News Category
From Date
To Date
Maximum Number of Result

භික්ෂු අධ්‍යාපනය බිම දැමීම සහ භික්ෂු නායකත්වය කෙළසීම..

Aug 8, 2026 at 08:30 AM
|

බටහිර රාජ්‍ය  තම  ආර්ථික, වෙළඳ, දේශපාලන  අරමුණු උදෙසා  , ආසියාවේ, අප්‍රිකාවේ  අධ්‍යාපනය  ස්වදේශිකයන්  චින්තනයෙන් සහ  ආර්ථික ජාතික  විමුක්තියෙන්  පාරාජිකාවන ලෙසත් , බටහිරයන්  ආර්ථිකයෙන්  වැඩෙන ලෙසත්  අධ්‍යාපනය හසුරුවා ඇත.

බටහිරයන්ගේ  කිතුණු ආදිපත්‍ය විසින් සිලෝන් හෙවත් සිංහලයේ  1810  දී  ශ්‍රී ලංකාවේ  විහාරස්ථාන 1000  ඉගැන්වීම තහනම් කොට ඇත.  ඒ වෙනුවට  පල්ලි ගොඩ නගා   පල්ලිවල  පාසල් ඉදිකොට ඇත.

 රටට එරෙහි, ජාතික ආභිමානය නැති  බටහිර යන්ට ගැති  මිනිසුන් බිහි කිරීම  ආරම්භ කළේ  මේ ආකාරයෙන්ය.

මෙම ක්‍රමය  අතීත  රතු ඉන්දියානුවන්ට  ආක්‍රමණික නව  ඇමරිකානුවන්  සිදුකොට ඇත.  රතු ඉන්දියානු දෙමව්පියන්ගෙන්  දරුවන් ඈත්කොට  , වෙනම කඳ උරු පිහිටුවා  එම කඳු උරුුළ  බටහිර ආහාර, ඇඳුම් පැළඳුම්, සංස්කෘතිය  අධ්‍යාපනය සමග  ලබාදුන්හ. මවුපියන්ගෙන් ඈත් කොට තැබූහ.

එම දරුවන්  පසුව බටහිර සංස්කෘතියේ  අනුගාමිකයෝ වූහ. 

1796 සිට  යාපනයේ සිටි  සිංහල වැසියන්ට    අධ්‍යාපනය ලබාදීම  සුදු ආණ්ඩුකාරවරු  ඉඩ දුන්නේ නැත.  යාපනයේ සිටි සිංහලයන්  කුල හීනයන් ලෙස සලකා  වහල් සේවයට යොදා ගත්හ.  අධ්‍යාපන ආර්ථික , අවස්ථා ලබා නොදුන්හ.

පසුකාලීනව  ඔවුන් කුලහීන  ද්‍රවිඩයන් ලෙස ද්‍රවිඩ සමාජයටම  අවශෝෂණය කිරීමට  බටහිරයෝ ක්‍රියා කළහ.

ඉන්දියාවෙන් ගෙන්වන ලද  ද්‍රවිඩයන්   වංශවත්  දමිලයන් ලෙස  ඔසවා තබා , අධ්‍යාපන, පරිපාලන, දේශපාලන, ව්‍යාපාරික    ලෝකයේ  උසස් තැන ලබාදීමට  බෙදුම්වාදී, ජාතිවාදී  එංගලන්ත සභාව සහ  බටහිරයෝ  ක්‍රියා කළහ.

අතීත  ලංකාවේ ස්වදේශික අධ්‍යාපනය  අධ්‍යාපනය ලෙස පිළිගන්නා ඒ  බෞද්ධ  අධ්‍යාපන ක්‍රමය පුරාණ ඉන්දියාවේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයට  සර්වප්‍රකාරයෙන්ම  සමීප විය.

සඟ පරපුරේ හෙවත්  බෞද්ධ භික්‍ෂුශාසනයේ  ඉතිහාසයත්  බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේ  ඉතිහාසයත් එකමය.  බෞද්ධ අධ්‍යාපනය  සංඝාරාම කේන්ද්‍රස්ථාන කොට   පැවතියේය. 

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ   සෙවනෙහි , දුටුගැමුණු කුමරුන්, තිස්ස කුමරුන් වැන්නෝද, ධාතුසේන රජතුමා, මුගලන් රජතුමා, මහ පැරකුම්බා ආදී රජවරුද  ශාසනික අධ්‍යාපනය මෙන්ම  සිල්ප ශාස්ත්‍ර හදාළේ ද        ආරාම ඇසුරු කරගෙනමය. 

