News Category
From Date
To Date
Maximum Number of Result

අරගලයෙන් පසු දේශපාලනය තුළ 'රණවිරුවෝ', 'ඉල් මහ විරුවෝ' සහ විමුක්තිකාමීන්..

Nov 23, 2026 at 03:04 PM
|

ඉල් මහ විරුවෝ’ අතර කුප්‍රකට වෙඩික්කරු ලයනල් රණසිංහ

යුද අපරාධ චෝදනා කන්දකට යටවූ ජයග්‍රාහී යුද හමුදාව

කොටි ‘මහාවිරු’ සැමරුම ආරම්භ වේ

ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් 1971 සහ 1987-1990 කැරලි දෙකේදී මරණයට පත්වූ තම සාමාජික සාමාජිකාවන් සැමරීම අතිශය ආන්දෝලනාත්මක වූයේ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, 2024 සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවය. ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගයට (ජාජබ) ඓතිහාසික ජාතික මැතිවරණ ජයග්‍රහණ ලබා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළේ 2022 ක්‍රියාත්මක වූ ඇමෙරිකානු සහ ඉන්දියානු මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කළ ‛අරගලයයි.' (නමුත් විදේශීය බලවේගවලට අවශ්‍ය වූයේ එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන අන්තර්-වාර පාලනයක වැඩ බලන ජනාධිපති ලෙස පත්කිරීමටය. ඒ සම්බන්ධයෙන් මෙම ලියුම්කරු ඕනෑවටත් වඩා මීට පෙර ලිපි හරහා සාකච්ඡා කර ඇත).

'ඉල් මහ සැමරුමට' රජයේ දායකත්වය විධායකයේ ඍජු සහභාගිත්වයෙන් ලැබීම නිසි අවධානයට යොමු වී නැත. එදා 'ජේ.ආර්. මරමු' කියා රට පුරා පෝස්ටර් ඇලවූයේ අද විධායකය හිමිකර ගත් ජවිපෙ බව අමතක කළ නොහැක. නමුත් දේශපාලන බලය උඩුයටිකුරු වීම තුළ ජවිපෙ දියත් කළ කැරලිවලදී මරුමුවට පත්වූ සාමාජික සාමාජිකාවන් නව තලයකට ඔසවා ඇත. වැඩි කාලයක් යෑමට පෙර ඔවුන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට වුවද ජවිපෙට අදහසක් පහළ වීමට අවස්ථාව ඇත.   

පසුගිය නොවැම්බර් 13 දින ජවිපෙ 37 වන 'ඉල් මහ විරුවන්' සැමරීම දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කළේය. ඒ ජාජබ ද නායකයා වන දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එම පක්ෂය සංවිධානය කළ තුන්වන 'ඉල් මහ විරුවන්' සැමරුමයි. රජය විසින් නොවැම්බර් 13, 1989 ඝාතනය කරන ලද පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර (දොන් ජිනදාස නන්දසිරි විජේවීර) මූලික කරගෙන රජයේ අනුග්‍රහයෙන් එම සැමරුම කිරීම විශේෂත්වයකි. නමුත් විජේවීර ඝාතනය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු නොකිරීම විශේෂයෙන්ම අවධානයට ලක්වන්නේ මෙම ජාජබ ආණ්ඩුව බලයට පැමිණි විගසින් අනෙකුත් ආන්දෝලනාත්මක සිද්ධීන් විමර්ශනය කිරීමට නියෝග කළ බැවිනි.   

