News Category
From Date
To Date
Maximum Number of Result

වසර 34ට පෙර අද වන් දිනක අභාග්‍යය සම්පන්න ලෙස වියෝ වූ බණඩාර K. විජේතුංග නම් අසහාය නිර්මාණකරුවා


අදින් වසර 34ට පෙර එනම් 1990 ජනවාරි මස 03 වන  අද වන් දිනක දිවි මඟේ අර්ධ ශතකය නිමවූ සැනින් අභාග්‍යය සම්පන්න ලෙස වියෝ වූ  ගීත රචකයකු, ලේකඛයකු, කවියෙකු, චිත්‍ර ශිල්පියකු, අකුරු නිර්මාණ සැලසුම් ශිල්පියකු, නිවේදකයකු, චිත්‍රපට ප්‍රචාරක සැලසුම් ශිල්පියකු සහ ගුවන්විදුලි නාට්‍ය රචකයකු ලෙස නොයෙක් ක්ෂේත්‍රයන්හි පෙළහර පෑ  ප්‍රවීණ ගීත රචක බණඩාර K. විජේතුංගයන් මෙසේ බැති සිත් පෙරදැරිව සිහිකරමු.

බණ්ඩාර කේ. විජේතුංග යනු පුරුෂ ප්‍රේමයේ වියෝගාවේග කදිමට ප්‍රකට කළ සාහිත්‍යවේදියෙකි.

රචනා කර ඇති ගීතාවලිය අල්ප වුව, ඔහු විසින් පළ කර තිබෙන ප්‍රේම චින්තාවලිය අසාමාන්‍ය ය. ස්වකීය ජීවිත අත්දැකීමක් යථා ස්වභාවයෙන් ම පුනරුච්චාරණය කරමින්, ඒ මත ම ගැටෙමින්, ඒ තුළ ම ජීවිතය දියකර හරිමින්, බණ්ඩාර කේ. විජේතුංග විසින් රචනා කරන ලද ගීතාවලිය මෙරට රසිකයන් ගේ සදාතනික මතක සටහන් වේ.

ඔහු ගේ ජීවන පුරාවෘත්තයට අදාළ ව විවිධ කතා තිබේ. ඒ තුළ තිබෙන්නේ නිහඬ ප්‍රේමාතුරයකු ගේ ළසෝ ගින්නකි. ස්ත්‍රිය, ස්ත්‍රිය ගේ ප්‍රේමය, පුරුෂයෙකු ගෙ ඇසින් දැකිය හැකි යථාවාදී ප්‍රවේශයක් බණ්ඩාර කේ. විජේතුංග ගේ ගීතවලින් උත්පාද කරගත හැකි ය.

භාෂාවෙහි රමණීයත්වය පිළිබඳ වද බණ්ඩාර කේ. විජේතුංගට තිබී ඇති අවබෝධය විශිෂ්ට ය. 

1939 ජනවාරි 28 වැනිදා කුරුණෑගල වැලිගන්වත්තේ දී උපත ලද ඔහුගේ සම්පූර්ණ නම සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජේතුංග විය.

බණ්ඩාර කේ. විජේතුංගයන් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බදුල්ලේ සාන්ත බීඩ් විද්‍යාලයෙනි. කොළඹ ආනන්ද විද්‍යාලයට 1953 වසරේ ඇතුළත්ව ඉංග්‍රීසි මාධ්‍ය‍ෙයන් ඉගෙනුම ලැබූ අතර ඔහුගේ පන්ති සගයන් වූයේ ජේ.බී. දිසානායක (මහාචාර්ය) , සුනන්ද මහේන්ද්‍ර (මහාචාර්ය), ඩී.බී. නිහාල්සිංහ (ආචාර්ය), අසෝක පොන්නම්පෙරුම (සිනමා නළු), විජේරත්න වරකාගෙඩ (රංගවේදී) ,එස්. සුබසිංහ (දිනමිණ හිටපු කර්තෘ) ,එල්මෝ ගුණරත්න (හිටපු ලංකාදීප කර්තෘ), නිහාල් රත්නායක (හිටපු ඩේලි නිව්ස් කර්තෘ), ජෝර්ජ් ලෙස්ලි රණසිංහ (හිටපු ලංකාදීප කර්තෘ) ඩී.ජී.සුමනසේකර (හිටපු නාලන්දා විදුහල්පති), සුමිත්ත අමරසිංහ (ප්‍රවීණ කැමරා ශිල්පී) ආදීන්ය. 

