භික්ෂු අධ්‍යාපනය බිම දැමීම සහ භික්ෂු නායකත්වය කෙළසීම..
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
බටහිරයන්ගේ කිතුණු ආදිපත්‍ය විසින් සිලෝන් හෙවත් සිංහලයේ 1810 දී ශ්‍රී ලංකාවේ විහාරස්ථාන 1000 ඉගැන්වීම තහනම් කොට ඇත. ඒ වෙනුවට පල්ලි ගොඩ නගා පල්ලිවල පාසල් ඉදිකොට ඇත.
රටට එරෙහි, ජාතික ආභිමානය නැති බටහිර යන්ට ගැති මිනිසුන් බිහි කිරීම ආරම්භ කළේ මේ ආකාරයෙන්ය.
මෙම ක්‍රමය අතීත රතු ඉන්දියානුවන්ට ආක්‍රමණික නව ඇමරිකානුවන් සිදුකොට ඇත. රතු ඉන්දියානු දෙමව්පියන්ගෙන් දරුවන් ඈත්කොට , වෙනම කඳ උරු පිහිටුවා එම කඳු උරුුළ බටහිර ආහාර, ඇඳුම් පැළඳුම්, සංස්කෘතිය අධ්‍යාපනය සමග ලබාදුන්හ. මවුපියන්ගෙන් ඈත් කොට තැබූහ.
එම දරුවන් පසුව බටහිර සංස්කෘතියේ අනුගාමිකයෝ වූහ.
1796 සිට යාපනයේ සිටි සිංහල වැසියන්ට අධ්‍යාපනය ලබාදීම සුදු ආණ්ඩුකාරවරු ඉඩ දුන්නේ නැත. යාපනයේ සිටි සිංහලයන් කුල හීනයන් ලෙස සලකා වහල් සේවයට යොදා ගත්හ. අධ්‍යාපන ආර්ථික , අවස්ථා ලබා නොදුන්හ.
පසුකාලීනව ඔවුන් කුලහීන ද්‍රවිඩයන් ලෙස ද්‍රවිඩ සමාජයටම අවශෝෂණය කිරීමට බටහිරයෝ ක්‍රියා කළහ.
ඉන්දියාවෙන් ගෙන්වන ලද ද්‍රවිඩයන් වංශවත් දමිලයන් ලෙස ඔසවා තබා , අධ්‍යාපන, පරිපාලන, දේශපාලන, ව්‍යාපාරික ලෝකයේ උසස් තැන ලබාදීමට බෙදුම්වාදී, ජාතිවාදී එංගලන්ත සභාව සහ බටහිරයෝ ක්‍රියා කළහ.
අතීත ලංකාවේ ස්වදේශික අධ්‍යාපනය අධ්‍යාපනය ලෙස පිළිගන්නා ඒ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය පුරාණ ඉන්දියාවේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයට සර්වප්‍රකාරයෙන්ම සමීප විය.
සඟ පරපුරේ හෙවත් බෞද්ධ භික්‍ෂුශාසනයේ ඉතිහාසයත් බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේ ඉතිහාසයත් එකමය. බෞද්ධ අධ්‍යාපනය සංඝාරාම කේන්ද්‍රස්ථාන කොට පැවතියේය.
බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සෙවනෙහි , දුටුගැමුණු කුමරුන්, තිස්ස කුමරුන් වැන්නෝද, ධාතුසේන රජතුමා, මුගලන් රජතුමා, මහ පැරකුම්බා ආදී රජවරුද ශාසනික අධ්‍යාපනය මෙන්ම සිල්ප ශාස්ත්‍ර හදාළේ ද ආරාම ඇසුරු කරගෙනමය.
ආරාමයන්ගෙන් බැහැරව අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාවක් බෞද්ධ ලෝකයෙහි නොවීය.
පුරාණ මධ්‍යම යුරෝපයේ රටවල අධ්‍යාපනය සෑම අංශයක්ම ඊළඟ පරපුර වෙත ලබා දුන්නේ පූජක පක්ෂය විසින්ය.
