News Category
From Date
To Date
Maximum Number of Result

"යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්"

Oct 29, 2026 at 05:37 AM
|

මේ දිනවල වැඩි වශයෙන් කථාවෙන වස් කවිය ගැන බොහෝ දෙනා අපෙන් ඇසූ නිසා වස් කවියේ කථාව ගැන කියන්නට සිතුවෙමි. පලමුවෙන්ම කිව යුත්තේ මේ කවි පන්තිය ලියා ඇත්තේ අති දක්ෂයෙක් බව ය. කෙටියෙන් කිවහොත් නියම වැඩ්ඩෙක් අතින් ලියවුණු කවි පන්තියකි.

මුළින්ම එම කවි සතරින් කථා කරන බලවත් දෙවිවරුන් සතර දෙනා කවුදැයි බලමු. ඒ

“වජිරපාණි”

“උත්පලවන්න”

“පජ්ජුන්න”

“වෙසමුණි” යන මේ දෙවිවරුන් සතර දෙනායි.

වෙස්සවන දෙවියන් හැර අනෙක් දෙවිවරු තුන් දෙනා සතර වරම් දෙවිවරු නොවේ.  එහෙත් මේ දෙවිවරුන් ත්‍රිපිටකය තුළත් බෞද්ධ සම්ප්‍රධායන් තුළත් සඳහන් වන ප්‍රභලතම දෙවිවරුන් සතර දෙනෙකි.

වජිරපාණි යක්ෂයා

වජිරපාණී යක්ෂයා ලෙස පෙනී සිටින්නේ දෙදෙවු ලොවට අධිපති ශ්‍රක්‍ර දිව්‍යරාජයාම වේ. වජිරපාණී ගැන සඳහන් වන ප්‍රධාන සූත්‍ර දෙකක් තිබේ. එයින් අම්බට්ඨ මානවකයා සහ ඔහුගේ බ්‍රාහ්මණ ශිෂ්‍යයන් බුදු රජාණන් වහන්සේ සමඟ වාද කරන්නට පැමිණ කළ සාකච්ඡාවක් ගැන දීඝනිකායේ අම්බට්ඨ සූත්‍රයේ සඳහන් වේ. 

එහිදී බුදුරාජාණන් වහන්සේ අම්බට්ඨගෙන් කණ්හායන වංශයේ ආරම්භය සහ ආදි පුරුෂයා ගැන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු නොදී අම්බට්ඨ නිහඬව සිටියි. දෙවරක් ඇසුවත් පිළිතුරු නොදෙන නිසා ගිනිගෙන දිළිසෙන විශාල ආයුධයක් (වජ්‍රයක්) අතින් ගෙන ශ්‍රක්‍ර දිව්‍යරාජයා භායානක යක්ෂ රූපයක් මවාගෙන අම්බට්ඨ පිළිතුරු නොදුන්නොත් හිස හත් කඩකට පළන්නට අම්බට්ඨගේ හිසට ඉහළින් අහසේ පෙනී සිටියි. ඒ මොහොතේ වජිරපාණී යක්ෂයා පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේට සහ අම්බට්ඨට පමණී. වජිරපාණී යක්ෂයාව දුටු අම්බට්ඨ බිය වූ ආකාරය එහි විස්තර වේ.

වජිරපාණී යක්ෂයා ගැන මීළඟට සඳහන් වන්නේ  මජ්ඣිම නිකායේ චූල සච්චක සූත්‍රයෙහිය. එහි සඳහන් වන්නේ නිඝන්ඨ නාථ පුත්ත ශ්‍රාවක සච්චක බුදුරජාණන් වහන්සේ සමඟ රූපය, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ආත්මය බව කියමින් වාදයකට පැමිණි මොහොතේ බුදු රජාණන් වහන්සේ ඔහුගේ මතය ඛණ්ඩනය කර වාදයෙන් පැරදවූ අවශ්ථාවයි.

ඒ මොහොතේද සච්චක ඇසූ ප්‍රශ්නයට තුන්වන වරටත් පිළිතුරු නොදී සිටින විට වජිරපාණී යක්ෂයා ගිනිගෙන දිළිසෙන වජ්‍රයක් ඇතැතිව සච්චකගේ හිස පළන්නට ඔහුගේ හිසට ඉහළින් අහසෙහි පෙනී සිටි ආකාරය සඳහන් වේ. 

අතෙහි වජ්‍රයක් දරණ වජිරපාණී යනු ශ්‍රක්‍ර දිව්‍ය රාජයාගේ යක්ෂ වේශය යි. බුදු රජාණන් වහන්සේට විරුද්ධ වන්නන්ට ඔහු දඩුවම් දෙයි. මහායාන සාහිත්‍යයේ මංජු ශ්‍රී, අවලෝකිතේශ්වර වැනි බෝධි සත්වයන් අතර වජ්‍රයක් අතින් ගෙන ආරක්ෂකයෙකු සහ මඟ පෙන්වන්නෙක් ලෙස වජිරපාණී (වජ්‍රපාණී) ගැන සඳහන් වේ.

උත්පලවණ්ණ දෙවියන්

බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිටන්නේ ලංකාවේ ය. භාග්‍යවතුන් වහන්සේ ලංකාවට බුද්ධත්වයෙන් නව වැනි මස, පස් වැනි වසර සහ අටවැනි වසර ලංකාවට තුන් වරක් වැඩම කළත් සුමන සමන් දෙවියන් සෝවාන් වූවත්, කේස ධාතු, දහඩිය ධාතු ආදී පූජණීය වස්තු ලැබුණත්, මහියංගනය ආදී  සොළොස්මස්ථාන පූජණීය පින්බිම් බිහි වුවත්, ශාසනය පිහිටන්නට අවශ්‍ය නවංග සත්ථු ශාසනය සහ විනය නීති පනවා තිබුණේ නැත. ඒවා දේශනා කර සහ පනවා අවසන් වූයේ පිරිනිවන් පෑමට ආසන්න කාළයේදී ය. වර්තමාන පැවිදි උපසම්පදාව පවත්වාගෙන එන ඤත්ති චතුත්ථ කම්ම විනය කර්මය පවා ආරම්භවූයේ ලංකාගමනයන්ගෙන් පසුව ය. 

ඒ සියලම සිදුවීමට කල් යන නිසා අනාගත බුද්ධ ශාසනය ලංකාවෙහි පිහිටන බවත් ඒ සඳහා ලංකාව සූදානම් වන්නට යන වසර ගණනාවත් දුටු බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී  ශ්‍රක්‍ර දිව්‍යරාජයාට එදිනම ලංකාවට ගොඩ බැස්ස විජය කුමරුගේ පිරිස සහ ලංකාව ආරක්ෂා කරන්නට පැවරී ය. ශ්‍රක්‍ර දිව්‍ය රාජයා එම වගකීම පැවරුවේ උපුල් මලේ පැහැයට සමාන පැහැ‍යක් ඇති උපුල්වන් දෙවියන්ටයි. 

උපුල්වන් දෙවියන් ලංකාවට පැමිණ විජය ඇතුළු පිරිසට පැන් ඉස ආරක්ෂක නූලක් අතෙහි බැඳ එතැන් සිට ආරක්ෂාව ලබා දෙන්නට විය. ලංකාව සහ ලාංකීය සිංහල ජාතිය රැකීමේ වගකීම භාර දී තිබෙන්නේ උපුල්වන් දෙවියන්ට ය. උපුල්වණ් දෙවියන් කියන්නේ විශ්ණු දෙවියන්ටම ය.

පජ්ජුන්න දෙවියන්

වර්ෂාව සහ වැහි වළාකුළු සම්බන්ධව ත්‍රිපිටකයේ සදහන් වන දෙවි කෙනෙකු වන්නේ පජ්ජුන්න දෙවියන් ය. දෙවිවරුන් රැස්වන තොරතුරු සඳහන් මහා සමය සූත්‍රයේ දී මේඝ ගර්ජනා කරන, අකුණු ගසන, වර්ෂාව ලබා දෙන දෙවියන් පජ්ජුන්න දෙවියන් ලෙස සඳහන් වේ. සං‍යුත්ත නිකායේ දී පජ්ජුන්න දෙවියන්ගේ කෝකනද, චූල කෝකනදා  යන දියණියන් දෙපළ වන දෙවඟනන් බුදු රජාණන් වහන්සේව වන්දනා කර ගත් ආකාරය සහ ධර්ම ගාථා සඳහන් වේ. චාතුර්මහාරාජිකයට අයත් පජ්ජුන්න දෙවියන් ගැන සඳහන් වන සියලුම තැන් වලදී ඔහු අකුණු, වැස්ස මේඝ ගර්ජනා ලබා දෙන දෙවියන් බව සඳහන් වේ. 