එකල ඔවුන්ගේ ගුරුවරුන් වූයේ කේ.ඩී. ද ලැනරෝල්, තිලක් රත්නකාර (මහාචාර්ය), ජේ.ආර්. පී. සූරියප්පෙරුම, ඩී.බී. කුරුප්පු, එම්.එච්.ගුණතිලක (මහාචාර්ය) , ආරිය රාජකරුණා (මහාචාර්ය) ආදීන්ය. 

මුලින්ම නිර්මාණ කාරියේ යෙදුණේ ආනන්ද කේ. විජේතුංග ලෙස ය. පසු කලෙක ප්‍රථම ප්‍රේමයේ වියෝවත් සමග බණ්ඩාර කේ. විජේතුංග නමින් යළි ඉපැදුණි.

ඔහු සරසවි පිවිසුම් විභාගයෙන් අනතුරුව ශ්‍රීලංකා මහ බැංකුවේ දත්ත සැකසුම් තනතුරට පත් විය.බණ්ඩාර එම කාල වකවානුවේම,සහන නිවේදකයෙක් ලෙසින් ගුවන්විදුලියේ සේවයට එක්වේ. 60 දශකයේ ආරම්භවූ හදමාමා ළමා වැඩසටහන ,සුමනා ජයතිලක සමග එක්ව ඉදිරිපත් කරමින්  හෙතෙම ළමා පරපුරරේ නැණස පාදන්නට මහත් මෙහෙවරක් ඉටු කළේය.

 කලාවට තිබෙන ආදරය නිසාම හැම පහසුකමක්ම තියෙන වැඩි වැටුප් සහිත රැකියාව අතහැර රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ප්‍රචාරක නිලධාරියාගේ තනතුර තෝරා ගත්තේය.

 චිත්‍රපට සංස්ථාව ආනයන කළ සියලුම හින්දි චිත්‍රපටවල ප්‍රචාරක කටයුතු කර ඇත්තේ බණ්ඩාරය. ‘අභිමාන්’ හා ‘ගීත්’ චිත්‍රපට දෙක එම්පයර් හා ක්‍රවුන් සිනමා ශාලාවල අඛණ්ඩව වසර 2 ක් ප්‍රදර්ශනය කිරීමට බණ්ඩාරගේ ගුවන් විදුලි වැඩ සටහන් ඇතුළු ප්‍රචාරක විධි ක්‍රම උපකාරී වී ඇත.

චිත්‍රපට සංස්ථාවේ ආරම්භක යුගයේ සංස්ථාවේ පෝස්ටර් හා පුවත්පත් දැන්වීම් නිර්මාණය කළේ ඔහු ය. ඔහු නිර්මාණය කළ සිංහල අකුරු මෝස්තර ද ගණනාවක් වෙයි. ලාංකික ගුවන් විදුලි නාට්‍ය ක්‍ෂේත්‍රයට විද්‍යා ප්‍රබන්ධ නාටක රචනා කිරීමේ මූලිකයා ද ඔහු ය. 

කවියකු වූ බණ්ඩාර ‘නෙත් දහස’ කවි පොත ලියූ අතර 

අජන්තා රණසිංහගේ ‘තිවංක රේඛා’, අමරනාත් ජයතිලකගේ ‘චිත්‍රපට අධ්‍යයනය’ ඇතුළු පොත් කිහිපයක පිට කවර ද චිත්‍රපට නාමාවලිය හා චිත්‍රපට පසුබිම් දෙබස් ද කියා ඇත. ‘

හාර ලක්ෂයේ’ චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට, ‘සොරුන්ගෙත් සොරු’ හි රොඩ්නි ජොන්ක්ලස්ට මෙන්ම චිත්‍රපට නළුවන් රැසකට හඬ කවා ඇත. 

