News Category
From Date
To Date
Maximum Number of Result

ලාල්කාන්තට අමතක වූ ජ.වි.පෙ අනන්‍යතාවය

May 13, 2024 at 11:37 AM
|

මැයි දින වේදිකාව මත සිට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා විසින් සිදු කළ ප්‍රකාශයක අන්තර්ගතය විකෘති කරමින් මේ දිනවල විවිධ දේශපාලන සංවාද මණ්ඩප ගොඩනැගෙන ආකාරය දැක ගත හැක. ඒ තුළ ඊට පෙර තවත් ජවිපෙ ප්‍රබලයකු වූ නලින් හේවගේ මහතා රූපවාහිනී සංවාදයකදී සිදු කළ ප්‍රකාශයකටද විවිධ අර්ථකථනයන් ලබාදෙන ආකාරය දැකගත හැක. නමුත් නලින් හේවගේ වැනි 1989 වකවානුවේ සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ගැඹුරු පුද්ගලික අත්දැකීම් අඩු අයෙකුගේ ප්‍රකාශයක් සහ ලාල්කාන්ත වැනි යම් අත්දැකීම් සහිත පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් සමාන තලයක තබා කියවා ගැනීම වරදක් බව ඉතා පැහැදිලිය. 

ඊට අමතරව නලින් හේවගේ මහතාගේ ප්‍රකාශය විවාදයකදී බුරාගෙන් පනින ප්‍රතිවාදීන් නිහඬ කිරීම සඳහා එල්ල කරනු ලැබූ වාග් වෙඩි ප්‍රහාරයක් සේ සලකා බැහැර කළ නොහැක. ඔහුට අනුව එදා ජවිපෙ විසින් “කැන්ගරු උසාවි” මගින් නඩු අසා ස්ත්‍රී දූෂකයන් බවට චෝදනා එල්ල වූ පුද්ගලයන්ට මරණ දඬුවම නියම කර ඇත. ඒ අනුව ලාල්කාන්තගේ ගමට අධිකරණ බලය ලබාදීම නැමැති සංකල්පය එම සන්දර්භය මත තබා විග්‍රහ කිරීමේදී අනාගතයේදී ගම්වල ජ.වි.පෙ. සාමාජිකයින් නලින් හේවගේගේ ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීමට ඉඩ ඇතැයි භීතියක් මැවීමට ඉඩක් විවර වේ. කෙසේ වෙතත් ජ.වි.පෙ. අතීතයට සාධාරණය ඉටු කිරීම සඳහා, ජාතික ජන බලවේගයට එම අතීතය ප්‍රශ්නයක් වුවද, යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමේ වගකීමක් මෙම ලියුම්කරුට ඇත.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා විදේශීය රටකදී 89 සිදුවීම් පිළිබඳව සැබවින්ම කණගාටුව ප්‍රකාශ කළා නම් එහි වරදක් නැති බව පළමුවෙන්ම කිව යුතුය. එම වකවානුවේදී සිදුවූ ඝාතන රැල්ල පිළිබඳව අත්දැකීම් ඇත්තෙකුට ඊට අදාළ කණගාටුවක් ඇති නොවන්නේ නම් ඔහු මනුෂ්‍යයකු විය නොහැක. නමුත් ඔහු විසින් ඊට අදාළව සමාව ඉල්ලා සිටියා නම් එය බලවත් වරදකි. කණගාටුව ප්‍රකාශ කිරීම කිරීමේ දිගුවක් ලෙස සමාව ඉල්ලා සිටීමට පොදු බලපෑමක් ඇත්නම් ඊට පෙර තම මාමා විසින් ආරම්භ කළ සහ තමා විසින් උච්ච ස්ථානයකට ඔසවා තැබූ ප්‍රචණ්ඩ ඝාතන සංස්කෘතිය පිළිබඳව පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමාව ඉල්ලා සිටිය යුතුය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින්  බටලන්ද සිදුවීම් පිළිබඳ සොයා බැලීම සඳහා 1995 දී පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව බටලන්ද වධකාගාරය ආශ්‍රිතව සිදුවූ අපරාධ “මිනිස් සංහතියට එරෙහිව සිදුවූ අපරාධ” ලෙස සලකා නඩු පැවරීම පිළිබඳව සලකා බැලිය යුතුය. 

