News Category
From Date
To Date
Maximum Number of Result

බිඳවැටෙන අධිරාජ්‍ය හමුවේ ගොඩනැගෙන බහුධ්‍රැවීය ලෝකය සහ ලෝකයේ නව ගමන්මග - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක්

Apr 22, 2024 at 02:54 PM
|

වර්තමානයේ දී ලෝකයේ බොහෝ රටවල් අමෙරිකාව ප්‍රමුඛ බටහිර ආධිපත්‍යයෙන් මිදී බහුධ්‍රැවීය ලෝකය තුළට පිවිසෙමින් ඇති බව හා ගෝලීය මූල්‍ය ක්‍රමය බිඳවැටී නව මූල්‍ය පද්ධතියක් ලෝකය තුළ ස්ථාපනය වෙමින් පවතින බවත් රුසියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා අනාවරණය කරයි.

ඒ මහතා මේ බව අනාවරණය කළේ බිඳවැටෙන අධිරාජ්‍ය හමුවේ ගොඩනැගෙන බහුධ්‍රැවීය ලෝකය සහ ලෝකයේ නව ගමන්මග පිළිබඳව පැවති සංවාදයක දී පිළිතුරු ලබාදෙමිනි.

සංවාදය පහළින්...

* බටහිර බලවේග විසින් යුක්රේනය භාවිතා කරමින් රුසියාවට එරෙහිව අරඹා ඇති යුද්ධය, යුදමය වශයෙන් පරාජයකර අවසන් කිරීමට රුසියාව පමාකරමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා. මෙයට හේතුව විදිහට ඔබ දකින්නේ කුමක් ද?

ඇත්තටම රුසියාව යුද වදින්නේ යුක්රේනය සමග නොවෙයි. මේ යුද්ධය සිදු කරන්නේ යුක්රේනය සමග නොවන නිසා මෙය අවසන් කරන්න බැහැ. යුක්රේනයට තවත් යුද ආධාර පැකේජයක් ලබාදීමට බයිඩන් පරිපාලනය කටයුතු කරමින් සිටිනවා. මම හිතන්නෙ අමෙරිකාව යුක්රේනයට මුදල් ලබාදේවි. අමෙරිකාව පත්ව ඇති ආර්ථික අවපාතය හමුවේ තම ආර්ථික මොඩලය විනාශ වීමට නොදී රැකගැනීමට නම් ඔවුන්ට රුසියාව සහ චීනය වැනි දැවැන්ත රටවල් සමග යුද්ධයක් අවශ්‍යයි. ඒ නිසාම අමෙරිකාවට අවශ්‍ය නැහැ යුක්රේනය තුළ පවතින යුදමය තත්ත්වය අවසන් කර ගැනීමට. මැතිවරණයට පෙර යුක්රේනයේ යුද්ධය අවසන් කරන්න සිදුවුනොත් එය සිදුවන්නේ රුසියානු ජයග්‍රහණයක් එක්ක කියන කාරණය ඔවුන් දන්නවා. ඒ නිසා බයිඩන් පරිපාලනය කෙසේවත් එවැනි දේකට ඉඩ තබන්නේ නැහැ.

මේ යුද්ධය අවසන් කිරීමට හැකි තවත් ක්‍රමයක් තමයි සාකච්ඡා මාර්ගයෙන් යුද්ධය අවසන් කිරීම. ඒත් ඔවුන් යුක්රේනයට ඒ සඳහා කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. CIA  ප්‍රධානියා වන විලියම් බර්න්ස් දින කිහිපයකට පෙර ප්‍රකාශයක් කරනවා " අපි යුක්රේනයට ආයුද දෙන්නේ නැත්නම් යුක්රේනයට රුසියාව ඉදිරියේ විශාල පරාජයක් ලබන්න සිදු වෙනවා" කියලා. ඒ කියන්නේ අමෙරිකාවේ ඔත්තු සේවයම පිළිගන්නවා අමෙරිකානු ආධාර නැත්නම් යුක්රේනය පරාදයි කියලා.

