News Category
From Date
To Date
Maximum Number of Result

සියනෑවෙන් බිහිවු ප්‍රාඥයා - ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග

Oct 26, 2023 at 08:06 AM
|

සියනෑවෙන් බිහිවු ගත්කතුවරයෙකු, ශබ්ද කෝෂ සම්පාදකවරයෙකු, ගුරුවරයෙකු, නීතිඥයෙකු, සහ දේශපාලඥයෙකු  වන ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතාගේ 92 වෙනි ජන්ම දිනය අදට යෙදී ඇත. 
**********************************************

එතුමන් මෙරට පාඨක ප්‍රජාවට දායාද කළ පොත් සම්භාරය අතරින් දැනට මගේ පොත් ගුලේ තිබෙන්නෙ මේ පොත් දෙක පමණයි.  අන්තර්ගතයෙන් මෙන්ම ප්‍රභවයෙන්ද හාත්පසින්ම වෙනස් පොත් යුගලයක්.                                      

පළමුවැන්න එතුමන් ලියූ සංචාරක සටහනක්.                    

දෙවැන්න විදෙස් කතුවරුන් දෙදෙනෙකු ලියූ ග්‍රන්ථයක එතුමන් කළ පරිවර්තනයක්. ඒ කෘති ගැන සටහන් කරන්නට පෙර එතුමන්ගෙ 92 වෙනි උපන් දිනය වෙනුවෙන්  සුබ පතමි.                                                                                        

ශ්‍රී ලාංකික ගත් කතුවරයකු, පරිවර්තකයකු , ශබ්ද කෝෂ සම්පාදකයකු, ගුරුවරයකු, නීතිඥයකු මෙන්ම දේශපාලනඥයකු ද වන ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග ශූරීන් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ , මැඩෑමුල්ලේදී, 1931 වසරෙ ඔක්තෝබර් මස 25 වෙනි දින උපත ලබනව.                         

දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලක සිව්වෙනි දරුවා ලෙස උපන් විජයතුංග මුදලිගේ හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ පියාණන්  ඉඩම් හිමි වැවිලිකරුවෙකු මෙන්ම ආයුර්වේද අක්ෂි වෛද්‍යවරයකු ද වන විජයතුංග මුදලිගේ දොන් බස්තියන් විජයතුංග වන අතර මෑණියන් වන්නෙ , අමරාවතී ජයසිංහ මාතාවයි. ඔහු මුලින්ම මිනුවන්ගොඩ රජයේ ද්විභාෂා පාඨශාලාවේ ඉගෙනුම අරඹනව.                                                   

ඉන්පසු දෙවෙනි ලෝක සංග්‍රාමය හේතුවෙන් කොළඹින්  මිනුවන්ගොඩට ගෙනා නාලන්ද විද්‍යාලයට ඇතුල්වන හෙතෙම යුද්ධය හමාර වීමෙන් පසු විද්‍යාලයත් සමග කොළඹට යනව.                                  කීර්තිමත් මාධ්‍යවේදී කරුණාරත්න අබේසේකර, අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ දොස්තර හඩ්සන් සිල්වා, සිනමා නළු රවීන්ද්‍ර රූපසේන, ක්‍රිකට් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ , මෙරට දේශපාලනයේ සිටි රූපා කරුණාතිලක හා දොස්තර ධර්මසේන ආටිගල ඔහු ගේ පන්ති සගයන් අතර කීප දෙනෙක් වෙනව.                     

කොළඹ නාලන්ද විද්‍යාලයේ විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සමත්වන විජයතුංගයන් 1952 වසරේදී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුල්ව , 1955 වසරෙදි ඉන් විද්‍යා උපාධිය ලබනව.                                                                  

" මධ්‍යකාලීන සිංහලයේ නීතිමය ද‍ර්ශනය " මැයින් තම ආචාර්ය උපාධි නිබන්ධනය ඉදිරිපත් කරන ඔහු 1990 වසරෙදි කැළණිය සරසවියෙන් PhD උපාධිය ලබනව.                                                                                                                

