චීනය ගිය මාසයේ ලොකු අනතුරකින් ලෝකයම බේරාගත් හැටි මෙන්න..
ලෝක ආර්ථිකයම කඩාගෙන වැටෙන්න ගියපු මහා තෙල් අර්බුදයක් ගැන ගිය මාසේ කතා වුණා මතකද? ඉරානයත් එක්ක ඇතිවුන යුදමය තත්ත්වය හින්දා "ගුවන් ගමන් ඔක්කොම නවතියි", "පෙට්‍රල් මිල පස්ගුණයකින් ඉහළ යයි", "මුළු ලෝකෙම කළුවරේ ඉන්න වෙයි" කියලා ලෝකේ ඉන්න ආර්ථික විශේෂඥයෝ හැමෝම අනාවැකි කිව්වා. මේ කතාවල කිසිම බොරුවක් තිබුණේ නෑ. ඒගොල්ලන්ගේ ගණනය කිරීම් හරියටම හරි.
හැබැයි පුදුමෙකට වගේ තාම එහෙම මහා විනාශයක් වුණේ නෑ! මේ ලෝක විනාශය වළක්වලා මුළු ලෝකයම බේරගත්තේ කවුද දන්නවද? ලෝකේ කවුරුත් හිතපු නැති කෙනෙක්... ඒ තමයි චීනයේ ජනාධිපති ෂී ජින්පිං! 🇨🇳
පුදුමම දේ තමයි චීනය මේ ලෝකය බේරගන්න වැඩේ කළේ කාටවත් නොකියා සම්පූර්ණයෙන්ම රහසිගතව. ඒ වගේම මේකෙන් වැඩියෙන්ම බේරුණේ චීනයේ ලොකුම හතුරා වෙන ඇමෙරිකාව! ඉතින් කොහොමද චීනය මේක කළේ? ඇයි එහෙම කළේ? අද අපි කතා කරන්නේ ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ මහා රහසක් වුන, චීනය තනියම ලෝකය බේරගත්ත ඒ අරුම පුදුම කතාව ගැන. 🛢️🌍
මේක තේරුම් ගන්න අපි ලෝකයේ තෙල් මාකට් එක වැඩ කරන විදිහ මුලින්ම බලමු. ලෝකයේ හැමදාම තෙල් බැරල් මිලියන 100 ක් නිෂ්පාදනය වෙනවා. ඒ වගේම දවසකට තෙල් බැරල් මිලියන 100 ක්ම මිනිස්සු පාවිච්චි කරනවා. මේකෙ කිසිම ඉතිරියක් නෑ. 🧮⛽
ඉරාන යුද්ධයත් එක්ක ඉරානය "හෝමුස් සමුද්‍ර සන්ධිය" වහලා දැම්මා. මේකෙන් දවසකට ලෝකෙට එන තෙල් බැරල් මිලියන 20 ක් එකපාරටම නැවතුණා! දැන් දවසකට නිෂ්පාදනය වෙන්නේ මිලියන 80 යි. ඒ කියන්නේ දවසකට මිලියන 20 ක හිඟයක්. මේ හිඟය නිසා මුළු ලෝකයේම කර්මාන්තශාලා, පියාසර කරන ගුවන් යානා වලින් 20% ක්ම නවතින්න තිබුණා!
ලෝකය මේකට මුහුණ දෙන්න ප්ලෑන් එකක් ගැහුවා.
සෞදි අරාබිය සහ UAE වල වෙනත් නල මාර්ග වලින් තෙල් බැරල් මිලියන 7 ක් ගෙනාවා.
ලෝකේ තියෙන හදිසි තෙල් සංචිත වලින් තෙල් බැරල් මිලියන 2.5 ක් දවසකට එළියට දැම්මා.
හැබැයි මේ ඔක්කොම කළත් තාමත් දවසකට බැරල් මිලියන 10-12 ක හිඟයක් තියෙනවා! ඒ මදිවට අර හදිසි සංචිතත් මාස කීපයකින් ඉවර වෙන්නයි යන්නේ. ලෝක විනාශය අත ළඟම තිබුණා.
මෙන්න මේ වෙලාවේ තමා ආර්ථික විශ්ලේෂකයෝ අමුතු දෙයක් දැක්කේ. චීනය දවසකට ආනයනය කරන තෙල් ප්‍රමාණය එකපාරටම හරි අඩකින් අඩු කරලා! 🪄🇨🇳
චීනය කියන්නේ ලෝකයේ වැඩිපුරම තෙල් පාවිච්චි කරන රට. ඔවුන්ගේ ආර්ථිකය දුවන්නේ තෙල් වලින්. හැබැයි මේ අර්බුදය ආපු ගමන් ඔවුන් දවසකට ආනයනය කරන තෙල් බැරල් මිලියන 5.5 ක් නතර කළා! (මේක මුළු ඉන්දියාවම පාවිච්චි කරන තෙල් ප්‍රමාණයටත් වඩා වැඩියි).