යුක්රේනයට අද තිබෙන දැවැන්තම ප්‍රශ්නය තමයි මූල්‍යමය හා ද්‍රව්‍යමය අධාර ලැබුනත් පිරිස් බලයක් නොමැති වීම.  යුක්රේනයේ තිබෙන යුද්ධය බටහිර අවශ්‍යතාව අනුව සිදුවන දෙයක් බව මේ කාරණා මගින් පැහැදිලි වෙනවා.

නේටෝ සංවිධානයේ ලේකම්වරයා වන ස්ටෝලන් බර්ග් ගේ ප්‍රකාශ ගත්තත්, යුරෝපීය සංවිධානයේ විදේශකටයුතු ලේකම් ජෝශප් බ්‍රැරල් ගේ ප්‍රකාශ ගත්තත්, යුරෝපා කොමිසමේ සභාපතිගේ ප්‍රකාශ ගත්තත් ඒ හැම ප්‍රකාශයකින්ම පවසන්නේ යුක්රේනය රුසියාවට පරාජය වුනොත් නේටෝ සංවිධානයේ පරාජයක් ලෙස එය භාරගැනීමට සිදුවෙනවාය කියන කාරණය.

රුසියාව දන්නවා මේ සටන තියෙන්නේ බටහිරත් සමග කියන දේ. රුසියාවට වාසියි මේ සටන ඇදෙන්න දෙන එක. රුසියාව යුක්රේනයේ විශාල පරාසයක් තමන් යටතට එක්වරම ගත්තොත් බටහිර මාධ්‍ය විසින් රුසියාවට එරෙහිව දැවැන්ත මතයක් නිර්මාණය කරනවා. රුසියානු ජාතිකයන් වැඩිවශයෙන් ජීවත් වන යුක්රේනයේ ප්‍රදේශ රුසියාවේ පාලනයක් යටතට ගෙන මෙම තත්ත්වට දිගටම පවත්වාගෙන යෑම රුසියාවට වැඩි වාසියක් වෙනවා. මෙය භූ දේශපාලනික වාසියක් ලෙස හඳුන්වන්නත් පුලුවන්.

යුද්ධය දිගින් දිගටම ඇදීම නිසා සම්පත් අතින් බටහිර ක්‍රමයෙන් දුර්වල වෙනවා. ඉන්ධන හා බලශක්ති ගැටලුවක් මේ වනවිටත් බටහිරට මතුවී තිබෙනවා. බටහිර ක්‍රමයෙන් දුර්වල වීමේ වාසිය රුසියාවට තිබෙනවා.  බටහිරට අවශ්‍ය  දෙවන ලෝක යුද්ධය වගේ යුද්ධයක් ලෝකයේ මතුකරන්න. මුළු ලෝකයේම යුද්ධයක් මතුවෙනවා කියන්නේ ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය වැනි රටවල් පවා ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙන එක. මෙහිදී අමෙරිකාවට යළිත් නැගිටින්න සිද්ධවෙන්නේ වෙනම ආර්ථික මොඩලයකින්. මේ උපක්‍රම රුසියාව අධ්‍යයනය කරලා තමයි යුදමය තත්ත්වය දිගින් දිගටම ඇදගෙන යන්නේ.

* බහුධ්‍රැවීය ලෝකය කියන සංකල්පය ගැන ඔබේ විග්‍රහය මොනවගේ ද?

බහුධ්‍රැවීය ලෝකය ගැන කතාකරන්න පටන් ගත්තේ යුගොස්ලෝවියාවට නේටෝ සංවිධාන විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියෙන් පස්සේ. 1999 දී රුසියාවේ හිටපු අගමැති යෙව්ගිනි ප්‍රිමකොව් මැතිතුමාගේ සංකල්පයක් තමයි බහුධ්‍රැවීය ලෝකය කියන සංකල්පය. ද්වීධ්‍රැවීය ලෝකයේ සීතල යුද්ධය අවසන් වුනාට පස්සේ බලයන්ගේ සමතුලිතතාව පවත්වාගෙන යාම සඳහා ඔහු තමයි යෝජනා කළේ බහුධ්‍රැවීය ලෝකය. 

