News Category
From Date
To Date
Maximum Number of Result

ඩොලර් මිලියන 100කට රට පාවා දෙන තක්කඩි..

Aug 12, 2026 at 08:19 AM
|

"උතුරු සහ නැගෙනහිර පළාත්වල ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.." 

මේ ඊයෙ නලින්ද ජයතිස්ස ඇමතිවරයා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඉතා සරලව කිසි ගානක් නැතිව කියපු කතාවක්...

ඇයි මේ මෙතෙන්ට " ඒකාබද්ධ" කියලා විශේෂණ පදයක් ඔබ්බවලා තියෙන්නෙ..?

මහින්දගේ කාලෙ කරා වගේ " නැගෙනහිර නවෝදය" , " උතුරු වසන්තය" වගෙ මේ ඩොලර් මිලියන 100 සංවර්ධන වැඩසටහන කරන්න බැරිද...? එහෙනම් ඒ ඇයි..?

ඒකාබද්ධ" (Merger) කියන්නේ මොකක්ද..?

මෙහි "ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන" යන්නෙන් අදහස් කරන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් දෙකම එකම ඒකකයක් ලෙස සලකා, එම කලාපයේ පොදු සංවර්ධන කටයුතු (ප්‍රතිසංස්කරණ, යටිතල පහසුකම් සංවර්ධනය හෝ ආර්ථික ව්‍යාපෘති) එකම සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කිරීම..

එදා 1987 ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාරව, උතුරු සහ නැගෙනහිර පළාත් දෙක එකතු කර "උතුරු-නැගෙනහිර පළාත් සභාව" නමින් එකම පරිපාලන ඒකකයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරනවා. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන සමයේ සුනාමි ව්‍යසනයෙන් පසු උතුරු-නැගෙනහිර සහන කටයුතු සඳහා සුනාමි සහන මණ්ඩලය (P-TOMS) පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවේදී ද 2005 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය එහි ඇතැම් වගන්ති ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලැබුවා.

නමුත්, උතුරු සහ නැගෙනහිර පළාත් දේශපාලනිකව සහ පරිපාලනමය වශයෙන් වෙන් කිරීමට (De-merger) ප්‍රධානම තීන්දුව ලැබුණේ 2006 වසරේදීයි. 

එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඇතුළු පස් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2006 ඔක්තෝබර් 16 වනදා ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කළේ 1988 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් හදිසි නීති රෙගුලාසි යටතේ මෙම පළාත් දෙක ඒකාබද්ධ කිරීම නීති විරෝධී සහ බලරහිත බවයි.

එම තීන්දුවෙන් පසු උතුරු සහ නැගෙනහිර පළාත් පාලන ඒකක දෙකක් ලෙස වෙන් කෙරුණා.

නැගෙනහිර පළාත සඳහා 2008 වසරේදී වෙනම පළාත් සභා මැතිවරණයක් පවා පවත්වනු ලැබුවා.

ඇස්, කන්, අත්, පා විතරක් නෙවෙයි, තමන්ගේ තරුණ ජීවිත පවා මහ පොළොවට දිය කරලා, තිස් වසරක සාපලත් බෙදුම්වාදී යුද්ධය නිමා කරලා ලංකාවේ වීරෝදාර රණවිරුවෝ රටේ ස්වෛරීභාවය , භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය වෙනුවෙන් කරපු අසමසම කැපකිරීම එක පෑන පාරකින් අතුගාලා දාන්න අද ආණ්ඩුව ලැස්ති වෙනවා.

එදා අධිකරණය නීතියෙන් වැළැක්වූ ඒ මහා පාවාදීම, අද ආණ්ඩුව "ඩොලර් මිලියන 100 ක" කුප්‍රකට ප්‍රතිපාදනයකට මුවා වෙලා, "උතුරු සහ නැගෙනහිර ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන" කියන ලස්සන ලේබලය යටතේ කැබිනට් පත්‍රිකාවකින් ක්‍රියාත්මක කරන්න හදනවා.

මොකක්ද මේ "ඒකාබද්ධ" කිරීමේ සැබෑ භයානකකම...?

පැහැදිලිව දේශපාලන බෙදුම්වාදයට පාර කැපීමක් මෙයින් සිදු වෙනවා. 

"ප්‍රාදේශීය සංවර්ධනය" කියන වචනවලින් වසා තිබුණත්, උතුර සහ නැගෙනහිර එකම සංවර්ධන කලාපයක් ලෙස ඒකාබද්ධ කිරීම හරහා සිදුවන්නේ බෙදුම්වාදීන් එදා ඉඳන් ඉල්ලපු "නිජභූමි" සංකල්පයට සහ ඒකාබද්ධ පරිපාලන ව්‍යුහයකට හොර පාරෙන් පදනම දැමීමයි.

යුද පිටියේදී දිනාගන්න බැරි වුණු "ඊළාම්" සිහිනය, අද දෙමළ ඩයස්පෝරාව සහ බටහිර බලවේග ඩොලර් මලු පෙන්වමින් මේ රටේ පාලකයන් ලවා ඉටු කරවා ගනිමින් සිටිනවා. 

කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත්තේ සංවර්ධනයක් නොව, රටේ ස්වෛරීභාවය පාවාදීමේ මූලෝපායික සැලසුමකි.

