අපි තරම් ඉක්මනට හදපු රටක් ලෝකෙ නෑ කියා IMF එකත් කියනවා..- ටිල්වින්
පසුගිය වසර දෙකක කාලය තුළ රට හමුවේ පැවති දරුණුතම ආර්ථික අර්බුදය හා අභියෝග සාමූහිකව ජයගෙන රට ස්ථාවර මාවතකට ගෙන ඒමට රජය සමත් වූ බවත්, බංකොලොත්භාවයට පත් වූ රටක් මෙතරම් කඩිනමින් ආර්ථික වශයෙන් යළි ගොඩනැඟූ ලොව විශිෂ්ටතම ආදර්ශය ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ප්‍රකාශ කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘ඉල් මහ විරු සැමරුම්’ උළෙල අමතමින් ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද සඳහන් කළේය:
"පසුගිය කාලසීමාව ඇතුළත අපිට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහිදී ප්‍රධානතම අභියෝගය වුණේ කඩා වැටී තිබුණු රටේ ආර්ථිකයයි. ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස එතුමාත්, අපේ කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාම දිවා රෑ නොබලා එකට එක්වී සාකච්ඡා කරමින් මේ ආර්ථික අර්බුදයෙන් රට ඉතා ඉක්මනින් ගොඩගැනීමට කටයුතු කළා.
අද වන විට ලෝකයේ තිබෙන ප්‍රධාන මූල්‍ය ආයතන සියල්ලම අපේ රටේ ආර්ථිකය පියවරෙන් පියවර ඉදිරියට පැමිණ ඇති බව තහවුරු කර තිබෙනවා. සෑම ආර්ථික දර්ශකයකින්ම අපේ රට අද ඉදිරියෙන්ම සිටිනවා. බංකොලොත් වූ රටක් වේගයෙන් ගොඩනැඟෙන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝකයටම ඇති හොඳම ආදර්ශය ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම ප්‍රකාශ කළා.
එමෙන්ම ලංකාවේ ආර්ථිකය දැන් කෙතරම් ශක්තිමත් ද කිවහොත්, ඉදිරියේදී එල්ල විය හැකි ඕනෑම මූල්‍ය හෝ බාහිර කම්පනයකට ඔරොත්තු දීමේ හැකියාව රට සතු බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහතික වී තිබෙනවා. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය ඇතුළු බාහිර කම්පන රැසකට අප තවමත් මුහුණ දෙමින් සිටියත්, ඒ කිසිදු පීඩනයක් හෝ බරක් මහජනතාව මත පටවන්නේ නැතිව රජය විසින් ඒවා දරාගනිමින් පාලනය කරගෙන යනවා.
ආර්ථිකය ස්ථාවර කරමින් අප විශාල කාර්යභාරයක් ඉටු කරමින් ඉදිරියට ගමන් කර තිබෙනවා. දැන් අප හමුවේ ඇති මීළඟ ප්‍රධාන වගකීම වන්නේ ජනතාවගේ සමාජ ජීවිතය ගුණාත්මක ලෙස යහපත් අතට පරිවර්තනය කිරීමයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..
ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ
ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි
භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි
උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..
අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..