වෙසවුණු (වෙස්සවන)

වෙසවුණු මහ රජු ලෙස ත්‍රිපිටකයේ සඳහන් වන උතුරු දිසාවට අධිපති මෙන්ම යක්ෂයන්ට අධිපති දෙවියන් වන්නේ "වෙසවුණු", "වෙස්සවන", "වෛශ්‍රවණ" යන නමින් හදුන්වන වෛශ්‍රවන දෙවියන් වේ. සතරවරම් දෙවිවරුන්ගේ යක්ෂයින්ට අධිපති මහ බලවත් දෙවි කෙනෙක් වන "වෙසමුණු" දෙවියන්ට "කුවේර" යන නමත් කියනු ලැබේ. 

නැගෙන හිර දිසාවට අධිපති ධතරට්ඨ, දකුණු දිසාවට අධිපති විරූළ්හක, බටහිර දිසාවට අධිපති විරූපක්ඛ, යන දෙවිවරුන් අතරේ උතුරු දිසාවට අධිපති වන්නේ වෙසවුණු දෙවියන් වේ. ආටානාටිය පිරිතේ සඳහන් වන්නේ මේ වරම් දෙව්වරුන් සතර දෙනා වේ.  යක්ෂයන් ඇතුළු සියලුම අමනුෂ්‍යයන්ගෙන් බුදු සසුන සහ ශ්‍රාවකයන් ආරක්ෂා කර ගැනීමට උපකාර කරන්නේ වෙසවුණු දෙවියන් ය.

ඉහත සඳහන් කළ මේ සම්බුදු ශාසනය සහ ගිහි පැවිදි සියළුම දෙනා ආරක්ෂා කර ගැනීමේ භාරදූර වගකීම පැවරී ඇති ප්‍රබලතම දෙවිවරුන් සතර දෙනාට ආමන්ත්‍රණය කරමින් වස් කවියක ආකෘතියෙන් අති ප්‍රබල වස් කවියක් ලෙස දේව කන්නලවුවක් “යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්” යන කාව්‍ය පන්තියේ ඇතුළත් වේ. 

එම කවි පන්තියේ ඇතුළත් අන්තර්ගත අදහස කිව යුතු නම් කියන්නටම ඕන මහ බලවත් දෙවිවරුන් සතර දෙනාටම කියා තිබේ. මෙවැනි දෙයක් කියන්නට නම් බෞද්ධයින්ට සිටින බලවත් දෙවිවරුන් සතර දෙනා මේ දෙවිවරුන් වේ. එයින් අදහස් කළේ අනෙක් දෙවිවරුන් බලවත් නැති බවක් නොවේ. 

වජිරපාණී ශ්‍රක්‍ර දිව්‍ය රාජයාගේ ඉතාමත්ම බලසම්පන්න යක්ෂ වේශය වේ. උත්පලවණ්ණ දෙවියන් යනු ලංකාව ආරක්ෂා කරන්නට බුදුරජාණන් වහන්සේගේ අණින් දෙවියන්ට අධිපති ශ්‍රක්‍ර දිව්‍යරාජයා විසින් ලංකාව භාර දුන් දෙවියන් වේ. පජ්ජුන්න යනු බුදු සසුනට සහ ශ්‍රාවකයින්ට කරදන කර න අයට වැහි ඇති හෝ වැහි නැති අකුණු සැර වද්දන (හෙන ගස්සවන) දෙවියන් වේ. වෙසවුණු යනු යක්ෂයන් ඇතුළු සියළුම අමනුෂ්‍යයන්ගෙන් බුදු සසුන සහ ගිහි පැවිදි ශ්‍රාවකයින් රැක ගැනීම භාර වී ඇති දෙවියන් වේ.

