News Category
From Date
To Date
Maximum Number of Result

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයක්.. - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට වෛද්‍ය අජිත් අමරසිංහගෙන් පිළිතුරක්

Aug 22, 2026 at 06:08 AM
|

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්‍රහාර වලින්  ඔබ්බට  නොගොස් එකතැන පල්වෙමින් පවතී.

මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ මතය 

——————————————————-

මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට අනුව මහාවංශයේ සඳහන්වන අන්දමට ධර්මාශෝක අධිරාජයාගේ පුතෙකුවූ මහින්ද නම් මහරහතන්වහන්සේ නමක්, උතුරු ඉන්දියාවේ සිට අහසින් මිස්සක පවුවට වැඩ, ඒ වනවිට ලංකාවේ රජකම්කල දේවානම්පියතිස්ස රජු බෞද්ධයෙකු කලපසු, ලංකාව බෞද්ධ රටක් වූයේ යැයි යන්න මිත්‍යාවකි. අද මහින්දාගමනය ලෙස හඳුන්වනු ලබන මේ සිදුවීම මිත්‍යා කතන්දරයෙකි. ඔහුට අනුව මේ කථාව පසුකලක ලංකාවේ බහුතර ජනතාව බෞද්ධයන්වූ පසු මහාවංශය රචනා කල හිමිනම විසින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස, තමන් සිංහල බෞද්ධයන් වීම සාධාරණීකරණය කිරීම පිනිස ගොඩනැගූ මිත්‍යා කතන්දරයකි.

මහින්දාගමනය සිදුවීද නැත්ද පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශකර ඇත්තේ විද්‍යාත්මක ඉතිහාසකරණය මත පදනම්ව සිදුකල මතයක් නොව, ඔහුගේ පුද්ගලික මතය බව මේ සිදුවීම පිළිබඳව අදාල ඉතිහාස සාධක විමසනවිට පැහැදිළිවේ.

කකුල් දෙකකුත්, අත් දෙකකුත්, කඳකුත්, හිසකුත් ඇති මිනිස් ලක්ෂණ ඇති සප්‍රානික ජීවියෙකුට අපි මිනිසෙකු යැයි කියමු. මේ මිනිසාගේ කකුලක් හෝ දෙකක් හෝ අතක් හෝ අත් දෙකක් නැති නිසා ඔහු සප්‍රානික වුවත් ඔහු මිනිසෙකු නොවේයැයි කීම වැරදිය. එසේම ඔහුගේ කඳ හෝ හිස නොමැතිනම් ඔහු සප්‍රානික වීමට නොහැකි නිසා ඔහුට අපට මියගිය මිනිසෙකු යැයි කීමට සිදුවේ. මේ අවස්ථාවේදී ඔහු සප්‍රානික මිනිසෙකු යැයි හෝ ඔහු මිනිසෙකු නොවේ යැයි පැවසීම වැරදිය. කකුල් දෙකකුත්, අත් දෙකකුත්, කඳකුත්, හිසකුත් ඇති නමුත් මිනිස් ලක්ෂණ නොමැති සප්‍රාණික අලියෙකුට  මිනිසෙකු යැයි කීමද වැරදිය

ඉතිහාස ප්‍රවෘත්ති පිලිබඳ විමසීම්වල හා විග්‍රහයන්ගේ අවසානයේදී එලඹිය හැකි නිගමනයන්ගේ ස්වභාවයද එයයි. ඉතිහාසයේ සිදුවීම් සිදුවී අවසානය. ඉතිහාසයේ යම් කරුනක් සම්බන්ධයෙන් සිදුවන්නට ඇත්තේ එක් දෙයකි. මේ ප්‍රස්තුත මාතෘකාවේද සිදුවන්නට ඇත්තේ එක් දෙයකි. එනම් ඉතිහාසයේදී මහින්දාමනය නම් සිදුවීමක් සිදුවන්නට හෝ නොවන්නට ඉඩ  ඇත.