එදා 1987 ජුලි 28 දින ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පිටකොටුවෙන් ආරම්භ කළ විරෝධය මර්ධනය කිරීම සඳහා එදින අහිංසක නිරායුද පුද්ගලයින් 140 දෙනෙකු ඝාතනය කෙරුණි. එම ඝාතනවලට පොලිසියට අමතරව බාහිර මැර පිරිස් ද යොදාගත් බවට චෝදනා එල්ල විය. ඊට පෙර 1983 සිට බොරු චෝදනා එල්ල කරමින් ජවිපෙ තහනම් කර මර්ධනයට යටත් කළද ඊට පිළිතුරු ලෙස හෙවත් මර්ධනයට ප්‍රති අවියක් ලෙස හෝ ජවිපෙ විසින් ප්‍රචණ්ඩත්වය හෝ ඝාතන යොදාගත්තේ නැත. ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉන්දියානු මැදිහත්වීම මත පළාත් සභා පිහිටුවීම මගින් රට බෙදීමට එරෙහිව දියත් කළ දේශපාලන ව්‍යාපාරයට ජ.වි.පෙ  විසින් ප්‍රචණ්ඩත්වය යම් මාත්‍රාවකට එකතු කරන්නේ දේශපාලන අවියක් ලෙසය. 

දේශපාලන ජයග්‍රහණ සඳහා ප්‍රචණ්ඩත්වය සුළු මාත්‍රාවකින් යොදාගැනීම පිළිබඳව ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් අත්දැකීම් ඇත. එවැනි උත්සාහයන් සාර්ථක වීම පිළිබඳව කෙසේ වෙතත් මහා ඛේදවාචක බවට පත්වීම පිළිබඳව බොහෝ උදාහරණ ඇත.  එල්සැල්වදෝරයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ දේ ඊට වසර කිහිපයකට පෙර ඒ ආකාරයටම සිදු වූ ආකාරය පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් සුප්‍රසිද්ධ උෂඔභෑී ඔධ උ්ඍ :ඊහ ෘඞ ක්‍්‍ය්ඍඛෑී ක්‍ඛෑඵෑභඔ නම් වූ ග්‍රන්ථය මගින් ඉදිරිපත් කර ඇත. ඊට අනුව වාමාංශික ව්‍යාපාරය විසින් රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව මහජනයා විසින් ප්‍රචණ්ඩත්වය ප්‍රති අවියක් ලෙස  කුමන මාත්‍රාවකින් යොදා ගත්තද එම ක්‍රියාවලිය චක්‍රීයව වර්ධනය වන විශම චක්‍රයක් බවට පත්වේ. එම ක්‍රියාවලිය තුළ රාජ්‍ය ත්‍රස්තවාදය සාධාරණිකරණය කෙරෙන අතර විවිධ සමාජ විරෝධී බලවේගවලටද පවතින තත්වය යොදාගනිමින් තම පටු පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට අවකාශය නිර්මාණය වේ.

