"ඇමරිකානු-ශ්‍රී ලංකා ග්‍රැෆයිට් සමුළුව" හොරෙන් පැවැත් වූවේ ඇයි?
ලංකාවේ මිනිරන් පිළිබඳව, ඇමරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සහ වොෂිංටන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරපු සමුළුවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පවත්වලා තියෙනවා. දින 5ක් පුරා පවත්වලා තියෙන මේ සමුළුව ගැන කිසිඳු තැනක නිල වාර් තාකරණයක් සිදු නොවුණේ ඇයි? මෙය රහස් සමුළුවක්ද?
මෙම සමුළුව "ඇමරිකානු-ශ්‍රී ලංකා ග්‍රැෆයිට් සමුළුව" ලෙස නම් කරල තියෙන අතර එය අප්‍රේල් 27 සිට මැයි 1 වැනිදා දක්වා දින 5ක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධි ආයතනයේ පවත්වලා තියෙනවා.
ඉන් නොනැවතී මේ පිරිස බෝගල,කහටගහ සහ රාගෙදර (Bogala, Kahatagaha සහ Ragedara) මිනිරන් පතල්වල ක්ෂේත්‍ර චාරිකාවල යෙදිල තියෙනවා. මේ සඳහා ඇමරිකාවෙන් 20කට වැඩි පිරිසක් සහභාගීවෙලා තියෙනවා.
අද ලෝකයේ බලශක්ති ප්‍රභවය වන්නෙ ඛනිජ බව අපි කවුරුත් දන්නා කරුණක්. විශේෂයෙන්ම අර් ධ සන්නායක කර්මාන්තයේදී ග්‍රැෆයිට් හෙවත් මිනිරන්වලට ඇත්තෙ ඉතා ඉහළ ඉල්ලුමක්. ඒ වගේම අද ඉදිරියට ඇවිත් තියෙන්නෙ ලිතියම් බැටරියයි. ඒ සඳහා මිනිරන් අත්‍යවශ්‍යයි. කොටින්ම එය නැතිව ලිතියම් බැටරියක් නෑ කියල කියන්න පුළුවන්.
මේ නිසා ලෝක බලවත්තු මිනිරන් හොයාගෙන ලෝකෙ පීරනවා. එයිනුත් ලංකාවේ තියෙන මිනිරන් ලෝකයේ වෙන කිසිම ග්‍රහලෝකයක නෑ. අපේ මිනිරන් (Vain graphite) රත්තරන් වගේ වටිනවා.
ඇත්තටම මෙය සරල සමුළුවක් නොවන බව ඛනිජ සමඟ බැඳුණු භූ ගෝලීය බල අරගලය දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්.
විශේෂයෙන්ම ඇමරිකාව, ආසියාවේ ඛනිජ සම්පත් පාලනය තමන්ගේ අතට ගැනීමේ අරමුණින් පැක්ස් සිලිකා (Pax Silica) සංවිධානය 2025 දෙසැම්බර් වලදී ආරම්භ කරල තියෙනවා.
එහි අති දැවැන්ත කාර් මික මූලස්ථානය පිලිපීනයේ පිහිටු වීමට සියල්ල සූදානම් කරල තියෙනවා. ඒ් සඳහා ජනාධිපති ට්‍රම්ප් නොවැම්බර් 17වැනිදා කටයුතු කරල තියෙනවා.
අක්කර හාරදාහකට(4,000) වැඩි භූමි ප්‍රමාණයක් පුරා ඉදි කරන්නට නියමිත මේ මධ්‍යස්ථානයට එරෙහිව දැවැන්ත විරෝධතා පිලිපීනය පුරා පැන නැගිල තියෙනවා.
මෙවැනි භූ දේශපාලනික වටපිටාවකදී අපේ මිනිරන් ගැන දවස් ගානක සමුළුවක් කිසිඳු මාධ්‍යයක් දැනුවත් නොකර පවත් වන්නෙ ඇයි?
හොඳ වැඩක්නම් රට පළමු මොහොතේ ඉඳළම දැන ගන්න එක හොඳයි නේද?
- ප්‍රියන්ත මධුකුමාර
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..