මෙම කවි පහේ සඳහන් වන ප්‍රධාන දෙවිවරුන් සතර දෙනා සහ එහි අන්තර්ගතය සහ අරමුණ දැන් පැහැදිලිය. දැන් විමසා බැලිය යුත්තේ “යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්” යන කවි අයත් වන්නේ දේව කන්නලවු ගණයටද, වස් කවි ගණයටද යන්නයි. 

දේව කන්නලවු

දේව කන්නලවු කියන්නේ යම් අවශ්‍යතාවයක්, දුකක්, අසාධාරණයක් හෝ පැමිණිල්ලක් දෙවි කෙනෙකුට ඉදිරිපත් කර පිහිටක් හෝ මැදිහත්වීමක් ඉල්ලා සිටීමයි. එහිදී දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටීම, විපතකින් හෝ අයුත්තියකින් තමන්ව බේරා ගන්නට උපකාර ඉල්ලා සිටීම. ඇතැම් විට තමන්ට කරදර කරන අයට දඩුවම් ඉල්ලා සිටීම ආදිය දේව කන්නලවු වලදී කරනු ලැබේ. 

දේව කන්නලවු වලදී දෙවි කෙනෙකු ඇමතීම සාමාන්‍යයෙන් තිබේ. ආරක්ෂාව ඉල්ලීමද, වරද කළ අයට දඩුවම් ඉල්ලීමද තිබිය හැකි ය. 

වස් කවිය

වස් කවියක් කියන්නේ සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකුට, පිරිසකට හෝ ස්ථානයකට විපතක් අවාසනාවක් හෝ අයහපතක් සිදුවේවා යන අදහසින් රචනා කරන කවි වේ. වස් කවිවල ප්‍රධාන ලක්ෂනය වන්නේ අයහපතක්ම සිදුවේවා! කියා ශාප කිරීමයි. 

වස් කවි වලදී යම් පුද්ගලයෙකුට හෝ පිරිසකට විපතක් වේවා! ඒ අයට දඩුවම් ලැබේවා! විනාශ වේවා! ආදී ලෙස ඒ විනාශය ඒ අයට කර දෙන්නට මැදිහත් වේවා කියා දෙවිවරුන්ගෙන් හෝ බලවත් අයගෙන් ඉල්ලා සිටිය හැකි ය. වස් කවියක් සාදන විට එයට අදාළ ශාස්ත්‍රයක් තිබේ. 

වීදාගම මහා මෛත්‍රීය හිමි, තොටගමුවේ රාහුල හිමි, බත්තරමුල්ලේ ශ්‍රී සුභූතී හිමි, මල්වැන්නේ ශ්‍රී කවිද්වජ, කුංකුණාවේ හිමි, බරණ ගණිතඥ්ඥයා වැනි ප්‍රබල පිරිස් වස් කවි සෙත් කවි දෙකෙන්ම වැඩ පෙන් වූ දැවැන්තයෝ විය. 

වස් කවි සෑදීම සැමටම කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා හෝරා ශ්‍රාස්ත්‍රය, ඉන්ද්‍ර ගුරුළු, යමකාල, දඬු මරණ, පංච පක්ෂී, ජ්‍යෝතිෂ්‍ය, පංචභූත, ස්වර ශාස්ත්‍රය, පූජා විදි, සර්වතෝ භද්‍ර චක්‍රය වැනි විෂය පථයන් සමහර සම්ප්‍රදායන්හීදී වැදගත් ලෙස සලකනු ලැබේ. 

ලඝු ගුරු අකුරු

ඇදී නොකියවෙන අකුරු ලඝු අකුරු වේ. අ, ඉ, උ, එ යන අකුරු ලඝු අකුරු වේ. ඇදී කියවෙන අකුරු ගුරු අකුරු වේ. ආ, ඊ, ඌ, ඒ 

මීට අමතරව ලඝු අකුරකට හල් අකුරු හා බින්දුව එක් වූ විට ඒ අකුරු ගුරු අක්ෂර ලෙස සැලකේ. උදාහරණ ලෙස ලඝු අකුරු ඇති විට ගස, ගල, මල, පින  වේ. අයට හල් අකුරු හෝ බින්දුව එක් වූ විට  උදාහරණ ලෙස ගස්, ගල්, මල්, පින් වේ.

