News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යාපනය බේරාගත් බෞද්ධ නායිකාව - සිරිමාවෝ

Aug 19, 2026 at 10:11 AM
|

සිරිමාවෝ මැතිනියගේ රට පාලනය කිරීමේ ආර්ථික ක්‍රමය පැරණි 1/4මාක්ස්වාදී නරුම වාමාංශික දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ නමුත් දේශප්‍රේමී ජයග්‍රහණ රැසක් සිංහල ජාතියට දිනාදුන් ශේෂ්ඨ ජාතික නායිකාවකි. ඉන් ප්‍රධානතම ජයග්‍රහණය වන්නේ 1960 අංක 50 දැරූ ආධාර ලබන පාසල් සහ පුහුණු විද්‍යාල (විශේෂ විධිවිධාන) (Assisted Schools and Training Colleges (Special Provisions) Act, No. 50 of 1960) පනතයි. 

1505 නීච ආක්‍රමණයෙන් පසුව පරංගින්ගේ අවර ගනයේ නසරානි සිරිත් විරිත් හා ඇදහීම් දේශීය ජනතාවට ඉගැන්වීම අරමුණු කරගෙන මුහුදුබඩ ප්‍රදේශවල නසරානි පාසල් අරබන ලද අතර සිංහල බෞද්ධයන් වසර 500 ක්ම සුභ ආරංචියක් ලෙස මේවායේ උගන්වන විහිලු අවච්නාවෙන් බැහැර කල නිසා අදටත් සියයට 65 ක පමණ ප්‍රමාණයක් බුදුදහම පිළිපදිති. 

පරංගි, ලන්සි සහ සුද්දන්ගේ වහල් යටත්විජිත පාලන ක්‍රමය තුලින් නසරානි ඇදහීම් ව්‍යාප්ත කිරීමේ සහ පාලන තන්ත්‍රයට අවශ්‍ය වහලුන් බිහි කිරීමේ ප්‍රධාන මෙවලම ලෙස අධ්‍යාපනය භාවිතා විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට සම්පත් බහුල ප්‍රමුඛ පෙළේ පාසල් බොහොමයක පාලනය සහ හිමිකම නසරානි සමාගම් සතුව පැවතිණි.

නසරානි පාසල් පද්ධතිය තුළ 1795 සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දුන් අතර, රජයේ ඉහළ තනතුරු, ව්‍යාපාරික අවස්ථා සහ සමාජ පිළිගැනීම හිමි වූයේ නසරානි පාසල්වලින් අධ්‍යාපනය ලැබූ නසරානි සීමිත පිරිසකටය. 1948 සුද්දන්ගෙන් නිදහස ගත පසුද රජයෙන් ආධාර ලබන පාසල් (Assisted Schools) සඳහා විශාල ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට සිදු වුයේ 1943 දී නිදහස් අධ්‍යපනයද ආරම්භ වූ නිසාය. 

නමුත් මෙම නසරානි පාසල්වල පාලනය, ගුරුවරුන් බඳවා ගැනීම සහ ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම සම්පූර්ණයෙන්ම සිදුවූයේ නසරානි කළමනාකාරීත්වයේ අභිමතය පරිදිය. මෙය බහුතරයක් වූ බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් භක්තික ජනතාව අතර විශාල අධ්‍යාපනික හා සමාජයීය විෂමතාවක් නිර්මාණය කිරීමට හේතු විය.

"කන්ට දීලා ගු අදින්න ගෙදර මිනිසුන්ම සපාකන බල්ලෙක් ඇතිකරනවා වැනි" මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර ගැනීම නිදහසෙන් පසු සිංහල බෞද්ධ මෙන්ම සියලු ජනතාවගේ විශාල දුක්ගැනවිල්ලක් විය. මෙම අසමානතාවයට එරෙහිව 19 වන සියවසේ අගභාගයේදී පරමවිඥානාර්ථ සමාගම හරහා අනගාරික ධර්මපාලතුමා, ඕල්කට්තුමා සහ ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් වැනි නායකයන්ගේ මූලිකත්වයෙන් බෞද්ධ පාසල් ව්‍යාපාරය ආරම්භ විය.

