News Category
From Date
To Date
Maximum Number of Result

“කැරපොත්තන් සහ ඊනියා දෙමළ ඊලාම් විමුක්ති කොටි” – 1 කොටස

Jul 30, 2026 at 03:22 PM
|

විරුද්ධත්වය යන්නෙන් සැමවිටම අදහස් කරන්නේ සන්නද්ධ ප්‍රචණ්ඩත්වය, තුවක්කු සටන්, සමූලඝාතන, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හෝ පුපුරණ ද්‍රව්‍ය සිටුවීම නොවේ. එම කාචයෙන් පමණක් ප්‍රතිරෝධය බැලීමට පුරුදු වී සිටින එල්ටීටීඊ සහ එහි ආධාරකරුවන් ඉන්දියාවේ කැරපොත්ත ජනතා පක්ෂයෙන් (සීජේපී) ඉගෙන ගත යුත්තේ ප්‍රචණ්ඩත්වයෙන් ඔබ්බට දේශපාලන විරෝධතා සඳහා වඩා නිර්මාණාත්මක හා ඵලදායී ආකාර ඇති බවයි.

කෙනෙකුගේ හිසට තුවක්කුවක් නොතබමින්, පුපුරණ ද්‍රව්‍ය පැළඳ නොගෙන අහිංසක සිවිල් වැසියන් සිය ගණනක් සමඟ තමන්වම මරා නොගෙන, බලයේ සිටින අයට විරුද්ධත්වය සන්නිවේදනය කිරීමට ගිණිය නොහැකි තරම් ක්‍රම තිබේ. එල්ටීටීඊයේ සහ තවදුරටත් ඉතිරිව සිටින එහි ආධාරකරුවන්ට මෙම “කැරපොත්තන්ගෙන්” බොහෝ දේ ඉගෙන ගත හැකිය.

ඉතිහාසය පෙන්නුම් කරන්නේ ලොව පුරා සිටින මිනිසුන් ඉතා නිර්මාණශීලී, සංකේතාත්මක සහ අහිංසාවාදී විරෝධතා උපත්‍රම සාර්ථකව භාවිතා කර ඇති බවයි. එවැනි ක්‍රම රාශියක් පවතින බවත් ඒවායේ ඵලදායී බව ඔප්පු වී ඇති බවත් එල්ටීටීඊය සහ එහි ආධාරකරුවන් තේරුම් ගැනීම වැදගත් වේ.

ඉන්දියාවේ දේශපාලන ඉතිහාසයේ, කැරපොත්තන් ජනතා පක්ෂය (CJP) සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනයට එපිටින් මතුවූ උපහාසාත්මක දේශපාලන ව්‍යාපාරයක් සඳහා හොඳම උදාහරණවලින් එකක් ලෙස මම දකිමි.

පක්ෂයේ වෙබ් අඩවියට අනුව, ව්‍යාපාරයට සම්බන්ධ වීමේ සුදුසුකම් අතරට පහත සඳහන් දෑ ඇතුළත් විය:

1.⁠ ⁠අධික සුදුසුකම් / අන්ත විරැකියාව

උපාධි, ඩිප්ලෝමා හෝ සහතික තිබියදීත් රැකියා අවස්ථා කිසිවක් නොලැබීම.

පළමු සුදුසුකම නම්, ඔබ සතුව කොපමණ උපාධි, ඩිප්ලෝමා හෝ සහතික තිබුණත්, ඔබ දැනට රැකියා විරහිත විය යුතුවීමයි.

වෙනත් වචන වලින් කිවහොත්, ඔබ ඉහළ සුදුසුකම් තිබියදීත් රැකියා සම්මුඛ පරීක්ෂණයකට ආරාධනා කරන ඇමතුමක් කිසිදා නොලැබූ කෙනෙකු විය යුතුය.

එනම්, ඔබ අධි සුදුසුකම් ලැබීම නිසා ඇති වන විරැකියාවෙන් පෙළෙනවා විය යුතුය.

සටහන: මෙම සුදුසුකම යාපනයේ සහ ශ්‍රී ලංකාව පුරා රැකියා සොයමින් දිගටම අරගල කරන බොහෝ රැකියා විරහිත උපාධිධාරීන්ට හොඳින් ගැලපේ.

හිටපු LTTE සාමාජිකයින් සහ LTTE ආධාරකරුවන් සාමාන්‍යයෙන් මෙම විශේෂිත මතවාදය නොදරයි. මගේ අදහස නම්, එල්ටීටීඊය අධ්‍යාපනය අගය නොකළ අතර, එහි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් උගත් පුද්ගලයින්ට ඇලුම් නොකළ බවයි. එබැවින්, LTTE සංවිධානය තුළ "අධික සුදුසුකම්" ලැබීම පිළිබඳ ප්‍රශ්නය මතු වූයේ නැත.

