News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් වූ ගෝත්‍රික ලිපිය..

Aug 16, 2026 at 02:48 PM
|

සමාජ මාධ්‍ය පුරා සැරිසරන ජනාධිපති කාර්යාලයේ දූෂණ විරෝධී සහ විශේෂ විමර්ශන අංශයේ නිල මුද්‍රාව සහිත මෙම ලිපිය, ශ්‍රී ලංකාවේ ඉහළම පරිපාලන ආයතනයක වගකීම් විරහිත සහ ප්‍රාථමික ක්‍රියාකලාපය මැනවින් පසක් කරන කැඩපතකි.

පෙත්සමක් ලද පමණින්, එහි ඇති කරුණු පිළිබඳව මූලික සොයා බැලීමක් හෝ තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව මෙවැනි නිල ලිපි ජනගත කිරීම ඇත්තෙන්ම පුදුමයට මෙන්ම හාස්‍යට කරුණකි.

මෙම ලිපියේ ඇති බරපතල අවිධිමත්භාවයන් සහ ප්‍රාථමික අඩුපාඩු රාශියකි...

පුද්ගල අනන්‍යතාවය සහ තනතුරු පිළිබඳ මූලික නොදැනුවත්කම ඉන් ප්‍රධානතම අඩුපාඩුවයි..

ලිපියේ සිරස්තලය සහ ප්‍රස්තුතය වී ඇති සරත් වීරසේකර මහතා හඳුන්වා දී ඇත්තේ "හිටපු වෙරළ සංරක්ෂණ ජනරාල්" ලෙසය. 

ඔහු කිසි දිනෙක වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ "අධ්‍යක්ෂ ජනරාල්" (Director General) වැනි රාජ්‍ය සේවා තාක්ෂණික තනතුරක් දරා නැත. 

ලිපියෙ මැදට යනකොට ලිපියෙ ප්‍රධාන ප්‍රස්තුතය මෙහෙම වෙනස් වෙලා තියෙනවා..

" සරත් වීරසේකර මහතාගේ උපකාර ඇතිව රැකියාව ලබාගෙන තිබූ සංචාරක සංවර්ධන අධිකාරියේ සේවය කරන නිලධාරියෙකු විසින් අධිකාරියේ සභාපති සමග එකතු වී මෙම ගනුදෙනුව සිදු කර ඇති බවත් ලිපියේ සඳහන් කර ඇත..." 

රටේ ඉහළම කාර්යාලයක් මෙවැනි ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුගේ තනතුරක් පිළිබඳව පවා මූලික කරුණු සොයා නොබලා ලිපියක් සැකසීම පට්ට විහිළුවකි.

ලිපියෙ භාෂා විලාසයේ ඇති ප්‍රාථමික සහ අවිධිමත් ස්වභාවය දැක්කාම ජනාධිපති ලේකම් කාර්යාලය වැනි ඉහළ ආයතනයක් ගැන ඊයා කියලා හිතෙනවා..

රාජ්‍ය ආයතනයක්, විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලය වැනි උත්තරීතර ආයතනයක් නිල ලිපි හුවමාරු කිරීමේදී භාවිත කරන සම්මත, රාජ්‍ය තාන්ත්‍රික භාෂා විලාසයක් (Official/Formal style) ඇත. 

නමුත් මෙම ලිපිය පුරාම දක්නට ලැබෙන්නේ කටකතා, ඕනෑ එපාකම් හෝ පෙත්සමක ඇති ප්‍රාථමික වාක්‍ය ඛණ්ඩ ඒ අයුරින්ම පිටපත් කර (Copy-Paste) ඇති ස්වභාවයකි. 

කිසියම් නිර්නාමික හෝ සේවකයෙකු විසින් එවන ලද පැමිණිල්ලක්/පෙත්සමක් ලැබුණු විට, රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයට අනුව ප්‍රථමයෙන් කළ යුත්තේ එහි අන්තර්ගතයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මූලික අභ්‍යන්තර විමර්ශනයක් කිරීමයි. එසේ නොමැතිව, මූලික කරුණු පවා වැරදිසහගත පෙත්සමක කරුණු නිල ලිපියකට ඇතුළත් කර අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යැවීම හරහා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේම පරිණතභාවය සහ වෘත්තීයවේදීත්වය (Professionalism) දැඩි ලෙස ප්‍රශ්න කෙරේ.

රටේ ඉහළම පුරවැසියා නියෝජනය කරන "ජනාධිපති ලේකම් කාර්යාලය" වැනි වගකීම් සහගත ආයතනයකින් මෙවැනි බාල ගණයේ, කරුණුමය වශයෙන් වැරදි සහගත ලිපි නිකුත් වීම සමස්ත රාජ්‍ය පරිපාලන පද්ධතියම ජනතාව ඉදිරියේ සමච්චලයට ලක් කිරීමකි..

මේ ලිපියේ ලියල තියෙන්නෙ කලුතර කැලිඩෝ වෙරළ තීරය ගැන ජනාධිපති ලේකම් කාර්‍යාලයට ලැබුණු පෙත්සමක් ගැන.. 

