News Category
From Date
To Date
Maximum Number of Result

තක්කඩියාචාරියාගේ කුපාඩිවංශය..

Aug 18, 2026 at 06:21 AM
|

මේ පඩත්තලයා කියන මේ කුපාඩි කතාව හොඳින් අහන්න. (මම මේ කුපාඩි කතාව වචනයෙනුත් පිටපත් කරලා දෙන්නම්).

=== === ===

“මිහිදු හාමුදුරුවෝ කියලා කෙනෙක් ඉන්න ඇති. අපි දන්නේ නෑ එයා උඩින් අර අතෙන්ට ආව ද, කොහොම ආව ද ඒවා අපි දන්නේ නෑ. එයාට අශෝකට තියෙන නෑකමත් අපි හරියට දන්නේ නෑ. මොකද ඒවා ලංකාවේ මහාවංශයේ විතරයි ඒවා ගැන විස්තර තියෙන්නේ.

රයිට්. ඉන්දියාවේ එහෙම එකක් අශෝක ගැන නෑ?

නෑ එහෙම නෑ එහෙම නෑ.

ඒක තමයි වැදගත්.

එහෙම නෑ. හරි? මේ සමහර විට දැන් .. කියන්නේ ඒ වගේ සම්බන්ධතා තියෙන්නත් ඇති. අපි දන්නේ නෑ ඒවා. ඒ කියන්නේ දැනට කියන්න පුළුවන් දන්නේ නෑ කියන එක විතරයි.”

=== === ===

මුලින් ම, මේ තක්කඩියා මිහිඳු මහ රහතන්වහන්සේ ගැන කතා කරන විදිහ බලන්න. මූ මිහිඳු හාමුදුරුවන්ව “එයා”, “එයා” කියලයි හඳුන්වන්නේ. පිදිය යුත්තන්ට පුදන්න ඕන, සමාජයේ ගරු බුහුමනට ලක්වෙච්ච උතුමන්ට ගරු කරන්න ඕන කියන එක අපේ සමාජ පිළිවෙතක්. මම බෞද්ධයෙක්. මම ක්‍රිස්තියානි / කතෝලික ආගම අදහන කෙනෙක් නෙවෙයි. ඒත් අපි හැමෝම වගේ ක්‍රිස්තියානින්ගේ දෙවියන්වහන්සේ ‘දෙවියන්වහන්සේ” විදිහටත් යේසුස්වහන්සේ “යේසුස්වහන්සේ” විදිහටත් හඳුන්වනවා. මම ඉස්ලාම් ආගම අදහන කෙනෙකුත් නෙවෙයි. ඒත් අපි අල්ලාහ් දෙවියන්ටත් මහම්මත්තුමාටත් ගරු නම්බු දීලා කතා කරනවා. අපි උන්වහන්සේලා කාටවත් “එයා”, “මෙයා” කියලා කතා කරන්නේ නෑ.

මේක තමයි අපේ හැදිච්චකම. ඒත් මේ නැහැදිච්ච කුපාඩියා එහෙම කරන්නේ නෑ. බුද්ධාගම කියන්නේ දෙවියෝ මුල් කරගත්ත ආගමක් නෙවෙයි. ඉතින් සියල්ලට ම ඉහළින් තියලා බුදුරජාණන්වහන්සේ ගැන අපි කතා කරනවා. මිහිදු හාමුදුරුවන්ට අපි කියන්නේ “අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ” කියලා. උන්වහන්සේ අපේ ඉහළ ම ගෞරවයට ලක්වෙච්ච උත්තමයෙක්. ඉතින් මූලික සමාජ පිළිවෙත් දන්න ඕන කෙනෙක් තමන් බෞද්ධ වුනත් නැතත් මිහිඳු මහ රහතන්වහන්සේ ගැන ගෞරවනීය විදිහට කතා කරනවා.

මේ ගෞරවයේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි ඒ උත්තම චරිතයට සෘජුව ම දක්වන ගෞරවය. තව පැත්තකින් උන්වහන්සේගේ උතුම්භාවය පිළිගන්න සමාජයට දක්වන ගෞරවය.

