News Category
From Date
To Date
Maximum Number of Result

වසර 34ට පෙර අද වන් දිනක අභාග්‍යය සම්පන්න ලෙස වියෝ වූ බණඩාර K. විජේතුංග නම් අසහාය නිර්මාණකරුවා

Jan 3, 2024 at 07:12 PM
|

අදින් වසර 34ට පෙර එනම් 1990 ජනවාරි මස 03 වන  අද වන් දිනක දිවි මඟේ අර්ධ ශතකය නිමවූ සැනින් අභාග්‍යය සම්පන්න ලෙස වියෝ වූ  ගීත රචකයකු, ලේකඛයකු, කවියෙකු, චිත්‍ර ශිල්පියකු, අකුරු නිර්මාණ සැලසුම් ශිල්පියකු, නිවේදකයකු, චිත්‍රපට ප්‍රචාරක සැලසුම් ශිල්පියකු සහ ගුවන්විදුලි නාට්‍ය රචකයකු ලෙස නොයෙක් ක්ෂේත්‍රයන්හි පෙළහර පෑ  ප්‍රවීණ ගීත රචක බණඩාර K. විජේතුංගයන් මෙසේ බැති සිත් පෙරදැරිව සිහිකරමු.

බණ්ඩාර කේ. විජේතුංග යනු පුරුෂ ප්‍රේමයේ වියෝගාවේග කදිමට ප්‍රකට කළ සාහිත්‍යවේදියෙකි.

රචනා කර ඇති ගීතාවලිය අල්ප වුව, ඔහු විසින් පළ කර තිබෙන ප්‍රේම චින්තාවලිය අසාමාන්‍ය ය. ස්වකීය ජීවිත අත්දැකීමක් යථා ස්වභාවයෙන් ම පුනරුච්චාරණය කරමින්, ඒ මත ම ගැටෙමින්, ඒ තුළ ම ජීවිතය දියකර හරිමින්, බණ්ඩාර කේ. විජේතුංග විසින් රචනා කරන ලද ගීතාවලිය මෙරට රසිකයන් ගේ සදාතනික මතක සටහන් වේ.

ඔහු ගේ ජීවන පුරාවෘත්තයට අදාළ ව විවිධ කතා තිබේ. ඒ තුළ තිබෙන්නේ නිහඬ ප්‍රේමාතුරයකු ගේ ළසෝ ගින්නකි. ස්ත්‍රිය, ස්ත්‍රිය ගේ ප්‍රේමය, පුරුෂයෙකු ගෙ ඇසින් දැකිය හැකි යථාවාදී ප්‍රවේශයක් බණ්ඩාර කේ. විජේතුංග ගේ ගීතවලින් උත්පාද කරගත හැකි ය.

භාෂාවෙහි රමණීයත්වය පිළිබඳ වද බණ්ඩාර කේ. විජේතුංගට තිබී ඇති අවබෝධය විශිෂ්ට ය. 

1939 ජනවාරි 28 වැනිදා කුරුණෑගල වැලිගන්වත්තේ දී උපත ලද ඔහුගේ සම්පූර්ණ නම සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජේතුංග විය.

බණ්ඩාර කේ. විජේතුංගයන් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බදුල්ලේ සාන්ත බීඩ් විද්‍යාලයෙනි. කොළඹ ආනන්ද විද්‍යාලයට 1953 වසරේ ඇතුළත්ව ඉංග්‍රීසි මාධ්‍ය‍ෙයන් ඉගෙනුම ලැබූ අතර ඔහුගේ පන්ති සගයන් වූයේ ජේ.බී. දිසානායක (මහාචාර්ය) , සුනන්ද මහේන්ද්‍ර (මහාචාර්ය), ඩී.බී. නිහාල්සිංහ (ආචාර්ය), අසෝක පොන්නම්පෙරුම (සිනමා නළු), විජේරත්න වරකාගෙඩ (රංගවේදී) ,එස්. සුබසිංහ (දිනමිණ හිටපු කර්තෘ) ,එල්මෝ ගුණරත්න (හිටපු ලංකාදීප කර්තෘ), නිහාල් රත්නායක (හිටපු ඩේලි නිව්ස් කර්තෘ), ජෝර්ජ් ලෙස්ලි රණසිංහ (හිටපු ලංකාදීප කර්තෘ) ඩී.ජී.සුමනසේකර (හිටපු නාලන්දා විදුහල්පති), සුමිත්ත අමරසිංහ (ප්‍රවීණ කැමරා ශිල්පී) ආදීන්ය. 