විජේවීර උලපනේ දී අත්අඩංගුවට පත්වීම සහ යුද හමුදාව විසින් ඔහුව මරා දැමීම සිදුවන අවස්ථාවේ බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ ආකාරය අවධානයට යොමුවිය. අත්අඩංගුවට ගනු ලබන හෝ ආරක්ෂක හමුදාවට/ පොලිසියට භාර වෙන ඕනෑම පුද්ගලයකුගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකිව යුතුය. වගවිය යුතුය. විජේවීරට ඒ ආරක්ෂාව ලැබුණේ නැත. අත්අඩංගුවට පත්වූ ජවිපෙ සාමාජිකයින් දහස් ගණනක් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු කළේ නැත. ආරක්ෂා හමුදා, පොලිසියට අමතරව රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ නොයෙකුත් නම්වලින් හැඳින්වූ ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් මරා දැමූ පුද්ගලයින් පිළිබඳව සංඛ්‍යා ලේඛන නැත. කෙසේ වෙතත් 'ඉල් මහ විරුවන්' සැමරුම ජාතික දේශපාලනයේ කේන්ද්‍රීය වැදගත්කමක් ඇති ජවිපෙ/ජාජබ දේශපාලනය උපාය -මාර්ගයේ ප්‍රමුඛ කාර්යයක් වීම රටේ අවධානයට යොමු විය යුතුය.   එජාප රජය විසින් ජවිපෙ සන්නද්ධ අභියෝගය මර්දනය කරන අවස්ථාවේ දී එම පක්ෂය තහනම් කරන ලද ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස සලකා කටයුතු කළත් එම පක්ෂය නව මුහුණුවරකින් බලයට පැමිණීම මතුකරන ප්‍රශ්න නොසලකා හැරිය නොහැක. 'ඉල් මහ විරුවන්' සැමරුම මගින් රජයට එරෙහිව අවි ගත් පුද්ගලයින් ගෞරවයට ලක් වන බව අමතක කළ නොහැක. ජවිපෙ ඉතිහාසය සම්බන්ධව මා මිත්‍ර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න එළිදැක්වූ කෘති අවධාරණය කළ තත්ත්වය අභියෝගයට ලක් කළ හැකි අයෙක් නැත.   

'ඉල් මහ විරුවෝ' අතර සුප්‍රසිද්ධ නළු සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග, එජාප මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු ඇතුළු අවම වශයෙන් 41 දෙනකු ඝාතනය කළ අංක එකේ ජවිපෙ වෙඩික්කරු පාලමමුල්ලලාගේ ලයනල් රණසිංහ ද ඇත. ඉහත සඳහන් කළ ඝාතනයට ලක් වූ පුද්ගලයින්ට අමතරව 2019 නොවැම්බර් 5 එළිදැක්වූ ධර්මන් වික්‍රමරත්නගේ 'කොරෙඩ් ලයනල්' කෘතියට අනුව එම වෙඩික්කරු කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී ටෙරන්ස් පෙරේරා ද මරා දමා ඇත. ලයනල් රණසිංහ ද එජාප රජයේ අත්අඩංගුවේ මරා දමනු ලැබූ පුද්ගලයෙකි.   

නමුත් ලෝක දේශපාලන ඉතිහාසයේ එවැනි තහනම් කරන ලද සංවිධාන/පක්ෂ මහජන ඡන්දයකින් බලයට පත්වූ අවස්ථා විරලය. එවැනි පසුබිමක යම් කාලයක තහනම් කර තිබූ පක්ෂයක නායකයකු යම් රටක ජනාධිපති, සේනාධිනායක සහ ආරක්ෂක අමාත්‍ය වශයෙන් පත්වීම පසුබිමේ ඇතිවන, ඇතිවිය හැකි තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැත.   

දේශපාලන බලය 2024 උඩු යටිකුරු වීමෙන් පසුව 'රණවිරුවෝ, 'ඉල් මහ විරුවෝ’ සහ ‘විමුක්තිකාමීන්’ සම්බන්ධයෙන් නව සාකච්ඡාවක් ඇතිවිය. ඊට ප්‍රධානතම හේතුව යම් සිද්ධියක් නැතහොත් නව තත්ත්වයක් පිළිබඳව කිසිදු අවහිරතාවයකින් තොරව මහජනතාවට සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අවකාශයයි. මාධ්‍ය, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය උණුසුම් වූයේ 'රණවිරුවෝ 'සෙබළුන්' ලෙස 2025 ජාතික රණවිරු සැමරුම් උළෙලදී හැඳින්වීමත් සමග ය. එම සිද්ධිය දැඩි මාධ්‍ය අවධානය දිනා ගැනීමට තවත් හේතුවක් වූයේ උත්සවයට දිසානායක ජනාධිපතිවරයා සහභාගි නොවන බවට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ පූර්ව ප්‍රකාශයයි. එම ප්‍රකාශයට දැඩි විරෝධයක් එල්ල වූ අතර පෙර තීරණය වෙනස් කරමින් ජනාධිපතිවරයා එම උත්සවයට සහභාගි විය.   