කෙසේ වෙතත් එවැනි ඛේදවාචකයක් පිළිබඳව ප්‍රත්‍යාවලෝකනය කිරීමේදී වරදක් සිදුවී ඇති බව පිළිගැනීම මූලික කොන්දේසියකි. දෙවන්න දැනුම්වත්ව ඊට දායක වූ ප්‍රමාණය සහ යම් තත්ත්වයන් වැළැක්වීම සඳහා ගනු ලැබූ පියවර කුමක්ද යන්න පිළිබඳ විමසා බැලීමයි.  මෙම ලියුම්කරු 1983 සිට 2008 දක්වා ඉතා සමීපව සහ 2008 සිට මරණය තෙක් දුරස්ව සෝමවංශ අමරසිංහ සහෝදරයා දේශපාලන වශයෙන් මෙන්ම පුද්ගලිකවද ඇසුරු කර ඇත. එසේම රෝහණ විජේවීර සහෝදරයා 1984 සිට 1989 දී අත්අඩංගුවට පත්වීමට මාස කිහිපයකට පෙර කාලය දක්වා ඉතා සමීපව ඇසුරු කර ඇත. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන සහ පුද්ගලික මනෝභාවයන් පිළිබඳව ඉතා ගැඹුරු අවබෝධයකින් යුක්තව සහ වගකීමෙන් යුක්තව සඳහන් කළ හැක්කේ ඔවුන් දෙපළ නායකයින් ලෙස එදා රටේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව බලවත් සිත් වේදනාවකින් සහ කම්පනයකින් යුක්තව ක්‍රියාකළ බවය. යම් විශේෂිත සිදුවීම් පිළිබඳව ඔවුන් පුද්ගලිකව දුකට පත්වූ ආකාරය පිළිබඳව අත්දැකීම් රාශියක් මෙම ලියුම්කරුට ඉදිරිපත් කළ හැක. 

ඊට අදාලව හොඳම උදාහරණය සපයන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් වගකීම බාරගත් කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයේදී ගුවන් හමුදා බටයකු මරණයට පත්වීමේ සිදුවීමය. එම සිදුවීම පිළිබඳව ඔවුන් පුද්ගලිකවද කම්පාවට පත්වූ අතර ප්‍රසිද්ධියේ මහජනයාට කණගාටුව ප්‍රකාශ කරනු ලැබීය. ඒ මගින් අභ්‍යන්තරවද ප්‍රවේසම් විය යුතු ආකාරය පිළිබඳව මානසික බලපෑමක් ඇති කරනු ලැබීය. කෙසේ වෙතත් එල්සැල්වදෝරයේ ඛේදවාචකය ශ්‍රී ලංකාවේ ඛේදවාචකය සමඟ සංසන්දනය කිරීමේදී ජාතියක් ලෙස අප විසින් ගෙවා ඇති වන්දියට සාපේක්ෂව ලැබී ඇති ප්‍රතිලාභය සැලකිල්ලට ගත යුතුය. නමුත් බොහෝ අඳබාල දේශපාලඥයින් ප්‍රකාශ කරන්නේ රෝහණ විජේවීර තම ජීවිතය සහ සාමාජිකයන් 60,000 කගේ ජීවිත පූජාකර ලබා ගත් ප්‍රතිලාභය කුමක්ද යනුවෙනි. ලාල්කාන්ත සහෝදරයාගේ ප්‍රකාශය සාකච්ඡාවට ගත යුත්තේ ඊට අදාළ සංදර්භය තුළය.

එදා 1987දී ඉන්දු ලංකා ගිවිසුම අනුව 13වැනි ව්‍යවස්ථා සංශෝධනය යෝජනාවන්නේ අවසානයේදී රට බෙදා වෙන් කිරීමේ අරමුණු සහිතව බව මේ වන විට එදාටත් වඩා හොඳින් පැහැදිලි වී ඇත. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා නීති උපදෙස් ලබාගත් එච්.එල්. ද සිල්වා, එස්.එල්. ගුණසේකර වැනි විද්වතුන් මෙන්ම හිටපු අග විනිසුරු රාජා වනසුන්දර මහතා පසුකාලීනව එළිදරව් කළ ආකාරයට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස්වන්නේ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාය. එය බෙදුම්වාදී මාර්ග සිතියමේ පළමු පියවර වන අතර ජාත්‍යන්තරය ද මැදිහත් වන ගැටුම් යොදා ගනිමින් ෆෙඩරල් රාජ්‍යය වෙනම රාජ්‍යයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය දෙවන පියවර ලෙස සැලකේ. ලාල්කාන්ත සහෝදරයා මැයි දින වේදිකාවේදී සුමන්දිරන් මහත්මයලා සතුටු කිරීම සඳහා ව්‍යවස්ථාදායක බලය සහ විධායකය බලය පමණක් නොව අධිකරණ බලයද ඇතුළත් වන ආකාරයට බලය බෙදීම තමාගේ ප්‍රතිපත්තිය බව සඳහන් කිරීම මගින් අදහස් වන්නේ කුමක්ද?  ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙනී සිටින්නේ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක ආකාරයට බලය බෙදීම සඳහා බව ඉතා පැහැදිලිය. 

