News Category
From Date
To Date
Maximum Number of Result

බ්‍රිතාන්‍ය යුවලකට හමු වූ ලංකාවේ සැගවුණු නගරයේ අභිරහස..

Jul 29, 2026 at 05:29 AM
|

අනුරාධපුරයේ සැඟවුනු නගරයේ තොරතුරු සාක්ෂි සහිතව ලෝකයට අනාවරණය කිරීමට බිතාන්‍ය ජාතක අඹුසැමි යුවලක් වූ රේමන් ඕල්චින් සහ බ්‍රිජට් ඕල්චින් කටයුතු කළ වූ බවත් ශ්‍රී ලංකාවේ අතීත ඉතිහාසයේ අමතක වී ගිය වැදගත් පරිච්ඡේදයක් නැවත මතුකරලීමට ඔවුන් සමත් වූ බවත් Next page අන්තර්ජාල නාලිකාව මගින් තොරතුරු අනාවරණයක් සිදුකරයි.

මෙරට සැඟවී තිබූ පැරණි නගරයක නටබුන් සහ එහි අභිරහස් තොරතුරු බ්‍රිතාන්‍ය ජාතික යුවලක් විසින් සොයාගනු ලැබූ බවත් මෙම සොයාගැනීමත් සමඟින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික උරුමයන් පිළිබඳව ජාත්‍යන්තරයේ මෙන්ම දේශීය වශයෙන්ද නැවතත් දැඩි අවධානයක් යොමුවූ බවත් එම නාලිකාව අනාවරණය කරයි.

සවිස්තරාත්මක වීඩියෝව පහළින්..


සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව යනු වසර දහස් ගණනක අඛණ්ඩ ලිඛිත ඉතිහාසයකට සහ ප්‍රෞඪ සංස්කෘතික උරුමයකට හිමිකම් කියන දේශයකි. මෙම සංස්කෘතික උරුමයේ අතිශය උතුම් හා පූජනීය සංකේතයක් වන්නේ පන්සල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඓතිහාසික පෙරහැර මංගල්‍යයන් ය.
‍1971 අප්‍රේල් කැරැල්ලේ 16වැනි සමරුව නිමිත්තෙන් වසර 1987 අප්‍රේල් 5වැනිදා රෝහණ විජේවීරගේ හඬපටයක් නිකුත් විය. එහි සඳහන් වූයේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක් ඇතිවී ඇති බවත් ඊළඟ අරගලය ඇතිවෙන්නේ ශ්‍රී ලංකාවෙන් බවය. ශ්‍රී ලංකාව දැන් විප්ලවයෙන් ගැබ්බරව සිටින බව එමගින් කියා සිටි විජේවීර වැඩිදුරටත් අවධාරණය කළේ දැන් අපි එළඹ සිටින්නේ අරගලයේ 11වැනි පැයට බවය.
ඇය නමින් එච්.කේ. කරුණාවතීය. සම්පූර්ණ නම කුකුළේ කංකානම්ගේ කරුණාවතී ය. පක්ෂය ඇයට කීවේ කළු අක්කා කියාය. උපත වසර 1960 නොවැම්බර් 29 වැනිදා ය. ඇය උපන්නේ මතුගම වළල්ලාවිට ප්‍රාදේශීය කොට්ඨාශයේ ඉත්තෑපානේ ය. හරියට ම කිවහොත් පහළවෙල පරෙයිගම හික්ගහවත්ත ය. පියා කේ.කේ. පීටර් ය. ඔහු ලංකා සමසමාජ පක්ෂයේ කලක් ක්‍රියාකාරිකයෙකි. කළු අක්කාගේ පවුලේ සොයුරු සොයුරියන් ගණන 6 කි. ඉන් තිදෙනෙක් ගැහැනු ය. තිදෙනෙක් පිරිමි ය. කළු අක්කා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයෙක් වූයේ 1978 දී ය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල දේශපාලනික හා සමාජයීය අරගල සංසන්දනය කිරීමේදී, පැනනගින ජන අරගලවල ස්භාවය, ඒවාට පාදක වන ඉල්ලීම්වල ස්වභාවය සහ රජයන් විසින් ඒවා විසඳන ආකාරය පිළිබඳව වැදගත් පාඩම් රැසක් ඉගෙන ගැනීමට තිබේ.
ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 7.6% කින් ඉහළ යමින් ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස පැවතියද, එමගින් සාමාන්‍ය ජනතාවට සහ තරුණ පරපුරට සැබෑ සෙතක් වී නොමැති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය සහ අක්ෂර කලාවේ විකාශනය පිළිබඳව නව මානයක් එකතු කරමින්, ලංකාවෙන් හමු වූ පැරණිම සිංහල (බ්‍රාහ්මී) අක්ෂර පිළිබඳ සොයාගැනීම සම්බන්ධයෙන් Next page අන්තර්ජාල නාලිකාව විසින් විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය බාහිර දේශපාලනික මොළකාරයෙකු විසින් සැලසුම් කරන ලද්දක් බවට වන මතවාදය පිළිගැනීමට නම්, ජනතාවට පහත සඳහන් අපහසු කාලරාමුව (an inconvenient timeline) අමතක කිරීමට සිදු වේ:
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු දකුණු ආසියානු සහ ගෝලීය දකුණේ බොහෝ රටවල ඉකුත් කාලසීමාවේ සිදුවූ මහජන අරගල සහ ආණ්ඩු පෙරළිවලින් පසු එම රටවල් යහපත් තත්ත්වයකට පත්වෙනවා වෙනුවට තවදුරටත් දැවැන්ත අරාජිකත්වයකට හා අගාධයට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ධුරය සඳහා නැවත වරක් වෛද්‍ය නොවන පුද්ගලයෙකු පත් කිරීමට සූදානම් වන බවට මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරයි.

