News Category
From Date
To Date
Maximum Number of Result

කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්‍යග්‍රහය නතර කිරීමට හේතුවත් ආරණ්‍යවාසී හිමිවරුන් මාධ්‍යයට හෙළිකරති..

Oct 28, 2026 at 06:12 AM
|

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නතර කරන ලද්දේ මහානායක හිමිවරු විසින් එවා තිබූ ලිපියට ගරුකරමින් බවත්, මහනායක හිමිවරුන් ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරනු ඇති බවට විශ්වාස කරන බවත් මෙම සත්‍යග්‍රහයට සහ නිදහසේ පා ගමනය සම්බන්ධවූ ආරණ්‍යවාසී භික්ෂූන් වහස්සේලා විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කරුණු සඳහන් කර තිබේ.

තාවකාලිකව මෙම සත්‍යග්‍රහය නතර කරන ලද්දේ එම නිසා බවත්, පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් එක්තරා හෝටලයකට ගිය බවට විවිධ පාර්ශ්වවලින් නගන චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී උන්වහන්සේලා කරුණු හෙළිදරව් කර සිටියහ.

සත්‍යග්‍රහය අතරතුරේ දී කස්සප හිමියන් දැඩිව රෝගී වූ බවත්, වර්ෂාවට තෙමෙමින් බොහෝ අපහසුතා මැද ගත කළ මෙම කාලසීමාවේදී උන්වහන්සේ මෙම රෝගී තත්වයේ සිටිමින්ම කැපවී කටයුතු කිරීම නිසා අවසානයේ උණ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා දායක මහත්මයකු විසින් මෙම හෝටලයේ කාමරයක් ලබාගෙන උන්වහන්සේව එම ස්ථානයට රැගෙන ගිය බවත්, එහිදී උන්වහන්සේ තනියම නොව භක්ෂූන් වහන්සෙලා කිහිප නමක් සමගින් එම හෝටලයට වැඩිය බවත් කෙසේ වෙතත් මුල සිටම කස්සප හිමියන් මෙම ස්ථානයේ නතර වීම ප්‍රතික්ෂේප කළ ද එම අවස්ථාවේ වෙනත් පන්සලකින් හෝ ආරාධනයක් නොලැබුනු හෙයින් අවසානයේ මෙයට එකඟවී එම ස්ථානය වැඩිය බවත් උන්වහන්සේලා පවසති.

මෙම හෝටල් කාමරයට ගිය විගසම උන්වහන්සේගේ රෝගී තත්වය උත්සන්න වීම නිසා වෛද්‍යවරුන් හෙද හෙදියන් පවා මෙම හෝටලයට පැමිණ කස්සප හිමියන්ට ප්‍රථිකාර ලබාදුන් බවත් සඳහන් කරන උන්වහන්සේලා, සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුනේ කස්සප හිමියන් හෝටලයකට යාම පිළිබඳව පමණක් බවත්, එම කිසිඳු දර්ශනයක වෛද්‍යවරුන් පැමිණ ප්‍රථිකාර ලබාදුන් ආකාරය දක්වා නොතිබූ බවත් අනාවරණය කරති.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී, විධායකයේ බලපෑම්වලට යටත් නොවී අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මුහුණ දුන් අභියෝග සහ ඓතිහාසික සිදුවීම් පිළිබඳව Kaarige Channel Eka නාලිකාව හරහා ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.
කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක අවසන් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති කෙටුම්පත් යෝජනාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති විවාදය අතරතුර, කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොද්‍රිගස් පරිල්ලා මහතා ඔක්තෝබර් 27 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් මහතාට ප්‍රතිචාර දැක්වීය.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් පැවිදි සහ ගිහි සංවිධාන එකතුව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එල්ටීටීඊ සංවිධානයේ විකාශනය වන බෙදුම්වාදී න්‍යාය පත්‍රයට මුහුණ දීමට සහ ශ්‍රී ලංකාවේ යහපත ආරක්ෂා කිරීම සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය බව ශ්‍රී ලංකාව සඳහා වූ සාමය, එක්සත්කම සහ මානව හිමිකම් පිළිබඳ සංවිධානයේ (SPUR) සභාපති ආචාර්ය දසරත් ජයසූරිය මහතා පවසයි.
ඊශ්‍රායලයේ පසුගිය වසර ගණනාව තුළ පැවැත්වුණු වඩාත්ම තීරණාත්මක සහ වැදගත් මැතිවරණයක ඡන්ද විමසීම අවසන් වී ඇති අතර, මේ වන විට අලුයම් කාලයේ සිටම නිල ඡන්ද ගණන් කිරීමේ සහ ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ තීරණාත්මක කර්තව්‍යය ආරම්භ වී තිබේ.
යුරෝපයේ වීදිවලින් මේ වන විට නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරය බව ජේෂ්ඨ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක මෝහන් සමරනායක මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීම සඳහා මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කර නැති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2027 නව විසර්ජන පනත් කෙටුම්පත සහ රජයේ අපේක්ෂිත වියදම් සම්බන්ධයෙන් දැඩි කරුණු හෙළිදරව් කිරීමක් සිදු කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) හේතුවෙන් රටට හිමි GSP+ යුරෝපා බදු සහනය දැඩි අවදානමකට ලක්ව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්‍ය කතා පුවත..