ඒ ආකාරයට පරමාධිපත්‍යයේ බලය බෙදීම යනු  ජාත්‍යන්තර නීතියට අනුව රටක් බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර අධිකරණය විසින් සැලකිල්ලට ගන්නා මූලික කොන්දේසියකි. දෙවන ලෝක යුද්ධයට පසුව ජාත්‍යන්තර මැදිහත්වීම මත බෙදාවෙන්කර ඇති රටවල් 26ක් අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබෙන පොදු ලක්ෂණය වන්නේ පළමු පියවර ලෙස එම රටේ ව්‍යවස්ථාව මගින් හෝ ජාත්‍යන්තර ගිවිසුමක් මගින් පරමාධිපත්‍යයේ බලය බෙදීයන ආකාරයට ෆෙඩරල් ලක්ෂණ සහිත පාලන බල ප්‍රදේශයක සීමා ලකුණු කිරීමය. ශ්‍රී ලංකාවේදී 13 වන සංශෝධනය මගින් උත්සාහ කළ දේ සුඩානයේ දී සිදු කරන්නේ ජාත්‍යන්තර ගිවිසුමක් තුළින් තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීම මගිනි. ශ්‍රී ලංකාවේදී 2002 දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රමවේද දෙකම දෙමුහුන් කිරීම මගින් බෙදුම්වාදීන්ගේ මනදොල සැපරීමට උත්සාහ කළ බවද අමතක නොකළ යුතුය. 

ඒ ආකාරයට 1987 ජුලි මාසයේදී රජීව් ගාන්ධි විසින් ප්‍රභාකරන්ට පොරොන්දු වන්නේ අනාගත ඊළම නිර්මාණය කිරීම සඳහා ෆෙඩරල් පාලනයක් ලබා දෙන බවට ය. ඔහු ආයුධ බිම තැබීමට එකඟ වන්නේ ඊට අනුවය. නමුත් නොවැම්බර් මාසය වන විට ජවිපෙ විසින් එම ක්‍රියාවලියට එරෙහිව දියත් කළ ප්‍රචණ්ඩ විරෝධතාවයන් නිසා 13 වැනි සංශෝධනය සඳහා ඉන්දියාව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල බරපතල වෙනස්කම්වලට භාජනය කිරීමට සිදුවිය. ඊට හේතු වූයේ පූර්ණ පෙඩරල් පාලනයක් සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වීමය. එම ප්‍රචණ්ඩ විරෝධය තුළ ජනමත විචාරණය පරාජය වීමේ ප්‍රබල හැකියාවක් තිබුණු අතර එසේ වූවා නම් සමස්ත බෙදුම්වාදී මාර්ග සිතියම හකුලා ගැනීමට සිදුවේ. ඊට අමතරව මධ්‍යගත ප්‍රබල ධනේෂ්වර රාජ්‍යයක ඒකාධිපතියා වීමට සිහින දකිමින් සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට බලය බෙදීමට අදාළව පුද්ගලිකව එඟකතාවයක් නොතිබුණු බව ඉතා ඉහත සඳහන් කළ විද්වතුන් විසින් එළිදරව් කරන්නට යෙදුණි. 