ප්‍රධාන පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික විරෝධය දක්වයි..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි.

සෞදි අරාබියේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි – පුවත් වාර්තා පවසයි

විවෘත මූලාශ්‍ර පරිශීලනය කරන විශ්ලේෂකයින් චන්ද්‍රිකා ඡායාරූප සමාලෝචනය කරමින් සහ වෝල් ස්ට්‍රීට් ජර්නලය උපුටා දක්වමින් අදහස් දැක්වූ පර්සියානු ගල්ෆ් නිලධාරියෙකුට අනුව, සෞදි අරාබියේ විශාලතම බොරතෙල් තෙල් සැකසුම් මධ්‍යස්ථානයකට සඳුදා(27) ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි සිදුවී තිබේ.

ඉරානයෙන් ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරට හදිසි මිසයිල ප්‍රහාරයක් – යුද උණුසුම යළිත් ඉහළට

මැදපෙරදිග පවතින ඇමරිකානු–ඉරාන ගැටුම තවත් උත්සන්න කරමින්, ඉරානය ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරක් ඉලක්ක කර බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු නිලධාරීන් ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාරය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට අවස්ථාව ලබාදීම සඳහා දින කිහිපයකට පෙර ප්‍රහාර තාවකාලිකව නතර කළ පසු ඉරානය විසින් සිදු කළ පළමු සෘජු ප්‍රහාරය ලෙස සැලකේ.

​ඊනියා සත්ව සුබසාධනය සහ සංස්කෘතික අනන්‍යතාවය: පනත් කෙටුම්පතක් හමුවේ පෙරහැර මංගල්‍යයේ අනාගතය අනතුරේද?

ශ්‍රී ලංකාව යනු වසර දහස් ගණනක අඛණ්ඩ ලිඛිත ඉතිහාසයකට සහ ප්‍රෞඪ සංස්කෘතික උරුමයකට හිමිකම් කියන දේශයකි. මෙම සංස්කෘතික උරුමයේ අතිශය උතුම් හා පූජනීය සංකේතයක් වන්නේ පන්සල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඓතිහාසික පෙරහැර මංගල්‍යයන් ය.

"විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම අල්ලසක්.. ජන මත විචාරණයක් අවශ්‍යයි" - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ලද මාරාන්තික පහරක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අවධාරණය කරයි.

"අපි කිසිදු යුද්ධයක් ආරම්භ කළේ නැහැ.. යුක්‍රේනයට බටහිර භූමි ප්‍රදේශ අහිමි වීම වැළැක්විය නොහැකියි".. - රුසියානු ජනාධිපති පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්

යුක්‍රේන යුද්ධයේ වර්තමාන තත්ත්වය සහ යුක්‍රේනයේ භූමියේ අනාගතය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් විශේෂ අදහස් දැක්වීමක් සිදු කර තිබේ.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයකට යන්නැයි නීතීඥ සංගමය කියයි..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

අලුතෙන් එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක බුද්ධාගම කියන පරිච්ඡේදය රැකුනොත් හොඳයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිඥා දී තිබෙන එකම රට ශ්‍රී ලංකාව පමණක් බවත්, ඇතැම් ආගමික නායකයන් සහ දේශපාලනඥයන් තැන් තැන්වල පවසා ඇති කතාවල යටිපෙළ කියවා ගත හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ගෙන ඒමේ වැඩි ඉඩකඩක් පවතින බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ හෙළිකරති.

වෙනත් අයගේ සිත් රිදේවි කියා දළදා පෙරහැර කොට කරන්න උගත්කමක් නැති අම්බරුවෝ සැරසෙනවා.. - උලපනේ හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්

වර්තමානයේ පෙරහැර පවත්වන පිළිවල තීරණය කරන්නේ සංවිධායකවරුන් විසින් නොවන බවත්, එය පාතාලයන් විසින් සිදුකරමින් සිටින බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

කසාවත තුළ ගොඩනැගී තිබෙන ජාතික බලය සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණය ගැන අගලකඩ හිමිගෙන් සැර ප්‍රකාශයක්.. මඩ බළකායෙන් එල්ලවන තර්ජන ගැනත් හෙළිකරති..

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පවසයි.

විනිසුරු වයස වැඩි කිරීම හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක් .. මාලිමාවේ කිසි සාකච්චාවක් කලේ නෑ.. මට කට වහං ඉන්න කිවුවා..- මාලිමා නායකත්ව මණ්ඩල ලාල් විජේනායක

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඇති යෝජනාවට ජාතික ජන බලවේගයේ විධායක සභාවේ සාමාජික, නීතිඥ ලාල් විජේනායක මහතා සිය දැඩි විරෝධය පළ කර සිටියි.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පුද්ගල කේන්ද්‍රීය 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ සෑම අතකින්ම විරෝධය පළවී අවසන්.. - උදය ගම්මන්පිල

අද පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ලාල් කාන්ත ඇමතිකමෙන් එලවන තුරු අරගල කරනවා.. - අනුරාධ තෙන්නකෝන්

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් ලබන සිකුරාදා සිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව ජාතික ගොවිජන එකමුතුව නිවේදනය කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.