News Category
From Date
To Date
Maximum Number of Result

මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ජනපති අනුර ත්‍රිවිධ හමුදාව කැඳවීම: භයානක ගැසට්ටුවක් විය හැකියි

Oct 2, 2024 at 08:53 AM
|

මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ(26) රාත්‍රී නිකුත් කිරීම ගැන මම පළකළ පෝස්ටුවෙන් පසු බොහෝදෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ. රනිල් වික්‍රමසිංහ මෙම ගැසට්ටුව නිකුත් කරද්දී ප්‍රවෘත්ති ඇලර්ට් දැමූ, ප්‍රවෘත්ති පළකළ ජනමාධ්‍ය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැසට්ටුව නිකුත් කිරීමෙන් පසු මුණිවත රකිමින් සිටියි. මෙම ගැසට්ටුව භයානක ගැසට්ටුවක් විය හැක්කේ ඇයිද යන්න ගැන මෙසේ කරුණු ඉදිරිපත් කරමි.

ශ්‍රී ලංකාවේ මහජන සාමය ආරක්ෂා කිරීමේ ප්‍රධානතම ආයතනය ශ්‍රී ලංකා පොලිසියයි. කෙසේවෙතත් රටේ පැවති සිවිල් යුද්ධය පාදක කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කර මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවට ද අවශ්‍ය බලතල ලබාදී තිබිණි. වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සඳහන් කර ඇති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත පවා සම්මත කළේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ පසුබිමක විරෝධතා පවා යටපත් කරමිනි.

හදිසි නීතිය රටේ ක්‍රියාත්මක වුවද කොළඹ ඇතුළු දකුණේ ප්‍රදේශ ගණනාවකම බෝම්බ ප්‍රහාර දියත් වූ අතර මහජන ආරක්ෂාව සඳහා දකුණට පවා හමුදාව කැඳවා තිබියදීත් ඒවා නතර කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. උතුරේ සහ දකුණේ කැරලිවලට මුවාවෙමින් 1978 සිට පැවැති සෑම රජයක්ම පාහේ උතුරේ සහ දකුණේ මහජන නැගිටීම් මර්දනය කළ අතර දහස් ගණනක් මරාදැමූහ.

2009 වසරේ මැයි මාසයේදී යුදමය තත්ත්වය අවසන් වීමෙන් පසු හදිසි නීතිය ඉවත් කිරීමට රජයට සිදුවිය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිදුකළේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තහවුරු කර ගැනීමෙන් පසු 2010 වසරේ ජුනි මස 06 වැනිදා අංක 1656/45 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව පුරාම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බව කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීමය. මහජන ආරක්ෂක ආඥා පනතේ අදාළ ප්‍රතිපාදන අනුව මෙලෙස හමුදාව මහජන සාමය එනම් පොලිසියේ රාජකාරිය සඳහා කැඳවිය හැක්කේ උපරිම මාසයක කාලසීමාවක් සඳහා පමණක් වන අතර, මෙහි බරපතලකම කොතෙක්ද යත් ගැසට් නිවේදනය නිකුත් කළ වහාම ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද දැනුම්වත් කළ යුතුය.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා පොලිසියට නොහැකි අවස්ථාවලදී හමුදාව කැඳවීම කළ යුතු ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වැනි වගන්තියෙන් පසු සඳහන්වේ.

2010 වසරේ සිට 2013 වසර දක්වා අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුක් කළ අතර 2013 ජූලි මස 03 වැනිදා 1817/31 අංකයෙන් මාසයක කාලයක් සඳහා මහජන සායම පවත්වා ගැනීමට බව කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීය. එම ගැසට් නිවේදනයේ කාලය අවසන් වීමට දින තුනකට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා රතුපස්වල කම්හලකින් ජලය අපරිසිදුවීමට එරෙහිවත් පිරිසිදු පානිය ජලය ලබාදෙන ලෙසත් ඉල්ලමින් වැලිවේරියේ කළ සාමකාමී විරෝධතාවකට හමුදාව කඩාවැදී පහර දී වෙඩිතබා තිදෙනකු ඝාතනය කළහ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකළ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව හමුදාව එම ස්ථානයට කැඳවූ පුද්ගලයකු නොවීය. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2013 ජූලි මස 03 දිනැති ඉහත කී ගැසට් නිවේදනය අනුව හමුදාව එම ස්ථානයට පැමිණෙන්නට ඇති බවයි. රතුපස්වල වෙඩිතැබීමෙන් හමුදාවේ බ්‍රිගේඩියර්වරයා ඇතුළු චූදිතයන් නිදහස් කරන ලද එච්.සී.235/2019 (TAB) දරන නඩුවේ තීන්දුවේ ද මෙම ගැසට් නිවේදනය ගැන සඳහන් විය.

එම සිදුවීමෙන් පසු ද අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය පළකර තිබිණි.

ඉන් පසු යළිත් වරක් මෙම ගැසට් නිවේදනය මාසිකව නිකුත් කිරීමට පටන් ගත්තේ 2019 අගෝස්තු මාසයේදීය. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. 2019 අගෝස්තු 22 අංක 2137/67 දරණ ගැසට් නිවේදනය මගින් ත්‍රිවිධ හමුදාව මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා කැදවූ අතර එය සෑම මාසයකට වරක්ම සිදුකරගෙන ගියේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද එම ගැසට් නිවේදනය නිකුත් එලෙසම නිකුත් කරගෙන ගියේය.