චීනය මේ විදිහට මාකට් එකෙන් අයින් වුන හින්දා, අර ලෝකෙටම තිබුන තෙල් බැරල් මිලියන 12 ක හිඟය, එකපාරටම මිලියන 5 කට විතර අඩු වුණා. මේකෙන් ලෝකෙට ලොකු සහනයක් ලැබුණා.
චීනය කිසිම තැනක "අපි මේක කළේ මෙහෙමයි" කියලා කිව්වේ නෑ. හැබැයි මම හොයාගත්තා ඔවුන් මේක කරපු හැටි. 🏭🔋
තෙල් අපනයනය තහනම් කිරීම : චීනය තමන්ගේ රටේ හදන පෙට්‍රල්, ජෙට් ඉන්ධන පිටරට යවන එක රහසිගතව තහනම් කළා.
ගල් අඟුරු : පරිසරය ගැන නොහිතා චීනය එකපාරටම ගල් අඟුරු බලාගාර 50 කට වඩා වැඩිකරලා, ප්ලාස්ටික් සහ පොහොර හදන්න තෙල් වෙනුවට ගල් අඟුරු පාවිච්චි කළා.
දුම්රිය සහ විදුලි කාර් : මිනිස්සුන්ට ගුවන් ගමන් වෙනුවට කෝච්චි වල යන්න පුරුදු කළා. ඒ වගේම චීනයේ පාරවල් වල තියෙන වාහන වලින් 25% ක්ම අද විදුලි වාහන. ඒ නිසා තෙල් ඉල්ලුම ගොඩක් අඩු වුණා.
හැබැයි මේකයි ලොකුම රහස! චීනය මේ හිඟය පියවගත්තේ තමන්ගේ හැංගිච්ච තෙල් සංචිත වලින්! චීනයේ මේ තෙල් ටැංකි වල ප්‍රමාණය රාජ්‍ය රහසක්. හැබැයි චන්ද්‍රිකා තාක්ෂණයෙන් බැලුවාම චීනයට අඩුම තරමේ තෙල් බැරල් බිලියන 1.4 ක සංචිතයක් තියෙනවා කියලා හොයාගත්තා. මේක මුළු ලෝකයේම අනිත් රටවල් වල තියෙන සංචිත ඔක්කොටම වඩා වැඩියි! 🛢️🤫
ඉන්දියාවට තෙල් තියාගන්න පුළුවන් දවස් 4 යි. යුරෝපයට දවස් 20 යි. ඇමෙරිකාවට දවස් 60 යි. හැබැයි චීනයට මේ තෙල් සංචිත වලින් අවුරුද්දකට වඩා පිටරටින් තෙල් ගන්නේ නැතුව ඉන්න පුළුවන්! 🤯
චීනය මේ තරම් තෙල් ගෙනාවේ කොහෙන්ද? ලෝකයේ ප්‍රධාන තෙල් නිෂ්පාදකයින් දෙන්නෙක් වෙන ඉරානය සහ රුසියාවට ලෝකයෙන් සම්බාධක දාලා තියෙන්නේ. කාටවත් එයාලගෙන් තෙල් ගන්න බෑ. 🇷🇺🇮🇷
හැබැයි චීනය රහසිගත නැව් පාවිච්චි කරලා හොරෙන් මේ තෙල් ඔක්කොම ගත්තා. මේක අහුවුණේ නැත්තේ ඇයි? ලෝකයේ තෙල් ගනුදෙනු වෙන්නේ ඇමෙරිකානු ඩොලර් වලින්. ඒ නිසා ඇමෙරිකාවට ඒ ගනුදෙනු බ්ලොක් කරන්න පුළුවන්. හැබැයි චීනය රුසියාවටයි ඉරානයටයි ගෙව්වේ චීන මුදල් වලින්. මේ නිසා ඇමෙරිකාවට මේ හොර ගනුදෙනුව පෙනුණේ නෑ. ඒකෙන් චීනය අඩු ගාණට තෙල් අරන් බිලියන ගාණක සංචිත හදාගත්තා!
චීනය තමන්ව ආරක්ෂා කරගන්න විතරක් නෙවෙයි මේක කළේ. මේ පිටිපස්සේ ලොකු ප්ලෑන් 4 ක් තියෙනවා. 🧠🔍
තායිවානය සහ මලක්කා සමුද්‍ර සන්ධිය : 🇹🇼
චීනයට එන තෙල් වලින් 80% ක්ම එන්නේ මලක්කා සමුද්‍ර සන්ධියෙන්. යුද්ධයක් ආවොත් ඇමෙරිකාව මේක වහලා දානවා. ඒකට මුහුණ දෙන්න තමයි චීනය මේ තරම් තෙල් හැංගුවේ. මේ පාර ඔවුන් ලෝකෙටම පෙන්නුවා "උඹලා පාරවල් වැහුවට අපිට ප්‍රශ්නයක් නෑ, අපිට අවුරුද්දක් වුණත් තෙල් නැතුව ඉන්න පුළුවන්" කියලා. (මේකෙන් තායිවාන ආක්‍රමණය තවත් ලේසි වෙනවා).