ඒ අනුව ජවිපෙ විරෝධය තුළ ඉන්දියාවට අතරමැදි සමාදානයකට එකඟවීමට සිදුවූ අතර පූර්ණ ෆෙඩරල් පාලනය බිහිකිරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් පැනවීම සඳහා එකඟතාවය පළකිරීමට සිදුවිය. ඒ අනුව සමගාමී ලැයිස්තුව ඇතුල් කිරීම, මුදල් සහ ඉඩම් බලය සීමා කිරීම, ආණ්ඩුකාරවරයාගේ බලතල සහ ජාතික ප්‍රතිපත්ති වලට අදාළ බලය මධ්‍යයම ආණ්ඩුව සතුවීම ආදී වශයෙන් එවැනි බාධක 5ක් හඳුනාගත හැක.  එහිදී ඉන්දියාව අඩියක් පිටුපසට තැබූ බව පෙනුණත් ඔවුන්ගේ වෙනස් වූ උපායමාර්ගික ප්‍රවේශයට අනුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම හෙවත් පූර්ණ ෆෙඩරල් පාලනයක් බිහි කිරීම ද්විතීක අවස්ථාවක් බවට පත් කෙරිනි. පසුගිය කාලයේදී ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බාධක ඉවත් කිරීම හරහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලත්ම කිරීම හෝ පරිපාලන වශයෙන් ආණ්ඩුකාරවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ හැරීම මගින් 13 බලාත්මක කිරීම සඳහා ඉන්දියාවෙන් බලපෑම් එල්ලවන්නේ එම ද්විතීක උපාය මාර්ගයට අනුවය. 

එසේ වුවත් ප්‍රභාකරන්ට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ඔහු නැවත ආයුධ අතට ගැනීම සාධාරණීකරණය විය. ඉහත සඳහන් කළ ආකාරයට පසුකාලීනව 13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා බලපෑම් එල්ල කිරීමේදී එම ආයුධ බලය කේවල් කිරීමේ අවියක් ලෙස යොදා ගැනීමට අවකාශය ලැබුණි. එහිදී පසුකාලීනව ප්‍රභාකරන් නැති ඊළමක් බිහි කිරීම දක්වා ඉන්දියාවේ උපායමාර්ගය තුළ වෙනස්කම් සිදුවුවද බෙදුම්වාදී මාර්ග සිතියමට අදාළ මූලික උපාය මාර්ගික ප්‍රවේශය වෙනස් වූයේ නැත. අද වන විට එහි අවසාන අරමුණ එනම්, ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කර ගැනීම සහ ඉන් පසුව ඊළම නිර්මාණය කර ඈදා ගැනීම මගින් 30 වැනි ප්‍රාන්තය නිර්මාණය කිරීමට අදාල ක්‍රියාවලියේ හැඩතල පැහැදිලිව හඳුනාගත හැක. 

ඒ සමස්ත පැහැදිලි කිරීම මගින් ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ප්‍රචණ්ඩ විරෝධය සහ ඒ සමග බැඳුණු ජීවිත පරිත්‍යාගය නිසා එදා 1987 දී පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහිවීම වැළැක්වීම තුළින් බෙදුම්වාදී මාර්ග සිතියම තීරණාත්මක පසුබෑමකට ලක්වූ බව තේරුම් ගත හැක.  එසේ නොමැති තත්ත්වයක් යටතේ මේ වන විට එසේ නිර්මාණය කිරීමට නියමිත වූ පූර්ණ ෆෙඩරල් රාජය්‍ය බෙදී වෙන් වී අප ජාතියක් ලෙස එකිනෙකා මරා ගන්නා තත්ත්වයක් නිර්මාණය වේ. එසේ වුවානම් එදා සිදු කළ පරිත්‍යාගයට වඩා මහා විනාශයකින් වන්දි ගෙවීමට සිදුවන බව ඉතා පැහැදිලිය. අද සුඩානයට අත් වූ ඉරණම දෙස බැලීමේදී ඒ බව ඉතා හොඳින් පැහැදිලි වේ. සුඩානයට අත් වූ ඉරණම එනම් 2002 දී අප රටේ නළලේ කෙටීමට උත්සාහ කළ ඉරණම දෙස බැලීමේදී ද එදා ජවිපෙ 1988-89 කාලයේදී සිදු කළ පරිත්‍යාග වල වැදගත්කම තවදුරටත් අවධාරණයවේ. 