ආරාමයන්ගෙන් බැහැරව  අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාවක්  බෞද්ධ ලෝකයෙහි නොවීය.

පුරාණ  මධ්‍යම යුරෝපයේ  රටවල අධ්‍යාපනය සෑම අංශයක්ම ඊළඟ පරපුර වෙත ලබා දුන්නේ  පූජක පක්ෂය විසින්ය. 

අනුරාධපුර *මහාවිහාර අධ්‍යාපන ක්‍රමයේ* අනෙකුත් අධ්‍යාපන ක්‍රමවලින් වෙනස් වූ ඉතාම සුවිශේෂී ලක්ෂණ 07ක් පහත දැකින්නට පුලුවන් .

වර්ථමාන භික්ෂූ අධ්‍යාපනයේ බිද වැටීමට පිළියම  ඒ අතීත ක්‍රම වේදයට  යලි පිවිසීමයි.

1. ත්‍රිපිටකය හා අටුවා කේන්ද්‍ර කරගත් අධ්‍යාපනය

   විනය පිටකය, සුත්ත පිටකය, අභිධර්ම පිටකය මෙන්ම සිංහල අටුවාද ගැඹුරින් අධ්‍යයනය කළේය.

2. ශීලය හා විනයට ප්‍රමුඛත්වය

   දැනුමට පමණක් නොව, භික්ෂුවගේ චරිතය, විනයානුකූල ජීවිතය සහ ආචාරධර්ම පවත්වාගෙන යාම අනිවාර්ය විය.

3. ප්‍රායෝගික භාවනා පුහුණුව

   ධර්මය ඉගෙනීම සමඟ සමථ හා විපස්සනා භාවනාව දිනපතා පුහුණු කළ අතර, දැනුම ප්‍රායෝගිකව ජීවිතයට එක් කළේය.

4. ගුරු-ශිෂ්‍ය සම්ප්‍රදාය

   ආචාර්ය භික්ෂූන්ගේ සෘජු මඟපෙන්වීම යටතේ දිගුකාලීනව අධ්‍යාපනය ලැබූ අතර, ශිෂ්‍යයාගේ ගුණධර්ම හා දැනුම දෙකම එකසේ සංවර්ධනය කළේය.

5. මතක ශක්තිය හා වාචික සම්ප්‍රදාය

   ග්‍රන්ථ කටපාඩම් කිරීම, ධර්ම දේශනා කිරීම සහ වාද විවාද තුළින් දැනුම තහවුරු කිරීම විශේෂ ලක්ෂණයක් විය.

6. බහු විෂය අධ්‍යයනය

   බුදු දහමට අමතරව භාෂා, ව්‍යාකරණ, තර්ක ශාස්ත්‍රය, වෛද්‍ය විද්‍යාව, ඉතිහාසය සහ අනෙකුත් ශාස්ත්‍ර ද ඉගැන්වූ අතර, පූර්ණ පඬිවරයෙකු බිහි කිරීම අරමුණ විය.

7. නිර්වාණය අරමුණු කරගත් අධ්‍යාපනය

   රැකියාවක් හෝ භෞතික සාර්ථකත්වයක් සඳහා නොව, ක්ලේශ දුරලීම, ප්‍රඥාව වර්ධනය කිරීම සහ නිර්වාණ සාක්ෂාත් කරගැනීම අධ්‍යාපනයේ උත්තරීතර අරමුණ විය.

මෙම ලක්ෂණ හතම එකට ගත් විට, මහාවිහාර අධ්‍යාපනය යනු දැනුම, ශීලය, සමාධිය සහ ප්‍රඥාව එකට වර්ධනය කරන පූර්ණ අධ්‍යාපන ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. 

වර්ථමාන විශ්ව  ම විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලා මෙහෙයවන්නේ   බටහිර සංවිධාන  බටහිර මිෂ නාරිස් සංවිධානවලින්ය.  එම නිසාව වර්තමාන භික්‍ෂූන්වහන්සේලාට  ථෙරවාදී සම්ප්‍රදාය  වැළඳ ගැනීමට අගය කිරීමට වඩා  , බටහිර රාජ්‍ය නොවන සංවිධාන හෝ  එම සංවිධානවල   ක්‍රියාකාරීන්ට   අවනත වී  ක්‍රියා කරන්නට   අවස්ථාව  සැලසී  ඇත

- හකුරුවෙල චන්දාලෝක හිමි 

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.