අපේ ළමයි..
කියුබානු සංචාරය නිමවා ඇමරිකා එක්සත් ජනපදයට යෑමට පෙර මට දැනගන්නට ලැබුණේ ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5 දෙනකු කියුබාවේ සිටින බවයි.
වසරකට එකක් බැගින් කියුබානු රජය ලබා දෙන වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව ලබා ඔවුහු මෙහි පැමිණ සිටියහ.
මම ඔවුන් බැලීමට ගියෙමි. ගම්පහ සත්‍යා පැමිණ අවුරුදු 6 කි; යාපනයේ සුගන්යා අවුරුදු 4කි; කළුතර දුෂානි අවුරුදු 3කි; කුරුණෑගල සොනාල් අවුරුදු 2කි; බාලයා යාපනයේ අනෝජන් ය.
වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට මේ පිරිස කන කට්ට දුටු විට මට හීන් දාඩිය දැම්මේය. පළමුව ඔවුන් කියුබාවට පැමිණ වසරක් ඇතුලත ස්පාඤ්ඤ බස ඉගෙන ගත යුතුය. පාඨමාලාව ඉගැන්වෙනුයේ ද, රෝගීන් සමඟ ගනුදෙනු කළ යුත්තේ ද ස්පාඤ්ඤ බසිනි.
ඇමරිකානු සම්බාධක නිසා වීසා, මාස්ටර් කාඩ් හෝ වෙනත් ක්‍රමයක් යොදාගෙන මේ සිසුන්ට හෝ දෙමාපියන්ට ගෙවීම් කළ නොහැකිය. වියදමට මුදලක් යැවීමට දෙමාපියන්ට ක්‍රමයක් ද නැත. ඔවුන්ගේ වියදම් සඳහා ශ්‍රී ලංකා රජය මාසික දීමනාවක් මාස 6කට වරක් තානාපති කාර්යාලය හරහා ලබා දෙයි.
මේ සිසුන්ට හදිසියකට කියා ගෙදර යා නොහැකිය. ඇමරිකාව හරහා යාමට වීසා ලබා නොදෙයි. ස්පාඤ්ඤය හරහා යෑමට ශෙන්ගන් වීසා ලබා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඔවුන්ට ඉතිරිව ඇති එකම ක්‍රමය කියුබාවේ හවානා නුවර සිට පැනමාවේ පැනමා නගරයට ගොස් තුර්කියේ ඉස්තාන්බූල් හරහා කොළඹට පැමිණීමයි. ඒ සඳහා දැන් රුපියල් ලක්ෂ 8ක් පමණ වැය වේ. සත්‍යා අවුරුදු 6ක් ගෙදර ගොස් නැත. සොනාල්ගේ පියා මාස 6 කට පෙර අභාවයට පත්වුව ද ඔහුට මළ ගෙදරට යෑමට නොහැකි විය.
පේරාදෙණියේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස වසර 6කුත්, රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරයකු ලෙස වසර 13කුත් නොැඇසූ, නොදුටු කතා අසමින් මම වරුවක් ම ඔවුන් සමග ගත කළෙමි.
(ආචාර්ය චන්න ජයසුමනගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..