මේ අකුරු හදුනා ගන්නට සංඛේත තිබේ. ඒවා නම්:- ගුරු අකුර  –,  ලඝු අකුර ⏑,

සෘජු රේඛාවක් ඇඳීමෙන් ලඝු අකුරු හදුනා ගැනේ. උදාහරණ:- මනස - - - , සමිඳු - - - , මගම - - - කිරණ - - - 

වක්‍ර රේඛාවක් ඇඳීමෙන් ගුරු අකුරු හදුනා ගැනේ. උදාහරණ :- මනමාලී - - ⏑ -, සම්බුඳු ⏑ - - , ලංගම ⏑ - -  

යෝනි චක්‍රය, සිද්ධි සීහුම් චක්‍ර වැනි අකුරුවල සතුරු මිතුරු  වැනි තවත්බොහෝ පැති බැලිය යුතු ය. 

වස් කවි මෙන්ම සෙත් කවිද රචනා කරන විට ප්‍රයෝජනයට ගන්නා ගණ අටක් තිබේ. ම, න, බ, ය, ජ, ර, ස, ත, ලෙස ඒ ගණ අට හදුන්වනු ලැබේ. ඒවා හදුන්වන වෙනම නම් තිබේ.

“ම” මහී ගණය 

“න” දේව ගණය 

“බ” චන්ද්‍ර ගණය 

“ය” ජල ගණය

“ජ” සූර්‍ය ගණය 

“ර” අග්නි ගණය  

“ස” වායූ ගණය 

“ත” ආකාශ ගණය 

මේ ගණවලට අධිපති ග්‍රහයන්ද සිටී. මේ ගණ වලට අයත් නැකැත්, පක්ෂී, හා භූත, පලවිපාක, සතුරු මිතුරු ආදී බොහෝ කරුණු තිබේ. 

ගණ අටේ සතුරු මිතුරු කම් තිබේ.

මිත්‍ර ගණ - මහී (ම) දේව (න)

දාස ගණ - චන්ද්‍ර (බ) ජල (ය)

උදාසීන ගණ - සූර්ය (ජ) ආකාශ (ත)

සතුරු ගණ - අග්නි (ර) වායු (ස)

මේ අකාරයට වස් කවියකට අදාළව තිබිය යුතු විරුද්ධකාරයාගේ හෝ අදාළ පාර්ශවයන්ගේ ජන්ම වේලාවේ සිට බැලිය යුතු කරුණු බොහෝමයකි. ඒ සියල්ලම නැතත් බොහෝ කරුණු බලවත්ව යෙදූ විට ප්‍රතිඵල ලැබේ. එහිදී ලියන කෙනාටත් ප්‍රතිඵලය ලැබෙන කෙනාටත් යන දෙපාර්ශවයටම බලපාන කරුණු සියල්ලම සළකා බැලිය යුතු ය.

“යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....” යන කවි පන්තිය දෙස බල විට වස් කවියක ආකෘතියෙන් ලියා ඇති දේව කන්නලවුවක ස්වභාවයෙන් ලියා ඇති බව පෙනේ. කවුරු වුණත් ලියා ඇත්තේ අති දක්ෂයෙක් බව පෙනේ. හොඳ වැඩකාරයෙකි. මෙය භාවිතා කරන්නේ පොදු මහ ජනතාව බැවින් ඔවුනට කිසිඳු හානියක් නොවන්නටත්, සැර අඩු වැඩි කරමින් බොහෝ සෙයින් බලාපොරොත්තුවන අරමුණ ඉෂ්ඨ කර ගන්නටත් හැකි වන අයුරින් ඉතා කල්පනාකාරීව පරිස්සමෙන් කර ඇති බව පෙනේ. 

