News Category
From Date
To Date
Maximum Number of Result

"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

Nov 22, 2026 at 06:44 AM
|

දේශපාලනඥයන් තම තමන්ගේ ජයග්‍රහණය, අභිවෘද්ධිය සහ පැවැත්ම වෙනුවෙන් මහා සංඝරත්නය යොදාගෙන, එය තමන්ට අවාසියක් වන අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලාට දොස් පැවරීම සාමාන්‍ය ස්වරූපයක් බවට පත්ව ඇතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

වත්මන් රජය පමණක් නොව, අතීතයේ පැවති රජයන් ද තම පක්ෂවලට භික්ෂූන් වහන්සේලා හරවා ගැනීමට උත්සාහ කරන බවත්, එය සාර්ථක නොවූ විට හාමුදුරුවරුන්ට දොස් කියමින් වරද පැටවීමට කටයුතු කරන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. 

විශේෂයෙන්ම අපේ සංස්කෘතිය, ආගම සහ වටිනාකම් රැකගත යුතු යැයි භික්ෂූන් වහන්සේලා හඬ නඟන විට, එය ජාතිවාදයක් හෝ ආගම්වාදයක් ලෙස හුවා දැක්වීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරන බව උන්වහන්සේ සඳහන් කළහ.

මෙරට සිටින බහුතර භික්ෂූන් වහන්සේලා ජාතිවාදීන් හෝ ආගම් අතර ගැටුම් ඇති කරන්නන් නොවන බව අවධාරණය කළ උන්වහන්සේ, සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනතාව කිසිදු ආරවුලකින් තොරව සතුටින්, සමගියෙන් හා සමාදානයෙන් ජීවත් වීමට අවශ්‍ය නායකත්වය ලබා දෙන්නේ මහා සංඝරත්නය බව පැවසූහ. 

ඊට නිදසුන් දක්වමින් උන්වහන්සේ සිහිපත් කළේ වතු ප්‍රදේශ සහ ගම්මාන ආශ්‍රිතව කෝවිල් ද, මුහුදුබඩ ප්‍රදේශවල පල්ලි මෙන්ම මුස්ලිම් පල්ලි ද පවතින බවත්, එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව පවා භික්ෂූන් වහන්සේලාට ඉතා ගෞරවයෙන් සලකන බවත්ය.

එබැවින් රටේ නැති අවුලක්, නැති ආගම්වාදයක් හෝ ජාතිවාදයක් ඇති කිරීමට යමෙකු උත්සාහ කරන්නේ නම් එය රටට කරන විශාල හානියක් බව මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ පෙන්වා දුන්හ. භික්ෂූන් වහන්සේලා සැමවිටම කතා කරන්නේ තම ආගම, දර්ශනය සහ සංස්කෘතික උරුමය වෙනුවෙන් බවත්, එම උරුමය අනෙකුත් ආගමිකයන්ට ද පවතින අතර බෞද්ධ භික්ෂුවකගේ වගකීම ඉටු කිරීම කිසිසේත්ම ජාතිවාදයක් නොවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

සම්බන්ධිත පුවත් | Related News

2035 වසර වනවිට ලොව වැඩිම ජනගහනයක් සහිත ආගම බවට ඉස්ලාම් ආගම පත්විය හැකි බවට පළවන ජනගහන පුරෝකථනයක් සම්බන්ධයෙන් හිටපු ධවල මන්දිර මාධ්‍ය ලේකම් කරොලයින් ලෙවිට් අදහස් පළ කර ඇති අතර, ඇය අමෙරිකානු ක්‍රිස්තියානි ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විවාහ වී වැඩි දරුවන් බිහි කරමින්, ඔවුන් ක්‍රිස්තියානි ආගමික පසුබිමක් තුළ ඇති දැඩි කරන ලෙසයි.
පසුගිය සතියට සාපේක්ෂව මෙරට වෙළෙඳපොළ කිහිපයක දේශීය රතුලූනු සහ බිත්තර මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ.
‍‍මහ බැංකුව විසින් පොලි අනුපාතය ඉහළ දැමීමට ගත් තීරණය හේතුවෙන් ආර්ථික වර්ධනය අඩපණ වනු ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
කඩුවෙල ප්‍රදේශයේ මෑතකදී හටගත් මාරාන්තික ගිනිගැනීමේ සිදුවීම සහ ජීවිත හානි පදනම් කරගනිමින් විපක්ෂය පහත් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව කඩුවෙල මහා නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් මහතා චෝදනා කරයි.
යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම විශ්වවිද්‍යාලය පවසයි.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
නිමාවට පත් වූ APEC සමුළුවට සමගාමීව ඇමරිකාව, රුසියාව සහ චීනය යන ලෝක සුපිරි බලවතුන් තිදෙනා අතර ඓතිහාසික එකඟතා කිහිපයක් ඇති වුවද, මැදපෙරදිග සහ යුක්රේන යුද ගැටුම් නව වටයකින් තීව්‍ර වීමේ දැඩි අවදානමක් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වත්මන් සභාපති උදිත ගයාශාන් ගුණසේකර ලබාගන්නා වැටුප සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විවේචන එල්ල කර තිබේ.
යාපනය, චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදු කෙරෙන කැණීම් සහ විමර්ශන කටයුතු පූර්ණ අධිකරණ අධීක්ෂණය යටතේ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කෙරෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