බෙදුම්වාදී ත්‍රස්තවාදය සහ අවස්ථා දෙකකදී ජවිපෙ එල්ල කළ අභියෝගය පරාජය කිරීමට ආරක්ෂක හමුදා සහ පොලිසිය සමත්විය. ඉන්දියාවේ ඍජු මැදිහත්වීමෙන් 1987 ජුලි 29 වන දින අත්සන් කරන ලද ඉන්දු-ලංකා සාම ගිවිසුම ප්‍රකාරව ඉන්දීය හමුදා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ස්ථානගතවූ අතර ආරක්ෂක හමුදා සහ පොලිසිය ජවිපෙට එරෙහිව යොදවන ලදී. එම මෙහෙයුම් 1987 සිට 1990 මුල් මාස කීපය වනතුරු ක්‍රියාත්මක විය. එම කාලය තුළ මරණයට පත්වූ ජවිපෙ සාමාජිකයින් ‘ඉල් මහ විරුවන්' ලෙස හඳුන්වන අතර 1971 කැරැල්ලේදී නැතිවූ සාමාජිකයින් ද එම කණ්ඩායමට ඇතුළත් වේ.   නමුත් කිසිසේත්ම අමතක නොකළ යුතු කාරණාවක් ඇත. ජවිපෙ තෝරාගත් පිරිසකට අවි පුහුණුව ලබා දීම ආරම්භ කරන කිරීම ආරම්භ වූයේ ඉන්දීය හමුදා 1987 ජුලි 29 වන දින ශ්‍රී ලංකාවේ ස්ථානගත වීමට පෙරය. ජවිපෙ දෙවන වරට අවි ගැනීම ඉන්දීය හමුදාව පැමිණීමට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බවට සමාජගත වී තිබුණත් එය සත්‍යය නොවේ. ජවිපෙ තීරණයක් අනුව ලයනල් රණසිංහ අවි පුහුණුවට යොමු කර ඇත්තේ 1986 වසරේදීය.   

අද බොහෝ දෙනකුට අමතක නමුත් ‘ඉල් මහ විරුවන්' සැමරුම ආරම්භ කරන අවස්ථාවේදී විජේවීර මරා දැමීමෙන් පසුව පක්ෂයේ නායකත්වයට පත්වූ සෝමවංශ අමරසිංහ ජීවත් වූයේ යුරෝපයේය. ඔහු පළමුවරට 'ඉල් මහ විරුවන් සැමරීමට සහභාගි වූයේ 2001 නොවැම්බර් මාසයේදීය. ඒ වසර 12 කට පසුව චන්ද්‍රිකා බණඩාරනායක කුමාරතුංග රජය සමග ඇතිකර ගනු ලැබූ එකඟතාවයකින් පසුව මෙරටට පැමිණීමෙන් පසුව ය. එතැන් සිට 2013 දක්වා සෑම 'ඉල් මහ විරුවන්' සමරුවකම ප්‍රධාන දේශකයා වූයේ අමරසිංහ යි.   අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වයට 2014 පෙබරවාරි මුල පත්වීමෙන් පසුව ඒ වසරේ ‘ඉල් මහ විරුවන්' සැමරීම ඔහුගේ මූලිකත්වයෙන් පැවැත්විණි. ඊළඟ වසරේ ‘ඉල් මහ විරුවන්' සැමරීමේ අවස්ථාව ළඟා වනවිට අමරසිංහ පක්ෂයෙන් ඉවත් වී සිටි අතර 2015 ‘ඉල් මහ විරුවන්' සැමරීම් තුනක් සංවිධානය කර තිබිණි. ජවිපෙ ප්‍රධාන සැමරුම පැවැත්වූ අතර කුමාර් ගුණරත්නම් නායකත්වය දුන් පෙරටුගාමීන් ලෙස හැඳින්වූ 2011 දී ජවිපෙන් කැඩීගිය කණ්ඩායම සහ සෝමවංශ අමරසිංහ නායකත්වය දුන් ජනතා සේවක පක්ෂය ‘ඉල් මහ විරුවන්' සැමරීම් කළහ. විමල් වීරවංශ නායකත්වය දුන් කණ්ඩායම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයේදී පක්ෂයෙන් ඉවත් වූ අතර ඔවුන් වෙනමම දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීමට දායක විය.   

