අධ්‍යාපනය බේරාගත් බෞද්ධ නායිකාව - සිරිමාවෝ
සිරිමාවෝ මැතිනියගේ රට පාලනය කිරීමේ ආර්ථික ක්‍රමය පැරණි 1/4මාක්ස්වාදී නරුම වාමාංශික දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ නමුත් දේශප්‍රේමී ජයග්‍රහණ රැසක් සිංහල ජාතියට දිනාදුන් ශේෂ්ඨ ජාතික නායිකාවකි. ඉන් ප්‍රධානතම ජයග්‍රහණය වන්නේ 1960 අංක 50 දැරූ ආධාර ලබන පාසල් සහ පුහුණු විද්‍යාල (විශේෂ විධිවිධාන) (Assisted Schools and Training Colleges (Special Provisions) Act, No. 50 of 1960) පනතයි.
1505 නීච ආක්‍රමණයෙන් පසුව පරංගින්ගේ අවර ගනයේ නසරානි සිරිත් විරිත් හා ඇදහීම් දේශීය ජනතාවට ඉගැන්වීම අරමුණු කරගෙන මුහුදුබඩ ප්‍රදේශවල නසරානි පාසල් අරබන ලද අතර සිංහල බෞද්ධයන් වසර 500 ක්ම සුභ ආරංචියක් ලෙස මේවායේ උගන්වන විහිලු අවච්නාවෙන් බැහැර කල නිසා අදටත් සියයට 65 ක පමණ ප්‍රමාණයක් බුදුදහම පිළිපදිති.
පරංගි, ලන්සි සහ සුද්දන්ගේ වහල් යටත්විජිත පාලන ක්‍රමය තුලින් නසරානි ඇදහීම් ව්‍යාප්ත කිරීමේ සහ පාලන තන්ත්‍රයට අවශ්‍ය වහලුන් බිහි කිරීමේ ප්‍රධාන මෙවලම ලෙස අධ්‍යාපනය භාවිතා විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට සම්පත් බහුල ප්‍රමුඛ පෙළේ පාසල් බොහොමයක පාලනය සහ හිමිකම නසරානි සමාගම් සතුව පැවතිණි.
නසරානි පාසල් පද්ධතිය තුළ 1795 සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දුන් අතර, රජයේ ඉහළ තනතුරු, ව්‍යාපාරික අවස්ථා සහ සමාජ පිළිගැනීම හිමි වූයේ නසරානි පාසල්වලින් අධ්‍යාපනය ලැබූ නසරානි සීමිත පිරිසකටය. 1948 සුද්දන්ගෙන් නිදහස ගත පසුද රජයෙන් ආධාර ලබන පාසල් (Assisted Schools) සඳහා විශාල ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට සිදු වුයේ 1943 දී නිදහස් අධ්‍යපනයද ආරම්භ වූ නිසාය.
නමුත් මෙම නසරානි පාසල්වල පාලනය, ගුරුවරුන් බඳවා ගැනීම සහ ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම සම්පූර්ණයෙන්ම සිදුවූයේ නසරානි කළමනාකාරීත්වයේ අභිමතය පරිදිය. මෙය බහුතරයක් වූ බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් භක්තික ජනතාව අතර විශාල අධ්‍යාපනික හා සමාජයීය විෂමතාවක් නිර්මාණය කිරීමට හේතු විය.
"කන්ට දීලා ගු අදින්න ගෙදර මිනිසුන්ම සපාකන බල්ලෙක් ඇතිකරනවා වැනි" මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර ගැනීම නිදහසෙන් පසු සිංහල බෞද්ධ මෙන්ම සියලු ජනතාවගේ විශාල දුක්ගැනවිල්ලක් විය. මෙම අසමානතාවයට එරෙහිව 19 වන සියවසේ අගභාගයේදී පරමවිඥානාර්ථ සමාගම හරහා අනගාරික ධර්මපාලතුමා, ඕල්කට්තුමා සහ ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් වැනි නායකයන්ගේ මූලිකත්වයෙන් බෞද්ධ පාසල් ව්‍යාපාරය ආරම්භ විය.
දකුණු ඉන්දියානු දේවාගම හා කුරාණ පොත අදහන්නන්ගේ නායකයන්ද තමන්ගේම පාසල් පිහිටුවීමට කටයුතු කළහ. කෙසේ වෙතත්, 1960 වන තෙක්ම රාජ්‍ය අනුග්‍රහය සහ පෞද්ගලික දේපළ පදනම් කරගනිමින් වැඩි බලයක් හිමි කරගෙන සිටියේ නසරානි සමාගම්ය. 1960 දී පාසල් රජයට පවරා ගැනීමේ පනත ගෙන ඒමට ප්‍රධානතම හේතුව වූයේද, මෙම ආගමික සහ පන්ති පදනම් කරගත් අධ්‍යාපනික බලධිකාරිය බිඳහෙළා සැමට එක හා සමාන ජාතික අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමයි.
පනත නසරානි පාසල් සඳහා විකල්ප දෙකක් ලබා දෙන ලදී. ඒ අනුව, රජයට පවරා දීම හෝ රජයෙන් කිසිදු ආධාරයක් නොලබා, සිසුන්ගෙන් ගාස්තුද නොකරන (Non-Fee Levying) පෞද්ගලික පාසල් ලෙස පවත්වාගෙන යාම ලෙසයි. මෙම පියවරෙන් අනතුරුව, 1961 අංක 8 දැරූ පනත මඟින් මෙම පාසල්වල දේපළ සහ භූමියද රජයට පවරා ගැනීමට කටයුතු කෙරිණි.