එදා ඒ මහා විනාශයට පසුව “ෆීනික්ස් පක්ෂියා’ සේ 1994 දී ජවිපෙ නැවත නැගීසිටීමෙන් පසුව බෙදුම්වාදයට අදාළ රෝහණ විජේවීරයන්ගේ ඉගැන්වීම් හිස් මුදුනේ තබාගෙන කටයුතු කරන්නේ අතීතයේ සිදු කළ පරිත්‍යාගයන්ගේ බරපතළකම සහ වැදගත්කම නිසාය. එම වන්දියේ තරම අනුව එම පක්ෂයට බෙදුම්වාදයට අදාළ ස්ථාවරය වෙනස් කිරීමේ හැකියාවක් නැත. ඒ අකාරයට ජවිපෙ 2002 දී රෝහණ විජේවීරයන්ගේ ඉගැන්වීම් සහ පරිත්‍යාග හිස මත තබාගෙන කටයුතු කළ නිසා ඔවුන්ට සුඩානයට සිදු කළ විපත එනම් ජාත්‍යන්තර ගිවිසුමක් මගින් තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහය පරාජයට පත් කිරීමට හැකි විය. එසේ නොකළා නම් අද සූඩානයේ වැසියන් ගෙවන ආකාරයට අප රටේ වැසියන්ට ගෙවීමට සිදුවන වන්දිය 1988-89 කාලයේදී ගෙවූ වන්දියට වඩා සිය දහස් ගුණයකින් බරපතල වන බවට කිසිදු සැකයක් නැත. අප රටේ වසර 2000කට අධික කාලයක් ආක්‍රමණ 20ක් පරාජය කර ශ්‍රී ලංකාවේ රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා රට වැසියන් ලක්ෂ ගණනක් සිය ජීවිත පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකාවේ භූ දේශපාලන පිහිටීම අනුව, ගෝලීය බලතුලනයේ මහා වෙනසක් සිදු නොවන්නේනම්, එම තත්වය ඉදිරියටත් එසේම පවතිනු ඇත. 

ඒ අනුව දැන් සුමන්තිරන්ලා කිසි දිනක ලබා නොදෙන ඡන්ද කුට්ටියක් දෙස බලාගෙන ලාල්කාන්තලා තම ඓතිහාසික දේශපාලන න්‍යායාත්මක ස්ථාවරය දියාරු කිරීම මගින් රටක් ලෙස අප ගෙවා ඇති වන්දිය සහ පරිත්‍යාග සියල්ල අවතක්සේරු වේ. ඊට අමතරව ඔහු විසින් 60,000ක් වූ තම අතීත සඟයින් පමණක් නොව ඉහත සඳහන් කළ පරම්පරා ගණනාවක මුතුන් මිත්තන් ද ඉතා ගුණමකු ලෙස පාවාදෙන බව පැහැදිළිය. ඒ සියල්ල මගින් ජාතික ජනබලවේගයේ යම් නායකයින් සහ අධිරාජ්‍යවාදී බලවේග බලවත් සතුටට පත්විය හැකි වුවත් අප රටේ ජනතාව දුකට පත්වීමට ගතවන්නේ ඉතා කෙටි කලක් බව ඉතිහාසයට සාධාරණය ඉටු කිරීම සඳහා ඉතා කණගාටුවෙන් යුතුව මෙසේ ලියා තබමි. 

- වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 


සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.