දකුණු ඉන්දියානු දේවාගම  හා කුරාණ පොත අදහන්නන්ගේ නායකයන්ද තමන්ගේම පාසල් පිහිටුවීමට කටයුතු කළහ. කෙසේ වෙතත්, 1960 වන තෙක්ම රාජ්‍ය අනුග්‍රහය සහ පෞද්ගලික දේපළ පදනම් කරගනිමින් වැඩි බලයක් හිමි කරගෙන සිටියේ නසරානි සමාගම්ය. 1960 දී පාසල් රජයට පවරා ගැනීමේ පනත ගෙන ඒමට ප්‍රධානතම හේතුව වූයේද, මෙම ආගමික සහ පන්ති පදනම් කරගත් අධ්‍යාපනික බලධිකාරිය බිඳහෙළා සැමට එක හා සමාන ජාතික අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමයි. 

පනත නසරානි පාසල් සඳහා විකල්ප දෙකක් ලබා දෙන ලදී. ඒ අනුව, රජයට පවරා දීම හෝ රජයෙන් කිසිදු ආධාරයක් නොලබා, සිසුන්ගෙන් ගාස්තුද නොකරන (Non-Fee Levying) පෞද්ගලික පාසල් ලෙස පවත්වාගෙන යාම ලෙසයි. මෙම පියවරෙන් අනතුරුව, 1961 අංක 8 දැරූ පනත මඟින් මෙම පාසල්වල දේපළ සහ භූමියද රජයට පවරා ගැනීමට කටයුතු කෙරිණි. 

මේ ශේෂ්ඨ පනතට එරෙහිව නීච ලෙස නසරානි පාර්ශවයෙන් දැඩි විරෝධයක් එල්ල වූවත්, සමස්ත රටටම පොදු වූ ජාතික අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමටත්, ග්‍රාමීය හා නාගරික දරුවන්ට එක හා සමාන අධ්‍යාපන අයිතියක් තහවුරු කිරීමටත් සිරිමාවෝ මැතිනිය තම තීරණය මදක් හෝ ලිහිල් කලේ නැත. පසුව සිරිමාවෝ මැතිනියට එරෙහිව කාලකන්නි නසරානි විසින් 1962 අසාර්ථක කුප්ප කුමන්ත්‍රණයක් (Coup d'état) නොහොත් හමුදා කුමන්ත්‍රණයක් දියත් කළේය. 

එවකට අගමැතිනිය වූ උඩරට සිංහල බෞද්ධ තරුණියක වූ අගමැති සිරිමාවෝගේ මුලිකත්වයෙන් පනත ක්‍රියාත්මක වීමත් සමඟ නසරානි පාසල් පාලක මණ්ඩල සතුව තිබු බලතල අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරුණු අතර, රජයේ ආධාර ලබන පාසල් 2,500 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය කළමනාකාරීත්වය යටතට පත් විය. 

නමුත් රජයේ පාලනයට නතු නොවී "රජයේ ආධාර නොලබන පෞද්ගලික පාසල්" සිසුන්ගෙන් ගාස්තුද නොකරන (Non-Fee Levying) ලෙස පැවතීමට තීරණය කල නසරානි පාසල් කිහිපයක් රටේ ඉතුරු විය. පනතට අනුව සිසුන්ගෙන් පන්ති ගාස්තු අය කිරීම තහනම් වූ බැවින්, එම පාසල් පවත්වාගෙන යාමට ආදි ශිෂ්‍ය සංගම්, සුභසාධක නියෝජිතයන් සහ ආධාරකරුවන්ගෙන් අරමුදල් රැස් කිරීමට සිදු විය. ඉන් මහා මාෆියාවක් බිහිවූ අතර පාසල් තුල යාවජීව ආදිශිෂ්‍ය පාසල් ලාංජනය ජිවිත කාලෙම ලාඩන් ගසා සිටින කෂඩාවන් රැලක්  බිහිවිය. 

වර්තමානයේ මෙම රජයේ ආධාර නොලබන පෞද්ගලික පාසල් නොහොත් පන්ති ගාස්තු අය කිරීම උක්ත පනතට අනුව තහනම් වන නසරානි පාසල්වලටත් ගාස්තු රජයෙන් ලබාගෙන සිසුන්ගෙන් පන්ති ගාස්තුය නොකර නසරානි පාදිලියන් ලවාම පාලනය කරවීමේ මහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පැවතීම පිලිබදව මුළු රටේම සිටින දේශමාමක ජනතාව සොයා බැලිය යුතුය.  

විශ්ව කරුණු ගවේෂක, 

(Universal Fact Checker)

රවී දේශප්‍රිය විසිනි. 

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.