ඩොනල්ඩ් ට්‍රම්ප් ව බ්ලැක්මේල් කිරීම : 🇺🇸
ට්‍රම්ප් තෙල් මිල ගැන ගොඩක් හිතන කෙනෙක්. ෂී ජින්පිං සමහරවිට ට්‍රම්ප්ට කියන්න ඇති "මම තෙල් ආනයනය නැවැත්තුව නිසා තමයි උඹලගේ ආර්ථිකය බේරුණේ. මම ආයෙත් තෙල් ගන්න පටන් ගත්තොත් උඹලගේ තෙල් මිල අහසට යයි" කියලා. මේක ලොකු බලපෑමක්.
චීනයේ ආර්ථිකය බේරාගැනීම : 📦
චීනය කියන්නේ ලෝකෙටම බඩු විකුණන රටක්. යුරෝපයේ සහ අනිත් රටවල ආර්ථිකය කඩන් වැටුණොත් චීන බඩු ගන්න කෙනෙක් නෑ. ඒ නිසා චීනයට සිද්ධ වුණා අනිත් රටවල ආර්ථිකය බේරගන්න මේ තෙල් අර්බුදය තමන්ගේ පිටට ගන්න.
ලෝක තෙල් මිල පාලනය තමන්ගේ අතට ගැනීම : 🛢️👑
චීනය ලෝකෙටම පෙන්නුවා "ලෝකයේ තෙල් ඉල්ලුමෙන් 5% ක් එකපාරටම ඔන් කරන්නත්, ඕෆ් කරන්නත් අපිට පුළුවන්" කියලා. ඒ කියන්නේ සෞදි අරාබියට වගේම අද ලෝක තෙල් මිල තීරණය කිරීමේ මහා බලයක් චීනයටත් ලැබිලා ඉවරයි!
අවුරුදු 100 ක් තිස්සේ ලෝකයේ තෙල් බලවතුන් වුණේ ඇමෙරිකාව, රුසියාව සහ සෞදි අරාබිය. හැබැයි මේ අර්බුදයෙන් පස්සේ ඇමෙරිකාවට සහ රුසියාවට ලෝක තෙල් වෙළඳපොළ පාලනය කරන්න බෑ කියලා ඔප්පු වුණා. 🌟
ඒ වෙනුවට අලුත් බලවතුන් දෙන්නෙක් ආවා. එකක්, ලෝකයේ තෙල් සැපයුමෙන් 20% ක් එකපාරට නවත්වන්න පුළුවන් ඉරානය. අනිත් කෙනා, තනියම ලෝකයේ තෙල් අර්බුදයක් වළක්වන්න පුළුවන් චීනය!.
චීනය අද ලෝක තෙල් මිල පාලනය කරන, ඇමෙරිකාවටත් වඩා බලවත් 'තෙල් බලවතෙක්' බවට පත්වෙලා ඉවරයි. ඔවුන් මේ බලය ඊළඟට කොහොම පාවිච්චි කරයිද කියලා අපි බලන් ඉන්න ඕනේ.
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම..
හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම..
විනිසුරු වයස ගැන තමාට කට වහගන්නැයි කියූ ප්‍රබලයා ගැන ලාල් විජේනායක හෙළිකරයි...
කැරපොත්තන්ගේ විරෝධතා පිටුපස සැබෑ සිසුන් නෑ?.. - විදේශීය මැදිහත්වීම් ගැනත් ප්‍රබල අනාවරණයක්..
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ තීරණයෙන් මාලිමාවේ අභ්‍යන්තර අර්බුදයක්..
පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුව අද..
ඉදිරි මාසවල ශ‍්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව උග්‍ර වෙනවා.. මානුෂීය අධාර අවශ්‍යයි..- Fews Net කියයි
කැරපොත්තන් ලැබුවේ පරාජයක් තරම් නරක ජයග්‍රහණයක්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික විරෝධය දක්වයි..
සෞදි අරාබියේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි – පුවත් වාර්තා පවසයි
ඉරානයෙන් ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරට හදිසි මිසයිල ප්‍රහාරයක් – යුද උණුසුම යළිත් ඉහළට
ඊනියා සත්ව සුබසාධනය සහ සංස්කෘතික අනන්‍යතාවය: පනත් කෙටුම්පතක් හමුවේ පෙරහැර මංගල්‍යයේ අනාගතය අනතුරේද?
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම අල්ලසක්.. ජන මත විචාරණයක් අවශ්‍යයි" - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා
"අපි කිසිදු යුද්ධයක් ආරම්භ කළේ නැහැ.. යුක්‍රේනයට බටහිර භූමි ප්‍රදේශ අහිමි වීම වැළැක්විය නොහැකියි".. - රුසියානු ජනාධිපති පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්