ස්ථිර ප්‍රතිපත්තියක් නැති වීම නිසා ඉන්දියාව ගෝලීය වශයෙන් නොසලකා හැරලා.. - සුබ්‍රමනියම් ස්වාමිගෙන් මෝදි ආණ්ඩුවට දැඩි විවේචනයක්
භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි සිය 'X' (පෙර ට්විටර්) ගිණුම ඔස්සේ පළ කර ඇති සටහනක දක්වා ඇත්තේ ඇමරිකාව, චීනය සහ රුසියාව යන ලෝක බලවතුන්ගේ ප්‍රධාන නායකයින් හමුවී ඇති නමුත්, ඊට එක්වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට ආරාධනා නොකිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි.
විදේශීය නායකයින් පසුපස යමින් ඔවුන් සතුටු කිරීමට උත්සාහ කිරීමෙන් ඉන්දියාවට ජාත්‍යන්තර ගෞරවයක් හෝ තත්ත්වයක් හිමි නොවන බව ඉන්දියානුවන් අවබෝධ කරගත යුතු බවද ඔහු සිය සටහන මගින් අවධාරණය කර තිබේ.
සුබ්‍රමනියම් ස්වාමි සිය 'X' (පෙර ට්විටර්) ගිණුම ඔස්සේ පළ කර ඇති සටහන මෙසේය,
"ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ රුසියාව යන රටවල ඉහළම නායකයින් හමුවී ඇති අතර, මෝදිගේ ඉන්දියාවට ඊට එක්වන ලෙස ආරාධනා නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ. විදේශීය නායකයින්ට ගැතිකම් කිරීමෙන් (පසුපස යමින් ඔවුන් සතුටු කිරීමට උත්සාහ කිරීමෙන්) භාරතයට කිසිදු ගෞරවයක් හෝ තත්ත්වයක් නොලැබෙන බව අප ඉන්දියානුවන් දැනගත යුතුය."
මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් අදහස් දක්වන විචාරකයින් පෙන්වා දෙන්නේ, ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම සහ සාම්ප්‍රදායික නොබැඳි පිළිවෙතෙන් බැහැර වීම හේතුවෙන් ඉන්දියාව ගෝලීය වශයෙන් නොසලකා හැරීමකට ලක්ව ඇති බවයි.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ දේශපාලන සහ බුද්ධිමය කවයන් තුළ ද ඒ ආකාරයෙන්ම දක්නට ලැබෙන බවට විවේචන එල්ල වේ. ඇතැම් ශ්‍රී ලාංකික විචාරකයින් ස්වාධීන හා නොබැඳි ප්‍රතිපත්ති වෙනුවට අසාර්ථක වූ ඉන්දියානු ආකෘතිය අනුගමනය කිරීමට පෙළඹී ඇති බවත්, හීනමානය සහ පෞද්ගලික ද්‍රව්‍යමය වාසි අපේක්ෂාවෙන් ඔවුන් මෙලෙස කටයුතු කරන බවත් එම විවේචන මගින් වැඩිදුරටත් චෝදනා කෙරේ.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..
දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...
මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..
ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..
ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..