තම විද්‍යා පූර්ව උපාධිය ලබා හරිශ්චන්ද්‍ර විජයතුංගයන් මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ගුරු වෘත්තියට පිවිසෙනව. ඒ සමග ඔහු මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ රසායන විද්‍යා ගුරුවරයකු ලෙසද සේවය කරනව.                                        

ඒ 1955 වසරේම ඔහු තම පළමුවන පොත ලෙස " මිරිදිය ජීවීහු " එළි දක්වනව.                                                                             

1956 වසරෙදි  ඔහු සිංහල විශ්ව කෝෂයේ විද්‍යා අංශයේ සංස්කාරකවරයකු ලෙස පේරාදෙණිය සරසවියට එකතු වෙනව. එම කාලය තුළ 1956 දී " ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාව " හා  1959 දී " පොළොවේ කථාන්තරය " නම් කෘති පළ කරනව.  මගේ අධ්‍යාපනික ජීවිතයේ දී මම  මුලින්ම ඩයිනොසෝරයන් ගැන දැන ගත්තෙ ඔහුගෙ " පොළොවේ කථාන්තරය " කියවීමෙන්.                        

මා මෙහි එක් පින්තූරයක දක්වා ඇති " බ්‍රවුනිං සහ ජෝසප් ලියූ ප්‍රායෝගික රසායන විද්‍යාව " නම් පරිවර්තන කෘතිය උසස් පෙළ රසායන විද්‍යාව සිංහල මාධ්‍යයෙන් එකල හැදෑරූ  දරුවන් වෙනුවෙන් දායාද කරන්නෙත් මේ කාලයෙදි.                                                              

මම 70 දශකයේ මුල් අවදියෙම උසස් පෙළ රසායන විද්‍යාව ඉගෙනුම ලබන විට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අත්පොත ලෙස අප යොදා ගත්තෙ මේ පොත බව සඳහන් කරන්නෙ ඉමහත් ගෞරවයෙන්.                              

එයට අමතරව ඔහු 1963 වසරෙදි සිංහලට පරිවර්තනය කළ " කාබනික රසායනය " ද එකල අප කියවූ තවත් රසායන විද්‍යා පාඨ ග්‍රන්ථයක්.  එහි මුල් ඉංග්‍රීසී පොතේ කතුවරයා පී. ජේ. ඩරන්ට් බව  අදටත් මට මතකයි.                                                                  

විශ්ව කෝෂ සංස්කාරක පදවියෙන් පසු නැවත මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඔහු එක් වන්නෙ එහි උප විදුහල්පති තනතුර බාර ගනිමින්.                                  

 1965 වසරෙදි ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයට එක් වන ඔහුගේ අධීක්ෂණය යටතේ  විදුලි ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, කෘෂිකර්ම හා රසායනික කමිටු වල කාර්යයන් සිදු කෙරෙන අතර ශ්‍රී ලංකාව එතෙක් භාවිතා වූ බ්‍රිතාන්‍ය මිනුම් ඒකක ක්‍රමයෙන් අත් මිදී මෙට්‍රික් ඒකක ක්‍රමයට මිනුම් කටයුතු පරිවර්තනය කිරීම සඳහාද දායක වෙනව.                                       

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුල්ව නීතිය හදාරන ඔහු 1973 වසරෙදි නීතිවේදියකු ලෙස දිවුරුම් දෙනව.       

ඔහු පසුව 1971 කැරැල්ලේ චූදිතයන් වෙනුවෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටිනව.                                                                                    

80 දශකයේදී  " සිංහල බෞද්ධයා " නම් ටැබ්ලොයිඩ් පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරන ඔහු  ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අධ්‍යක්ෂ වරයකු ලෙසද, ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරනව.                                                                             

1984 සිට 1990 දක්වා ඔහු සිංහල විශ්ව කෝෂයේ  ප්‍රධාන සංස්කාරක පදවිය උසුලනව.                                     

ආචාර්ය විජයතුංගයන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය සරසවි සිසු අවදිය දක්වා අතීතයට දිව යන්නක්. ඔහු මුලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරනව. ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් ද්විත්වයම සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහාය නොදෙන බව හඳුනාගන්නා ඔහු , 1990 වසරෙදි තවත් විද්වතුන් කණ්ඩායමක් ද හවුල් කරගෙන " සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය " නමින් නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරනව.  