බහුධ්‍රැවීය ලෝකයේ පාදම වෙන්නේ ඉතිහාසය හා සම්බන්ධ සංස්කෘතික පසුබිම. එතුමා දැක්කා ලෝකයේ විවිධ කලාපවල ඉතිහාසය, ආගමික හා සංස්කෘතික පසුබිම් එකිනෙකට වෙනස්ය කියන එක. ඔහු දැක්කා මේ වෙනස් වෙනස් ජන සමාජවල ආර්ථික මොඩලය, සමාජීය පද්ධති සකස්වූ මොඩලය, ආගමික විශේෂතා වගේ වෙනස්කම් මත ලෝකය කොටස් 8කට වගේ බෙදන්න පුලුවන්ය කියලා. ඒ හරහා තමයි බහුධ්‍රැවීය ලෝකය කියන සංකල්පය එතුමා හඳුන්වා දුන්නේ.

බටහිර අධිරාජ්‍ය විසින් ආක්‍රමණ දියත් කරලා යටත් විජිත ලෙස ලෝකයේ රටවල් ඈඳාගෙන ඒවා ඔවුන්ගේ කොලණි ලෙස පවත්වාගනිමින් දැඩි තාඩන පීඩන යටතේ තමයි පාලනය කිරීම සිදු කළේ. සූරාකෑම් දරුණු ලෙස සිදුවුනා. ප්‍රංශ විප්ලවය සහ සෝවියට් සමාජවාදී විප්ලවයන්ගේ ප්‍රතිඵලයක් හැටියට තමයි බටහිර ආධිපත්‍යයෙන් ලෝකයේ රටවල් මුදාගැනීමට හැකි වුනේ. එහි දිගුවක් විදිහට දෙවන ලෝක යුද්ධය සෝවියට් දේශය ජයගැනීමත් සමගම සෝවියට් දේශයේ බලපෑම හා ඉල්ලීම මත එංගලන්තයට සිදුවුනා යටත් විජිත රටවල් ඔවුන්ගේ ග්‍රහණයෙන් නිදහස් කරන්න. මේ විදිහට නිදහස් වුනත් ඉන්පසුව බටහිර විසින් නව ආර්ථික මොඩලයක් නිර්මාණය කළා මුළු ලෝකයම නැවත තමන්ගේ ග්‍රහණයට නතුකර ගන්න. මේ ආර්ථික මොඩලය ඇතුළෙ තමයි අපි අදටත් ජීවත් වෙන්නේ.

බෙට්න්වුඩ් ගිවිසුම යටතේ ලෝකයේ ආර්ථිකය, මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත් හරහා අමෙරිකානු ඩොලරය ප්‍රධාන මුදල් ඒකකය කරගනිමින් ක්‍රියාත්මක වීම ඇරඹුනා. 90 දශකයේ අගභාගය වනතෙක්ම ලෝකයේ ජාත්‍යන්තර වෙළෙඳාම 90%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවුනේ අමෙරිකානු ඩොලරය හරහා. මෙමගින් ඔවුන් නව යටත්විජිතකරණය යටතේ ලෝකය නැවත බ්‍රිතාන්‍ය, අමෙරිකාව ප්‍රමුඛ කණ්ඩායම විසින් පාලනය කිරීම ඇරඹුවා.

90 දී සෝවියට් දේශය කඩාවැටුුනට පස්සෙ ගෝලීයකරණය නමින් මෙම නව යත්විජිතකරණයේ තවත් මුහුණුවරක් මතුවුනා. එම ගෝලීයකරණය යටතේ මෙම කණ්ඩායමට අයත් මූල්‍ය සමාගම්, ප්‍රවාහන හා රක්ෂණ ආයතන ලොක්යේ ධනය හා නිෂ්පාදන ආර්ථිකය ඔවුන්ගේ අතට ගත්තා. මේ නිසා මහා ධන කුවේරයන් විසින් ලෝකය පාලනය කරන තැනට පත්වුනා.

මේ සියල්ල දැකල තමයි මෙයින් මිදෙන්න බහුධ්‍රැවීය ලෝකය යටතේ බ්‍රික්ස් කියන සංවිධානය නිර්මාණය වන්නේ.

* බහුධ්‍රැවීය ලෝකය යටතේ කටයුතු කිරීමේ දී අපට බටහිරෙන් එල්ලවන බලපෑමෙන් මිදෙන්නේ කොහොම ද?

