ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
නිමාවට පත් වූ APEC සමුළුවට සමගාමීව ඇමරිකාව, රුසියාව සහ චීනය යන ලෝක සුපිරි බලවතුන් තිදෙනා අතර ඓතිහාසික එකඟතා කිහිපයක් ඇති වුවද, මැදපෙරදිග සහ යුක්රේන යුද ගැටුම් නව වටයකින් තීව්ර වීමේ දැඩි අවදානමක් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
APEC සමුළුව අවසානයේ චීන, රුසියානු සහ ඇමරිකානු නායකයන් එක්ව ප්‍රධාන කරුණු හතරක් ඔස්සේ ඒකාබද්ධ ප්රකාශනයක් එළිදක්වා ඇති බව ආචාර්ය චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.
වත්මන් ලෝක අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සහ ආසියාවේ ඉන්දියාව වැනි කලාපීය බලවතුන්ට මෙන්ම අප්‍රිකානු කලාපයට ද සාධාරණ නියෝජනයක් ලැබෙන අයුරින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට නව පණක් ලබා දී ප්‍රතිසංවිධානය කිරීම එහි ප්‍රධාන කරුණකි.
ඊට අමතරව ගෝලීය බලශක්ති සැපයුම ස්ථාවර කිරීම සඳහා මෙම රාජ්‍යයන් තුන එක්ව ඛනිජ තෙල්, ඩීසල් සහ පොහොර වැනි අත්‍යවශ්‍ය නිෂ්පාදන ඉහළ නැංවීමටත්, බලයේ සිටින රාජ්‍ය නායකයන්ට ජාත්‍යන්තර නීතිය යටතේ හිමිවන මුක්තියට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි ආයතන හරහා බලපෑම් කිරීමට ඉඩ නොදීමටත් ඔවුන් එකඟ වී තිබේ.
එමෙන්ම න්‍යෂ්ටික යුද්ධයකින් කිසිවෙකුට ජයග්‍රහණය කළ නොහැකි බව පිළිගනිමින්, එකිනෙකාට එරෙහිව න්‍යෂ්ටික යුද්ධයකට නොයෑමට සහ න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ද එකඟතාවක් ඇති වී ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම හමුව හරහා ලෝකයේ සැබෑ සුපිරි බලවතුන් තිදෙනා තමන් බව ලොවට ප්‍රදර්ශනය කර ඇති අතර, මේ හේතුවෙන් යුරෝපා රටවල් දැඩි කලබලයට සහ නොසලකා හැරීමකට ලක්ව ඇති බව ද ඔහු පැවසීය.
මෙම සාකච්ඡා අතරතුර මැදපෙරදිග කලාපයේ යළිත් දරුණු ගැටුමක් ඇතිවීමේ පෙරනිමිති පහළ වී ඇති බව ආචාර්ය චන්ද්‍රවංශ මහතා අනාවරණය කළේය.
ඇමරිකානු නාවික බාධක බිඳ දමා ඉරාන තෙල් ප්‍රවාහනය ආරම්භ කිරීමට ඉරාන නායකත්වය නියෝග කර ඇති බවත්, ඊට ඇමරිකානු නාවික හමුදාව පහර දුනහොත් මෙතෙක් නොදුටු අන්දමේ දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට ඉරාන හමුදා සූදානමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඊට සමගාමීව යේමනයේ අන්සාර් අල්ලාහ් සංවිධානය විසින් සෞදි අරාබියේ යන්බු වරාය ඇතුළු ප්‍රධාන වරායන් හතරකට සහ ආර්ථික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ජනතාවට ඉන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ද ඔහු සඳහන් කළේය.
අනෙක් පසින්, ඇමරිකානු ජනාධිපතිවරයා යුක්රේන යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස යුරෝපා නායකයන්ට බලපෑම් කළද, බටහිර ධනපති අවශ්‍යතා වෙනුවෙන් යුක්රේනයට තවදුරටත් බිලියන ගණනින් මූල්‍ය හා යුද ආධාර ලබා දීමට යුරෝපා නායකයන් කටයුතු කරමින් සිටින බව චන්ද්‍රවංශ මහතා පැවසීය.
විශේෂයෙන්ම ක්රිමියානු පාලමට යළි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයා දැඩි කෝපයට පත්ව සිටින බැවින්, නුදුරු අනාගතයේදී යුක්රේන යුද්ධය නතර වීමේ ඉඩකඩක් නොපෙනෙන බවත්, ඒ වෙනුවට සම්පත් අත්පත් කර ගැනීමේ සහ ලාභ ලැබීමේ අරමුණින් බටහිර බලවතුන් මෙම ගැටුම් තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..