අනුරාධපුර *මහාවිහාර අධ්‍යාපන ක්‍රමයේ* අනෙකුත් අධ්‍යාපන ක්‍රමවලින් වෙනස් වූ ඉතාම සුවිශේෂී ලක්ෂණ 07ක් පහත දැකින්නට පුලුවන් .
වර්ථමාන භික්ෂූ අධ්‍යාපනයේ බිද වැටීමට පිළියම ඒ අතීත ක්‍රම වේදයට යලි පිවිසීමයි.
1. ත්‍රිපිටකය හා අටුවා කේන්ද්‍ර කරගත් අධ්‍යාපනය
විනය පිටකය, සුත්ත පිටකය, අභිධර්ම පිටකය මෙන්ම සිංහල අටුවාද ගැඹුරින් අධ්‍යයනය කළේය.
2. ශීලය හා විනයට ප්‍රමුඛත්වය
දැනුමට පමණක් නොව, භික්ෂුවගේ චරිතය, විනයානුකූල ජීවිතය සහ ආචාරධර්ම පවත්වාගෙන යාම අනිවාර්ය විය.
3. ප්‍රායෝගික භාවනා පුහුණුව
ධර්මය ඉගෙනීම සමඟ සමථ හා විපස්සනා භාවනාව දිනපතා පුහුණු කළ අතර, දැනුම ප්‍රායෝගිකව ජීවිතයට එක් කළේය.
4. ගුරු-ශිෂ්‍ය සම්ප්‍රදාය
ආචාර්ය භික්ෂූන්ගේ සෘජු මඟපෙන්වීම යටතේ දිගුකාලීනව අධ්‍යාපනය ලැබූ අතර, ශිෂ්‍යයාගේ ගුණධර්ම හා දැනුම දෙකම එකසේ සංවර්ධනය කළේය.
5. මතක ශක්තිය හා වාචික සම්ප්‍රදාය
ග්‍රන්ථ කටපාඩම් කිරීම, ධර්ම දේශනා කිරීම සහ වාද විවාද තුළින් දැනුම තහවුරු කිරීම විශේෂ ලක්ෂණයක් විය.
6. බහු විෂය අධ්‍යයනය
බුදු දහමට අමතරව භාෂා, ව්‍යාකරණ, තර්ක ශාස්ත්‍රය, වෛද්‍ය විද්‍යාව, ඉතිහාසය සහ අනෙකුත් ශාස්ත්‍ර ද ඉගැන්වූ අතර, පූර්ණ පඬිවරයෙකු බිහි කිරීම අරමුණ විය.
7. නිර්වාණය අරමුණු කරගත් අධ්‍යාපනය
රැකියාවක් හෝ භෞතික සාර්ථකත්වයක් සඳහා නොව, ක්ලේශ දුරලීම, ප්‍රඥාව වර්ධනය කිරීම සහ නිර්වාණ සාක්ෂාත් කරගැනීම අධ්‍යාපනයේ උත්තරීතර අරමුණ විය.
මෙම ලක්ෂණ හතම එකට ගත් විට, මහාවිහාර අධ්‍යාපනය යනු දැනුම, ශීලය, සමාධිය සහ ප්‍රඥාව එකට වර්ධනය කරන පූර්ණ අධ්‍යාපන ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය.
වර්ථමාන විශ්ව ම විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලා මෙහෙයවන්නේ බටහිර සංවිධාන බටහිර මිෂ නාරිස් සංවිධානවලින්ය. එම නිසාව වර්තමාන භික්‍ෂූන්වහන්සේලාට ථෙරවාදී සම්ප්‍රදාය වැළඳ ගැනීමට අගය කිරීමට වඩා , බටහිර රාජ්‍ය නොවන සංවිධාන හෝ එම සංවිධානවල ක්‍රියාකාරීන්ට අවනත වී ක්‍රියා කරන්නට අවස්ථාව සැලසී ඇත
- හකුරුවෙල චන්දාලෝක හිමි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..