‘හඳයා’ හි ඔහු චරිතයක් ද රඟපෑවේය. ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු වූ බණ්ඩාර සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ ‘මකරාගේ තානායම‘ ගුවන් විදුලි නාට්‍යයේ සුදු රැවුලාගේ චරිතය ප්‍රාණවත් කළේය.

ලංකාවට සිංහල හයිකු කවි හඳුන්වාදීමේ ගෞරවය ද හිමිවන්නේ ඔහුට ය.

“මමයි දුම්රිය

ඇයි ඔබ පිපුණේ රේල් පීලිමත”

චිත්‍රානි

පෙරුම්පුරා බස් නැවතුමට

ආ සඳ

‘එකසිය දොළහ’ ඔබ ගිලගෙන

බණ්ඩාරේ ගේ ඒ හයිකූ කව ඔහුගේ සංවේදිභාවය පිළිබඳ බොහෝ මතකයන් අප හදෙහි අවදි කරවමින් අද ද අප සසල කරවයි.

1969 අගෝස්තු 6 වන දින ,ඔහු යුගදිවියට පත්වන්නේ ඉංග්‍රීසි ගුරුවරියකවූ කල්‍යාණි  සමරවීර සමගය.උමා ඉන්දීවරී බණ්ඩාර මෙම යුවලගේ එකම දියණිය වීමේ  වාසනාව ලැබුවාය

හිතුවක්කාර, විප්ලවවාදී චරිතයක් වූ , මේ අප්‍රමාණ මිනිසා 1990 ජනවාරි 03 වෙනිදා රෝගාතුරව රෝහලට ඇතුළත් කරනු ලදුව එදින පස්වරු 5ට ජීවිතයෙන් සමු ගත්තේය.

බණ්ඩාර මියගිය පසු පළ වූ “සුළඟ වගේ ඇවිදින්” ගී පදමාලා කෘතියට 2001 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

සිංහල ගීත සාහිත්‍යයේ වැඩිවශයෙන් ම ශ්‍රවණය  කරන්නට ලැබෙන්නේ ප්‍රේම සහ ප්‍රිය – විප්‍රයෝග සංකල්ප තේමා කර ගත් ගීතයන්ය.එනමුදු බණ්ඩාර සිය ගීත ප්‍රස්තුත සදහා ප්‍රේමය,විප්‍රලම්භය කෙරෙහි නැඹුරු වුවද,ඔහු ඒවා ඉදිරිපත් කරන්නේ මහත් සංයමයකින් යුතුව ,නව්‍ය දෘෂ්ටිකෝණයකිනි.

හෘදයාංගම වූ ප්‍රේම හැඟීම් ධ්වනිත කරන,සෞන්දර්යයෙන් අනූන ගීත සම්ප්‍රදායක් බිහි කරන්නට බණ්ඩාරයන් දැක්‌වූ කුසලතාවය ප්‍රශස්තය

අසම්මත පෙම්වතුන්ගේ සිතුම් පැතුම්,චර්යා රටා ,ඔවුනගේ හද ගැහෙනා රාවය, ප්‍රේමයෙන් පරාජිතවූවන්ගේ  සිත් තැවුල් බණ්ඩාරයන් ඉතා සියුම් අන්දමින් සිය ගී පදවැල්හී දවටන්නේ, තත් අත්දැකීම් ශ්‍රාවක සන්තානයනයන් ප්‍රකම්පනයට පත්කරවන ලෙසිනි.

ගීතයක මුඛ්‍ය අරමුණ විය යුත්තේ  ,ශ්‍රාවකයා   ආනන්දයෙන් ප්‍රඥාව වෙත යොමු කිරීම බවට  පැරණි ඇඳුරන් පෙන්වාදී  ඇති න්‍යාය ,ගීත නිර්මානයේදී බණ්ඩාර ගුරුතන්හී  තබා කටයුතු කල සෙයක් ඔහුගේ නිර්මාණයන් තුළින් අපට ගම්‍යවේ.ඔහුගේ ගීත  නිර්මාණ මගින් ජීවිතය පිළිබදව  පුළුල් දැක්මක් ගොඩනගා ගන්නට ශ්‍රාවකයාට අවස්ථාව සැළසේ.

