ඉල්ලා අස්වූ රත්නශ්‍රී ට අලුත් ගීතයක් ලියන්න පොඩි නිමිත්තක්..
රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා ජවිපෙ/ මාලිමා ආණ්ඩුවෙන් ලැබුන දේශපාලන පත්වීමෙන් ඉල්ලා අස්වෙලාලු කියලා දැක්කා...
එතුමා අනුර/ ටිල්වින්/ බිමල් වැනි සහෝදරයන්ගෙන් බලාපොරොත්තු උන ලෝකය ලබෙන්නේ නැ කියලවත් සිතුවිල්ලක් ආවාද දන්නේ නෑ.
කලින් එතුමා බලාපොරොත්තු උනේ අනුර "සහෝදරයා" දළදාව "පාත" මාලයට වඩම්මවලා, ඉස්සර වගේ නැතිව නිළමේ, රදල, උඩ, පාත, ඇති, නැති, දේශීය, විදේශීය හැමෝටම එකසේ දළදා දැකගන්නට හැකි රටක්.
කෝකවෙතත්, එතුමාට අලුත් ගීතයක් ලියන්න පොඩි නිමිත්තක් තිබෙනවා මා ලඟ. පුලුවන් කෙනෙක් කරුණාකරලා මේක එතුමාට යවන්න. 👇👇
2025 comrade අනුර දිසානායක ජනාධිපති මූලික වෙලා පවත්වපු දළඳා ප්‍රදර්ශනයේ, ජනාධිපති සහෝදරයා දළදාව වැන්ඳේ සාමාන්‍ය අය ගියපු පෝලිමේ නොඉඳ, විශේෂ වරප්‍රසාදිත කෙනෙක් විදිහටනේ (කලින් අය වගේ නෙවේ හෙලිකොප්ටර් එක බෑවේ මාලිගාවේ අල්ලපු වත්තේ ජනාධිපති මන්දිරේට, එතනින් කෙලින්ම VVIP entrance එකක් හදලා ඇතුලට ගියේ).
සහෝදර ජනාධිපතිවරයා කරපු ඒ වැඩෙන් වෙන්න ඕනේ රත්න ශ්‍රී මහත්තයාගේ හිත ඉස්සර වෙලාම බිඳුනේ (මොකෝ අර දළදාව එක්ක එතුමාට තියන බැඳීම.. "පාත ඉඳන් අපි ආවේ" ගීතයට පදනම වුනු කතාව)
ඒ නිසා එදා සහෝදර ජනාධිපති එක්ක එකම පෝලිමේ ගිහින් දළදා බලන්න හිතාගෙන හිටිය සද්ධාවෙන් ඔද වැඩුනු ගැබිණි උපාසක මාතාවකගේ හෝ, පානම්පත්තුවෙන් ආපු ඩිංගිරි අම්මාගේ දෝණී සිරිපිනාගේ හෝ, 71 කැරැල්ලේ සටන් කරපු අද ඇවිදගන්න බැරිව කෙඩෑරි වෙලා ඉන්න වයසක සියාතු මාමාගේ චිත්ත සන්තානයේ, අනුර මැතිඳු VVIP ලෙස දළදා බැලූ හැටි දුටුවිට හටගත් සිතුවිලි ඔස්සේ තමයි මේ නව ගීතය ලියැවෙන්න ඕනේ.
මේක නන්දා මාලිනී නැන්දා ලවා ගීතය ගායනා කරවමු.
මොකෝ කියන්නේ?
(Sarathi Ratnayake ගේ මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉදිරි මාසවල ශ‍්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව උග්‍ර වෙනවා.. මානුෂීය අධාර අවශ්‍යයි..- Fews Net කියයි
කැරපොත්තන් ලැබුවේ පරාජයක් තරම් නරක ජයග්‍රහණයක්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික විරෝධය දක්වයි..
සෞදි අරාබියේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි – පුවත් වාර්තා පවසයි
ඉරානයෙන් ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරට හදිසි මිසයිල ප්‍රහාරයක් – යුද උණුසුම යළිත් ඉහළට
ඊනියා සත්ව සුබසාධනය සහ සංස්කෘතික අනන්‍යතාවය: පනත් කෙටුම්පතක් හමුවේ පෙරහැර මංගල්‍යයේ අනාගතය අනතුරේද?
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම අල්ලසක්.. ජන මත විචාරණයක් අවශ්‍යයි" - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා
"අපි කිසිදු යුද්ධයක් ආරම්භ කළේ නැහැ.. යුක්‍රේනයට බටහිර භූමි ප්‍රදේශ අහිමි වීම වැළැක්විය නොහැකියි".. - රුසියානු ජනාධිපති පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයකට යන්නැයි නීතීඥ සංගමය කියයි..
අලුතෙන් එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක බුද්ධාගම කියන පරිච්ඡේදය රැකුනොත් හොඳයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
වෙනත් අයගේ සිත් රිදේවි කියා දළදා පෙරහැර කොට කරන්න උගත්කමක් නැති අම්බරුවෝ සැරසෙනවා.. - උලපනේ හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්
කසාවත තුළ ගොඩනැගී තිබෙන ජාතික බලය සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණය ගැන අගලකඩ හිමිගෙන් සැර ප්‍රකාශයක්.. මඩ බළකායෙන් එල්ලවන තර්ජන ගැනත් හෙළිකරති..
විනිසුරු වයස වැඩි කිරීම හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක් .. මාලිමාවේ කිසි සාකච්චාවක් කලේ නෑ.. මට කට වහං ඉන්න කිවුවා..- මාලිමා නායකත්ව මණ්ඩල ලාල් විජේනායක
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය..