යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
යුරෝපයේ වීදිවලින් මේ වන විට නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරය බව ජේෂ්ඨ මාධ්යවේදී සහ දේශපාලන විශ්ලේෂක මෝහන් සමරනායක මහතා පවසයි.
Lanka Voice නාලිකාවේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ පසුගිය සැප්තැම්බර් මස මුල් සතියේ සිට ප්රංශය කේන්ද්ර කරගනිමින් ඇරඹි මෙම විරෝධතා ව්යාපාර බෙල්ජියම, ඉතාලිය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වැනි යුරෝපීය රටවල් රැසකට ව්යාප්ත වී ඇති බවයි.
ඔක්ටෝබර් 24 වන දින පැරිස් නගරයේ පමණක් පැවති දැවැන්ත පෙළපාලි හේතුවෙන් පුද්ගලයන් දහසකට අධික සංඛ්යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර උද්ඝෝෂණ මේ වන විට ප්රචණ්ඩකාරී ස්වරූපයක් ගනිමින් පවතී.
යුරෝපය සහ ඇමරිකාව දිව්ය ලෝක ලෙස සැලකුවද, අද වන විට එහි සාමාන්ය ජනතාවට දරාගත නොහැකි මට්ටමකට ජීවන වියදම ඉහළ ගොස් ඇත.
බලශක්ති මිල ඉහළ යෑම සහ උද්ධමනය හමුවේ පාලක පන්තීන් විසින් සුභසාධන වියදම් කප්පාදු කරමින් ක්රියාත්මක කරන වැඩපිළිවෙළ හේතුවෙන් පහළ මධ්යම පන්තිය සහ කම්කරු ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව සමරනායක මහතා පෙන්වා දෙයි.
රුසියා - යුක්රේන යුද්ධය මෙන්ම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක ආර්ථිකයට සහ යුරෝපයේ බලශක්ති සැපයුමට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, බටහිර පාලකයන් මෙම අර්බුද විසඳීමට වඩා අවි නිෂ්පාදනයට සහ යුද්ධ සඳහා විශාල වශයෙන් මුදල් වැය කිරීම හේතුවෙන් ජනතාව තවදුරටත් අන්ත අසරණ වී ඇත.
පවතින සමාජ-ආර්ථික ක්රමය තුළ තරුණ පරම්පරාව තමන් සමාජයෙන් කොන් වී ඇතැයි යන හැඟීමෙන් පෙළෙන බවත්, මෙම ගැඹුරු ක්රමවේදයේ දෝෂ නිවැරදි නොකර හුදු මර්ධනයෙන් පමණක් ගැටළුවට විසඳුම් සෙවිය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්පූර්ණ විස්තරය සඳහා වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..