PSTA ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට බරපතළ ලෙස පටහැනියි...- එක්සත් ජාතීන්ගේ විරෝධය..
දශක ගණනාවක් පුරා දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) වෙනුවට ශ්රී ලංකා රජය විසින් අලුතින් හඳුන්වා දීමට නියමිත "ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ" (PSTA) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පෙර, එහි අන්තර්ගත ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට පටහැනි බරපතළ වගන්ති ඉවත් කර පුළුල් සංශෝධනයකට ලක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
2026 සැප්තැම්බර් 22 දිනැති ගැසට් පත්රය මගින් ප්රකාශයට පත් කරන ලද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ නිරීක්ෂණ වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ, මීට පෙර ඉදිරිපත් කෙරුණු කෙටුම්පත් හා සසඳන විට යම් ධනාත්මක වර්ධනයන් කිහිපයක් මෙහි දක්නට ලැබුණද, පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ අඩංගු මූලික මානව හිමිකම් විරෝධී සහ අත්තනෝමතික විධිවිධාන රැසක් මෙහිද යළි ප්රතිනිර්මාණය කර හෝ තවදුරටත් පුළුල් කර ඇති බවයි.
2025 දෙසැම්බර් මස කෙටුම්පතට සාපේක්ෂව නව පනත් කෙටුම්පතේ ඇතුළත් යහපත් පියවර කිහිපයක් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය අගය කර තිබේ:
පොලිසිය හමුවේ ලබාදෙන පාපොච්චාරණ අධිකරණය හමුවේ සාක්ෂි ලෙස පිළිගැනීමේ ප්රතිපාදනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම.
මාධ්යවේදීන්, පර්යේෂකයන්, මානව හිමිකම් ක්රියාකාරීන් සහ සිවිල් සමාජ නියෝජිතයන්ගේ කාර්යභාරයන් ආරක්ෂා කිරීම සඳහා වන ආරක්ෂණ විධිවිධාන කිහිපයක් ඇතුළත් කිරීම.
පොලිස් ප්රශ්න කිරීම් සහ මහේස්ත්රාත්වරයෙකු හමුවේ කෙරෙන ප්රකාශ ශ්රව්ය-දෘශ්ය (Audio-Visual) තාක්ෂණය ඔස්සේ පටිගත කිරීම අනිවාර්ය කිරීම.
අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා තබා ගැනීමක් පිළිබඳව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දීමේ කාලය පැය 48ක් දක්වා අඩු කිරීම සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ මධ්යම දත්ත පද්ධතියක් පිහිටුවීම.
"ත්රස්තවාදය" පිළිබඳ නිර්වචනයෙන් කප්පම් ගැනීම්, මංකොල්ලකෑම් සහ සරල අවි සන්තකයේ තබාගැනීම් වැනි සාමාන්ය අපරාධ ඉවත් කර නිර්වචනය යම් මට්ටමකට සීමා කිරීම.
මෙම සාධනීය කරුණු මධ්යයේ වුවද, ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් මෙන්ම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතියෙන් (ICCPR) සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බරපතළ කරුණු රැසක් කෙටුම්පත තුළ තවදුරටත් පවතින බව OHCHR පෙන්වා දෙයි:
ත්රස්තවාදය පිළිබඳ අර්ථනිරූපණයේ පවතින අපැහැදිලි බව:
ත්රස්තවාදී වරදක් ඔප්පු කිරීමේදී තිබිය යුතු අපරාධ චේතනාව (mens rea) "හිතාමතා හෝ දැනුවත්ව" (intentionally or knowingly) යනුවෙන් ලිහිල් කර තිබීම අනතුරකි. එසේම "රජයකට හෝ ජාත්යන්තර සංවිධානයකට අනවශ්ය බලපෑම් කිරීම" (unduly compelling) යන්න නිශ්චිතව නිර්වචනය කර නොමැති බැවින්, නීත්යනුකූල සාමකාමී විරෝධතා සහ සිවිල් අකීකරුකම් පවා ත්රස්තවාදී ගණයට ඇතුළත් කර මර්දනය කිරීමේ අවදානමක් පවතී.
