"ලියනගේ අමරකීර්ති කුලකයට" වැරදුණේ කොතැනද ?
මාලිමා දේශපාලනය සමග මහාචාර්ය අමරකීර්ති දේශපාලන මධුසමයකට පිවිසෙන්නේ අපූරු පැහැදිලි කිරීමක් සහිතවය.
ඒ අනුව ඔහු මෙරට ජාතික පුවත්පතක් සමග කළ සංවාදයක් තුළ කීයේ
"මා අනුර දිසානායක සමග එකඟතාවකට පැමිණියේ ඔහු ලෙනින්වාදයෙන් වියෝවූ නිසාය" කියාය.
මහාචාර්ය අමරකීර්ති නොදැන සිටියේ ලෙනින්වාදයෙන් නික්ම සිටිනා අනුර දිසානායක යන්නේ කොහේදැයි කියාය.
ඔහු හිතුයේ අනුර දිසානායක හතරැස් ලෙනින්වාදයෙන් නික්මී රවුම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණියා කියාය.
අද අමරකීර්ති මහාචාර්ය වෙත පටිසන් දී තිබෙනුයේ මහා සංස්කෘතිකවාදියෙක් වූ වී.අයි.ලෙනින් වැරදියට කියවා ගැනීමේ පාපකර්මයයි.
මෙරට බොහෝ බුද්ධිමතුන් ලෙනින් කියවා ගන්නේ සාර් දේශපාලන පවුල පමණක් නොව බල්ලාත් මරා දැමූ දෘඩ බොල්ෂෙවිකයෙකු ලෙස මිස තත්ත්වයන් තුළ කාර්යයන් කළ සංස්කෘතික මිනිසෙකු ලෙස නොවේ.
අද ආචාර්ය අමරකීර්ති ලෙනින්වාදී දේශපාලන ශෝකයකින් වැළපෙන්නේ, හතරැස් ජේවීපීකාරයන් දන්නේ රුසියානු සාහිත්‍යය ගැන මිස "ඇනා කැරනිනා" ගැන නොවේ කියාය.
ඔහු නොදන්නේ අද ජේවීපීකාරයන් දන්නා රුසියානු විප්ලවයක්ද නැත කියාය.
එසේම ඇනා කැරනිනා, එමා බෝවාරි, පමණක් නොව ඊවා ලූනා ද ලෙනින්වාදය තුළ ජේවීපීකාරයන්ට අකැපව නොතිබූ බවයි.
ලෝකය වෙත සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පැමිණියේ රුසියානු විප්ලවයට වඩා බිහිසුණු භීෂණයක් සහිතව බව මෙරට බොහෝ බුද්ධිමතුන්ට අමතක වූයේ මෙරට වැඩවසම් පක්‍ෂ දේශපාලනයට කඩේ යාම බඩ රස්සාව හෝ ඓතිහාසික සමාජ මෙහෙවර කොට ගත් නිසාය.
බුද්ධිමතුන් එසේ කළ සහ කරනා නිසා නූතන ජේවීපීකාරයන් කල්පනා කළේ බුද්ධිමතුන්ට ආතල් එකක් දිය යුතුය කියාය.
ඒ අනුව මහජන ප්‍රජාතන්ත්‍රවාදයකට පෙම්බැඳි බුද්ධිමතුන් පිරිසක් දක්කාගෙන අනුර දිසානායක ප්‍රමුඛ ජේවීපීකාරයන් අජූව වැඩවසම්වාදයට පසුබැස්සේ
"අපි දැන් සමාජවාදීන් නෙමේ!" කියාය.
මහාචාර්ය අමරකීර්තිලා, මහාකිවි රත්න ශ්‍රී විජේසිංහලා වැටුණේ එහෙම වළකය.
දැන් අමරකීර්ති මහාචාර්යවරයා විස්සෝපයෙන් කියන්නේ,
"සංස්කෘතික මිනිසෙකු හදමු කියා මාලිමා ආණ්ඩුවට කොච්චර කිව්වත් අහන්නේ නෑ!" කියාය.
ඒ මාලිමාවටත් ඕනෑ කෙහෙල්මල් සංස්කෘතික මිනිසෙකු නොව දැක්කිය හැකි දේශපාලන හරකෙකු බව නොවැටහෙනා නිසාය.
ලියනගේ අමරකීර්ති මේ කරනා පැහැදිලි කිරීම තුළ වඩාත් ප්‍රයෝජ්‍ය වටිනාකමක් තිබෙනුයේ, මෙරට වැඩවසම් පක්‍ෂ දේශපාලනය තුළ පොරකමින් සිටිනා දේශපාලන මිතුරු කැළ සමග හාදව හොඳ රටක් හදන්නට අපේක්ෂා කරනා මෙරට අහිංසක බුද්ධිමතුන්ටය.
එපමණයි.
2026.08.11
ජනමිත්‍ර මහජන සාමූහිකය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..