මහාවංශයේ මේ සිදුවීම පිළිබඳව ඇති සියළු කරුණු පසෙකට දැමූවත් මේ  සම්බන්ධයෙන් සියළු ඓතිහාසික සාධක මත ඔප්පු කලහැකි දෙයක් ඇත. එනම් “ඉන්දියාවේ පැවති මගධ අධිරාජ්‍යයේ මෞර්ය වංශයේ තුන්වෙනි රජු දවස, ඒ අධිරාජ්‍යයේ මඟපෙන්වීම මත ලංකාවට පැමිණි බෞද්ධ ධර්මදූත පිරිසක් එකල ලංකාවේ විසූ ප්‍රධානම රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන් බවට පත්කල පසු, ඔවුන්ගේ අනුග්‍රහයෙන් ලංකාව තුල සීග්‍රයෙන් බුදුදහම ව්‍යාප්තවී එය සිංහලයන්ගේ ප්‍රධානම දහම විය” යන්නයි. මේ සිදුවීමට පසුකාලීනව “මහින්දාගමනය”  යැයි නමක්  තැබිණි. මේ නමේ නිරවද්‍යභාවය කෙසේ වෙතත් ඉහත කී වාක්‍යය අදට හෙලිදරව්වී තිබෙන ඓතිහාසික සාධක මත විද්‍යාත්මකව මැනවින් ඔප්පුකිරීම මේ ලිපි පෙලේ පරමාර්ථයයි.

ලංකාවට පැමිණි දූත පිරිසේ නායක හිමියන්ගේ නම මහින්ද නොවීම නිසා හෝ මේ මහින්ද නම් බෞද්ධ හික්ෂූන්වහන්සේ ධර්මාශෝක රජුගේ පුතෙකු නොවීම නිසා හෝ ඒ පිරිස ලංකාවට පැමිණියේ ඍධි බලයෙන් අහසින් නොවීම නිසා හෝ ඔවුන් වැඩියේ මිස්සක පව්වට නොවීම නිසා හෝ ඔවුන් පැමිණෙන විට ලංකාවේ රජු මුව දඩයමේ නොගොස් සිටීම නිසා හෝ ඉහත වාක්‍යයේ හරය වෙනස් නොවේ. එසේ පවසන්නා කකුල් අතපය නැති නිසා මිනිසා මිනිසෙකු නොවේයැයි තර්ක කරන අයෙකුට සමානය.

“Finding Sinhabahu”  කෘතිය හා මහාවංශය

—————————————————————

මේ මාතෘකාව පමණක් නොව මහාවංශයේ විජයාවතරණය හා බැඳුණු ප්‍රවෘත්ති, පණ්ඩුකාභය පුරාවෘත්තය, ලංකාවට දන්ත ධාතුව ගෙන ඒමේ පුවත විද්‍යාත්මක ඓතිහාසික සාධක මත ඔප්පුකිරීම මා විසින් 2019 වසරේ ලියා පලකරන ලද “Finding Sinhabahu” නම් කෘතියේ සවිස්තරාත්මකව ලියා ඇත. මේ දක්වා ලංකාවේ හා ඉන්දියාවේ පළවී ඇති සෙල්ලිපි වල මුල් කියැවීම්, තඹපත්, ඓතිහාසික ග්‍රන්ථ, ජාන විද්‍යාත්මක කරුණු පමණක් නොව ඒ ඒ ස්ථාන වලට මා ගොස් සොයාගත් කරුණු මේ ඓතිහාසික සාධක විග්‍රහයට මා ඇතුළුකොට ඇත. මහාචාර්ය නිර්මාල් රංජිත් මැතිතුමාද ඔහුගේ වීඩියෝවේ 41 වෙනි විනාඩියේදී මාගේ මේ පොත  පිළිබඳව කෙටි සඳහනක් කරයි.

