නිදහස් පක්ෂ ලේකම් ධුරය පිළිබඳ ඉදිරි පියවර අධිකරණ තීන්දුව අනුව ගත යුතුයි.. - මැතිවරණ කොමිසම කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය අධිකරණය හමුවේ නීත්‍යනුකූලව විසඳා ගැනීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
ඒ සම්බන්ධයෙන් පැතිර යන ඇතැම් ප්‍රකාශ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ සභාපති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, වත්මන් ලේකම් ලෙස කටයුතු කරන දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පසුගිය නොවැම්බර් 6 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.
එහිදී දෙපාර්ශ්වය විසින් අධිකරණයේ පවතින නඩු කටයුතු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අදාළ අර්බුදය අධිකරණය මඟින් විසඳා ගැනීම සුදුසු බවට තීරණය කර ඇති බව සඳහන්.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බවට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇති බවට පළවන තොරතුරු අසත්‍ය බවද එම කොමිසම අවධාරණය කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් වන අතර, පවතින ගැටලුව එහි ලේකම් ධුරයට පමණක් අදාළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි කරන්නේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඊයේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මඟින් පක්ෂය සඳහන් කරන්නේ, මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවෙන් අනතුරුව දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේ සිදුකළ බව කියන ඇතැම් ප්‍රකාශ සාවද්‍ය බවයි.
එම ප්‍රකාශ හේතුවෙන් පක්ෂ සාමාජිකයන් සහ ජනතාව නොමඟ යා හැකි බැවින් නිවැරදි තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..
ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ
ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි
භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි
උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..
අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..