ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට අයත් නොවන අතර, එය මහජනතාව සතු මාර්ගයක් බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසති.
ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන ඇතැම් දේශීය සංචාරකයන් මාර්ගයේ පරිසරයට සහ පොදු දේපළවලට දැඩි හානි සිදුකරන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
එම සංචාරකයන්ගෙන් වනජීවී දෙපාර්තමේන්තුව මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බැවින්, එම හානි සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේදී ගැටලු මතුව ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.
2026-2027 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි පෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදීයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.
නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල සිට රත්නපුර පලාබද්දල ශ්‍රී පාද තොරණ දක්වා දිවෙන මාර්ගය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන බවද ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් එහිදී අවධාරණය කළහ.
ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම් කර, එම මාර්ගයේ දෙපසින් අඩි 20 බැගින් ඇතුළත් වන පරිදි ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස අවස්ථා කිහිපයකදීම පැවති රජයන්ගෙන් ඉල්ලා සිටියත්, මෙතෙක් එය ඉටු වී නොමැති බවද උන්වහන්සේ සඳහන් කළහ.
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වීමට පෙර එම කටයුතු සිදුකරන ලෙස නුවරඑළිය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිංජුල සුරවීර ආරච්චිගෙන් ද උන්වහන්සේ ඉල්ලීමක් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..