මේ පොත 2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී හොඳම පර්යේෂණ ග්‍රන්ථය ලෙස නිර්දේශිතව සම්මාන ලැබූ බව නිරහංකාර ලෙස මෙහි සඳහන් කරන්නේ, ඒ සම්මානය පිරිනැමීමට පෙර ඉතිහාස ගවේශණ පිළිබඳ විෂය ප්‍රවීනයන් මාගේ කෘතියෙහි ඇති කරුණුවල විද්‍යාත්මකබව විමසීමට විසින් ලක්කල බව මා හොඳින් දන්නා නිසාය. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන මම ඉතිහාස විෂය පිළිබඳව සම්මත ඉගැනීමක් හෝ පුහුණුවක් ලබා නැතිමුත්, ඉතිහාසය හා විද්‍යාත්මක ඉතිහාසකරනය පිලිබඳව බොහෝ පතපොත කියවීමෙන් පසුව ස්වෝත්සාහයෙන් ලබාගත් දැනුම තුලින් හැකිතාක් නිරවද්‍ය ලෙස හා අවංකව ඉතිහාස පුවත් අධ්‍යයනයේ හා ලිවීමේ නිරතවන්නෙක්මි. මා එසේ නිර්භයව ඒ කාර්යයේ නිරතවන්නේ අද ලංකාවේ ඉතිහාසය සොයාගැනීමට මුල්වූ බොහෝ දෙනෙකු මා මෙන්ම ඉතිහාස විෂය පිළිබඳව සම්මුති ඉගැනීමක් හෝ පුහුණුවක් ලබා නැති අයවූ බව දන්නා නිසාය. ලාංකික පුරාවිද්‍යාවේ හා ඉතිහාසයේ පෙර ගමන්කරුවන්වූ එච්. සී. පී බෙල්, ඩබ්ලිව් කොඩ්‍රිංග්ටන්, සර් එමර්සන් ටෙනන්ට්, සී ටර්නර්, පෝල් ඊ පීරිස් රාජ්‍ය සිවිල් සේවකයන් වූ අතර, හෙන්රි පාකර් ඉංජිනේරුවෙකු විය. සී. ඩබ්ලිව් නිකොලස් මහතා විශ්වවිද්‍යාලයෙන් ඉවතට වැටී වනසත්ව දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙකු විය. ඊ. එල්. බ්‍රෝහියර් මිනුම්දෝරුවෙකු විය. ශ්‍රී ලාංකික පුරාවිද්‍යාවේ හා ඉතිහාස ගවේශනයේ පියා ලෙස සැලකෙන සෙනරත් පරනවිතාන මහතාද විශ්වවිද්‍යාලයකින් මූලික උපාධියක් නොලැබූවෙකු නොවීය. මේ  ඉතිහාස විෂය පිළිබඳව සම්මුති ඉගැනීමක් හෝ පුහුණුවක් නොලැබූවන් නොවන්නට අද අප දන්නා ඉතිහාසයේ බොහෝදේ අප නොදැනගැනීමට ඉඩ තිබිණි.

මා මේ දීර්ඝ විස්තරය කලේ ඉතිහාස විෂය පිළිබඳව සම්මත ඉගැනීමක් හෝ පුහුණුවක් නොලැබීම පිළිබඳව මා තුල ඇති හීනමානයක් නිසා නොව, පුරාවිද්‍යාත්මක නොවන නව ඓතිහාසික විමසීම්  හා නව සොයාගැනීම් ලංකාවේ ඉතිහාසය පිළිබඳ විද්‍යාර්ථීන් අතින් නොසිදුවෙන, නොලියවෙන මෙවන් යුගයක, ස්වෝත්සාහයෙන් හෝ ඉගෙන ඉතිහාස ගවේශනයන්හි විද්‍යාත්මකව නියැලීමට අන් අය  පෙළඹවීමටයි. අද ලංකාවේ පුරාවිද්‍යා ගවේෂණ සිදුවූවත් නව ඉතිහාස පර්යේෂණ හා සොයාගැනීම් සිදුවන්නේ අල්ප ලෙසය.  

නිකරුනේ බැටකන මහාවංශ සංස්කාරකවරයා 

—————————————————————

මහාවංශය විචාරාත්මකව නොකියවා, එහි ඇති කරුණු පිළිබඳව නිසි ගවේශනයන් නොකොට එහි ඇති කරුණු ගැන මත පලකිරීම විද්‍යාර්ථියකු විසින් නොකොට යුතුය.  මහාවංශයට බැටදෙන බොහෝ අය වරදවා වටහාගෙන නැවත නැවත පවසන කරුණක් ඇත. එනම් එය 5 වෙනි සියවසේදී මහානාම හිමියන් විසින් ලියූ නිසා එහි ක්‍රි. පූ. යුග පිළිබඳව එනම් එය ලියා වසර 800 කට පෙර සිදුවූ කරුණු ගැන ඇති විස්තර නිරවද්‍ය නොවන බවයි.