ඔහුගේ  පදවැල් අතුරින් කිහිපයක් මෙසේ සටහන් කරමු.

එච්.ආර්. ජෝතිපාල ගැයූ ‘මහද නමැති වනබඹරා’

වික්ටර් රත්නායක ගයන ‘සඟවා ගනු මැන’

‘සබඳකමක් නැති’ (නීලා වික්‍රමසිංහ) 

මිහිදුම් සළු තිර’ (සුනිල් එදිරිසිංහ - නීලා වික්‍රමසිංහ)

‘ක්‍රිස්ටෝපර් පෝල් ගැයූ ‘රුවන් තොරන් තනා'

සනත් නන්දසිරි ගැයූ 

'මහද පෙම් විලේ',

දිනෙන් දින ඔබ මා වෙතින්,

කිසිවක් නොකියන කිසිවක් නොඅසන

‘හමුවෙමු සුවබර තවත් සැඳෑවක’- සනත් හා මල්කාන්ති

මිල්ටන් මල්ලවාරච්චි ගැයූ 

‘ඔබයි මමයි මැවූ සිහින’  

සඳ උතුරා ගංගාවේ  සහ​

ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්

සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘ශ්‍රී මදාරා’ චිත්‍රපටයේ ‘විල්ලුද පලසේ මිණි ඕවිල්ලේ’

සුනිල් ආරියරත්නගේ ‘පොඩි මල්ලී’ චිත්‍රපටයට ‘උපුල් නුවන් වසා - සවන් බඳුන් පුරා

ආදර කතාව චිත්‍රපටයේ 'සුනිල්වන් වළා'

පරාක්‍රම ද සිල්වාගේ ‘බිත්ති හතර’ චිත්‍රපටයේ ‘සිතුවිලි සිර මැදුරේ,'අතීත සිහිනය මිය යන්නේ'

සේන සමරසිංහගේ ‘ආශා දෑසින්  චිත්‍රපටයේ’ ‘විකසිත පැතුමන් ඔබේ ලයේ’

මධුසමය’ චිත්‍රපටයට  මාලිනී බුලත්සිංහල ගැයූ මාද ඔබම විය  ගීතයට 

1992 වසරේ හොඳම ගීත රචකයා ලෙස ජනාධිපති හා සරසවිය සම්මාන දිනා ගත්තේය.

(ගාමිනි කාරියවසම්, රන් ජිත් කුමාර, ලාල් සෙනරත්, සුනිල් ආරියරත්න සැපයූ ලිපි ඇසුරෙන්) 

