ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2029 වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මාර්ගයෙන් ඉන්දීය රජයට දැනුම් දී ඇති බවට වාර්තා වන කරුණක් සහ ඒ වටා ගොඩනැඟී ඇති දේශපාලන වටපිටාව පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සිය ධුර කාලය අවසන් කර සමුගැනීම නිමිත්තෙන්, අයවැය ඉදිරිපත් කළ දිනට පසුදින එනම් 13 වැනිදා රාත්‍රියේ, නියෝජ්‍ය මහ කොමසාරිස්වරියගේ නිල නිවාසයේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇත.
උතුරේ සහ මධ්‍යම කඳුකරයේ දෙමළ පක්ෂ නායකයන් ඇතුළු මුස්ලිම් දේශපාලන නියෝජිතයන් පිරිසක් ඊට සහභාගී වූ බවත්, එහිදී අයවැය මගින් පළාත් සභා මැතිවරණ පිළිබඳව කිසිවක් සඳහන් නොකිරීම සම්බන්ධයෙන් විරෝධතා මතු වූ බවත් සඳහන් වේ.
එම සාකච්ඡාව අතරතුර මහ කොමසාරිස්වරයා විසින් 2029 ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම් දුන් බව පැවසූ අතර, එම ප්‍රකාශය එහි සිටි මන්ත්‍රීවරුන් විසින් විවිධ ආකාරවලින් තේරුම් ගත් බව කාරියවසම් මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණ අවසන් වරට පවත්වා ඇත්තේ 2014 වසරේදී වන අතර, 2017 පනත් සංශෝධනයෙන් පසු සීමා නිර්ණ කටයුතු අවසන් නොවීම මැතිවරණ නොපැවැත්වීමට හේතුව ලෙස ඉදිරිපත් කෙරේ.
නොවැම්බර් 10 වැනිදා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව රැස්වුවද, එය මැතිවරණ කල් දැමීමේ උත්සාහයක් ද යන්න පිළිබඳව සැක මතුවන බව ඔහු සඳහන් කරයි.
දිස්ත්‍රික් මහ රෝහල් හයක් මධ්‍යම රජයට පවරා ගැනීමට අයවැයෙන් යෝජනා කිරීම හරහා පළාත් සභා බලතල නැවත මධ්‍යගත වන බවට උතුරේ දේශපාලන නායකයන් චෝදනා කර ඇති බවත්, උතුර-නැගෙනහිර ඉඩම් බලතල පිළිබඳවත් එහිදී සාකච්ඡා වූ බවත් වාර්තා වේ.
පසුගිය අගෝස්තු 5 වැනිදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස අවධාරණය කළ බවත්, අවම වශයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණවත් පවත්වන ලෙස යෝජනා කළ බවත් කාරියවසම් මහතා පවසයි.
එහෙත් උතුර-නැගෙනහිරට පමණක් මැතිවරණ පැවැත්වීමෙන් දකුණේ දේශපාලන පරාජයක් හෝ විවේචන එල්ල විය හැකි බැවින් ආණ්ඩුව දෙගිඩියාවක සිටින බව ඔහුගේ අදහසයි.
2029 ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා දැනුම් දීම තුළ, පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටීමට හෝ මැතිවරණ කල් දැමීමට ඇති ඉඩකඩ පිළිබඳව ප්‍රශ්න මතුවන බව කාරියවසම් මහතා පෙන්වා දෙයි.
එමෙන්ම 2029 වන විට නැවත බලයට පත්වීමේ අරමුණින් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට හෝ සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව පවතින බව කියන විමර්ශන ලිපිගොනු භාවිත කරමින් ප්‍රතිවාදීන් දුර්වල කිරීමට උත්සාහ කරන්නේද යන්න පිළිබඳව දේශපාලන ක්ෂේත්රයේ සාධාරණ සැකයක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..