මේ කාරණයට හොඳම උදාහරණය තමයි අද බංග්ලාදේශය භූ දේශපාලනය හා භූ ආර්ථිකය සමතුලිත කරගනිමින් යන ගමන. බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමගත් වැඩ කරනවා. ඔවුන් චීනය හා රුසියාව සමගත් කටයුතු කරනවා. බංග්ලාදේශයේ දැවැන්ත ව්‍යාපෘති සඳහා චීනය ආයෝජනය කරලා තියෙනවා. රුසියානු ආධාර ඇතුව බංග්ලාදේශයේ න්‍යෂ්ඨික බලාගාරයක් නිර්මාණය වෙනවා. ඒ වගේම බංග්ලාදේශයේ දැවැන්ත පාලමක් සහ උමං දුම්රිය මාර්ගයක් රුසියාව විසින් හදනවා. බංග්ලාදේශයේ ඇඟළුම් නිෂ්පාදන වැඩි වශයෙන් විකුණන්නේ යු‍ෙරා්පයට සහ එක්සත් ජනපදයට. මේ අතින් බංග්ලාදේශය හරි ලස්සනට හැම දෙයක්ම සමතුලිත කරගන්නවා. ඉන්දියාවත් සමග ප්‍රශ්න තිබුනත් ඔවුන් හැම දෙයක්ම තුලනය කරගෙන කටයුතු කරනවා. භූ දේශපාලනය සමතුලිත කරගන්න ආකාරය ඔවුන් ඉගෙනගෙන තියෙනවා.

ලංකාව මෑත කාල සීමාවේ දී ඉන්දියාවටම තල්ලුවුනා. පාලක පක්ෂය, විපක්ෂය හැම පාර්ශ්වයක්ම මේ ඉන්දියාව පැත්තට තල්ලුවීම තමයි අපිට තියෙන ලොකුම තර්ජනය. චීනයේ පර්යේෂණ නෞකාවක් ලංකාවට පැමිණීම සඳහා අවසර නොදීම ගැන චීනය, ලංකාවේ අගමැතිවරයාගේ චීන සංචාරයේ දී කනස්සල්ල පළ කර තිබුනා. හැබැයි එවැනි ජර්මානු නෞකාවකට රටට එන්න අවසර දුන්නා කියලා මාධ්‍ය මගින් කරුණු අනාවරණය කරලා තිබුනා. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය රටේ අවශ්‍යතාවයට, රටේ අනාගත දැක්ම අනුව සමතුලනය නොකිරීම තමයි මේ ගැටලුවලට හේතුව වෙලා තියෙන්නේ. 

දැන් ලෝකයේ නැගී එමින් පවතින කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාවල ක්‍රියාකාරී සාමාජිකයකු වීම තමයි අප කළ යුතු දේ වන්නේ. බ්‍රික්ස් සංවිධානය වැනි සංවිධාන තුළ අපි ක්‍රියාකාරී වීම වැදගත්. ජාත්‍යන්තර හා කලාපීය දේශපාලන තලයන් සමතුලිත කර ගැනීමට අපි මැදිහත් විය යුතුය. එක් පාර්ශ්වයකට පමණක් මුලාවෙලා, බැගෑපත්වෙලා අපි ගමනක් ගියොත් අනිවාර්යෙන්ම අනතුරේ වැටෙනවා. 

* අපි යන ගමන කළමනාකරණය කරගතයුත්තේ කොහොම ද?... අපිට තියෙන අවාසි මොනවා ද?

අපි දැනට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් පාලනය වන අමෙරිකානු ගැති රාජ්‍යයක්. අපේ රටේ සිටින පාලකයන් අමෙරිකානු ගැත්තන්. රනිල් වික්‍රමසිංහ ගත්තත්, ඔහුවටේ සිටින පිරිස ගත්තත් අමෙරිකානු ගැත්තන් විදිහට තමයි පෙනෙන්නේ. මේ අයව පාලනය කරන්න අමෙරිකාවට හරි ලේසියි. අමෙරිකාව ඉන්දියාව යොදාගෙන මෙම කටයුත්ත සිදුකරනවා. ඉන්දියාවත් එමගින් ප්‍රයෝජන ගන්නවා. මෙම තත්ත්වය යටතේ අපව චීනයෙන් හා රුසියාවෙන් ඈත්කර තබන්න ඔවුන් කටයුතු කරනවා. මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත ඇතැම් රුසියානු ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන්න අමෙරිකාව ඉඩ දෙන්නේ නැහැ. ජාත්‍යන්තර බල තුලනයක් රට තුළ ඇතිකර ගැනීමට ඔවුන් කිසිම විටකදී ඉඩදෙන්නේ නැහැ. රට පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයකුත් මේ තත්ත්වයට දායකත්වය දක්වනවා. අපේ රටේ ජනතාවත් මේ පිළිබඳව නොහිතන තත්ත්වයට පත්කරලා තියෙන්නේ. හිතන්න පුලුවන් මිනිසුන් නිර්මාණය කරන අධ්‍යාපන රටාව පවා මේ වන විට අහෝසිකරලා තියෙනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සැලසුම් සහගතව.