මෙවර 'ඉල් මහ විරුවන්' සැමරීමේ අවස්ථාව වන විට ජවිපෙ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ ක්‍රියාවලියේ සිට බොහෝ දුරක් පැමිණි ඇත. එදා ඇමෙරිකානු ව්‍යාපෘතියට සහ ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිවූ ජවිපෙ එම රටවල් දෙක සමගම කිට්ටු සම්බන්ධතාවලට ඇතුළු වී ඇත. එම දෙරට සමගම ආරක්ෂක ගිවිසුම්වලට අත්සන් කර ඇත. භූමියේ ඇතිවී තිබෙන අදහාගත නොහැකි වෙනස 'ඉල් මහ විරුවන්ට' දැනෙනවා නම් ඔවුන් අනිවාර්යෙන්ම පුදුම වෙනු ඇත. ජවිපෙ, ජාජබ හරහා ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ජයග්‍රහණය කිරීම අවධාරණය කරන දේශපාලන යථාර්ථය තේරුම් ගැනීම අපහසු නැත. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමට අවස්ථාවක් නැති නමුත් වර්තමාන ලෝක සහ කලාපීය භූ දේශපාලනය තුළ දේශපාලන බලය අත්පත් කර ගැනීමට සහ එම තත්ත්වය ස්ථාවර කර ගැනීමට අවස්ථාවක් ඇත.   

ආරක්ෂක හමුදා අතින් 1990 වන විට සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ ජවිපෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 බලයට පත්වීමෙන් පසුව ජාතික මැතිවරණවලදී අනුගමනය කළ ක්‍රියාමාර්ග බලාපොරොත්තු වූ ලෙස සාර්ථක වූයේ නැත. වසර 1995 සිට 2019 දක්වා කාලය තුළ ජවිපෙ ලැබූ ඉහළම ජයග්‍රහණය 2004 මහමැතිවරණයේදී ආසන 39 ලබා ගැනීමයි.   ජවිපෙ 2010 ජනාධිපතිවරණයේදී දෙවන කැරැල්ලේදී තමන්ට එරෙහිව මෙහෙයුම් කළ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාට සහයෝගය දීමට පසුබට වූයේ නැත. අරගලයෙන් පසුව ඇතිවූ තත්ත්වය තුළ ඉන්දියාව සහ ඇමෙරිකාව සමග නව සම්බන්ධතා ගොඩනැගීමට ද පසුබට වූයේ නැත. පෙබරවාරි 2014 පක්ෂයේ නායකත්වය භාර ගැනීමෙන් පසුව තම දේශපාලන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ඕනෑම තත්ත්වයක් යටතේ තමන්ගේ උපාය මාර්ගික සැලැස්ම ඉදිරියට ගෙන යෑමට සූදානම් බව ජවිපෙ /ජාජබ නායක දිසානායක ක්‍රියාවෙන් ඔප්පු කර ඇත.   

ජවිපෙ සැමරුම් අතරේ ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදා යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මක වීම ඛේදවාචකයකි. දෙවැනි කැරැල්ල සමයේ ජවිපෙ ඇතිකළ භීෂණය සහ කළ විනාශය රටට අමතක නැත. කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක නොවැම්බර් 12 වන දින කල්ප ගුණරත්න විසින් මෙහෙයවූ සජීවී ‘අහස' නාලිකාවේ 'බල සටන' වැඩසටහනේ දී 1971, 1987-1990 සහ 30 අවුරුදු යුද්ධය කළ විනාශය අවධාරණය කළේය. ජාජබ ආණ්ඩුවේ තුන්වන අය-වැය සම්බන්ධයෙන් මහාචාර්යවරුන් වන ප්‍රසාද් සේරසිංහ, එස්. පී. ප්‍රේමරත්න සහ ගාමිණී වීරසිංහගේ ද සහභාගිත්වයෙන් කළ එම සාකච්ඡාවේදී 1971 සහ 1987-1990 කැරලි හේතුවෙන් අහිමි වූ මූල්‍යමය වටිනාකම පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් බිලියන (ඇ.ඩො.බි) 40 ක් සහ 80 ක් ලෙස සඳහන් කළ අතර 30 අවුරුදු යුද්ධයේ විනාශය ඇ.ඩො. බි. 200 කි. සමස්ත එකතුව ඇ.ඩො. බි. 320 කි.   

ආරක්ෂක හමුදා ජවිපෙ සහ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් එල්ල කළ අභියෝගය ඉදිරියේ අසාර්ථක වූවානම් ජාතික ආර්ථිකය නැවත ගොඩනැගීමට නොහැකි වන පරිදි කඩා වැටීමට ඉඩ තිබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයේදී (2005-2010) ඇමෙරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ කළ මැදිහත් වීම ව්‍යර්ථ කිරීමට කළ උත්සාහය රහසක් නොවේ. ඒ සියලු අභියෝග හමුවේ යුද, නාවික සහ ගුවන් හමුදාව මෙන්ම විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිසිය සහ ග්‍රාමාරක්ෂක සේවය ත්‍රස්තවාදී අභියෝගය ජයගත්තේය.   

