News Category
From Date
To Date
Maximum Number of Result

උපන් රටට අනුපමේය සේවයක් කල බළපිටියේ මහමුදලි

Feb 2, 2024 at 07:56 PM
|

කටුනායක ගුවන් තොටුපළ ඉදිකිරීමට අක්කර දහසක් පරිත්‍යාග කර කොළඹ ආනන්ද විදුහල හා වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට ඉඩම් පරිත්‍යාග කර ස්වකීය මහා ධනස්කන්ධය රටේ ජනතාව වෙනුවෙන් හා බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් යෙදවූ අනේපිඬු සිටු පරපුරේ මහමුදලි සිටුවරු විසු වලව්වකි බළපිටියේ මහ කප්පින වලව්ව.

කොළඹ - ගාල්ල මහා මාරගයේ බළපිටිය තරුණ බෞද්ධ සංගමය හා ගුරු විදුහල මැදින් වැටී ඇති මාරගයේ මීටර් සියයක් පමණ දුර ගෙවා ගිය විට මහා කප්පින වලව්ව පිහිටා තිබූ භූමියට ළඟාවිය හැක.

බළපිටිය මාදු ගං සීමාව තෙක් විහිදී පැතිර ගිය අක්කර විසිදෙකකින් පමණ සමන්විත පොල් රුප්පාවක් මැද පිහිටි මෙම සුවිසල් වලව්ව ගාම්බීර පෙනුමකින් යුක්තය. ගම්පෙරළිය, විරාගය යන සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම ගම්පෙරළිය හා මඩොල්දූව ටෙලිවෘතාන්ත රූගත කරන ලද්දේ මෙම වලව්ව කේන්ද්‍ර කර ගනිමිනි.

අප රටේ යම් ප්‍රදේශයක වලව් වැඩිම ගණනක් පිහිටා තිබේ නම් ඒ බළපිටියේම පමණකි. බළපිටිය ඈත අතීතයේ හැඳින්වූයේ වැලිතොට නමිනි. ‍මෙය ගිහි - පැවිදි උතුමන්, උගතුන් වියතුන් රාශියක් බිහි වූ ප්‍රදේශයකි. බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ලියාපදිංචි විහාරස්ථාන ගණන අසූදෙකකි. කෝවිල් (දේවාල) තිස් ගණනකි. බළපිටිය, අහුන්ගල්ල, කොස්ගොඩ පිහිටි වලව් ගණනද තිස්හයකි.   මුහන්දිරම්, මුදලි, මහ මුදලිවරු ජීවත් වූ නිවාස වලව් ලෙස එවකට හැඳින්විණි. බළපිටිය වලව් පොකුරේ මුදුන්මල්කඩ වන මහාකප්පින වලව්වද අද සංඛේතයක් පමණි.

ශ්‍රී ලංකාවේ ප්‍රභූ පවුල් වාසය කළ වලව්වල ඉතිහාසය සොයා යෑමේදී වීර මද්දුම බණ්ඩාර පරපුරේ ආදිතමයා වූ ඌවේ රන්දෙණිවේලේදී පරංගි සංහාරය කිරීමට නායකත්වය දුන් දොන් කොස්මෝ විජේසේකර සෙන්පතියා ජන්මලාභය ලැබූ බළපිටිය බ්‍රාහ්මණවත්ත වලව්ව හා සිංහල රජු දවස රුහුණු ජනපද අධිපති ඉසුරුමුණි කප්පින පෙළපතෙන් පැවත එන ප්‍රභූවරු ජීවත් වූ මහා කප්පින වලව්ව යන වලව් දෙකට බළපිටියේ පිහිටි වලව් අතර ප්‍රමුඛ තැනක් හිමි වේ.

මහ කප්පින වලව් පරපුරට අයත් ආදි වැසියෝ දකුණෙන් බිහිව රට දැය සමය වෙනුවෙන් පෙනී සිටි සම්බුද්ධ ශාසනය රැක ගැනීමට උරදුන් ප්‍රභූවරයන් වූහ.