මේ සියලු පාවාදීම් මැද, ආණ්ඩුව හදිසියේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරළියට ගේන්නේ ඇයි...? 

තමන්ගේ දේශපාලන හෙංචයියන් සහ ගැත්තන් නීති ක්ෂේත්‍රයේ සහ ඉහළ අධිකරණ ව්‍යුහයන් තුළ ස්ථාවර කරගන්නයි. 

අපි අද ප්‍රශ්න කරනවා මේ හදන්නේ අනාගතයේදී උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කිරීම් වැනි රට බෙදන නීතිවිරෝධී ව්‍යාපෘතිවලට, තමන්ගේම හෙංචයියන් ලවා ශ්‍රේෂ්ඨාධිකරණයේ "නීත්‍යානුකූල" සහතිකයක් ලබා දෙන්නද? 

අධිකරණයේ ස්වාධීනත්වය බිඳ දමා, බෙදුම්වාදී න්‍යායපත්‍රවලට නීතිමය ආවරණ සපයන රූකඩ පාලනයක් නීති ක්ෂේත්‍රය තුළ නිර්මාණය කිරීම මේ 22 වන සංශෝධනයේ සැඟවුණු අරමුණ බව පැහැදිලියි නේද..?

ලංකාවත් තවත් ගාසා තීරයක් වන ලකුණු...

ඩොලර් මිලියන සියයකට හෝ දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද මලුවලට උතුර සහ නැගෙනහිර එකම පරිපාලන ව්‍යුහයකට ගාල් කළහොත්, මේ රට ගමන් කරන්නේ සදාකාලික යුද්ධයකටයි. 

භූගෝලීය වශයෙන් සහ දේශපාලනිකව ස්වයං පාලන ඒකක වෙන් කිරීම සහ පසුව ඇති වූ බාහිර බලපෑම් නිසා අද ගාසා තීරය පත්ව ඇත්තේ කුමන තත්වයකටද...? 

දේශසීමා අර්බුද, සදාකාලික මිසයිල ප්‍රහාර සහ ලේ වැගිරීම් හැර වෙනත් කිසිවක් එහි නැත. 

උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කිරීම හරහා ලංකාව තුළ නිර්මාණය කිරීමට මාන බලන්නේද එවැනිම ස්වයං පාලන "ඊළාම්" රාජ්‍යයක කලාපීය බෝම්බයකි

!සුඩානය සහ දකුණු සුඩානය:බාහිර බලවේගවල වුවමනාවට සහ ඩොලර් ප්‍රතිපාදනවලට රට කෑලිවලට බෙදා වෙන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද සුඩානයත්, දකුණු සුඩානයත් සදාකාලික සිවිල් යුද්ධයක සහ සාගතයක ගොදුරක් බවට පත්ව ඇත.

තුර්කි සහ ග්‍රීක වශයෙන් සයිප්‍රසය කලාපීයව බෙදා වෙන් කිරීමෙන් පසු දශක ගණනාවක් තිස්සේ එම දූපත් රාජ්‍යය පවතින්නේ නොවිසඳුණු, සාමය අහිමි වූ යුද කලාපයක් ලෙසය...

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා පසෙකලා, කැබිනට් තීරණ සහ ව්‍යවස්ථා සංශෝධන සෙල්ලම් මඟින් රටේ ඒකීයභාවයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මෙවැනි ඒකාබද්ධ කිරීම් සිදු කිරීමට ඉඩ දෙනවාද...?

එම කැබිනට් තීරණ වලට සමගාමීව තවත් තීරණ කිහිපයක් කැබිනට් එක අරගෙන තියෙනවා..

🔴 2006-08-01 දින සිට මෙරට යුද්ධය අවසන් වූ 2009-05-19 දින දක්වා අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ඉන්දියාව වෙත අවිධිමත් ව සංක්‍රමණය වූ  පුද්ගලයින් සඳහා තාවකාලික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කර, 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතට අනුව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව අනුමත තොටුපොළකින් රට තුළට ඇතුළු වීමට අවස්ථාව ලබා දීම.

මේ රටේ උපන් මිනිස්සු නැවත මේ රටට පැමිනීමට අප විරුද්ධ නෑ..

ඒත් කොහොමද මේ එකකට එකක් ලස්සනට ගැලපෙන විදිය..

අනුර කුමාර දිසානායක ජනාධිපති උනොත් කොටි ඩයස්පෝරාවේ රූකඩයක් වෙන බවට අප කැට තබා පැවසුවා මතකද...?

මේ එකින් එක සිදු වන්නෙ එය නොවේද...?

ඩොලර් මිලියන සියයකට රටේ අනාගතය පාවා දෙන, රට තවත් ගාසා තීරයක් කිරීමට සැරසෙන මේ දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව පෙළගැසීම සැබෑ දේශප්‍රේමීන්ගේ යුගයේ වගකීමකි..

දැන්වත් ඇස් ඇරලා බලපල්ලා...

- නිලන්ත සත්සර ගමගේ

සම්බන්ධිත පුවත් | Related News

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.
විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවත් සමඟ ලෝකය ක්‍රමයෙන් නිරාගමිකත්වය කරා ගමන් කරන්නේද යන්න පිළිබඳව සමාජයේ පවතින සංවාදය පදනම් කරගනිමින්, Next page යූටියුබ් නාලිකාව විසින් අලුත්ම වීඩියෝවක් නිකුත් කර තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.