ආර්ථික ඉලක්කම් දිහා බලාගෙන ආතල් ගන්න, මිනිස්සු ඉන්න ආතල්ලන්තය.. අනුරගෙ ඉලක්කම් සෙල්ලම, ට්‍රිලියන 29 ක ණය කන්ද සහ මහ පොළොවේ කටුක යථාර්ථය..
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.
මේ ආදායම් වර්ධනය යනු රටේ නිෂ්පාදනය දියුණු වී හෝ අලුත් කර්මාන්ත බිහිවීමෙන් ලැබුණු එකක් නොව වැට් බද්ද (VAT) 18% දක්වා ඉහළ දමා, ජනතාවගේ දෛනික පාරිභෝජනය සූරා කෑමෙන් උපයාගත් ලේ-කඳුළු මිශ්‍ර ආදායමකි.
මෙහි සෘජු ප්‍රතිඵලය වී ඇත්තේ රටේ සමස්ත ජනතාවගේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව බිංදුවටම ඇද වැටීමයි.
මහ බැංකුවෙ අධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවල උදම් ඇනුවේ උද්ධමනය 5% සීමාවක පාලනය කරගෙන ජීවන වියදම පහත හෙළන බව කියමිනි.
නමුත් මහ බැංකුවේ සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත පෙන්වා දෙන්නේ මේ වන විට (ජූලි මාසය අවසන් වන විට) කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 7.3% දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
විශේෂයෙන්ම ආහාර උද්ධමනය 3.6% සිට 6.3% දක්වා එකවරම පාහේ දෙගුණ වී ඇත.
උද්ධමනය (Cost-Push Inflation) දරාගත නොහැකි ලෙස හිස ඔසවද්දී, සාමාන්‍ය පවුලකට වේල් තුන පියවා ගැනීම අද මහා අරගලයක් වී හමාරය.
අනුර හැමවෙලේම කියන්නෙ වර්තන වියදම් අඩු කරන බවයි...
ආණ්ඩුව නිතරම කයිය ගැසුවේ තමන් රාජ්‍ය නඩත්තු පිරිවැය හෙවත් වර්තන වියදම් (Recurrent Expenditure) අඩු කරන බවයි. නමුත් මධ්‍යම බැංකු වාර්තා දෙස බලන විට පෙනී යන්නේ වර්තන වියදම් තවදුරටත් දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 12% කට වඩා ඉහළ මට්ටමක පවතින බවයි...
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් නොවීම, අනවශ්‍ය දේශපාලන පත්වීම් සහ පරිපාලන නාස්තිය තවමත් රහසින් සිදුවේ.
ඔවුන් තමන්ගේ වියදම් අඩු කර නැත, කර ඇත්තේ ජනතාව පිට බදු පටවා තමන්ගේ සුඛවිහරණය නඩත්තු කිරීම පමණි.
මාස 7 කට ප්‍රාග්ධන වියදම් 16% යි..
රටක් සංවර්ධනය වෙන්නේ කොහොමද.. රටක දිගුකාලීන ආර්ථික වර්ධනය තීරණය වන්නේ යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ නව ව්‍යාපෘති සඳහා රජය කරන ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) මතය.
නමුත් වසරේ මාස 7 ක් (58% කට වඩා වැඩි කාලයක්) ගත වී තිබියදීත්, රජය වෙන් කළ ප්‍රාග්ධන වියදම්වලින් වැය කර ඇත්තේ 16% - 17% ක් වැනි ඉතාමත් සොච්චම් ප්‍රතිශතයකි.
ලබන වසර සඳහා ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් ට්‍රිලියන 2 ක් වෙන් කරන බවට දේශපාලන වේදිකාවලින් සුපුරුදු පරිදි පොරොන්දු ඇසුණද, වෙන් කළ මුදලින් 16% ක්වත් නිසි කලට වැය කරගන්න බැරි අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් තබාගෙන ඒ ගැන කතා කිරීම හුදෙක් ජනතාව මුලා කරන අනුරගෙ තවත් දේශපාලන පම්පෝරියක් පමණි.