අගෝස්තු 2006 සිට මැයි 2009 දක්වා සිදු වූ සටන් ආරක්ෂක හමුදාවන්ට ජීවිත 6,200 පමණ අහිමි විය. එම සංඛ්‍යාවෙන් 5,000 අධික ප්‍රමාණයක් යුද හමුදා සෙබළුන් සහ නිලධාරීන් විය. 2024 ජනවාරි සිට මැයි දක්වා සෙබළුන් සහ නිලධාරීන් 2,400 ජීවිත පූජා කළ බව ගුණමකු සිංහලයින්ට අමතකය. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ, විදේශීය යැපෙන නොවන සංවිධාන සහ ජන මාධ්‍ය 'රණවිරුවෝ 'මිනීමරුවෝ' ලෙස දැකීම ප්‍රශ්නයක් නැත. කොටි ත්‍රස්තවාදීන්ට යුද්ධය ජයගැනීමට හැකි බවට විශ්වාස කළ ඔවුන් 2008 දී පුනරින්-පරන්තන් - අලිමංකඩ -කිලිනොච්චිය වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අහිමි වන තුරු ඊළාම් රාජ්‍යයක් පිළිබඳව සිහින මැවූ බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ නින්දෙන් ඔවුන්ව අවදි කළේ ආරක්ෂක හමුදා බව අවධාරණය කළ යුතුය.

යහපාලන ආණ්ඩුව ත්‍රස්තවාදය පරාජය කිරීම සමරන ත්‍රිවිධ හමුදා පෙළපාලිය 2016 දී නවතා දැමූ අතර ජාජබ පාලනය යටතේ නිදහස් උළෙලේදී ආරක්ෂක හමුදා ත්‍රස්තවාදය පරාජය කළ බව සඳහන් කිරීමට දේශපාලන අධිකාරිය වගබලා ගත්තේය. ආරක්ෂක හමුදා කළ එකම දේ දිත්වා සුළි කුණාටුවට හසුවූ ජනතාව බේරා ගැනීම බව සිතෙන තරමට තත්ත්වය නරක විය. ජයග්‍රාහී හමුදාවන්ට තහංචිය. දශක තුනක් ත්‍රස්තවාදය පතුරුවා අවසානයේදී නිර්භීතව සටන් කළ ආරක්ෂක හමුදාවන්ට පරාජය වූ එවුන් කරන නාඩගම්වල අවසානයක් නැත. යමක් අවධාරණය කළ යුතුය, ඇත්ත වශයෙන්ම ඊළම වෙනුවෙන් සටන් කළ කොටි සංවිධානය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පමණක් නොව ඉන්දීය හමුදා සාමාජිකයින් 1,200 අධික ප්‍රමාණයක් ඝාතනය කළේය. නිලධාරීන් සහ සෙසු නිලයින් 2,000 අධික ප්‍රමාණයකට තුවාල සිදු කළේය. කොටි සංවිධානය උපක්‍රමශීලිව නිර්භීතව සටන් කළ බව පිළිගත යුතුය. ඔවුන් කළ යුද්ධය 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුව ආශ්‍රිත භූමියේ අවසන් විය. එතැන් පටන් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා නගමින් රටේ ඒකීය භාවය අහිමි කිරීමට යුද්ධය තමන්ගේ දේශපාලන වාසියට හරවා ගත් පිරිස්, ඩොලර් කාක්කන් සහ යුද්ධය විදේශීය පුරවැසිභාවය ලබා ගැනීමට සහ ‛ආර්ථික සරණාගතයින්' රට පැටවීම අතිශය ලාබදායි ව්‍යාපාරයක් කර ගත් සංවිධානාත්මක පිරිස්ය.

