News Category
From Date
To Date
Maximum Number of Result

උත්තරීතර පරිශ්‍රයෙහි දී හෙළිවන පාස්කු විගඩමේ තිත්ත සත්‍යය..

Aug 25, 2026 at 04:54 AM
|

ජෙනරල් සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අදාළව ගොනු වූ අතරමැදි පෙත්සම්කාර පාර්ශවයන් ලෙස ඉකුත් අගෝස්තු 4 සහ 6 යන දිනවල අභියාචනාධිකරණයේ ඉදිරිපත් කල අතිශය දීර්ග කරුණු දැක්වීම් වලින් අනතුරුව හෙට, එනම් අගෝස්තු 25 වන දින නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමට නියමිත අතර, එය මේ සමස්ත නඩුකරයේම අතිශය තීරණාත්මක සංධිස්ථානයක් වීමට හැකියාව තිබෙනු ඇත.

මෙහිදී, කාදිනල්තුමාගේ අරමුණ අනෙකක් වුවත්, අනෙකුත් අතරමැදි පෙත්සම්කාර පාර්ශවයන් ලෙසින් අපගේ මැදිහත්වීමේ එකම අරමුණ කිසිසේත්ම පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩාල කිරීමක් සඳහා නොව, එවන් අපරාධයක් කල සැබෑ අපරාධකරුවන්, ඊට අරමුදල් සැපයූවන් සහ කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා සාක්ෂි මත පදනම් වූ නීත්‍යානුකූල ක්‍රියාවලියක් ක්‍රියාත්මක විය යුතුය යන්න ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මණ්ඩලයකින් (SC FR 163/2019) හෝ විජිත් මලල්ගොඩ කමිටුව, ජනක් ද සිල්වා කොමිසම, ජයකි ද අල්විස් කමිටුව මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව මෙන්ම සාක්ෂිකරුවන් 457 දෙනෙකුගේ සාක්ෂි පිටු 30,000කින් (ඇමුණුම් සමගින් පිටු 80,000ක් පමණ) සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා කිසිදු එකකින් හෝ ජෙනරල් සලේට එරෙහිව කිසිදු සාක්ෂි සටහනක් නොමැති බව ගරු අධිකරණයේදී ප්‍රකාශ කෙරිණි. 

විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා 23,000ක් යටතේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂි විභාගයේදී පවා ඔහු ගැන කිසිදු චෝදනාවක් එල්ල වී නොතිබුණු බවත්, එසේ තිබියදී, හුදෙක් දේශපාලන උවමනාවන් සහ තහවුරු නොකළ චෝදනා මත පදනම්ව ඔහුව රඳවා තැබීම නීතියේ ආධිපත්‍යයට කෙරෙන බරපතළ තර්ජනයක් බවත් අවධාරණය කෙරිණි.

එදින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනයන් කළ දීර්ඝ කරුණු දැක්වීම මෙන්ම මනෝහර ද සිල්වා, ක්‍රිෂ්මාල් වර්ණසුරිය වැනි ජ්‍යෂ්ඨ නීතිඥවරුන් බොහෝ පිරිසක් කල අතිශය සංවේදී කරුණු දැක්වීම් හදවතට දැඩිව බරව තදින් දැනිණි. 

අප ගැනම මහත් පිළිකුල් සහගත ලැජ්ජා හැඟීමක් ඇතිවිණි..ඒක මහ පවක්..! 

“නුඹලා නුඹලාගේ දේශපාලනය කරපියව්, මගේ රට බේරා දුන් මේ විරෝදාර රණවිරුවන්ටත්, ඔවුන්ගේ පවුල්වලටත් මෙහෙම කරන්න එපා යයි, කෑ මොර දෙන්නට අනේක වාරයක් සිතිණි..."       

2016 දී පවා, යුධහමුදා බුද්ධි බලකායේ අධ්‍යක්ෂ ලෙස ජෙනරාල් සලේ, ISIS සහ ඉස්ලාමීය අන්තවාදය ලංකාවට එල්ල කරන තර්ජනය ගැන ආරක්ෂක මණ්ඩලය දැනුවත් කර, පත්‍රිකාවක් සකස් කර කාර්ය සාධක බලකායක් පවා යෝජනා කර තිබුණ බව එහිදී ප්‍රකාශ විය. 

නමුත් එවකට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ ප්‍රධානියෙකුගේ බලපෑම මත එම විමර්ශන අඩාළ කර, ඔහුව දේශපාලනිකව මැලේසියාවට යවන ලද බව ද සඳහන් විය.

එවන් වූ අන්තවාදයට එරෙහිව සටන් කළ ශ්‍රේෂ්ඨ නිලධාරියෙකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කරන්නේ කෙසේද? 