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී, විධායකයේ බලපෑම්වලට යටත් නොවී අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මුහුණ දුන් අභියෝග සහ ඓතිහාසික සිදුවීම් පිළිබඳව Kaarige Channel Eka නාලිකාව හරහා ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.

“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්‍රතිචාර දක්වයි

කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක අවසන් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති කෙටුම්පත් යෝජනාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති විවාදය අතරතුර, කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොද්‍රිගස් පරිල්ලා මහතා ඔක්තෝබර් 27 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් මහතාට ප්‍රතිචාර දැක්වීය.

බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්‍යාය පත්‍රයක්..

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් පැවිදි සහ ගිහි සංවිධාන එකතුව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

​දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්‍රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්‍යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය

එල්ටීටීඊ සංවිධානයේ විකාශනය වන බෙදුම්වාදී න්‍යාය පත්‍රයට මුහුණ දීමට සහ ශ්‍රී ලංකාවේ යහපත ආරක්ෂා කිරීම සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය බව ශ්‍රී ලංකාව සඳහා වූ සාමය, එක්සත්කම සහ මානව හිමිකම් පිළිබඳ සංවිධානයේ (SPUR) සභාපති ආචාර්ය දසරත් ජයසූරිය මහතා පවසයි.

නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්‍රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..

ඊශ්‍රායලයේ පසුගිය වසර ගණනාව තුළ පැවැත්වුණු වඩාත්ම තීරණාත්මක සහ වැදගත් මැතිවරණයක ඡන්ද විමසීම අවසන් වී ඇති අතර, මේ වන විට අලුයම් කාලයේ සිටම නිල ඡන්ද ගණන් කිරීමේ සහ ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ තීරණාත්මක කර්තව්‍යය ආරම්භ වී තිබේ.

යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්‍යවේදී මෝහන් සමරනායක

යුරෝපයේ වීදිවලින් මේ වන විට නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරය බව ජේෂ්ඨ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක මෝහන් සමරනායක මහතා පවසයි.

කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්‍යග්‍රහය නතර කිරීමට හේතුවත් ආරණ්‍යවාසී හිමිවරුන් මාධ්‍යයට හෙළිකරති..

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නතර කරන ලද්දේ මහානායක හිමිවරු විසින් එවා තිබූ ලිපියට ගරුකරමින් බවත්, මහනායක හිමිවරුන් ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරනු ඇති බවට විශ්වාස කරන බවත් මෙම සත්‍යග්‍රහයට සහ නිදහසේ පා ගමනය සම්බන්ධවූ ආරණ්‍යවාසී භික්ෂූන් වහස්සේලා විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කරුණු සඳහන් කර තිබේ.

ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීම සඳහා මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කර නැති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්‍යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්

කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2027 නව විසර්ජන පනත් කෙටුම්පත සහ රජයේ අපේක්ෂිත වියදම් සම්බන්ධයෙන් දැඩි කරුණු හෙළිදරව් කිරීමක් සිදු කරන ලදී.

නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) හේතුවෙන් රටට හිමි GSP+ යුරෝපා බදු සහනය දැඩි අවදානමකට ලක්ව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පෙන්වා දෙයි.

බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්‍රේමරතන නාහිමි

බෞද්ධයන්ට සහ භික්ෂූන් වහන්සේලාට දිනෙන් දින එල්ල වන විවිධ අඩම්තේට්ටම්, නින්දා අපහාස සහ ජාතික උරුමයන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සාසන විමර්ශන මහ සභාව විසින් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන්හි ත්‍රෛනිකායික ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාගේ එකතුවෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ඔර්නබ් ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී 'ඉතා ප්‍රබල සුළි කුණාටුවක්' බවට පත්වී ඇත.

රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..

අනුරාධපුර පූජාභූමී සංවර්ධන සැලැස්ම සහ පුරාවිද්‍යා නිර්ණායක සම්බන්ධයෙන් මතුව ඇති කතාබහට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

2026 බ්‍රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්‍රතිඵල සහ ඓතිහාසික ජයග්‍රහණය

2026 ඔක්තෝබර් 25 වැනිදා අවසන් වූ බව සඳහන් බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන්, වත්මන් වාමාංශික ජනාධිපති ලූලා ද සිල්වා, දක්ෂිණාංශික අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජය කරමින් ජයග්‍රහණය කරණු ලැබීය. ෆ්ලාවියෝ යනු හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත්‍රයාය.

ඉතිහාසය අනාගත ජයග්‍රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..

1934 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 1936 වසරේ ඔක්තෝබර් මාසය දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ රතු හමුදාව විසින් චීනයේ පළාත් 10කට වැඩි ප්‍රදේශ හරහා කිලෝමීටර් 12,500ක පමණ දිගු පා ගමනක් සිදු කරමින් සතුරු හමුදා වැටලීම් බිඳ දමා අවසාන ජයග්‍රහණය ලබා ගන්නා ලදී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.