සකස්කලේ
- නිර්මලී නේත්‍රා මාකලන්ද



සම්බන්ධිත පුවත් | Related News

රනිල් නුවරඑළියට ගිය වෙලාවක වතුකරයේ, මිනිස්සු ඉස්සරහ මම අද සිට ඔබේ වැටුප 1700 ට ඉහල දානවා කීවා.
පන්සිල් නෑ, දිව්‍යලෝක අපායවල් නෑ,
නැවතී රැකියාව කළ හැකි රියැදුරු මහත්මයකු අවශ්‍යයි.
“Devon 5” බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 6 වනදා තංගල්ල ධීවර වරායෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා යාත්‍රා කොට තිබුනේ ධීවරයන් 6 දෙනෙකුද සමගිනි.
මේ පින්තුරයේ ඉන්න කෙනා නමින් නාමලී හේරත්. මෙයාව කුරුණෑගල අවට අය දන්නේ "ජංගි නෝනා" කියන අන්වර්ථ නාමයෙන්. ඔයාලට හිනා ගියා නේද? ඒත් ඒක තමයි ඇත්ත.
ලංකා සිවිල් සේවයේ සී.ජේ.ආර්. ලෙම්‍සිය විසින්, ලංකාවේ වැදි ජනයා පිළිබඳ කළ පර්යේෂණයක් ඇසුරෙන්, 1886 අංක 32, ix වෙළුම දරන රාජකීය ආසියාතික කලාපය වෙත ඉදිරිපත් කළ ලිපියකි.
ජලය, විදුලිය, ටෙලිකොම්, රක්ෂණය ඇතුළු ජනතාවගේ අහිමිකළ නොහැකි අයිතීන් වන ජාතික සම්පත් ජනතාවට අහිමිකරන ප්‍රතිපත්ති හා මග එන පනත්වලට එරෙහිව අත්සන් දසලක්ෂයේ පෙත්සම අත්සන් තැබීම ජුනි 28 දින (අද) දහවල් 2 ට මරදාන දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත් වේ.
රාජපක්ෂලා හෝ වෙන එකෙක්, ඊයේ ගුරුවරුන්ට ජලප්‍රහාර කදුළු ගෑස්,ගහලා අද දළදා මාළිගාවට ගිහිං මහනායකලාත් මුණ ගැහුනොත් රටේ කොහොම තත්වයක් තියෙයිද ?
රනිල්, මවුබිමේ ගොවියන්ට උරුමය සින්නක්කරව දෙන්න වෙහෙසෙන විට මට නම් හිතෙනිනේ රනිල් මතු බුදුවෙන්න පෙරම් පුරනවා කියලයි.

ප්‍රධාන පුවත්

ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් විමල්ගෙන් අතුරු පෙත්සමක්

"ජනාධිපතිවරණය කල් දමන්න" නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අතුරු පෙත්සමක් ගොනු කර තිබේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ අභිප්‍රාය වුයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමා කිරීම බව ඇතුළු කරුණු දක්වමින් ජානිපෙ නායකවරයා විසින් මෙම අතුරු පෙත්සම ගොනුකර ඇත.

අරාබි මුහුදේ සිට එන, බෙංගාල බොක්කේ සිට එන, අත්ලාන්තික් සාගරයේ සිට එන සුළං ධාරාවල පහස විඳින්න අපි කැමැතියි.... ඒත් ඒ සුළඟට රුවන්වැලි සෑයේ කොත හොල්ලන්න අපි ඉඩ තබන්නේ නැහැ - මහාචාර්ය චන්න ජයසුමන

මේ රට ශ්‍රී ලංකාව බවත්, අමුතුවෙන් සිංගප්පූරුවක්, අයර්ලන්තයක් හෝ මැලේසියාවක් මෙහි සෑදිය යුතු නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

25,000 ඉල්ලා රාජ්‍ය සේවයේ ලක්‍ෂ 8ක් අද සහ හෙට ලෙඩ වෙති

විධායක මට්ටමේ නිලධාරීන්ට රජය මගින් ලබාදීමට එකඟ වී ඇති රුපියල් 25,000ක දීමනාව සමස්ත රාජ්‍ය සේවකයන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති 300කට ආසන්න වෘත්තීය සමිතිවල සාමාජිකයන් අද සහ හෙට (08 දා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීමට තීරණය කර ඇත.

මාලිමාව ගැහැණු එජාපයක් වෙලා... ජනපති සටන සර්වජන හා එජාපය අතර

සමගි ජන බලවේගය යනු එජාපයේ එකම දරුවා බවත්, පොහොට්ටුව යනු එජාපයේ වලිගය බවත්, මාලිමාව යනු ගැහැණු එජාපයම බවත් පවසන සර්වජන බලය විධායක සභික, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය එජාපය සහ සර්වජන බලය අතර සටනක් බව පවසයි.

ඉදිරියටත් බැසිල්ගේ සහාය රනිල්ට

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

හෙට වැඩවර්ජන මාලාවක්

රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් රැසක් එක්වී එළඹෙන සඳුදා (08) සහ අඟහරුවාදා (09) දෙදින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ.