ආරංචි හැටියට මේ පෙත්සම ලියල තියෙන්නෙ සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්ම තමයි. 

කළුතර කැලිඩො වෙරලතීරය වෙරළ සංරක්ෂණය දෙපාර්තමේන්තුව විසින් කාලෙකට කලින් ඉඳන් කරන්න උත්සහ කල ව්‍යාපෘතියක්. මෙයට සංචාරක මණ්ඩලය සම්බන්ධ වෙන්නෙ මේ ආණ්ඩුවත් එක්ක. කලුතර හෝටල් හිමියන්ගේ සංගමය සංචාරක මණ්ඩලයේ සභාපතිට කල ඉලීමක් නිසා බව කියවෙනව. 

මෙහි තියෙන අනිත් විහිළුව තමයි වැලි කපන කමිටුවක් ගැන ඇති සටහන..

මේ පෙත්සම්කරු මහා වේදනාවකින් කියනව වැලිකපන කමිටුවට සංචාරක අමාත්‍යංශයේ කවුරුත් පත් කරල නෑ කියල. 

මොකක්ද මේ වැලිකපන කමිටුව..?

අපි මේ ගැන අදාළ ආයතන වලින් විමසීමක් කලා. 

මේ වැලිකපන කමිටුව කියල කියන්නේ විශේෂඥ කමිටුවකට...

කැලිඩෝ වෙරළ තීරය ප්‍රතිස්ථාපන කිරීම විශාල කර්ත්‍යවයක්. එය පරිසරය සමග බැඳුණු පාර්ශව කිපයක් අගතියට පත්වූණු ගැටලුවක්. 

ඒ වගේම මෙම වෙරළ තීරය නැවත ප්‍රතිස්ථනය කිරීමෙන් ඇති වන හොද මෙන්ම එහි අනෙක් පසද සැලකිල්ලට ගත යුතු වෙනව. 

විශේෂයෙන්ම කළුතර කැලිඩෝ වෙරළ තීරය නැවත සැකසීම වගේම එසෙ කලහොත් කලුතර පහත් බිම් වල ගංවතුර අවදානමක් ඇති වෙන්න ඉඩ තියෙනව කියල මතයකුත් තියෙනව.  

ඉතිං මේ ව්‍යාපෘතිය මේ සියලු කාරණා සැලකිල්ලට අරන් කරනු ලබන්නක්.

මේ සඳහා අවශය වන්නේ වෙරළ සම්බන්ධ ඉන්ජිනේරුවන්, වාරිමාර්ග ඉන්ජිනේරුවන් සහ නාරා ආයතනයේ විද්‍යාඥයින්..

මේ අනුව මෙම විශේෂඥ කම්ටුවේ, විවෘත විශ්ව විදයාලයේ ආචාර්‍යවරයෙකු මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාරයවරුන් ජයවර්ධනපුර විශව විද්‍යාලයේ අචාරයවරුන් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉන්ජිනේරුවන් සේම නාරා ආයතනයේ විද්‍යාඥයින්ගෙන් සමන්විතයි. 

මොවුන් මේ කමිටුවව  සඳහා පත් කරන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ වැලි කැපීමට නොවේ. ඒ සමස්ත පද්ධතිය අධ්‍යනය කර නිර්දේශ ලබා දීමට. 

ඉතිං මල්කාන්තිට(පෙත්සම්කරු ඇය නම්) අනුව සංචාරක අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරින්ට මේ වැඩේ කරන්න බෑ. 

ඒක තමයි මේ ලියුමේ මම දැක්ක ලොකුම විහිලුව. 

තව විහිළු ගොඩක් මේකෙ තියෙනව. වැඩේ කියන්නේ ජනාධිපති ලේකම් කාර්‍යාලය මේ පෙත්සමට දක්වල තිබෙන ප්‍රතිචාරය හරි ඉහලයි. ඒක හරියට මල්කාන්තිගේ යෙහෙළියක් තම තනතුරෙන් යාළුකමට දුන්නු තෑග්ගක් කියලා තමයි තතු දන්නො කියන්නෙ..

මේ තමයි අපේ රටේ සංචාරක මණ්ඩලයට වෙලා තියෙන දේ. ..

දැන් ඒක හරියට ගමේ නාන ලිඳ ලඟ වගේ..

අපේ රට මෙහෙම තියෙන එකත් ලොකු දෙයක් දැන්නම්.

