සන්නිවේදන දෝෂයක් හේතුවෙන් අමෙරිකාව පුරා ගුවන් ගමන් තාවකාලිකව නවතියි..
අමෙරිකාවේ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානවල ඇති වූ සන්නිවේදන පද්ධති දෝෂයක් හේතුවෙන් එරට පුරා ගුවන් යානා පිටත්වීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සඳහන් කර ඇත්තේ විදුලි සංදේශ පද්ධතියේ ඇති වූ තාවකාලික බිඳවැටීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව, ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස රට පුරා ගුවන් යානා පිටත්වීම් තාවකාලිකව නතර කිරීමට බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් එක් එක් අවස්ථාව වෙන වෙනම සලකා බලා තීරණ ගැනීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් ගමන් නිරීක්ෂණ දත්තවලට අනුව, ගුවන් යානා පිටත්වීම් නතර කිරීමේ නියෝගය නිකුත් කරන අවස්ථාවේදී අමෙරිකානු ගුවන් තොටුපොළ වෙත ගමන් කරමින් තිබූ ගුවන් යානා සංඛ්‍යාව 4,042ක් පමණ වේ.
මෙම තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ ගුවන් ගමන් කාලසටහන්වලට බාධා එල්ල වී ඇති අතර, ගුවන් මගීන්ට ද අපහසුතා ඇති විය හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, සන්නිවේදන පද්ධතියේ බිඳවැටීමට නිශ්චිත හේතුව හෝ ගුවන් ගමන් යළි සාමාන්‍ය තත්ත්වයට පත්වන වේලාව පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී ඇත්තේ නැත.
මූලාශ්‍රය - CNN
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..
ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ
ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි
භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි
උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..
අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..