එදා, 2021 මැයි මාසයේදී තමා ධුරයෙන් විශ්‍රාම යාමට ප්‍රථම, පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස "මහා කුමන්ත්‍රණයක්" (Grand Conspiracy) තිබෙන බව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පැවසුවේ ඇයි? සිරිල් ගාමිණි, කාදිනල්තුමා ඇතුළු පිරිස ‘මහමොලකරුවෙක්’ යයි ඔවුන් විසින් ඉලක්ක කරගත් අයෙකු පිටුපස හිටිවනම පන්නන්න පටගන් ගත්තේ ඇයි? මේවා ගැඹුරින් විමර්ශනය කලයුතු කාරණා නොවේද?   

ජෙනරල් සලේගේ මෑණියන් දැඩි කිතුනු භක්තික කාන්තාවකි. ඇය සිය දරුවන් තිදෙනෙකුම හමුදාවට පූජා කළ වීර මාතාවකි. තම පුතු සෑම අඟහරුවාදා දිනකම ඇය සමඟ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලියට යන බව කියයි.

එවැනි භක්තිමත් මිනිසෙකු කිතුනු දේවස්ථානවලට පහර දෙන්නට කුමන්ත්‍රණය කළා යැයි කීම කෙතරම් නම් නින්දිත චෝදනාවක් ද?

අද ජෙනරල් සලේට එරෙහිව එල්ල වන ප්‍රධාන චෝදනාව පදනම් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඊනියා Channel 4 නම් අශිෂ්ඨ නාලිකාව විකාශය කළ වාර්තා චිත්‍රපටයක් මතය.

Channel 4 යනු විශ්වාසනීයත්වය විනාශ කරගත් මාධ්‍යකරණයේ කළුපැල්ලම් තවරා ගත්, රණවිරුවන්ට මෙන්ම අප රටට ද එරෙහිව යුධ ජයග්‍රණය කලදා සිට අභූත චෝදනා නගපු කොටි ඩොලර් මත යැපෙන ආයතනයකි. මේ වනවිට එම වැඩසටහන ඔවුන්ගේ නිල අන්තර්ජාල ගිණුම්වලින් පවා ඉවත් කර තිබේ.

විදේශයක සරණාගතභාවය පතන දේශද්‍රෝහියකු වන, ශ්‍රී ලංකාවේ අධිකරණයට පවා අපහාස කරන අසාද් මවුලානා නැමැති වරෙන්තුකරුවෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රංශයේ තානාපති කාර්යාලය තුළදී ප්‍රකාශ සටහන් කරගත්තේ නීතියේ කවර ප්‍රතිපාදනයක් යටතේද, යන්න ජ්‍යෂ්ඨ නීතිඥතුමන්ලා එහිදී ප්‍රශ්ණ කෙරිණි.

2018 දී ජෙනරල් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම වනාතවිල්ලුවේ දී හමුවූ බවට මවුලානා කියන කතාව අමූලික බොරුවක් බවත්, ඒ වන විට ඔහු මෙරට නොසිටි බවත් ප්‍රකාශ කෙරිණි. 

කිසිදු තාක්ෂණික හෝ CCTV/දුරකථන දත්ත සාක්ෂියක් නොමැතිව, රටින් පැන ගිය තනි පුද්ගලයෙකුගේ අසත්‍ය ප්‍රකාශයක් මත ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවූ නිලධාරියෙකු මෙලෙසින් රඳවාගෙන සිටීම සාපරාධී ව්‍යාපෘතියක් නොවන්නේ කෙසේද? 

එය, එදා අපට එරෙහිව 30/1 යෝජනාවලිය ගෙනෙන්නට පාදක කරගත්, 2011 දී බොරුවෙන්ම එළිදක්වපු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අභූත විශේෂඥ කමිටු වාර්තාව නැත්නම් දරුස්මන් වාර්තාව සඳහා සාක්ෂි සහ තොරතුරු ලබා දුන් පුද්ගලයන්ගේ අනන්‍යතාවය වසර 20ක් යනතුරු රහසිගතව තැබිය යුතු බවට වූ මුග්ධ කොන්දේසිය හා සමානය.

එය පනවන්නේ රටක් වශයෙන් අපවත්, රණවිරුවන්වත් යුධාපරාධකරුවන් කිරීමටම යි. මේ විහිලු සහගත කොන්දේසිය ඉවත්වන්නේ 2031 දියි. 

ඒ වන විට මේ යන විදිහට අපේ රටට ඔවුන්ට අවශ්‍ය වූ දෙය සිදු කර තිබිය හැක.

එදාට ඔය සාක්ෂිවල උඩින්ම කොටි ඩයස්පෝරා අනුග්‍රහ මත යැපෙන channel 4 මෙන්ම මවුලානා වැනි ද්‍රෝහී පුද්ගලයන්ගේ පමණක් නොව ද්‍රෝහී සිංහලවුන්ගේ නම් පවා උජාරුවෙන් කියවෙනු ඇත.

