ප්‍රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..
ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ‘විදුතලෙයි චිරුතෙයිගල් කච්චි’ (VCK) පක්ෂයේ නායක තොල් තිරුමාවලවන් යාපනයේ සිදුකළ මතභේදාත්මක සංචාරය සංවිධානය කිරීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසන බව The Island පුවත්පත වාර්තා කරයි.
එම පුවත්පත කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, සමාජ මාධ්‍යවල පළ වූ සටහන් හැරුණු විට එම සංචාරය ගැන තමන්ට කලින් දැනුවත්භාවයක් නොතිබූ බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා වල්වැටිතුරෙයි ප්‍රදේශයට පැමිණි තිරුමාවලවන්, නොවැම්බර් 16 වැනිදා සවස චෙම්මනී සමූහ මිනීවළ අසල පිහිටි ‘අනෛයා විලක්කු’ ස්මාරකයට ගොස් උපහාර දක්වා ඇති බව වාර්තා වේ.
සංචාරය අතරතුර ඔහු දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සමඟද සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකා රජය දැඩිව විවේචනය කරන පොන්නම්බලම්, සිංහල බෞද්ධ බහුතරය දෙමළ ජාතිකත්වය බුදුදහමට තර්ජනයක් ලෙස සලකා විනාශ කිරීමට උත්සාහ කරන බවට මෑතකදී නවදිල්ලියේ පැවති ජාත්‍යන්තර සමුළුවකදීද ප්‍රකාශ කර තිබිණි.
මේ අතර, තිරුමාවලවන්ගේ මෙම සංචාරය ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) දැඩි විවේචනයට ලක්ව ඇත. තමිල්නාඩු BJP ප්‍රධාන ප්‍රකාශක නාරායනන් තිරුපති චෝදනා කළේ, හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය කළ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙකු වූ ප්‍රභාකරන් නිදහස් සටන්කාමියෙකු ලෙස හුවාදැක්වීම පිළිගත නොහැකි බවත්, ඔහුට සම්බන්ධ ස්ථානවලට ගොස් උපහාර දැක්වීම ලැජ්ජා සහගත සහ සමාව දිය නොහැකි ක්‍රියාවක් බවත්ය.
එමෙන්ම, මෙම සිදුවීම හේතුවෙන් VCK පක්ෂය සමඟ පවතින සන්ධානයෙන් ඉවත් වන ලෙස BJP පක්ෂය කොංග්‍රස් පක්ෂයෙන් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..
බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..
ප්‍රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..
"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි
හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..