News Category
From Date
To Date
Maximum Number of Result

උපන් රටට අනුපමේය සේවයක් කල බළපිටියේ මහමුදලි

Feb 2, 2024 at 07:56 PM
|

කටුනායක ගුවන් තොටුපළ ඉදිකිරීමට අක්කර දහසක් පරිත්‍යාග කර කොළඹ ආනන්ද විදුහල හා වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට ඉඩම් පරිත්‍යාග කර ස්වකීය මහා ධනස්කන්ධය රටේ ජනතාව වෙනුවෙන් හා බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් යෙදවූ අනේපිඬු සිටු පරපුරේ මහමුදලි සිටුවරු විසු වලව්වකි බළපිටියේ මහ කප්පින වලව්ව.

කොළඹ - ගාල්ල මහා මාරගයේ බළපිටිය තරුණ බෞද්ධ සංගමය හා ගුරු විදුහල මැදින් වැටී ඇති මාරගයේ මීටර් සියයක් පමණ දුර ගෙවා ගිය විට මහා කප්පින වලව්ව පිහිටා තිබූ භූමියට ළඟාවිය හැක.

බළපිටිය මාදු ගං සීමාව තෙක් විහිදී පැතිර ගිය අක්කර විසිදෙකකින් පමණ සමන්විත පොල් රුප්පාවක් මැද පිහිටි මෙම සුවිසල් වලව්ව ගාම්බීර පෙනුමකින් යුක්තය. ගම්පෙරළිය, විරාගය යන සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම ගම්පෙරළිය හා මඩොල්දූව ටෙලිවෘතාන්ත රූගත කරන ලද්දේ මෙම වලව්ව කේන්ද්‍ර කර ගනිමිනි.

අප රටේ යම් ප්‍රදේශයක වලව් වැඩිම ගණනක් පිහිටා තිබේ නම් ඒ බළපිටියේම පමණකි. බළපිටිය ඈත අතීතයේ හැඳින්වූයේ වැලිතොට නමිනි. ‍මෙය ගිහි - පැවිදි උතුමන්, උගතුන් වියතුන් රාශියක් බිහි වූ ප්‍රදේශයකි. බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ලියාපදිංචි විහාරස්ථාන ගණන අසූදෙකකි. කෝවිල් (දේවාල) තිස් ගණනකි. බළපිටිය, අහුන්ගල්ල, කොස්ගොඩ පිහිටි වලව් ගණනද තිස්හයකි.   මුහන්දිරම්, මුදලි, මහ මුදලිවරු ජීවත් වූ නිවාස වලව් ලෙස එවකට හැඳින්විණි. බළපිටිය වලව් පොකුරේ මුදුන්මල්කඩ වන මහාකප්පින වලව්වද අද සංඛේතයක් පමණි.

ශ්‍රී ලංකාවේ ප්‍රභූ පවුල් වාසය කළ වලව්වල ඉතිහාසය සොයා යෑමේදී වීර මද්දුම බණ්ඩාර පරපුරේ ආදිතමයා වූ ඌවේ රන්දෙණිවේලේදී පරංගි සංහාරය කිරීමට නායකත්වය දුන් දොන් කොස්මෝ විජේසේකර සෙන්පතියා ජන්මලාභය ලැබූ බළපිටිය බ්‍රාහ්මණවත්ත වලව්ව හා සිංහල රජු දවස රුහුණු ජනපද අධිපති ඉසුරුමුණි කප්පින පෙළපතෙන් පැවත එන ප්‍රභූවරු ජීවත් වූ මහා කප්පින වලව්ව යන වලව් දෙකට බළපිටියේ පිහිටි වලව් අතර ප්‍රමුඛ තැනක් හිමි වේ.

මහ කප්පින වලව් පරපුරට අයත් ආදි වැසියෝ දකුණෙන් බිහිව රට දැය සමය වෙනුවෙන් පෙනී සිටි සම්බුද්ධ ශාසනය රැක ගැනීමට උරදුන් ප්‍රභූවරයන් වූහ.