අදටත් එම පක්ෂයේ නායකයා වන්නෙ ඔහුයි.             

1994 සහ 1999 වසර වල මෙරට පැවති ජනාධිපතිවරණ දෙකේදිම  ජනාධිපති අපේක්ෂකයකු ලෙස තම පක්ෂයෙන් තරඟ වදින ඔහු 2000, 2001, හා 2004 වසර වල පැවති  පාර්ලිමේන්තු මහ මැතිවරණ වෙනුවෙන්ද තරඟ කරනව.                                     

විවිධ විෂය තේමා කර ගනිමින් ඔහු දායාද කළ  පොත් අතර ශබ්ද කෝෂ කිහිපයක්ම වෙනව.                    

මෙහි පළමුවෙන් දැක්වෙන " සුන්දර කෙන්යාව හෙවත් මාසෛයන් ගෙ රට " නම් කෘතිය හරිම ආශ්වාදජනක සංචාරක අත්දැකීම් එකතුවක්. මහාද්වීප කීපයකම සංචාරය කර ඇති ඔහු කෙන්යාවේ මසායි මාරා, නකුරු, නෛවාෂා, සහ අම්බොසෙලි යන ලෝක ප්‍රකට ජාතික වනෝද්‍යාන කීපයක සිදුකළ පවුලේ චාරිකාවක් එහි විස්තර කෙරෙනව.                                                                                   

ශාස්ත්‍රවේදී උපාධිය හා අධ්‍යාපන ඩිප්ලෝමා ලාභිනියක මෙන්ම නීතිවේදිනියකද වන කළු කපුගේ කරුණා පෙරේරා සමග විවාහ වන ඔහු , විද්‍යාසාගර,   චක්‍රපාණි හා චන්ද්‍රකීර්ති යන පුතුන් හා ශ්‍යාමා කුමාරි යන දියණියගේත් ආදරණීය පියාණන්.                                                                                         

මෙහි කලින් සඳහන් කළ කෘතියේ කෙන්යා සංචාරය ට ඔහුත් බිරිඳත් සමග පාණී සහ කීර්ති පුතුන් හා පියසේන නම් හිතවතෙක් එක් වෙනව. එහෙත්  තම ස්වාමි පුත්‍රයාණන් සමග අඳුරු මහාද්වීපයේ වන උයන් වල සිදු කළ වන සැරිය ගැන ඔහු 2002 වසරෙදි එළි දැක්වූ  මෙම කෘතිය දකින්නට ඇයට වාසනාව අහිමි වන්නෙ, ඊට පෙර 2000 වසරෙදි සිදුවන ඇගේ වියොව නිසයි. ආචාර්ය විජයතුංගයන් එම කෘතිය පිළිගන්වන්නෙ ඇගේ කරුණා නාමයටයි.                                                       

වියපත් වුවද ශාස්ත්‍රීය කටයුතු වලින් නොතොර සක්‍රිය දිවියක් ගෙවන අධිනීතිඥ, ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග ශූරීන්  අදින් වසර හතකට පෙර 2016 වසරෙ සැප්තැම්බර් මස 13 වෙනි දින මම දකින්නෙ අගනුවර සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ පැවති ගුණදාස අමරසේකරයන්ගෙ " සභ්‍යත්ව රාජ්‍යය කරා" නම් කෘතියේ දොරට වැඩුමෙදි. එම උත්සවයේ කතිකාවත ඇරඹුමට පෙර මට පිටුපස අසුනක හිඳ සිටි එතුමන් මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ එවකට ඉගෙනුම ලබමින් සිටි Thamalu Maliththa Piyadigama  සමග එවේලේත් කතා කරමින් සිටියේ භාෂාවේ ව්‍යවහාරික වචන වල සම්භවය පිළිබඳවයි.    

(ප්‍රේමශාන්ත කුමාරසිරි මහතාගේ වෝලයෙන් උපුටා ගන්නා ලදි.) 

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.