දේශපාලනඥයන් තම තමන්ගේ ජයග්‍රහණය, අභිවෘද්ධිය සහ පැවැත්ම වෙනුවෙන් මහා සංඝරත්නය යොදාගෙන, එය තමන්ට අවාසියක් වන අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලාට දොස් පැවරීම සාමාන්‍ය ස්වරූපයක් බවට පත්ව ඇතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

නිමාවට පත් වූ APEC සමුළුවට සමගාමීව ඇමරිකාව, රුසියාව සහ චීනය යන ලෝක සුපිරි බලවතුන් තිදෙනා අතර ඓතිහාසික එකඟතා කිහිපයක් ඇති වුවද, මැදපෙරදිග සහ යුක්රේන යුද ගැටුම් නව වටයකින් තීව්‍ර වීමේ දැඩි අවදානමක් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වත්මන් සභාපති උදිත ගයාශාන් ගුණසේකර ලබාගන්නා වැටුප සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විවේචන එල්ල කර තිබේ.

2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..

2023 සහ 2024 වසරවලදී ඉහළ ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංකා විදුලිබල මණ්ඩලය 2025 වසරේදී රුපියල් බිලියන 38.74ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව හෙළි වෙයි.

ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

චීනයේ ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වන ආසියා-පැසිපික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව සිදුවන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් යන ලෝක බලවතුන් තිදෙනාගේ හමුව, 1945 දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක දේශපාලනයේ සිදුවන අතිශය තීරණාත්මක සහ ඓතිහාසික සන්ධිස්ථානයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) යළිත් වරක් අර්බුදයකට මුහුණ දී සිටින අතර, තමන් ඉතා සමීපව රැකබලා ගත් ප්‍රධාන ව්‍යාපෘතියක් වන මෙම අධිකරණයේ විශ්වසනීයත්වය ක්‍රමයෙන් පිරිහී යාම සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) දැඩි කනස්සල්ලට පත්ව සිටින බව පැහැදිලිය.

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් "පක්ෂ ගොඩනැඟීම පිළිබඳ ෂී ජින්පිං චින්තනය පිළිබඳ සම්මන්ත්‍රණයක්" ඊයේ(19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විය.

ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

2029 වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මාර්ගයෙන් ඉන්දීය රජයට දැනුම් දී ඇති බවට වාර්තා වන කරුණක් සහ ඒ වටා ගොඩනැඟී ඇති දේශපාලන වටපිටාව පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.

NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..

ආගමික කටයුතු අමාත්‍යංශයේ ප්‍රග්ධන වියදම් සඳහා පසුගිය වසරේ රුපියල් මිලයන 5401ක් එකතුවද්දී ජූලි මාසය වන විට ප්‍රගතිය දැක්වෙන්නේ සියයට 6ක් බවත්, මුදල් තිබුනද එම මුදල් වියදම් නොකිරීම නිසා ආපස්සට ගොස් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ත්‍රිපිටකය පවා ග්‍රන්ථාරූඪ කළ කීර්තිමත් මාතලේ අළුවිහාරය පිහිටි මාතලේ පූජා නගරයේ ප්‍රේරණ කලාපය තුළ යම් ඉදිකිරීම් සහ වෙනස් කිරීම් කිරීමේ දී පුරාවිද්‍යා පනත අනුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය, විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ අවසරය, බෞද්ධකටයුතු කොමසාරිස්ගේ අවසරය ආදී වශයෙන් අවසරයන් අවශ්‍ය බවත්, නමුත් 2025 වසරේ මෙම පුරාවිද්‍යා ප්‍රේරණ කලාපයේ පිහිටි 1958 වසරේදී ලියාපදිංචි කරන ලද මුස්ලිම් පල්ලියක් පුළුල් කිරීම සඳහා නගර සභාවෙන් ඉල්ලීමක් කර තිබූ බවත්, නගර සභාව කිසිඳු සොයාබැලීමකින් තොරව මීට අවසර දී තිබූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කරයි.

ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට අයත් නොවන අතර, එය මහජනතාව සතු මාර්ගයක් බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසති.

2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..

2035 වන විට ක්‍රිස්තියානි ආගම අභිබවා යමින් ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වනු ඇතැයි Pew Research Center මගින් නිකුත් කළ නවතම ජනගහන පුරෝකථන වාර්තාව පෙන්වා දෙයි.

අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..

අමෙරිකානු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ඓතිහාසික හමුව අද චීනයේ ෂෙන්සෙන් නුවරදී පැවැත්වීමට නියමිතය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.