2.⁠ ⁠නිදන්ගත කම්මැලිකම / දේශපාලන කලකිරීම

පද්ධතිය හෝ රට වෙනස් කිරීමට ආශාවක් තිබීම, නමුත් ඔබේ ඇඳ හෝ බ්ලැන්කට්ටුවෙන් ඉවත් වීමට පෙළඹවීමක් නොමැති වීම.

දේශපාලන කලකිරීම සමඟ ඒකාබද්ධ වූ නිදන්ගත කම්මැලිකමෙන් ඔබ පීඩා විඳිය යුතුය.

ඔබ රට සහ දේශපාලන ක්‍රමය වෙනස් වීමට දැඩි ලෙස කැමති වුවද, එම වෙනස ගෙන ඒම සඳහා කුඩාම පියවරක් පවා ගැනීමට පෙළඹවීමක් ඔබට නොමැත.

කෙටියෙන් කිවහොත්, ඔබ ජාතිය පරිවර්තනය කිරීමට සිහින දකින අතර ඔබේ ඇඳේ සුවපහසුවෙන් ඉවත් වීමට පවා නොහැකි තරම් කම්මැලිව සිටී.

සටහන: මගේ මතය අනුව, මෙම සුදුසුකම එල්ටීටීඊයට හෝ එහි ආධාරකරුවන්ට අදාළ නොවේ.

ඒ වෙනුවට, ඔවුන් කැමති වන්නේ පද්ධතිය වඩ වඩාත් දූෂිතව හා බලය අනිසි ලෙස භාවිතා කිරීමට ගොදුරු වීමටයි, මන්ද එමඟින් ඔවුන්ට  ශ්‍රී ලංකාවේ දකුණ කේන්ද්‍රගතව පැවති බල මධ්‍යස්ථාන සමඟ දූෂිත අරමුණු සඳහා සාකච්ඡා කිරීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වන බැවිනි. එබැවින්, එවැනි තත්වයන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් දවසේ පැය 24 පුරාම, සතියේ දින හතේම වෙහෙස නොබලා වැඩ කරනු ඇත.

3.⁠ ⁠සෑමවිටම අන්තර්ජාලගතව සිටීම (“මාර්ගගත ජීවි”)

ඔබ කොතැනක සිටියත් ඔබේ අන්තර්ජාල සම්බන්ඡධතාවයට 24/7 ඇලී සිටීමට සහ එම අදහස් දැක්වීම සම්බන්ධයෙන් පළකෙරෙන කොමෙන්ටු සමග නිරතුරුව සටන්කරමින් සිටීම.

ඔබ නිරන්තරයෙන් ම අන්තර්ජාලයේ ජීවත් විය යුතුය.

ඔබ ලෝකයේ ඕනෑම තැනක ජීවත් වුවද, ඔබ ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවලට සම්බන්ධ වී සිටිය යුතු අතර, මාර්ගගත අදහස් දැක්වීමේ අවකාශයන්හි නිමක් නැති යුද්ධවල නිරන්තරයෙන් පෙරමුණේ සිටිමින් සටන්කළ යුතුය.

සටහන: මගේ මතය අනුව, මෙම ලක්ෂණය යුරෝපයේ සහ කැනඩාවේ ජීවත් වන බොහෝ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ට සහ ආධාරකරුවන්ට පරිපූර්ණ ලෙස අදාළ වේ.

සරණාගත ප්‍රතිලාභ, තනි මාපිය දීමනා, රජයේ නිවාස සහ ඔවුන්ගේ සත්කාරක රටවලින් වෙනත් සුභසාධන ආධාර ලබා ගන්නා අතරම, බොහෝ දෙනෙක් රැකියාවක් නොකිරීමට තීරණය කර ඇත. ඒ වෙනුවට, ඔවුන් එල්ටීටීඊයේ නාමයෙන් මුදල් එකතු කර, මත්පැන් සඳහා වියදම් කර, සමාජ මාධ්‍ය අදහස් දැක්වීමේ කොටස් හරහා “ඊලම” සඳහා නිමක් නැතිව සටන් කරති.

4. වෘත්තීය රැවටීම් / ‘මීම්' සෑදීම

දෛනික ප්‍රවෘත්ති, උද්ධමනය හෝ පාලක පද්ධතිය  කෙරෙහි ඇති ජනතා කෝපය, බලධාරීන්ට දෂ්ට කරන තියුණු, වෛරල්වන  'මීම්' බවට පත් කරන්නේ කෙසේදැයි දැන ගැනීම.