රටේ ඒකීයභාවය ආරක්ෂාකර දශක දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ඉන්දියාවේ ඍජු මැදිහත් වීමෙන් 80 ව දශකයේදී ස්ථාපිත කර බටහිර ආණ්ඩුවල පූර්ණ සහයෝගයෙන් ක්‍රියාත්මක කළ විනාශකාරී යුද්ධය සාකච්ඡා මාර්ගයෙන්, යම් අවස්ථාවල ජාත්‍යන්තරයේද සහභාගිත්වය ද ඇතිව අවසන් කිරීමට කළ උත්සාහයන් සියල්ල කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රතික්ෂේප කර 2006 අගෝස්තු මාසයේදී අවසන් යුද්ධය ආරම්භ කළ ආකාරය ලොව ඉදිරියේ තැබීමට අපට තවම නොහැකි විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ, දෙමළ මන්ත්‍රීවරු හැර, ලැජ්ජා විය යුතු නොවේද? දෙමළ මහජන නියෝජිතයින් ද ලජ්ජා විය යුතුය. පාසල් දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන යුද්ධයට යැවූ, දරුවන් මරාගෙන මැරෙන බෝම්බ බවට පරිවර්තනය කරන තුරු කිසිවක් නොදත්තා සේ සිටි මහජන නියෝජිතයින් ඊළාම් ඉල්ලීම තරම් විකාරයක් නොවේද?

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

දිවයින

සම්බන්ධිත පුවත් | Related News

1815 මාර්තු 2 වැනි දින අත්සන් තැබුණු උඩරට ගිවිසුම මගින් සිංහලේ ස්වාධීනත්වය බ්‍රිතාන්‍ය කිරීටයට පවරා දීමත් සමඟ, සියවස් ගණනාවක් පුරා අඛණ්ඩව පැවති සිංහල රාජවංශය, දේශීය පාලන තන්ත්‍රය සහ සම්ප්‍රදායික සමාජ-ආගමික ව්‍යුහය බරපතළ අභියෝගයකට ලක් විය. ඉංග්‍රීසි පාලකයන් විසින් උඩරට ගිවිසුමේ කොන්දේසි (විශේෂයෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ 5 වැනි වගන්තිය) උල්ලංඝනය කරමින් සිදු කළ දැඩි දරදඬු පාලනයට සහ ස්වදේශිකයන්ට සිදු කළ අසාධාරණකම්වලට එරෙහිව 1817-1818 වර්ෂවලදී පැන නැගුණු ප්‍රථම නිදහස් සටන හෙවත් ඌව-වෙල්ලස්ස මහ කැරැල්ල, ලාංකේය ඉතිහාසයේ අභිමානවත්ම මෙන්ම ඛේදනීයම පරිච්ඡේදයකි.
අනුරාධපුරය ඓතිහාසික විස්මයන්ගෙන් පිරී පවතී; අතීත පරම්පරාවන් විසින් හඳුනාගත් මෙම ඇතැම් උරුමයන්, තවමත් නූපන් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර සංරක්ෂණය කිරීම සඳහා ජාතික හා මහජන අවධානය යොමු වීම අත්‍යවශ්‍ය වේ.
සියළු පක්ෂ - විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙත යැවීම සඳහා සකස් කරන ලද "ලියුම් කඳු" අද දින ( නොවැම්බර් 21) සවස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ දී මේ අයුරින් දර්ශණය විය.
කියුබානු සංචාරය නිමවා ඇමරිකා එක්සත් ජනපදයට යෑමට පෙර මට දැනගන්නට ලැබුණේ ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5 දෙනකු කියුබාවේ සිටින බවයි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) යළිත් වරක් අර්බුදයකට මුහුණ දී සිටින අතර, තමන් ඉතා සමීපව රැකබලා ගත් ප්‍රධාන ව්‍යාපෘතියක් වන මෙම අධිකරණයේ විශ්වසනීයත්වය ක්‍රමයෙන් පිරිහී යාම සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) දැඩි කනස්සල්ලට පත්ව සිටින බව පැහැදිලිය.
2026 ඔක්තෝබර් 26 සිට 29 දක්වා පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 20 වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිවාරය සාර්ථකව අවසන් විය.
දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන ප්‍රධාන දූෂණ විරෝධී නීතිය වන දූෂණ විරෝධී පනත (Anti-Corruption Act, No. 9 of 2023) 2023 වර්ෂයේදී සම්මත කරන ලදී (කථානායකවරයා විසින් 2023 අගෝස්තු 08 වන දින සහතික කරන ලද අතර, 2023 සැප්තැම්බර් 15 වන දින සිට බලාත්මක විය).
ක්‍රිස්ටෝෆර් අයි. බෙක්විත් (Christopher I. Beckwith) ලියපු “Greek Buddha: Pyrrho's Encounter with Early Buddhism in Central Asia” පොත ගැන විචාරයක්.
ලංකාවේ මිනිරන් පිළිබඳව, ඇමරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සහ වොෂිංටන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරපු සමුළුවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පවත්වලා තියෙනවා. දින 5ක් පුරා පවත්වලා තියෙන මේ සමුළුව ගැන කිසිඳු තැනක නිල වාර් තාකරණයක් සිදු නොවුණේ ඇයි? මෙය රහස් සමුළුවක්ද?