ආගමික කටයුතුවලින් බැහැර කාරණාවල දී පවා අපි මේ පිළිවෙත අනුගමනය කරනවා. මම ජනතා විමුක්ති පෙරමුණට හරි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට හරි කැමැති කෙනෙක් නෙවෙයි. 2024 ජනාධිපතිවරණයට කලින් මම “අනුර”, “අන්‍රයියා” වගේ ආමන්ත්‍රණ යොදාගෙන අදාළ ආමන්ත්‍රණ සිද්ද කළා. ඒත් ජනාධිපතිවරණයෙන් පස්සේ, මම ඒ පිළිවෙත වෙනස් කළා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ආපු මොහොතේ ඉඳලා ම මම අනුර කුමාර දිසානායක “ජනාධිපතිතුමා” ගැන කතා කරනවා. එක පැත්තකින් අපි ඒ තනතුරට ගරු කරන්න ඕන. තව පැත්තකින් අපි එතුමාට ඡන්දය දීපු බහුතරයක් ජනතාවට ගරු කරන්න ඕන. මගේ පුද්ගලික කැමැත්ත අකැමැත්ත ඒකට අදාළ නෑ. කලින් වගේ ම, මම අදටත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ කටයුතු විවේචනය කරනවා. හැබැයි මම එතුමාට “එයා”, “මෙයා”, “අරූ”, “මූ” කියලා අගෞරව කරන්නේ නෑ.

ඒත් මේ තක්කඩියාට එහෙම හැදියාවක් නෑ. ඉතින් මම කිසිම චකිතයක් නැතුව මේ තක්කඩියාට “මූ” කියලා ආමන්ත්‍රණය කරනවා.

දැන් අපි මූ කියන බොරුව ගැන කතා කරමු.

මූ සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. මූ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක්. මූ ඒ මහාචාර්යකම වෙනුවෙන් ජනතාවගේ බදු මුදල්වලින් පඩියකුත් ගන්නවා. ඉතින් මූට ඉතිහාසය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. මෙහෙම එකෙක්ට “අපි දන්නේ නෑ”, “අපි දන්නේ නෑ”, “අපි හරියට දන්නේ නෑ” කියලා එක දිගට ම කියන්න පුළුවන් ද? ඒ වගේ ම, මහින්දාගමනය පිළිබඳ ඓතිහාසික වාර්තාව තියෙන්නේ “ලංකාවේ මහාවංශයේ විතරයි” කියලා කැට තියලා කියන්නත් මූට පුළුවන් ද?

එක්කෝ මූ කිසිම අලබෝලයක් ගැන දන්නේ නැතුව ඉතිහාසය පිළිබඳ මහාචාර්යකම දරනවා. එහෙම නැතිනම්, මූ තමන්ගේ පටු උවමනා එපාකම් වෙනුවෙන්, එහෙමත් නැතිනම් තමන්ට සල්ලි දෙන එවුන් කියන කියන විදිහට මෙහෙම පඩත්තල කතාවක් කියනවා.

මහින්දාගමනය පිළිබඳ ඓතිහාසික වාර්තාව තියෙන්නේ “ලංකාවේ මහාවංශයේ විතර” ද? මේක මුගේ ටොම් පචයක්.

අශෝක මහ රජතුමාගේ ධර්මදූත සේවා කාර්යයට තමයි මහින්දාගමනය පිළිබඳ ඓතිහාසික වාර්තාව අදාළවෙන්නේ. මේ ධර්මදූත සේවා කාර්යය ගැන මහාවංශයේ සඳහන් වාර්තාව ඒ විදිහට ම අශෝක රජතුමා විසින් කරපු 13 වැනි ගිරි ලිපියේ සඳහන් කරලා තියෙනවා. මම මේ ගිරි ලිපියේ සම්මත සිංහල පරිවර්තනය සම්පූර්ණයෙන් ම උපුටලා දක්වන්නම්.