ඔබ වෘත්තීයමය වශයෙන් 'මීම්' නිෂ්පාදනය කිරීමට සමත් විය යුතුය.

ප්‍රවෘත්තිවල ආධිපත්‍යය දරන ඕනෑම කරුණක්',  එනම්, උද්ධමනය, දේශපාලන ක්‍රමයේ අඩුපාඩු හෝ වෙනත් ඕනෑම ජාතික ගැටලුවක් වේවා උපයෝගීකරගෙන, බලධාරීන් අපහසුතාවයට පත් කරන හෝ විවේචනය කරන තියුණු, වෛරල් 'මීම්' එකක් ඉක්මනින් නිර්මාණය කිරීමේ විශිෂ්ට හැකියාව ඔබ සතුව තිබිය යුතුය.

සටහන: මගේ මතය අනුව, එල්ටීටීඊයට මේ ආකාරයේ දේශපාලන උපහාසයක් කෙරෙහි එතරම් උනන්දුවක් නැත. ඒ වෙනුවට, ඔවුන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ගැටළු නරක අතට හැරෙන තත්වයන් කෙරෙහි ය. රටට හිතකර කිසිවක් සිදු නොවන බව සහතික කිරීම කෙරෙහි ඔවුන් ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වන බව පෙනේ.

එල්ටීටීඊ හිතවාදීන් ගාලු මුවදොර අරගල විරෝධතා ව්‍යාපාරයට ඇතුළු වූයේ කෙසේද කියා අපි ආපසු හැරී බලමු.

කැරපොත්තන් ජනතා පක්ෂය ලෙස හැඳින්වෙන උපහාසාත්මක දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ අභිජීත් ඩිප්කේ නම් තරුණයා, ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර්ගේ "මගේ ස්වයං චරිතාපදානය" පොත ඔහුගේ හිසට ඉහළින් තබාගෙන සිටියේය.

ගාලු මුවදොර ශ්‍රී ලංකාවේ අරගල විරෝධතා අතරතුර, එල්ටීටීඊ සාමාජිකයෙකු වූ ඉසයිප්‍රියාගේ ඡායාරූපයක් ඔසවාගෙන සිටි තරුණයෙකු මම දුටුවෙමි.

ඉන්ධන, ඉවුම් පිහුම් ගෑස්, විදුලිය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් රටම එක තැනක සිරවී සිටි මොහොතක, සාමාන්‍ය ජනතාව දිවි ගලවා ගැනීමට අරගල කරමින් සිටියදී, මෙම අරගල විරෝධතාව ස්වයංසිද්ධව මතු විය.

එසේ නම්, රටේ දිගුකාලීන අර්බුදයට ප්‍රධානතම දායකයෙකු ලෙස මා සලකන LTTE සංවිධානයේ සාමාජිකයෙකුගේ ඡායාරූපයක් එම අරගලභූමියේ ප්‍රදර්ශනය කිරීමට රටේ ආර්ථික බිඳවැටීම පිළිබඳ විරෝධතාවයකට සහභාගී වන අයෙකු තෝරාගත්තේ ඇයි? විශේෂයෙන් ම එම ගැටලුව අදාල  විරෝධතාවයට සෘජු සම්බන්ධයක් නොමැති අවස්ථාවක එවැන්නක් සිදුවූයේ කෙසේද?

ජන්තර් මන්තර් හි කැරපොතු ජනතා පක්ෂයේ විරෝධතාවයට සහභාගී වූ ඉන්දියානු තරුණයෙකු ඉන්දියාවේ තහනම් කර ඇති කාලිස්තාන සටන්කාමී ව්‍යාපාරයේ සාමාජිකයෙකුගේ ඡායාරූපයක් රැගෙන පෙළපාළි ගියේ නම් කුමක් සිදුවේදැයි මට සිතා ගැනීමටවත් නොහැකිය.

ඉන්දියානු තරුණයින් ආචාර්ය අම්බෙඩ්කාර් අගය කළ යුතු නායකයෙකු ලෙස හඳුනා ගනී.

කණගාටුවට කරුණක් නම්, ගාලු මුවදොරදී මෙම තරුණයා සිය පරමාදර්ශී නායකයන් ලෙස, ප්‍රභාකරන් සහ ඉසයිප්‍රියා තෝරාගෙන තිබෙන බව පෙනෙන්නට තිබීමයි.

- අරුන් සිද්ධාර්ථ්


සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.