ප්‍රධාන පුවත්

ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Ahasa News නාලිකාවේ විකාශය වූ "බලසටන" වැඩසටහනේදී විශේෂ අනාවරණයන් රැසක් සිදුකර තිබේ.

බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..

තිඹිරිගොල්ලෑව - බක්මීටියාව රක්ෂිත වනාන්තරයෙන් අක්කර 1,100ක භූමි ප්‍රමාණයක් නිදහස් කර අනවසර වගාකරුවන්ට බෙදාදීමට රජය සූදානම් වන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ, මෙරට රක්ෂිත වනාන්තර පද්ධතියේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

ප්‍රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..

ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ‘විදුතලෙයි චිරුතෙයිගල් කච්චි’ (VCK) පක්ෂයේ නායක තොල් තිරුමාවලවන් යාපනයේ සිදුකළ මතභේදාත්මක සංචාරය සංවිධානය කිරීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසන බව The Island පුවත්පත වාර්තා කරයි.

"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව නිශ්චිත ආර්ථික වර්ධන අනුපාතයක් ඉලක්ක කරගෙන කටයුතු නොකරන බවත්, සිය ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීම බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් පසු හෝ ඊට ආසන්න කාලවකවානුව තුළ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර තිබේ නම්, එය ඉදිරියේදී ඔහුට විශාල ගැටලුවක් විය හැකි බව වරුණ රාජපක්ෂ පවසයි.

"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

දේශපාලනඥයන් තම තමන්ගේ ජයග්‍රහණය, අභිවෘද්ධිය සහ පැවැත්ම වෙනුවෙන් මහා සංඝරත්නය යොදාගෙන, එය තමන්ට අවාසියක් වන අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලාට දොස් පැවරීම සාමාන්‍ය ස්වරූපයක් බවට පත්ව ඇතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

නිමාවට පත් වූ APEC සමුළුවට සමගාමීව ඇමරිකාව, රුසියාව සහ චීනය යන ලෝක සුපිරි බලවතුන් තිදෙනා අතර ඓතිහාසික එකඟතා කිහිපයක් ඇති වුවද, මැදපෙරදිග සහ යුක්රේන යුද ගැටුම් නව වටයකින් තීව්‍ර වීමේ දැඩි අවදානමක් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වත්මන් සභාපති උදිත ගයාශාන් ගුණසේකර ලබාගන්නා වැටුප සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විවේචන එල්ල කර තිබේ.

2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..

2023 සහ 2024 වසරවලදී ඉහළ ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංකා විදුලිබල මණ්ඩලය 2025 වසරේදී රුපියල් බිලියන 38.74ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව හෙළි වෙයි.

ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

චීනයේ ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වන ආසියා-පැසිපික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව සිදුවන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් යන ලෝක බලවතුන් තිදෙනාගේ හමුව, 1945 දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක දේශපාලනයේ සිදුවන අතිශය තීරණාත්මක සහ ඓතිහාසික සන්ධිස්ථානයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) යළිත් වරක් අර්බුදයකට මුහුණ දී සිටින අතර, තමන් ඉතා සමීපව රැකබලා ගත් ප්‍රධාන ව්‍යාපෘතියක් වන මෙම අධිකරණයේ විශ්වසනීයත්වය ක්‍රමයෙන් පිරිහී යාම සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) දැඩි කනස්සල්ලට පත්ව සිටින බව පැහැදිලිය.

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් "පක්ෂ ගොඩනැඟීම පිළිබඳ ෂී ජින්පිං චින්තනය පිළිබඳ සම්මන්ත්‍රණයක්" ඊයේ(19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විය.

ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

2029 වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මාර්ගයෙන් ඉන්දීය රජයට දැනුම් දී ඇති බවට වාර්තා වන කරුණක් සහ ඒ වටා ගොඩනැඟී ඇති දේශපාලන වටපිටාව පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.