කප්පින පෙළපතේ ඉතිහාසය පොළොන්නරු අනුරාධපුර යුග දක්වා සිංහල රජදවස තෙක් දිව යයි. මෙම පෙළපතේ පැරණිම පෙළපත් නාමය ‘‘කප්පින’’ වන අතර ‘‘රාජපක්‍ෂ’’ යන විරුද නාමය ඉංග්‍රීසින් විසින් මොවුන්ට ප්‍රදානය කර තිබේ. මැගලියන්, රන්හුළු, හල්ජෝති යන පරම්පරාවන් වාසය කළ මෙම වලව්වේ අවසන් පරම්පරාව කළුහත් පරම්පරාව වේ.

පෘතුගීසින් ලංකාව පාලනය කළ කාලය තුළ පුත්තලමේ සිට කුඹුක්කන් ආර දක්වා ප්‍රදේශය තොටමුණු හයකට බෙදා පාලනය කර තිබෙන අතර එයින් වැලිතර, වැලිසර, කළුවාමෝදර යන තොටමුණුවල ප්‍රධානීන් වූයේ කප්පින පෙළපතේ ප්‍රභූන්ය. කුරුඳු වගාවේ මහබද්දේ ප්‍රධාන තනතුරු හොබවන ලද්දේද මොවුන් විසිනි. ලන්දේසි යුගයේදී කප්පින පරපුරේ ශ්‍රේෂ්ටතම  මුදලිවරයා වන්නේ කළුහත් පීටර් ද ආබ්‍රේව් විජයගුණරත්න මහ මුදලිතුමාය.

ඔහුගේ ඇවෑමෙන් පසු මහමුදලි තනතුරට පත්වන්නේ අද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ  මුදලිතුමාය. වයස අවුරුදු හතළිස් හතරේදී මෙම තනතුරු ලැබූ මොහු ලංකා ඉතිහාසයේ එතෙක් - මෙතෙක් පත් වූ ළාබාලතම මහ මුදලිවරයා බවට ඉතිහාසගතවී ඇත.

කොළඹ, මාළිගාකන්දේ වලව්වක ජීවත් වූ අද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්‍ෂ මුදලිතුමා උගතෙකු වියතෙකු ලෙස ඉංග්‍රීසින් විසින් හඳුනාගෙන තිබුණි. කොළඹ, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය කුරුඳුවත්ත, බොරැල්ල, මරදාන යන ප්‍රදේශ ඇතුළත් භූමි ප්‍රමාණය එතුමාට අයත් කුරුඳු ඉඩම්ය. ගල්කිස්සේ, ටෙම්ප්ලර් පාරේ සිට වටරප්පල දක්වා කොටස එම මුදලිතුමාගේ කුරුඳු වගා පාලන මධ්‍යස්ථානය පිහිටා තිබූ විශාලතම ඉඩම බව කියති.

ජූරි සභාවක් සහිතව නඩු විසඳීමේ තනතුරට පත් වූ ප්‍රථම සිංහල විනිශ්චයකාර පදවිය හිමිවන්නේ මෙම මහ මුදලිවරයාටය. එතුමා නඩු විසඳන අයුරු දැක්වෙන පින්තූරයක් අදද අධිකරණ සංකීරණ ගොඩනැගිල්ලේ සවිකර ඇති බව සඳහන් වේ. දොළොස් දෙනෙකුගෙන් යුත් ආරක්ෂක හමුදා ඛණ්ඩයක්ද,  ආණ්ඩුකාරවරයා හැරුණ විට අශ්වයින් හතර දෙනකු බැඳි රියක් පාවිච්චි කිරීමටද එකල අවසර තිබුණු එකම තැනැත්තා මේ මහා මුදලිවරයා පමණි.

කොළඹ - මරදානේ ගැදරම් වලව්ව, කොළඹ මෝදර කාරලු වලව්ව, මීගමුවේ කදිරානේ මුතුවාඩිය වලව්ව, නුවරඑළියේ ෆ්‍රීඉන් මැදුර, කප්පින පෙළපතට උරුමයෙන් සතු සෙසු දේපළ අතර වේ.