පොතක් කියවීමට පෙර අප එහි පෙරවදන කියවිය යුතුය.  මහාවංශයේ මුල් භාගය 5 වෙනි සියවසේදී ලියූ මහානාම හිමිපාණෝ එහි පෙරවදනේ මෙසේ ලියයි. “මේ මහාවංශය පෝරාණයන් විසින් කරන ලද නමුත් එය ඇතැම් තැනක අධික විස්තර සහිතවද, ඇතැම් තැනක අතිශයින් සංක්ෂිප්තවද, බොහෝ පුනරුක්ත දෝෂ සහිතවද, කරන ලදී. එම දොස්වලින් තොරවූ, පහසුවෙන් තේරුම් ගතහැකිවූ, ප්‍රසාදය හා සංවේගයද උපදවන, ශෘතිමය වශයෙන්ද ආචාර්ය පරම්පරාවෙන් පැවත එන මෙය ප්‍රසාදය උපදවන තැන්වලදී ප්‍රසාදයද, සංවේගය උපදවන තැන්වලදී සංවේගයද උපදවමින් පවසන්න.” (මහාවංශය පළමුවෙනි හා දෙවෙනි ගාථා) මේ අනුව 5 වෙනි ශතවර්ෂයේදී මහානාම හිමියන් විසින් කරන ලද්දේ එතෙක් පැවති මහාවංශය උනන්දුවෙන් අසා සිටිය හැකි අයුරින් අද ව්‍යවහාර භාෂාවෙන් පවසන පරිදි  “සංස්කරණය” කිරිම පමණි. මහානාම හිමියන් මහාවංශයේ කතුවරයා බවත්, එනිසා 5 වෙනි සියවසේදී හදිසියේ පහලවූ  බවත් පැවසීම ඉතිහාසය ගැන නොදන්නා අයෙකු මිස විද්‍යාර්ථියෙකු විසින් නොකල යුතුය. මහාවංශය එයට වඩා පැරණි ග්‍රන්ථ එක්කොට සංස්කරනය කර ලිවූවක් මිස, මහානාම හිමියන් විසින් හදිසියේ 5 වෙනි සියවසේ ලියූවක් නොවේ.

ඇත්ත වශයෙන්ම මහාවංශ සංස්කරණ එකක් නොව කිහිපයක් ලංකාවේ පැවතිණි. මෙයින් කම්පුචියාවේ තිබී සොයාගන්නා ලද මොග්ගල්ලාන හිමියන් 8 වෙනි සියවසේදී කරන ලද සංස්කරණයේ අවසාන පරිච්ඡේදයේ ඇති මේ ප්‍රකාශය තමන් පෙනී සිටින මතය කිසිම නව සාධකයක් මත වෙනස් නොකිරීමට සූදානම් උගතුන්ට මනා පාඩමකි. “බුද්ධවංශයද, මහාවංශයද, ථූපවංශයද, අප්‍රකට තොරතුරුද ගලපා පිඬුකොට අර්ථයෙන්ද, යුක්තියෙන්ද, ගොතා කළ මෙහි අකටයුත්තක් හෝ නොගැලපෙන්නක් වේ නම් පූර්වාපර සන්ධි ගලපා, නැවත නැවත විමසා නුවණැතන් මෙය ගතයුතුය. දොස් සහිතව නොගත යුතුය.” (පි 514 – මහා වංශය පළමු වෙලුම- බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය)

අටවෙනි සියවසේ විසූ මොග්ගල්ලාන හිමියන් තමන් ඉදිරිපත් කරන කරුණු පවා වැරදි නම් ඒවා පිළිනොගන්නා ලෙස කියවන්නන්ට පැවසීම, ඒ  යුගයේ උගත් සිංහල බෞද්ධයන්ට තිබූ ශික්ෂණය හා තම මතයට පවා නොඇලුනු ස්වභාවය මැනවින් පිලිබිඹු කරයි. නව සාක්ෂි සාධක සහිතව පෙන්වා දුනහොත් තමන් මහින්දාගමනය ගැන දැනට දරන මතය වෙනස් කිරීමට සූදානම් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා මීට දින කිහිපයකට පෙර නිකුත්කල පුද්ගලික වීඩියෝවක කියයි. මහින්දාගමනයේ සැබෑ සාධක “පූර්වාපර සන්ධි ගලපා” ඉදිරි ලිපිවලින් සිදුකලවිට එතුමාට තමන් ගැන දරන මතය වෙනස්කිරීමට සිදුවන බව නිසැකය. 

- විශේෂඥ  වෛද්‍ය අජිත් අමරසිංහ

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර  ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය   2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන  උළලේදී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.)

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.