කප්පින පෙළපතේ ඉතිහාසය පොළොන්නරු අනුරාධපුර යුග දක්වා සිංහල රජදවස තෙක් දිව යයි. මෙම පෙළපතේ පැරණිම පෙළපත් නාමය ‘‘කප්පින’’ වන අතර ‘‘රාජපක්‍ෂ’’ යන විරුද නාමය ඉංග්‍රීසින් විසින් මොවුන්ට ප්‍රදානය කර තිබේ. මැගලියන්, රන්හුළු, හල්ජෝති යන පරම්පරාවන් වාසය කළ මෙම වලව්වේ අවසන් පරම්පරාව කළුහත් පරම්පරාව වේ.

පෘතුගීසින් ලංකාව පාලනය කළ කාලය තුළ පුත්තලමේ සිට කුඹුක්කන් ආර දක්වා ප්‍රදේශය තොටමුණු හයකට බෙදා පාලනය කර තිබෙන අතර එයින් වැලිතර, වැලිසර, කළුවාමෝදර යන තොටමුණුවල ප්‍රධානීන් වූයේ කප්පින පෙළපතේ ප්‍රභූන්ය. කුරුඳු වගාවේ මහබද්දේ ප්‍රධාන තනතුරු හොබවන ලද්දේද මොවුන් විසිනි. ලන්දේසි යුගයේදී කප්පින පරපුරේ ශ්‍රේෂ්ටතම  මුදලිවරයා වන්නේ කළුහත් පීටර් ද ආබ්‍රේව් විජයගුණරත්න මහ මුදලිතුමාය.

ඔහුගේ ඇවෑමෙන් පසු මහමුදලි තනතුරට පත්වන්නේ අද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ  මුදලිතුමාය. වයස අවුරුදු හතළිස් හතරේදී මෙම තනතුරු ලැබූ මොහු ලංකා ඉතිහාසයේ එතෙක් - මෙතෙක් පත් වූ ළාබාලතම මහ මුදලිවරයා බවට ඉතිහාසගතවී ඇත.

කොළඹ, මාළිගාකන්දේ වලව්වක ජීවත් වූ අද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්‍ෂ මුදලිතුමා උගතෙකු වියතෙකු ලෙස ඉංග්‍රීසින් විසින් හඳුනාගෙන තිබුණි. කොළඹ, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය කුරුඳුවත්ත, බොරැල්ල, මරදාන යන ප්‍රදේශ ඇතුළත් භූමි ප්‍රමාණය එතුමාට අයත් කුරුඳු ඉඩම්ය. ගල්කිස්සේ, ටෙම්ප්ලර් පාරේ සිට වටරප්පල දක්වා කොටස එම මුදලිතුමාගේ කුරුඳු වගා පාලන මධ්‍යස්ථානය පිහිටා තිබූ විශාලතම ඉඩම බව කියති.

ජූරි සභාවක් සහිතව නඩු විසඳීමේ තනතුරට පත් වූ ප්‍රථම සිංහල විනිශ්චයකාර පදවිය හිමිවන්නේ මෙම මහ මුදලිවරයාටය. එතුමා නඩු විසඳන අයුරු දැක්වෙන පින්තූරයක් අදද අධිකරණ සංකීරණ ගොඩනැගිල්ලේ සවිකර ඇති බව සඳහන් වේ. දොළොස් දෙනෙකුගෙන් යුත් ආරක්ෂක හමුදා ඛණ්ඩයක්ද,  ආණ්ඩුකාරවරයා හැරුණ විට අශ්වයින් හතර දෙනකු බැඳි රියක් පාවිච්චි කිරීමටද එකල අවසර තිබුණු එකම තැනැත්තා මේ මහා මුදලිවරයා පමණි.

කොළඹ - මරදානේ ගැදරම් වලව්ව, කොළඹ මෝදර කාරලු වලව්ව, මීගමුවේ කදිරානේ මුතුවාඩිය වලව්ව, නුවරඑළියේ ෆ්‍රීඉන් මැදුර, කප්පින පෙළපතට උරුමයෙන් සතු සෙසු දේපළ අතර වේ.