1830 වසරේදී මහා බද්දේ ඒකාධිකාරය අවසන් වීමෙන් පසු කුරුඳු එ්කාධිකාරය අදිරියන් රාජපක්‍ෂ මුදලිතුමාට යටතට ගැනෙන අතර කුරුඳු පිටරට යැවීමේ මුල්ම ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හිමිවන්නේ බළපිටිය මහා කප්පින වලව්වේ මෙම මුදලිතුමාටය. ඒ හේතුවෙන් මහා විශාල ධනස්කන්ධයක් රටට ඇදී ආ බවත් එම මහා ධනස්කන්ධය මහා කප්පින වලව්ව කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ ශාසනික හා සමාජ මෙහෙවරට යොදවා ඇති බවට සාක්‍ෂි රැසකි.

විවිධ කාලවකවානුවල පැවති ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව වෙනස් වෙමින් ඉදිරියට ආ කප්පින වලව්ව ඕලන්ද ගෘහ නිර්මාණ අනුව අවසන් වරට වෙනස් කරන්නේ අද්‍රියන් රාජපක්‍ෂ මුදලිතුමා විසිනි.  වලව්ව ඉදිරිපස එකදිගට තුන්පසකට විහිදී ගිය ආලින්දයකින් හා විශාල උස් කණු සහිත මහත් අභිමානවත් හා ප්‍රතාපවත් ලෙස ඉදිකර තිබුණි. මැද මිදුලත් නිදන කාමර, නාන කාමර, ප්‍රධාන සාලය ඇතුළු සාලවල් තුනකින්, විශාල කෑම කාමරයකින් සමන්විත කප්පින වලව්වේ විශාල මුළුතැන්ගෙයක් හා සේවක කාරකාදීන්ට වෙන් වූ කාමරද තිබී ඇත. වලව්වට පසෙකින් අශ්වගාලක් තිබූ බවත් පැරැන්නෝ සඳහන් කරති. දෙමහල් විහාර මන්දිරයේ කටයුතු සඳහා වෙනම සේවකයකු යොදවා තිබුණි.  ප්‍රදේශයේ සෙසු විහාරස්ථානවලට ගොස් අඩු පාඩු සොයා බැලීම සඳහා වෙනම සේවකයකු පත්කර ඇත. භික්‍ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම මෙම වලව්වේ මහා දානමය පිංකම් සඳහා වැඩම කර ඇති බවට ඒ සඳහාම වෙන් වූ විශාල දානශාලාව අදටද සාක්‍ෂි දරනු ඇත.

බළපිටිය ඓහිහාසික පුණ්‍ය භූමියෙන් ලක්බිමට පහළ වූ ශ්‍රේෂ්ඨතම දානපති ලෙස සැම්සන් රාජපක්‍ෂ මහ මුදලිවරයා අවිවාදයෙන් නම්කළ හැක.  1819 වසරේදී මෙතුමා විසින් සකස් කළ අධ්‍යාපන ක්‍රමය වන ‘‘රාජපක්‍ෂ ක්‍රමය’’ ඉංග්‍රීසි ආණ්ඩුවට ඉදිරිපත් කිරීමෙන් පසු එහි නිරදේශ මත කොළඹ රාජකීය විදුහල ඇතුළුව පාසල් දෙකක් පිහිටුවා ඇත.

අධිරාජ්‍යවාදීන්ගේ තාන්න මාන්න ලැබුවද තමන් උපන් රට හා දුප්පත් ජනතාව වෙනුවෙන් අනුපමේය සේවයක් සිදුකල මහා දානපති ප්‍රභූ පරපුරක්වූ බළපිටියේ මේ ප්‍රතාපවත් පරපුරේ උදාර සේවාව සදා සිහිපත් කළ යුතුය.  මේ අතීත උදාර මහා සේවාව වර්තමාන පරපුරට ආදර්ශයක්ම වනු ඇත.

- උපුටාගැනීමකි -




සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.