සර්වජන බලයේ උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත ජනතා සංවාදයට ඉදිරිපත් කරයි

"සර්වජන බලය දේශපාලන එකමුතුව, "සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් තම "උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" අද(06) ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කරනු ලැබීය.

ඇමැති කංචනගේ තීරණ නිසා මෙගාවොට් 70ක සූර්ය බල ව්‍යාපෘති අකර්මණ්‍ය වුණා...සෝලාවලට ගෙවන ගණන් අඩු කළේ නව විදුලිබල පනතට පිටින් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

විදුලිබල ඇමැති කංචන විජේසේකරගේ හිතුවක්කාර තීරණය හේතුවෙන් මෙගා වොට් 70කට ආසන්න සූර්ය බල ව්‍යාපෘති අකර්මණ්‍ය වී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (5 දා) චෝදනා කළේය.

මෙතෙක් පැවැති රුසියානු-චීන සබඳතා 'හොඳම' මට්ටමට පැමිණ තිබෙනවා - පුටින්

"රුසියානු-චීන සබඳතා, අපගේ විස්තීර්ණ හවුල්කාරිත්වය සහ උපායමාර්ගික සහයෝගීතාවය ඉතිහාසයේ හොඳම කාල පරිච්ඡේදය පසුකරමින් සිටිනවා මෙන්ම අපි ශක්තිමත් පදනමක් සහිතව නැවත නැවතත් මේ බව ප්‍රකාශ කර තිබෙනවා." වැල්දිමිර් පුටින් පැවසීය. ඔවුන් "සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ එකිනෙකාගේ පරමාධිපත්‍යයට ගරු කිරීම යන මූලධර්ම මගින් මඟ පෙන්වනු ලැබේ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයෙන් ආචාරය පුදකරයි

බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ජනාධිපති Luis Arce, හිටපු ජනාධිපති Evo Morales සහ බොලිවියානු ජනතාවට ආචාර පුදකර සිටින බව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.

නඩුව වැරදියි... ජනමත විමසුමකින් තොරව ජනපතිවරණය කල් දාන්න බෑ - උදය ගම්මන්පිල

ජනමත විචාරණයකින් තොරව එලඹෙන ජනපතිවරණය කල් දැමීමට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනපතිවරණය කල්දාන්න උසාවි ගිය 'ලේනව' ගැන තොරතුරු එළියට... තැඹිලි ගෙඩියෙන් පාර්ලිමේන්තු යන්න ගිහින්

ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරනතුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද සී.ඩී. ලේනව සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.

SI මරන්න දුන් කොන්ත්‍රාත්තුවට PHI මරාදැමුවා ද? - PHI ඝාතනයේ තොරතුරු රැසක් එළියට

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාට ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයෙක් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ජනපතිගේ ධුර කාලය: මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර තිබේ.

සිංහල බෞද්ධයාගේ ජන්ද මංකොල්ල කෑ අයට එරෙහිව ජාතිකවාදී කදුවුරට නීතිඥ නුවන්ගෙන් ප්‍රහාරයක් (වීඩියෝ)

ගම්මාන කිහිපයක් 2017 යහපාලන ආණ්ඩුව සමයේ වවුනියාව දිස්ත්‍රික්කයෙන් ඉවත්කර උතුරු මැද පළාතට එකතුකර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වවුනියාව දිස්ත්‍රික්කයේ සිංහල හා දෙමළ ජනතාවගේ සංයුතිය වෙනස්වී ඇති බව හා ඔවුන්ගේ පරිපාලනමය ගැටලු නිරාකරණය කරගැනීමට වවුනියාව දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශයකට යාමට සිදුවීමෙන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ලක්ෂ 2500ක වාහන Parking වංචාවක්... වංචාව පිටුපස පාතාලය සහ දේශපාලකයන් - කමන්ත තුෂාර හෙළිකරයි (වීඩියෝ)

අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ කොළඹ මහනගර සභාවට අයත් වාහන නැවතුම්පළවල් වලින් අයවිය යුතු ලක්ෂ 2500කට වැඩි හිඟ මුදලක් ඇති බවය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.