විධායකයට ලැබෙන අසීමිත රැඳවුම් බලය සහ අධිකරණ බලය සීමා කිරීම:
සැකකරුවෙකු මුලින් රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය අධිකරණයකට නොව ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා වෙත ලබා දී තිබීම බලවත් ගැටලුවකි. එසේම එවැනි රැඳවුම් නියෝගයක් ඉදිරිපත් කළ විට, එහි නීත්යනුකූලභාවය හෝ සාධාරණත්වය පරීක්ෂා කිරීමේ අභිමතයක් මහේස්ත්රාත්වරයාට නොමැති අතර, නියෝගය බලාත්මක කිරීමට මහේස්ත්රාත්වරයා බැඳී සිටී. මෙය අත්තනෝමතික ලෙස නිදහස අහිමි කිරීමකි.
ත්රිවිධ හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට බලතල පැවරීම සහ මිලිටරිකරණය:
සාමාන්ය නීතිය ක්රියාත්මක කිරීමේ බලතල හමුදාවට හා වෙරළාරක්ෂක නිලධාරීන්ට පැවරීම තුළින් ඔවුන්ට වරෙන්තුවකින් තොරව පුද්ගලයන් සෝදිසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට ඉඩ සැලසේ. හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා අයෙකු පොලිසියට භාරදීමට පැය 24ක කාලයක් ලබා දී ඇති අතර, ඉන් අනතුරුව පොලිසියටද පැය 48ක කාලයක් ලැබෙන බැවින් සැකකරුවෙකු මහේස්ත්රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට පැය 72ක් තරම් දීර්ඝ කාලයක් ගතවේ. හමුදා භාරයේ සිටින කාලය තුළ නීතිඥ සහාය ලබාගැනීම හෝ වෛද්ය පරීක්ෂණ සහතික කර නොමැති වීම නිසා වධහිංසා පැමිණවීම් සහ අතුරුදහන් කිරීම් සිදුවීමේ දැඩි අවදානමක් පවතී.
භාෂණයේ නිදහස සහ මාධ්ය නිදහසට එල්ල වන තර්ජන:
පනත් කෙටුම්පතේ 74 වන වගන්තිය යටතේ "රහස්ය තොරතුරු" (Confidential Information) යන්න අතිශය පුළුල් ලෙස නිර්වචනය කර ඇත. ආරක්ෂක අංශවල සාමාන්ය ගමන් බිමන්, මාර්ග බාධක හෝ සෝදිසි කිරීම් වාර්තා කිරීම පවා අපරාධයක් බවට පත්වීමේ අවදානමක් ඇති අතර, එය ගවේෂණාත්මක මාධ්යවේදයට සහ මානව හිමිකම් නිරීක්ෂණයට බරපතළ බාධාවකි. එසේම විදේශයන්හි වෙසෙන ඩයස්පෝරා ප්රජාව අන්තර්ජාලය ඔස්සේ පළ කරන අදහස් පවා නීතිවිරෝධී කිරීමට මෙම වගන්ති යොදාගත හැකිය.Search Guides
සංවිධාන තහනම් කිරීම සහ රැස්වීමේ නිදහස අහිමි කිරීම:
ජනාධිපතිවරයාට හිමි අභිමතය පරිදි සංවිධාන තහනම් කිරීමට ඇති හැකියාව (Section 59) සහ සාමකාමී මහජන රැස්වීම් තාවකාලිකව තහනම් කිරීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට පවා බලය පැවරීම (Section 51) ප්රජාතන්ත්රවාදී අයිතීන් හකුළුවා දැමීමකි.
73 වන වගන්තියේ සංක්රාන්ති විධිවිධාන:
නව පනත සම්මත වීමෙන් පසු පැරණි ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි වුවද, 73 වන වගන්තිය මගින් දැනට PTA යටතේ විභාග වන නඩු සහ රැඳවුම් භාරයන් එලෙසම පවත්වාගෙන යාමට ඉඩ සලසා තිබීම අසාධාරණ බවත්, ඒ පිළිබඳව කඩිනම් අධිකරණ සමාලෝචනයක් අවශ්ය බවත් පෙන්වා දී ඇත.
මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර පහත පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයට නිර්දේශ කරයි:
ත්රස්තවාදය පිළිබඳ අර්ථනිරූපණය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1566 යෝජනාවට සහ ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල වන පරිදි නිශ්චිත හා පටු සීමාවකට ගෙන ඒම.
අත්අඩංගුවට ගන්නා සියලුම සැකකරුවන් පැය 24ක් ඇතුළත මහේස්ත්රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම සහ රැඳවුම් නියෝගවල වලංගුභාවය තීන්දු කිරීමේ පූර්ණ බලය අධිකරණයට පැවරීම.
ත්රිවිධ හමුදාවට පොලිස් බලතල පැවරීම වහා නතර කර, සිවිල් පොලිස් පාලනය ස්ථාපිත කිරීම.
සැකකරුවන්ට අත්අඩංගුවට ගත් මොහොතේ සිටම රහසිගතව නීතිඥ සහාය ලබාගැනීමේ අයිතිය හා වෛද්ය පරීක්ෂණ අයිතිය සුරක්ෂිත කිරීම.
සිවිල් සංවිධාන, නීති විශාරදයින් සහ පීඩාවට පත් ප්රජාවන්ගේ සහභාගිත්වයෙන් යුතුව විනිවිදභාවයකින් යුත් පුළුල් මහජන කතිකාවතක් ගොඩනැගීම.
1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) ශ්රී ලංකාවේ වසර හතළිහකට අධික කාලයක් ක්රියාත්මක වූ අතර, එය අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, නඩු පැවරීමකින් තොරව දීර්ඝකාලීනව රඳවා තබා ගැනීම් සහ බරපතළ වධහිංසාවලට මගපාදන නීතියක් ලෙස දෙස් විදෙස් දැඩි විවේචනයට ලක්විය. යුරෝපා සංගමයේ GSP+ සහනය අඛණ්ඩව පවත්වා ගැනීම ඇතුළු ජාත්යන්තර බැඳීම් හමුවේ මෙම මර්දනකාරී නීතිය අහෝසි කරන බවට ශ්රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දිගින් දිගටම ප්රතිඥා දී තිබිණි.
ඒ අනුව 2023 වසරේදී "ත්රස්ත-විරෝධී පනත් කෙටුම්පත" (Anti-Terrorism Bill - ATB) සහ පසුව 2025 දෙසැම්බර් මාසයේදී PSTA නමින් කෙටුම්පතක් ගෙන ආවද, ඒවායේ පැවති අන්තර්ගතයන්ද මානව හිමිකම් උල්ලංඝනය කරන බවට විරෝධතා එල්ල විය. වත්මන් රජය විසින් 2026 සැප්තැම්බර් මාසයේදී යළි ගැසට් කරන ලද්දේ එම නීති ප්රතිසංස්කරණ ක්රියාවලියේ නවතම කෙටුම්පත වන අතර, එක්සත් ජාතීන් අවධාරණය කරන්නේ හුදෙක් නම වෙනස් කිරීමකින් තොරව සැබෑ අර්ථයෙන්ම මානව හිමිකම් ආරක්ෂා වන පරිදි මෙම නීතිය සංශෝධනය විය යුතු බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..
සෞඛ්ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්
PSTA ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට බරපතළ ලෙස පටහැනියි...- එක්සත් ජාතීන්ගේ විරෝධය..
වසරකට පොලිස් කූඩුවල මරණ 17යි... පැය 72ක් රඳවාගෙන පහරදීමට සහ පොලිස් පාපොච්චාරණ සාක්ෂි කරගැනීමට අසීමිත බලතල දීමෙන් රටම බියකරු අගාධයකට..
මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇතිවිය හැකියි.. - සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය..
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්