කාදිනල්ගේ අතරමැදි පෙත්සමේ සඳහන් වන්නේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ජෙනරල් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවයි.

නමුත් ජනාධිපති නීතිඥ ජයවර්ධනයන් උතුම් අධිකරණ විනිසුරුතුමන්ලා ඉදිරියෙහි එය මුළුමනින්ම අසත්‍ය තොරතුරක් බවත් පාස්කු ප්‍රහාරය වන විට බුද්ධි ප්‍රධානියා වූයේ නිලන්ත ජයවර්ධන වන අතර, CID අධ්‍යක්ෂ වූයේ ශානි අබේසේකර බවත් ජෙනරල් සලේ සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේවත් නොව, විදෙස්ගතව බවත් ප්‍රකාශ කළහ. 

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වින්දිතයන්ගේ පාර්ශවය වෙනුවෙන් යයි පෙනී සිටිමින්, කෙළින්ම ජෙනරල් සලේට ඇඟිල්ල දිගු කළ කාදිනල්තුමන්ගේ පෙත්සමේ මෙවැනි බරපතළ වැරැද්දක් තිබීම සුළුපටු කාරණයක් නොවේ. එතුමන්ව අමාරුවේ දැමීමට ලිපිගොනු සැකසූ අයෙකු මෙය සූක්ෂමව කළාද? නැතහොත් පදනම් විරහිතව චෝදනා එල්ල කළාද? යන්න විමසිය යුතුය. 

මෙය ජෙනරල් සලේට කරන නින්දාවකටත් වඩා සමස්ත බෞද්ධ සමාජයේම හිත් රිදවීමට හේතු වූවකි. 

නමුත් ස්වභාවධර්මය සෑම විටම සත්‍යය පැත්තේ සිටින බව අප උදක්ම විශ්වාස කරන්නෙමු.

කාදිනල්තුමන්ට ද මේ යථාර්ථය සහ සත්‍යය වැටහේවායි අපි ප්‍රාර්ථනා කරමු.

FBI, ඕස්ට්‍රේලියානු AFP වගේම Scotland yard ආයතනයන් සිදුකල තාක්ෂණික විමර්ශනවලදී ප්‍රහාරය සඳහා ISIS තාක්ෂණය සහ TATP පුපුරන ද්‍රව්‍ය යොදාගත් බවට තහවුරු කර තිබුනත් ජෙනරල් සලේගේ කිසිදු සම්බන්ධතාවක් එහිදී තිබුණු බවක කිසිදු සඳහනක් නොමැත.   

අද අප නිදහසේ හුස්ම ගන්නේ මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් ස්වෛරීභාවය වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කළ රණවිරුවන් නිසයි.

ජාතියක් ලෙස අපි ඔවුන්ට සදා ණයගැතියි. 

අප ජෙනරල් සලේට විශේෂ වරප්‍රසාද ඉල්ලන්නේ නැත. අප ඉල්ලන්නේ සාධාරණ නීතිමය ක්‍රියාවලියක් පමණි. 

දේශපාලන උවමනාවන් මත කෙරෙන රණවිරු දඩයමට එරෙහිව අප කොන්දේසි විරහිතව ‘රාජ්‍යය’ වෙනුවෙන් ජාතිකවාදීව පෙනී සිටින්නෙමු. ඒ සටන මහ පොළවේ සක්‍රීයය.

රට වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවරක් කළ, අන්තවාදයට එරෙහිව මුලින්ම හඬ නැඟූ බුද්ධි නිලධාරියෙකු අද රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙද්දී, එතුමන්ගේ බිරිඳ, පුතණුවන්, සොහොයුරු ඇතුළු පවුලේ අය මුහුණ දෙන මානසික පීඩනය දැකීම අතිශය සංවේගජනකය..

එය මේ ශ්‍රේෂ්ඨ බුද්ධි නිලධාරියා වෙනුවෙන් වෙහෙසෙන පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය අහුන්ගල්ලේ ජිනානන්ද හිමි, විශේෂඥ වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න, යසස් ධර්මදාස, කමල් ලියනගේ, දුලාර ගුණතිලක, රණවිරු ශාන්ත ජයතිලකයන් ට පමණක් නොව සමස්ථ දේශමාමක සියලු සත්පුරුෂයනට ද පොදුය. 

ජෙනරල් සලේ මේ වනවිට සිටින්නේ දැඩි රෝගී තත්වයකයි. එළඹෙන 28 වනදින, තුන්වන වරටත් යම් හෙයකින් විධායකය විසින් රැඳවුම් නියෝග ලබා දුනහොත්, එය මහපොලව නුහුලන අපරාධයක් වනු ඇත...

එය එසේ නොවේවා යි, අපේ පැතුමයි! 

-  ශ්‍යාමේන්ද්‍ර වික්‍රමාරච්චි

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.