(නිලන්ත සත්සර ගමගේ ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අධිකරණ ස්වාධීනත්වය යනු නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පාලනයේ මූලික පදනමකි. ව්‍යවස්ථාදායකය සහ විධායකය තම බලතල සීමාව ඉක්මවා නොයන බව සහතික කිරීමේ අවසාන ආයතනික ආරක්ෂකයා වන්නේ ස්වාධීන අධිකරණයයි.
හමුදා කඳවුරක අවරුදු 30ක් පීඩනය මැද ජීවත් වුණේ.. 1982 අනීතික ජනමත විචාරණය අහෝසි කරන්න..
2026 අගෝස්තු 15 වැනිදා දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වීමේ 81 වැනි සංවත්සරය සනිටුහන් විය. එය ජපානය ආසියාව පුරා ගෙන ගිය විනාශකාරී ආක්‍රමණකාරී යුද්ධය අවසන් කළ සහ කලාපයේ නූතන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ඓතිහාසික අවස්ථාවකි.
ශ්‍රී ලාංකීය ඉංජිනේරු ක්ෂේත්‍රයත්, සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියත් ඒකාලෝක කළ පහන් ටැඹක් වූ මහාචාර්ය පී. ඒ. ඩී. සිල්වා (P. A. D. Silva) ශූරීන්ගේ අභාවය යනු සමස්ත දේශයටම පියවා ගත නොහැකි මහත් පාඩුවකි.
කියුබානු විප්ලවයේ පළමු ජාත්‍යන්තර සමුළුව “ෆිදෙල්: උරුමය සහ අනාගතය” විවෘත කිරීමේ අවස්ථාවේදී කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම් සහ ජනරජයේ ජනාධිපති මිගෙල් මාරියෝ දියාස්-කැනෙල් බර්මුදෙස් මහතා කළ ප්‍රධාන දේශනය
විදේශීය මාධ්‍ය සහ විවිධ පාර්ශ්ව මගින් එල්ල වන පදනම් විරහිත චෝදනාවලට එරෙහිව මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා සිටින විශේෂ ජනහමුවක් සහ මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.
මාලිමා දේශපාලනය සමග මහාචාර්ය අමරකීර්ති දේශපාලන මධුසමයකට පිවිසෙන්නේ අපූරු පැහැදිලි කිරීමක් සහිතවය.
"උතුරු සහ නැගෙනහිර පළාත්වල ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.."
විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ප්‍රධාන පුවත්

මහනාහිමිවරු විරුද්ධයි.. නීතීඥ ප්‍රජාව විරුද්ධයි.. ජනතාව විරුද්ධයි.. ජාත්‍යන්තරය විරුද්ධයි.. මේ කවුරු විරුද්ධ වුණත් රජය 22 ගේන්න අවදානම ගන්නවාලු..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට පීඩිත ජනතාව වෙනුවෙන් නොව, ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ දේශපාලන ආයු කාලය දීර්ඝ කර ගැනීමේ තුච්ඡ අරමුණින් ගෙන එන්නක් බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජපානයේ යටත් වීමෙන් වසර 81කට පසු: ආසියාව සැබවින්ම මිලිටරිවාදයේ සෙවණැල්ලෙන් ඔබ්බට ගොස් තිබේද?

2026 අගෝස්තු 15 වැනිදා දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වීමේ 81 වැනි සංවත්සරය සනිටුහන් විය. එය ජපානය ආසියාව පුරා ගෙන ගිය විනාශකාරී ආක්‍රමණකාරී යුද්ධය අවසන් කළ සහ කලාපයේ නූතන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ඓතිහාසික අවස්ථාවකි.

යුක්රේනය සතු Patriot මිසයිල තොග අවසන් වීමත් සමඟ බිම දැමූ රුසියානු මිසයිල දත්ත ප්‍රකාශයට පත් කිරීම අත් හිටුවයි!

යුක්රේන නිලධාරීන් උපුටා දක්වමින් Financial Times පුවත්පත සෙනසුරාදා(15) වාර්තා කළේ, රුසියානු මිසයිල බිම දැමීමට යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිවලට නොහැකි වීම හේතුවෙන්, එම පද්ධති මගින් විනාශ කළ රුසියානු මිසයිල සංඛ්‍යාව වාර්තා කිරීම යුක්රේන ගුවන් හමුදාව නතර කර ඇති බවයි.

22ට එරෙහිව නඩු වැලක් එයි.. දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකතුවී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම අරඹයි..

උපරිමාධිකරණයන්හි විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම වෙනුවෙන් සැකසූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂය, සිවිල් සංවිධාන සහ පුද්ගල වශයෙන් පෙත්සම් රැසක් ගොනු කිරීමට කටයුතු කරමින් සිටී.

දෙවන ලෝක යුද්ධයේ කොන්දේසි විරහිත යටත්වීමේ 81 වැනි සංවත්සරයේදී යසුකුනි යුද සිද්ධස්ථානය වන්දනා කළ ජපාන දේශපාලනඥයන්ට චීනයෙන් දැඩි විරෝධය

යසුකුනි යුද සිද්ධස්ථානය සම්බන්ධයෙන් ජපානය විසින් ගෙන ඇති අහිතකර ක්‍රියාමාර්ග පිළිබඳව චීනය දැඩි කනගාටුව පළ කරන අතර, ජපානයට එරෙහිව බරපතළ විරෝධතාවක් ඉදිරිපත් කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද(15) ප්‍රකාශ කළේය.

බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.

87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..

1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..

පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.