි මස 06 වැනිදා අංක 1656/45 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව පුරාම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බව කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීමය. මහජන ආරක්ෂක ආඥා පනතේ අදාළ ප්‍රතිපාදන අනුව මෙලෙස හමුදාව මහජන සාමය එනම් පොලිසියේ රාජකාරිය සඳහා කැඳවිය හැක්කේ උපරිම මාසයක කාලසීමාවක් සඳහා පමණක් වන අතර, මෙහි බරපතලකම කොතෙක්ද යත් ගැසට් නිවේදනය නිකුත් කළ වහාම ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද දැනුම්වත් කළ යුතුය.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා පොලිසියට නොහැකි අවස්ථාවලදී හමුදාව කැඳවීම කළ යුතු ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වැනි වගන්තියෙන් පසු සඳහන්වේ.

2010 වසරේ සිට 2013 වසර දක්වා අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුක් කළ අතර 2013 ජූලි මස 03 වැනිදා 1817/31 අංකයෙන් මාසයක කාලයක් සඳහා මහජන සායම පවත්වා ගැනීමට බව කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීය. එම ගැසට් නිවේදනයේ කාලය අවසන් වීමට දින තුනකට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා රතුපස්වල කම්හලකින් ජලය අපරිසිදුවීමට එරෙහිවත් පිරිසිදු පානිය ජලය ලබාදෙන ලෙසත් ඉල්ලමින් වැලිවේරියේ කළ සාමකාමී විරෝධතාවකට හමුදාව කඩාවැදී පහර දී වෙඩිතබා තිදෙනකු ඝාතනය කළහ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකළ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව හමුදාව එම ස්ථානයට කැඳවූ පුද්ගලයකු නොවීය. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2013 ජූලි මස 03 දිනැති ඉහත කී ගැසට් නිවේදනය අනුව හමුදාව එම ස්ථානයට පැමිණෙන්නට ඇති බවයි. රතුපස්වල වෙඩිතැබීමෙන් හමුදාවේ බ්‍රිගේඩියර්වරයා ඇතුළු චූදිතයන් නිදහස් කරන ලද එච්.සී.235/2019 (TAB) දරන නඩුවේ තීන්දුවේ ද මෙම ගැසට් නිවේදනය ගැන සඳහන් විය.

එම සිදුවීමෙන් පසු ද අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය පළකර තිබිණි.

ඉන් පසු යළිත් වරක් මෙම ගැසට් නිවේදනය මාසිකව නිකුත් කිරීමට පටන් ගත්තේ 2019 අගෝස්තු මාසයේදීය. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. 2019 අගෝස්තු 22 අංක 2137/67 දරණ ගැසට් නිවේදනය මගින් ත්‍රිවිධ හමුදාව මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා කැදවූ අතර එය සෑම මාසයකට වරක්ම සිදුකරගෙන ගියේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද එම ගැසට් නිවේදනය නිකුත් එලෙසම නිකුත් කරගෙන ගියේය.

‍2022 මාර්තු 31 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ඉදිරිපිට මහජන විරෝධතාවයට හමුදාව ප්‍රහාරයක් දියත් කළ අතර ඊට පසු දින එනම් අප්‍රේල් මස පළමු වැනිදා එම සිදුවීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී අදාළ උද්ඝෝෂණය විසිරුවා හැරීමට හමුදාව කැඳවූයේ කවුරුන් විසින්දැයි මම විමසීමක් කළෙමි. ඊට පිළිතුරු දුන් එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් හමුදාව කැඳවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හේතුවෙන් අමුතුවෙන් හමුදාව කැඳවීමක් අවශ්‍ය නොවන බවයි.

ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කොළඹ පැවැති බොහෝ උද්ඝෝෂණ විසිරුවීම සඳහා හමුදාව සහභාගී විය. කොළඹ විශ්ලවිද්‍යාලය අසල පැවැති උද්ඝෝෂණයක් විසිරුවීම සඳහා හමුදාව පොලු සහිතව සහභාගී වීම බොහෝදෙනකුගේ කතාබහට ලක්විය. කොළඹ විශ්ව විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එම විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි පිරිසක් පැමිණිලි කළ අතර එම පැමිණිල්ල විභාග කළ දිනයේ දී පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් මම ද සහභාගී වීමි. ඊට අදාළව මානව හිමිකම් කොමිසමට ලබාදුන් ලිඛිත දේශනයේ දී අපි පැහැදිලිවම හමුදාව කැඳවීම ප්‍රශ්න කළෙමු. එහි නීතිමය පදනම ගැන දීර්ඝ ලෙස සඳහන් කළෙමු. කෙසේවෙතත් හමුදාව මානව හිමිකම් කොමිසමට සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගැනීමට බව කියමින් නිකුත් කරන ගැසට් නිවේදනය අනුව තමන්ට කැඳවීමක් නැතිව උද්ඝෝෂණ පාලනය කිරීමට පැමිණිය හැකි බවයි.

මෙම ගැසට් නිවේදනය සහ එහි භයානක තත්ත්වය ගැන අපි අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළෙමු. එම නිවේදනය ඉවත් කර ගන්නා ලෙස බලකළෙමු. කෙසේවෙතත් වර්තමාන ජනාධිපතිවරයා ද ඊයේ රාත්‍රී එම නිවේදනය නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ මෙම හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කරන අතර 12 වැනි වගන්තිය ආරම්භ වන්නේ මෙසේය.

‘කිසියම් ප්‍රදේශයක මහජන ආරක්‍ෂාව අනතුරේ හෙළන තත්ත්වයක් උද්ගත වී ඇත්නම් හෝ ළඟදීම සහ එම ප්‍රදේශයේ එවැනි තත්ත්වයකට මුහුණ දීමට පොලිසිය ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිවරයාගේ අදහස නම්..’ (Where circumstance endangering the public security in any area have arisen or are imminent and the President is of the opinion that the police are inadequate to deal with such situation in that area, ) යනුවෙනි. එනම් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නම් එක්කෝ මහජන ආරක්ෂාව අනතුරේ හෙළන තත්ත්වයක් උද්ගතවී තිබිය යුතුය. නැත්නම් පොලිසියට මැඩපැවැත්විය නොහැකි එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවට ජනාධිපතිවරයා අදහස් කළ යුතුය.

ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත්කළේ මේ කුමන අනතුරක් සම්බන්ධයෙන් ද යන්න රටට හෙළිදරව් කළ යුතුය. ඇතැම් විට ඔහු මෙම නිවේදනය නිකුත් කළේ රාජපක්ෂලා, සිරිසේනලා, වික්‍රමසිංහලා නිකුත් කළ අරමුණින් නොවෙන්නට පිළිවෙන. එසේනම් ඔහු ඇත්තටම මෙම ගැසට් නිවේදනය නිකුත් කළේ කුමන හේතුවක් මතද යන්න රටට හෙළිදරව් කළ යුතුය. එය යහපත් ආණ්ඩුකරණයක හොඳ ගුණාංගයකි.

මහජන ආරක්ෂාව යටතේ හමුදාව කැඳවුවහොත් එම හමුදාවට පොලිසියට කළහැකි බොහෝ දේ ඇත. පුද්ලයන් අත්අඩංගුවට ගැනීම පවා කළ හැකිය. තවත් බොහෝ බපතල ලබාදී තිබේ.

මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය විය හැකි තත්ත්වයන් තිබිය හැකිය. එය කිසිසේත් ප්‍රතික්ෂේප නොකරන්නෙමි. බැලූබැල්මට අපට එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැත. මෙය හුදෙක් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා නොමග යවමින් කටයුතු කිරීමක් ද, එසේ නැතිනම් රටේ ඇතිවී තිබෙන හෝ ඇති විය හැකි මහජන ආරක්ෂාව අනතුරේ හෙළන තත්ත්වය කුමක්ද යන්න ගැන රජය විසින් මහජනතාව දනුම්වත් කළ යුතුය. මෙය මහජනතාවට වගකියන රජයක් බව සනාථ කිරීමට ද එය හොඳ අවස්ථාවකි.

- තරිඳු ජයවර්ධන

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.