කවි පහම වෙන වෙන වෙනම ගෙන විස්තර කරන්නට යෑමෙන් ලිපිය ඉතා දිගු වේ. එම නිසා කෙටියෙන් කිව හැක්කේ “ලංකාව කියන්නේ මාර දක්ෂයන් සිටින තැනක්.” කියා පමණී.

(කිසිවෙකුට හිංසා පීඩා කිරීම බුදු දහම අනුමත නොකරයි. මේ ලිපිය ඇසූ ප්‍රශ්නවලට කාව්‍ය පන්තිය ගැන ශ්‍රාස්ත්‍රීය පැහැදිලි කිරීමක් පමණී. සියළුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා!තරහා නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! නිවන් දකිත්වා! ඒ අපේ පැතුමයි.)

(තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ)


සම්බන්ධිත පුවත් | Related News

පුද්ගල නිදහස යනු නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලික ව්‍යවස්ථාපිත හරයන් ගෙන් එකකි. අපරාධ වරදක් සිදු කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු, නීතියට අනුව වරදකරු බව ඔප්පු වන තුරු, නිර්දෝෂී අයෙකු ලෙස සැලකීමට (නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනය) හිමිකම් කියයි.
ලෝකප්‍රසිද්ධ කල්වාරිය ඇත්තේ හිනිදුම බවත්, එය සෑදූ වඩු කාර්මිකයා තමාගේ පියා බවත්, ගමට අවශ්‍ය වටිනා මිනිසුන් නිර්මාණය කළේ පල්ලිය විසින් බවත් ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසන කතාවක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
බ්‍රසීලයේ පැවති අතිශය තියුණු සහ තීරණාත්මක ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ලබාගත් ජයග්‍රහණය අධිරාජ්‍ය විරෝධී සහ වාමාංශික කඳවුරට ලැබුණු ජයග්‍රහණයක් හා සැනසිලිදායක ආරංචියක් වන බව කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී, විධායකයේ බලපෑම්වලට යටත් නොවී අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මුහුණ දුන් අභියෝග සහ ඓතිහාසික සිදුවීම් පිළිබඳව Kaarige Channel Eka නාලිකාව හරහා ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.
කිංග්ස්බරි හෝටලය පිහිටි ඉඩම අක්කර 5.5 යි. කාර් පාර්ක් එක අක්කරයයි. හෝටලය අක්කර හතර හමාරයි.
ගාඩි ජනතාව පිළිබඳ සමාජ මාධ්‍යයේ පළවූ ලිපියක් ඇසුරෙන් තඹුත්තේගම ප්‍රදේශයේ අතීතයේ ජීවත් වූ බව කියන “කුරු රොඩී” ජනතාවl ගේ ජානමය ඉතිහාසය පිළිබඳව නිලන්ත සත්සර ගමගේ ලියූ ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.
2026 ඔක්තෝබර් 25 වැනිදා අවසන් වූ බව සඳහන් බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන්, වත්මන් වාමාංශික ජනාධිපති ලූලා ද සිල්වා, දක්ෂිණාංශික අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජය කරමින් ජයග්‍රහණය කරණු ලැබීය. ෆ්ලාවියෝ යනු හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත්‍රයාය.
සමස්ත මැද පෙරදිග ම අනතුරකට ලක්වෙන ප්‍රහාරකයකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කරලා ද? මේ සම්බන්ධයෙන් ලැරී ජොන්සන් (Larry Johnson) ඉදිරිපත් කරපු ආන්දෝලානාත්මක අදහස් කීපයක සිංහල පරිවර්තනය මේත් එක්ක පළ කරනවා.

ප්‍රධාන පුවත්

මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇතිවිය හැකියි.. - සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය..

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම් වදහිංසා පැමිණවීම් සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට මග පැදීමේ අවදානමක් පවතින බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.

ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්‍ය කතා පුවත..

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී, විධායකයේ බලපෑම්වලට යටත් නොවී අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මුහුණ දුන් අභියෝග සහ ඓතිහාසික සිදුවීම් පිළිබඳව Kaarige Channel Eka නාලිකාව හරහා ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.