‍2022 මාර්තු 31 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ඉදිරිපිට මහජන විරෝධතාවයට හමුදාව ප්‍රහාරයක් දියත් කළ අතර ඊට පසු දින එනම් අප්‍රේල් මස පළමු වැනිදා එම සිදුවීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී අදාළ උද්ඝෝෂණය විසිරුවා හැරීමට හමුදාව කැඳවූයේ කවුරුන් විසින්දැයි මම විමසීමක් කළෙමි. ඊට පිළිතුරු දුන් එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් හමුදාව කැඳවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හේතුවෙන් අමුතුවෙන් හමුදාව කැඳවීමක් අවශ්‍ය නොවන බවයි.

ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කොළඹ පැවැති බොහෝ උද්ඝෝෂණ විසිරුවීම සඳහා හමුදාව සහභාගී විය. කොළඹ විශ්ලවිද්‍යාලය අසල පැවැති උද්ඝෝෂණයක් විසිරුවීම සඳහා හමුදාව පොලු සහිතව සහභාගී වීම බොහෝදෙනකුගේ කතාබහට ලක්විය. කොළඹ විශ්ව විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එම විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි පිරිසක් පැමිණිලි කළ අතර එම පැමිණිල්ල විභාග කළ දිනයේ දී පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් මම ද සහභාගී වීමි. ඊට අදාළව මානව හිමිකම් කොමිසමට ලබාදුන් ලිඛිත දේශනයේ දී අපි පැහැදිලිවම හමුදාව කැඳවීම ප්‍රශ්න කළෙමු. එහි නීතිමය පදනම ගැන දීර්ඝ ලෙස සඳහන් කළෙමු. කෙසේවෙතත් හමුදාව මානව හිමිකම් කොමිසමට සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගැනීමට බව කියමින් නිකුත් කරන ගැසට් නිවේදනය අනුව තමන්ට කැඳවීමක් නැතිව උද්ඝෝෂණ පාලනය කිරීමට පැමිණිය හැකි බවයි.

මෙම ගැසට් නිවේදනය සහ එහි භයානක තත්ත්වය ගැන අපි අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළෙමු. එම නිවේදනය ඉවත් කර ගන්නා ලෙස බලකළෙමු. කෙසේවෙතත් වර්තමාන ජනාධිපතිවරයා ද ඊයේ රාත්‍රී එම නිවේදනය නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ මෙම හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කරන අතර 12 වැනි වගන්තිය ආරම්භ වන්නේ මෙසේය.

‘කිසියම් ප්‍රදේශයක මහජන ආරක්‍ෂාව අනතුරේ හෙළන තත්ත්වයක් උද්ගත වී ඇත්නම් හෝ ළඟදීම සහ එම ප්‍රදේශයේ එවැනි තත්ත්වයකට මුහුණ දීමට පොලිසිය ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිවරයාගේ අදහස නම්..’ (Where circumstance endangering the public security in any area have arisen or are imminent and the President is of the opinion that the police are inadequate to deal with such situation in that area, ) යනුවෙනි. එනම් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නම් එක්කෝ මහජන ආරක්ෂාව අනතුරේ හෙළන තත්ත්වයක් උද්ගතවී තිබිය යුතුය. නැත්නම් පොලිසියට මැඩපැවැත්විය නොහැකි එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවට ජනාධිපතිවරයා අදහස් කළ යුතුය.

ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත්කළේ මේ කුමන අනතුරක් සම්බන්ධයෙන් ද යන්න රටට හෙළිදරව් කළ යුතුය. ඇතැම් විට ඔහු මෙම නිවේදනය නිකුත් කළේ රාජපක්ෂලා, සිරිසේනලා, වික්‍රමසිංහලා නිකුත් කළ අරමුණින් නොවෙන්නට පිළිවෙන. එසේනම් ඔහු ඇත්තටම මෙම ගැසට් නිවේදනය නිකුත් කළේ කුමන හේතුවක් මතද යන්න රටට හෙළිදරව් කළ යුතුය. එය යහපත් ආණ්ඩුකරණයක හොඳ ගුණාංගයකි.

මහජන ආරක්ෂාව යටතේ හමුදාව කැඳවුවහොත් එම හමුදාවට පොලිසියට කළහැකි බොහෝ දේ ඇත. පුද්ලයන් අත්අඩංගුවට ගැනීම පවා කළ හැකිය. තවත් බොහෝ බපතල ලබාදී තිබේ.

මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය විය හැකි තත්ත්වයන් තිබිය හැකිය. එය කිසිසේත් ප්‍රතික්ෂේප නොකරන්නෙමි. බැලූබැල්මට අපට එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැත. මෙය හුදෙක් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා නොමග යවමින් කටයුතු කිරීමක් ද, එසේ නැතිනම් රටේ ඇතිවී තිබෙන හෝ ඇති විය හැකි මහජන ආරක්ෂාව අනතුරේ හෙළන තත්ත්වය කුමක්ද යන්න ගැන රජය විසින් මහජනතාව දනුම්වත් කළ යුතුය. මෙය මහජනතාවට වගකියන රජයක් බව සනාථ කිරීමට ද එය හොඳ අවස්ථාවකි.

- තරිඳු ජයවර්ධන

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.