1830 වසරේදී මහා බද්දේ ඒකාධිකාරය අවසන් වීමෙන් පසු කුරුඳු එ්කාධිකාරය අදිරියන් රාජපක්‍ෂ මුදලිතුමාට යටතට ගැනෙන අතර කුරුඳු පිටරට යැවීමේ මුල්ම ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හිමිවන්නේ බළපිටිය මහා කප්පින වලව්වේ මෙම මුදලිතුමාටය. ඒ හේතුවෙන් මහා විශාල ධනස්කන්ධයක් රටට ඇදී ආ බවත් එම මහා ධනස්කන්ධය මහා කප්පින වලව්ව කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ ශාසනික හා සමාජ මෙහෙවරට යොදවා ඇති බවට සාක්‍ෂි රැසකි.

විවිධ කාලවකවානුවල පැවති ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව වෙනස් වෙමින් ඉදිරියට ආ කප්පින වලව්ව ඕලන්ද ගෘහ නිර්මාණ අනුව අවසන් වරට වෙනස් කරන්නේ අද්‍රියන් රාජපක්‍ෂ මුදලිතුමා විසිනි.  වලව්ව ඉදිරිපස එකදිගට තුන්පසකට විහිදී ගිය ආලින්දයකින් හා විශාල උස් කණු සහිත මහත් අභිමානවත් හා ප්‍රතාපවත් ලෙස ඉදිකර තිබුණි. මැද මිදුලත් නිදන කාමර, නාන කාමර, ප්‍රධාන සාලය ඇතුළු සාලවල් තුනකින්, විශාල කෑම කාමරයකින් සමන්විත කප්පින වලව්වේ විශාල මුළුතැන්ගෙයක් හා සේවක කාරකාදීන්ට වෙන් වූ කාමරද තිබී ඇත. වලව්වට පසෙකින් අශ්වගාලක් තිබූ බවත් පැරැන්නෝ සඳහන් කරති. දෙමහල් විහාර මන්දිරයේ කටයුතු සඳහා වෙනම සේවකයකු යොදවා තිබුණි.  ප්‍රදේශයේ සෙසු විහාරස්ථානවලට ගොස් අඩු පාඩු සොයා බැලීම සඳහා වෙනම සේවකයකු පත්කර ඇත. භික්‍ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම මෙම වලව්වේ මහා දානමය පිංකම් සඳහා වැඩම කර ඇති බවට ඒ සඳහාම වෙන් වූ විශාල දානශාලාව අදටද සාක්‍ෂි දරනු ඇත.

බළපිටිය ඓහිහාසික පුණ්‍ය භූමියෙන් ලක්බිමට පහළ වූ ශ්‍රේෂ්ඨතම දානපති ලෙස සැම්සන් රාජපක්‍ෂ මහ මුදලිවරයා අවිවාදයෙන් නම්කළ හැක.  1819 වසරේදී මෙතුමා විසින් සකස් කළ අධ්‍යාපන ක්‍රමය වන ‘‘රාජපක්‍ෂ ක්‍රමය’’ ඉංග්‍රීසි ආණ්ඩුවට ඉදිරිපත් කිරීමෙන් පසු එහි නිරදේශ මත කොළඹ රාජකීය විදුහල ඇතුළුව පාසල් දෙකක් පිහිටුවා ඇත.

අධිරාජ්‍යවාදීන්ගේ තාන්න මාන්න ලැබුවද තමන් උපන් රට හා දුප්පත් ජනතාව වෙනුවෙන් අනුපමේය සේවයක් සිදුකල මහා දානපති ප්‍රභූ පරපුරක්වූ බළපිටියේ මේ ප්‍රතාපවත් පරපුරේ උදාර සේවාව සදා සිහිපත් කළ යුතුය.  මේ අතීත උදාර මහා සේවාව වර්තමාන පරපුරට ආදර්ශයක්ම වනු ඇත.

- උපුටාගැනීමකි -




සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.