“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්‍රතිචාර දක්වයි

කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක අවසන් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති කෙටුම්පත් යෝජනාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති විවාදය අතරතුර, කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොද්‍රිගස් පරිල්ලා මහතා ඔක්තෝබර් 27 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් මහතාට ප්‍රතිචාර දැක්වීය.

බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්‍යාය පත්‍රයක්..

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් පැවිදි සහ ගිහි සංවිධාන එකතුව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

​දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්‍රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්‍යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය

එල්ටීටීඊ සංවිධානයේ විකාශනය වන බෙදුම්වාදී න්‍යාය පත්‍රයට මුහුණ දීමට සහ ශ්‍රී ලංකාවේ යහපත ආරක්ෂා කිරීම සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය බව ශ්‍රී ලංකාව සඳහා වූ සාමය, එක්සත්කම සහ මානව හිමිකම් පිළිබඳ සංවිධානයේ (SPUR) සභාපති ආචාර්ය දසරත් ජයසූරිය මහතා පවසයි.

නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්‍රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..

ඊශ්‍රායලයේ පසුගිය වසර ගණනාව තුළ පැවැත්වුණු වඩාත්ම තීරණාත්මක සහ වැදගත් මැතිවරණයක ඡන්ද විමසීම අවසන් වී ඇති අතර, මේ වන විට අලුයම් කාලයේ සිටම නිල ඡන්ද ගණන් කිරීමේ සහ ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ තීරණාත්මක කර්තව්‍යය ආරම්භ වී තිබේ.

යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්‍යවේදී මෝහන් සමරනායක

යුරෝපයේ වීදිවලින් මේ වන විට නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරය බව ජේෂ්ඨ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක මෝහන් සමරනායක මහතා පවසයි.

කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්‍යග්‍රහය නතර කිරීමට හේතුවත් ආරණ්‍යවාසී හිමිවරුන් මාධ්‍යයට හෙළිකරති..

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නතර කරන ලද්දේ මහානායක හිමිවරු විසින් එවා තිබූ ලිපියට ගරුකරමින් බවත්, මහනායක හිමිවරුන් ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරනු ඇති බවට විශ්වාස කරන බවත් මෙම සත්‍යග්‍රහයට සහ නිදහසේ පා ගමනය සම්බන්ධවූ ආරණ්‍යවාසී භික්ෂූන් වහස්සේලා විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කරුණු සඳහන් කර තිබේ.

ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීම සඳහා මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කර නැති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්‍යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්

කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2027 නව විසර්ජන පනත් කෙටුම්පත සහ රජයේ අපේක්ෂිත වියදම් සම්බන්ධයෙන් දැඩි කරුණු හෙළිදරව් කිරීමක් සිදු කරන ලදී.

නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) හේතුවෙන් රටට හිමි GSP+ යුරෝපා බදු සහනය දැඩි අවදානමකට ලක්ව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පෙන්වා දෙයි.

බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්‍රේමරතන නාහිමි

බෞද්ධයන්ට සහ භික්ෂූන් වහන්සේලාට දිනෙන් දින එල්ල වන විවිධ අඩම්තේට්ටම්, නින්දා අපහාස සහ ජාතික උරුමයන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සාසන විමර්ශන මහ සභාව විසින් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන්හි ත්‍රෛනිකායික ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාගේ එකතුවෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ඔර්නබ් ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී 'ඉතා ප්‍රබල සුළි කුණාටුවක්' බවට පත්වී ඇත.

රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..

අනුරාධපුර පූජාභූමී සංවර්ධන සැලැස්ම සහ පුරාවිද්‍යා නිර්ණායක සම්බන්ධයෙන් මතුව ඇති කතාබහට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

2026 බ්‍රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්‍රතිඵල සහ ඓතිහාසික ජයග්‍රහණය

2026 ඔක්තෝබර් 25 වැනිදා අවසන් වූ බව සඳහන් බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන්, වත්මන් වාමාංශික ජනාධිපති ලූලා ද සිල්වා, දක්ෂිණාංශික අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජය කරමින් ජයග්‍රහණය කරණු ලැබීය. ෆ්ලාවියෝ යනු හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත්‍රයාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.