* බහුධ්‍රැවීය ලෝකය ගැන අපිට බලාපොරොත්තු තියාගන්න පුලුවන් වෙයි ද?

බහුධ්‍රැවීය ලෝකය ගැන අපිට බලාපොරොත්තු තියාගන්න සිදුවෙනවා. බ්‍රික්ස් සංවිධානයේ සිටින රටවල් නවයම මේ පිළිබඳව හොඳින් තේරුම් අරන් තියෙනවා. අමෙරිකාවට නතුව තිබූ තෙල් තිබෙන රටවල් ඔවුන්ගේ තෙල් වෙනත් මුදල් ඒකක වලින් විකුණන්න අද පටන් අරගෙන තිබෙනවා. අමෙරිකාවට තිබෙන ලොකුම හයිය තමයි අමෙරිකානු ඩොලරය. ඩොලරය හරහා ලෝකයේ තෙල් වෙළෙඳාමට කරපු බලපෑම්වලින් ලෝකය ගැලවෙමින් තිබෙනවා. විශේෂයෙන් පෙට්‍රෝ ඩොලර් කියන එකෙන් බොහෝ රටවල් අයින් වෙලා එය පෙට්‍රෝ යුවාන් බවට පත්වෙලා තිබෙනවා. අමෙරිකානු ඩොලරයට තිබුණු ලෝක වෙළෙඳාම අද 95% සිට 60% ක් දක්වා අඩුවෙලා තිබෙනවා.

ලෝකයේ රටවල් තමන්ගේ අතිරික්ත සංචිතයන් හැටියට 75% කට වැඩි ප්‍රමාණයක් තියාගත්තේ අමෙරිකානු ඩොලර්. ඒ දැන් ඒ වෙනුවට රත්රන් සංචිතවලට හැරවිලා තිබෙනවා. තවත් රටවල් අමෙරිකානු ඩොලර් වෙනුවට යුවාන් වලින් සංචිත තබාගැනීම සිදුකරගෙන යනවා.

මේ වගේ ලෝකය අද දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් යනවා. බහුධ්‍රැවීය ලෝකයට දැන් ලෝකයේ රටවල් ගමන්කරමින් සිටිනවා. අවුරුදු 100කට වරක් ලෝකයේ අධිරාජ්‍ය බිඳවැටෙමින් අලුත් අධිරාජ්‍ය බිහිවෙනවා. ගෝලීය මූල්‍ය ක්‍රමය බිඳවැටෙමින් පවතින සංක්‍රමනික කාලයක් තමයි මේ ගතවෙන්නේ. අලුත් මූල්‍ය පද්ධතියක් නිර්මාණය වෙන්න ගතවන කාලය වැඩියි. බ්‍රික්ස් සංවිධානය ඇතුළෙ පසුගිය වසර හතර පහ ඇතුළත තමයි මේ ගැන වැඩිපුර කතාවෙන්න පටන් ගත්තේ. අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් රාජ්‍ය නායක හමුවේ දී ලෝකයට අලුත් මූල්‍ය පද්ධතියක්, අලුත් මුදල් ඒකක ක්‍රමයක් එම සංවිධානයේ සාමාජිකයන් විසින් හඳුන්වා දෙයි කියලා. එමගින් ලෝකයේ ගමන් මග ඉතා සුබදායී ලෙස වෙනසකට ලක්වේවි කියල මම විශ්වාස කරනවා.

සංවාද සටහන ජීවන්ත ජයතිස්ස විසිනි.

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.