“දේවානම්ප්‍රිය ප්‍රියදර්ශී රාජ තෙමේ, අභිෂේකයෙන් අටවැනි වර්ෂයෙහි කලිඟු රට ජයගත්තේ ය. එහි දී (ජනතාව) එක් ලක්‍ෂ පනස් දහසක් රටින් පන්නා හරින ලදී; එක් ලක්‍ෂයක් මරණයට පත්විය; එයින් බොහෝ ගුණයක් දෙනා (වසංගත, සාගත ආදී විපත් නිසා) මියගියහ.

කලිඟු රට යටපත් කර ගැනීමෙන් පසු, දේවානම්ප්‍රියයන් වහන්සේ දැඩි ලෙස ධර්මය කෙරෙහි ඇල්මක් දැක්වීම ද, ධර්මය අපේක්‍ෂා කිරීම ද, ධර්මය උගන්වීම ද සිදු කළ සේක. කලිඟු රට ජයගැනීම පිළිබඳව දේවානම්ප්‍රියයන් වහන්සේ තුළ දැඩි පසුතැවිල්ලක් ඇතිවිය.

කවර හේතුවෙන් ද යත්, රටක් යටපත් කරගන්නා අවස්ථාවෙහි දී මිනිසුන් මරණයට පත්වීම, මියයාම සහ සිරකරුවන් බවට පත්වීම දේවානම්ප්‍රියයන් වහන්සේ විසින් ඉතා වේදනාකාරී සහ කණගාටුදායක කරුණක් ලෙස සලකනු ලැබේ. යහපත් හැසිරීමකින් යුත්, වාසනාවන්තයන් පවා තම මිතුරන්, හිතවතුන්, සහචරයන් සහ නෑදෑයන්ගෙන් වෙන්වීම නිසා එම විපතට මුහුණ දෙති. මෙම පුළුල් දුක් වේදනාව සියලු ම ජනතාවට බලපාන අතර, එය දේවානම්ප්‍රියයන් වහන්සේට දැඩි ශෝකයට කරුණකි...

එ බැවින්, මිනිසුන් වරදක් කළ හොත්, ක්‍ෂමා කළ හැකි නම් දේවානම්ප්‍රියයන් වහන්සේ ඔවුන්ට සමාාව දෙයි. තව ද, ධර්මයෙන් දිනාගන්නා ජයග්‍රහණ දේවානම්ප්‍රියයන් වහන්සේ විසින් ප්‍රධාන කොට සලකනු ලැබේ. මෙම ධර්මවිජය මෙහි සියලු සීමා ප්‍රදේශවල ද, ග්‍රීක රජු වන ඇන්ටියොකස් රජකම් කරන ප්‍රදේශයෙන් යෝදුන හයසියයක් දුරින් ද, මෙම ඇන්ටියොකස් රජුගෙන් ඔබ්බෙහි පාලනය ගෙන යන ටොලමි, ඇන්ටිගොනස්, මගාස් සහ ඇලෙක්සැන්ඩර් යන රජවරුන් සිව්දෙනාගේ ප්‍රදේශවල ද, දකුණෙහි චෝළ, පාණ්ඩ්‍ය සහ තාම්‍රපර්ණී දක්වා ද ළඟා වී තිබේ...

මගේ පුතුන් සහ මුණුබුරන් නව ජයග්‍රහණ කළ යුතු යැයි නො සිතන පිණිස මෙම ධර්ම ලිපිය ලියවන ලදී. ඔවුන් මෙ ලොවත් පරලොවත් සතුට ගෙන දෙන ධර්මවිජය එක ම සැබෑ ජයග්‍රහණය ලෙස සලකත්වා!”