මේ ශේෂ්ඨ පනතට එරෙහිව නීච ලෙස නසරානි පාර්ශවයෙන් දැඩි විරෝධයක් එල්ල වූවත්, සමස්ත රටටම පොදු වූ ජාතික අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමටත්, ග්‍රාමීය හා නාගරික දරුවන්ට එක හා සමාන අධ්‍යාපන අයිතියක් තහවුරු කිරීමටත් සිරිමාවෝ මැතිනිය තම තීරණය මදක් හෝ ලිහිල් කලේ නැත. පසුව සිරිමාවෝ මැතිනියට එරෙහිව කාලකන්නි නසරානි විසින් 1962 අසාර්ථක කුප්ප කුමන්ත්‍රණයක් (Coup d'état) නොහොත් හමුදා කුමන්ත්‍රණයක් දියත් කළේය.
එවකට අගමැතිනිය වූ උඩරට සිංහල බෞද්ධ තරුණියක වූ අගමැති සිරිමාවෝගේ මුලිකත්වයෙන් පනත ක්‍රියාත්මක වීමත් සමඟ නසරානි පාසල් පාලක මණ්ඩල සතුව තිබු බලතල අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරුණු අතර, රජයේ ආධාර ලබන පාසල් 2,500 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය කළමනාකාරීත්වය යටතට පත් විය.
නමුත් රජයේ පාලනයට නතු නොවී "රජයේ ආධාර නොලබන පෞද්ගලික පාසල්" සිසුන්ගෙන් ගාස්තුද නොකරන (Non-Fee Levying) ලෙස පැවතීමට තීරණය කල නසරානි පාසල් කිහිපයක් රටේ ඉතුරු විය. පනතට අනුව සිසුන්ගෙන් පන්ති ගාස්තු අය කිරීම තහනම් වූ බැවින්, එම පාසල් පවත්වාගෙන යාමට ආදි ශිෂ්‍ය සංගම්, සුභසාධක නියෝජිතයන් සහ ආධාරකරුවන්ගෙන් අරමුදල් රැස් කිරීමට සිදු විය. ඉන් මහා මාෆියාවක් බිහිවූ අතර පාසල් තුල යාවජීව ආදිශිෂ්‍ය පාසල් ලාංජනය ජිවිත කාලෙම ලාඩන් ගසා සිටින කෂඩාවන් රැලක් බිහිවිය.
වර්තමානයේ මෙම රජයේ ආධාර නොලබන පෞද්ගලික පාසල් නොහොත් පන්ති ගාස්තු අය කිරීම උක්ත පනතට අනුව තහනම් වන නසරානි පාසල්වලටත් ගාස්තු රජයෙන් ලබාගෙන සිසුන්ගෙන් පන්ති ගාස්තුය නොකර නසරානි පාදිලියන් ලවාම පාලනය කරවීමේ මහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පැවතීම පිලිබදව මුළු රටේම සිටින දේශමාමක ජනතාව සොයා බැලිය යුතුය.
විශ්ව කරුණු ගවේෂක,
(Universal Fact Checker)
රවී දේශප්‍රිය විසිනි.
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
IMF ණයෙන් තුනෙන් එකකට තට්ටු කළ මහා මූල්‍ය වංචාව: කඩදාසි සමාගම් 105ක රහස එළියට.. බැංකු කළමනාකාරවරුන්ටත් මාංචු..
ජපානයේ "නිහඬ" ආර්ථික බෝම්බය: අනාගතයේ රටට මොකද වෙන්නේ?..
නිදහස් සෞඛ්‍ය සේවය සුරැකීමට, සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව වහා යාවත්කාලීන කරන්න.. – GMOA වෙතින් හදිසි ඉල්ලීමක්
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක්..
ඉරාන–චීන සබඳතා ගොඩ නැගී ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය මතයි- ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සහ නීති හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කසෙම් ඝරිබාබාදි
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට..
චීන හිටපු ජනාධිපති චියං ත්ස-මින් ගේ ජන්ම සංවත්සර සමරුව..
වසර අගදී එල් - නිනෝ ප්‍රබල වෙයි.. වසර 75කට පසු ලංකාවට දරුණු අවදානමක්..
ගෝලීය ආතතිය ඉහළට.. රුසියානු ප්‍රහාර දැඩි වෙයි.. මැදපෙරදිගින් නව ආරක්ෂක සන්ධානයක්.. - ලෝක දේශපාලනය උණුසුම් කළ සතියේ ප්‍රධාන සිදුවීම් මෙන්න..
විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානි කිරීමක්ද?.. - නීතිඥ රාජා ගුණරත්නගෙන් නීතිමය විග්‍රහයක්
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5කට 15%කින් පහළට..
දකුණු කොරියාවට කිම් සමඟ ඇති “ඉතා යහපත් සබඳතාව” ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කනගාටුවට හේතුවෙලා
මහනාහිමිවරු විරුද්ධයි.. නීතීඥ ප්‍රජාව විරුද්ධයි.. ජනතාව විරුද්ධයි.. ජාත්‍යන්තරය විරුද්ධයි.. මේ කවුරු විරුද්ධ වුණත් රජය 22 ගේන්න අවදානම ගන්නවාලු..
1981 සිට සිදු වූ සියලු ඝාතනවලට යුක්තිය ඉටු කරන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න..
ජපානයේ යටත් වීමෙන් වසර 81කට පසු: ආසියාව සැබවින්ම මිලිටරිවාදයේ සෙවණැල්ලෙන් ඔබ්බට ගොස් තිබේද?
යුක්රේනය සතු Patriot මිසයිල තොග අවසන් වීමත් සමඟ බිම දැමූ රුසියානු මිසයිල දත්ත ප්‍රකාශයට පත් කිරීම අත් හිටුවයි!