ඩොලර් සංචිතවල ඇත්ත කතාව බැලු කල රට ණය උගුලෙන් ගැලවී ඇති බව ප්‍රකාශ කළද, මෑතකාලීන නිල මූල්‍ය වාර්තා අනුව මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 29.6 ක් (රු. බිලියන 29,675.😎 දක්වා දරුණු ලෙස ඉහළ ගොස් ඇත.
2024 වසර අගභාගය වන විට රුපියල් ට්‍රිලියන 28.7 ක්ව පැවති මේ ණය කන්ද, වත්මන් පාලන සමය තුළදී තවදුරටත් රුපියල් බිලියන සිය ගණනකින් බර වී තිබේ.
අනෙක් අතට, රටේ පවතින දළ නිල සංචිත (Gross Official Reserves) ඩොලර් බිලියන 6.8 ක මට්ටමක පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කරයි. නමුත් මේ සංචිත වර්ධනය වී ඇත්තේ රටේ අපනයන ආදායම සීඝ්‍රයෙන් වැඩි වීමෙන් හෝ සෘජු විදේශ ආයෝජන (FDI) ගලා ඒමෙන් නොවේ;
විදේශ ණය වාරික ගෙවීම තාවකාලිකව අත්හිටුවා (Debt Default) තැබීම නිසා රට තුළ ඩොලර් ඉතිරි වීමෙන්,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) වැනි ආයතන වලින් ලැබුණු සීමිත ණය වාරික නිසා,චීන මහජන බැංකුවෙන් ලබා දී ඇති යුවාන් (Swap) පහසුකම මේ සංචිත ගිණුම ඇතුළත රඳවාගෙන සිටීම නිසාය.
රටේ දේශීය ශුද්ධ සංචිත (Net International Reserves) තවමත් පවතින්නේ අවදානම් සහගත මට්ටමකය.
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වී ණය ගෙවීම් යළි ආරම්භ වූ සැනින්, අපනයන වර්ධනයක් නොමැතිව මේ පෙන්වන කෘතිම සංචිත සියල්ල දියවී යාමේ බරපතළ අවදානමක් පවතී.
මෙහි අවසාන ප්‍රතිඵලය වන්නෙ බදු බර සහ ණය කන්ද විතරක් ඉතිරි වන රටක් පමණි..
!මෙම අදූරදර්ශී මූල්‍ය කළමනාකරණය හේතුවෙන් රට ගමන් කරමින් තිබෙන්නේ භයානක කඩාවැටීමකටය...
ආණ්ඩුව ජනතාවගෙන් බදු මුදල් එකතු කර ඒවා රටේ නඩත්තු (පුනරාවර්තන) වියදම් සහ ණය වාරික ගෙවීමට පමණක් වැය කරයි නම්, රටේ යටිතල පහසුකම් දිනෙන් දින කඩා වැටෙනු ඇත.
රටේ සංවර්ධනය මැනිය යුත්තේ අනුරගෙ කයිය හෝ අයවැය ලේඛනවල ඇති පොරොන්දු ඉලක්කම්වලින් නොව, "වෙන් කරන මුදල් නිසි කලට, කාර්යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව මහ පොළොවේ වැය කර පෙන්වන ප්‍රායෝගික වැඩපිළිවෙලෙන්" පමණි.
(නිලන්ත සත්සර ගමගේ ගේ මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!
නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න..
මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..
රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම..
හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම..
විනිසුරු වයස ගැන තමාට කට වහගන්නැයි කියූ ප්‍රබලයා ගැන ලාල් විජේනායක හෙළිකරයි...
කැරපොත්තන්ගේ විරෝධතා පිටුපස සැබෑ සිසුන් නෑ?.. - විදේශීය මැදිහත්වීම් ගැනත් ප්‍රබල අනාවරණයක්..
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ තීරණයෙන් මාලිමාවේ අභ්‍යන්තර අර්බුදයක්..
පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුව අද..
ඉදිරි මාසවල ශ‍්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව උග්‍ර වෙනවා.. මානුෂීය අධාර අවශ්‍යයි..- Fews Net කියයි
කැරපොත්තන් ලැබුවේ පරාජයක් තරම් නරක ජයග්‍රහණයක්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික විරෝධය දක්වයි..
සෞදි අරාබියේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි – පුවත් වාර්තා පවසයි