මේ 13 වැනි ගිරි ලිපිය තියෙන්නේ “ලංකාවේ මහාවංශයේ” නෙවෙයි. වර්තමාන ඉන්දියාවේ, පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ මේ ගිරි ලිපිය තියෙනවා. ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කයිසි (Kalsi) ප්‍රදේශයෙන්, ගුජරාටයේ ගිරිනාර් (Girnar) ප්‍රදේශයෙන්, ආන්ද්‍ර ප්‍රදේශයට අයිති යෙරාගුඩි (Yerragudi) ප්‍රදේශයෙන්, පකිස්ථානයේ ෂාබජ්ජාර්චි (Shahbazgarhi) ප්‍රදේශයෙන්, පකිස්ථානයේ මන්සේරා (Mansehra) ප්‍රදේශයෙන් සහ ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් (Kandahar) ප්‍රදේශයෙන් මේ ගිරි ලිපිය හොයාගෙන තියෙනවා.

මේ ඉතිමාස මහාචාරියා මෙච්චර ප්‍රසිද්ධ කාරණයක් දන්නේ නැත්තේ ඇයි?

පැරැණි චීන වාර්තාවලත් මහින්ද හාමුදුරුවෝ ගැන විස්තර සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට, ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන් ම කියවන්න පුළුවන් “හියුං සියං භ්‍රමණවෘත්තාන්තය” (Buddhist Records of Western World) පොතේ සඳහන් කරුණ සළකා බලන්න. ඒ පොතේ අවස්ථා දෙකක දී අශෝක රජතුමා සහ එතුමන්ගේ මළණුවන් (මහා තිස්ස තෙරුන්වහන්සේ) ගැන විස්තර කියලා ඊට පස්සේ මෙහෙම කියනවා.

“තථාගත පරිනිර්වාණයෙන් අවුරුදු සියයක් ඉක්මි පසු ශෝකාධිරාජයාගේ බාල ම සොහොයුරු වූ මහේන්ද්‍ර කුමාරයා ගිහිගෙය හැර පැවිදිව රහත්ඵලය ලැබ ඍද්ධිබලයෙන් සිංහලද්වීපයට පැමිණ මෙහි සත්‍ය ධර්මය පිහිටුවීය. මුල දී මිථ්‍යාදෘෂ්ටික වූ මෙ රටවැසියෝ එ තැන් පටන් සම්‍යග්දෘෂ්ටික වූහ” (The kingdom of Siṁhala formerly was addicted to immoral religious worship, but after the first hundred years following Buddha's death the younger brother of Aśokarāja, Mahendra by name, giving up worldly desires, sought with ardour the fruit of Arhatship. He gained possession of the six supernatural powers and the eight means of liberation; and having the power of instant locomotion, he came to this country).

මහින්දාගමනය ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියන මේ “ඉතිහාස ගතවෙන” ඉතිහාස මහාචාරියාට පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයට ගිහිල්ලා ඉහත සඳහන් සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තකනලින් කියන පහත සඳහන් චීන මුල් ප්‍රකාශය සිංහල භාෂාවට පරිවර්තනය කරවාගන්න.

“佛去世后第一百年,无忧王弟摩醯因陀罗,舍离欲爱,志求圣果,得六通八解,履虚轻举,来游此国,流布正法。自此以后,信心纯笃,建百伽蓝,僧徒二万。”

අපේ මේ ලංකාවේ මහින්දාගමනය ගැන කතාව තියෙන්නේ මහාවංශයේ විතරයි කියන කතාවක් අමු ම අමු බොරුවක්. “සමන්තපාසාදිකා බාහිර නිදාන වර්ණනාව” වගේ පුරාණ මූලාශ මහ ගොඩක මහින්දාගමනය පිළිබඳ කතාව වාර්තා කරලා තියෙනවා. මේ යකා ඒ කිසිම දෙයක් දන්නේ නැද්ද?

ඇත්තෙන්ම, මේ ඉතිහාස ගතවෙන ඉතිහාස මහාචාරියා අමු ම අමු තක්කඩියෙක්. ඒ තක්කඩිකම තමයි මූ මේ විදිහට කිසිම හිරිකිතයක් නැතුව ප්‍රදර්ශනය කරන්නේ.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.