එකල ඔවුන්ගේ ගුරුවරුන් වූයේ කේ.ඩී. ද ලැනරෝල්, තිලක් රත්නකාර (මහාචාර්ය), ජේ.ආර්. පී. සූරියප්පෙරුම, ඩී.බී. කුරුප්පු, එම්.එච්.ගුණතිලක (මහාචාර්ය) , ආරිය රාජකරුණා (මහාචාර්ය) ආදීන්ය. 

මුලින්ම නිර්මාණ කාරියේ යෙදුණේ ආනන්ද කේ. විජේතුංග ලෙස ය. පසු කලෙක ප්‍රථම ප්‍රේමයේ වියෝවත් සමග බණ්ඩාර කේ. විජේතුංග නමින් යළි ඉපැදුණි.

ඔහු සරසවි පිවිසුම් විභාගයෙන් අනතුරුව ශ්‍රීලංකා මහ බැංකුවේ දත්ත සැකසුම් තනතුරට පත් විය.බණ්ඩාර එම කාල වකවානුවේම,සහන නිවේදකයෙක් ලෙසින් ගුවන්විදුලියේ සේවයට එක්වේ. 60 දශකයේ ආරම්භවූ හදමාමා ළමා වැඩසටහන ,සුමනා ජයතිලක සමග එක්ව ඉදිරිපත් කරමින්  හෙතෙම ළමා පරපුරරේ නැණස පාදන්නට මහත් මෙහෙවරක් ඉටු කළේය.

 කලාවට තිබෙන ආදරය නිසාම හැම පහසුකමක්ම තියෙන වැඩි වැටුප් සහිත රැකියාව අතහැර රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ප්‍රචාරක නිලධාරියාගේ තනතුර තෝරා ගත්තේය.

 චිත්‍රපට සංස්ථාව ආනයන කළ සියලුම හින්දි චිත්‍රපටවල ප්‍රචාරක කටයුතු කර ඇත්තේ බණ්ඩාරය. ‘අභිමාන්’ හා ‘ගීත්’ චිත්‍රපට දෙක එම්පයර් හා ක්‍රවුන් සිනමා ශාලාවල අඛණ්ඩව වසර 2 ක් ප්‍රදර්ශනය කිරීමට බණ්ඩාරගේ ගුවන් විදුලි වැඩ සටහන් ඇතුළු ප්‍රචාරක විධි ක්‍රම උපකාරී වී ඇත.

චිත්‍රපට සංස්ථාවේ ආරම්භක යුගයේ සංස්ථාවේ පෝස්ටර් හා පුවත්පත් දැන්වීම් නිර්මාණය කළේ ඔහු ය. ඔහු නිර්මාණය කළ සිංහල අකුරු මෝස්තර ද ගණනාවක් වෙයි. ලාංකික ගුවන් විදුලි නාට්‍ය ක්‍ෂේත්‍රයට විද්‍යා ප්‍රබන්ධ නාටක රචනා කිරීමේ මූලිකයා ද ඔහු ය. 

කවියකු වූ බණ්ඩාර ‘නෙත් දහස’ කවි පොත ලියූ අතර 

අජන්තා රණසිංහගේ ‘තිවංක රේඛා’, අමරනාත් ජයතිලකගේ ‘චිත්‍රපට අධ්‍යයනය’ ඇතුළු පොත් කිහිපයක පිට කවර ද චිත්‍රපට නාමාවලිය හා චිත්‍රපට පසුබිම් දෙබස් ද කියා ඇත. ‘

හාර ලක්ෂයේ’ චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට, ‘සොරුන්ගෙත් සොරු’ හි රොඩ්නි ජොන්ක්ලස්ට මෙන්ම චිත්‍රපට නළුවන් රැසකට හඬ කවා ඇත. 

‘හඳයා’ හි ඔහු චරිතයක් ද රඟපෑවේය. ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු වූ බණ්ඩාර සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ ‘මකරාගේ තානායම‘ ගුවන් විදුලි නාට්‍යයේ සුදු රැවුලාගේ චරිතය ප්‍රාණවත් කළේය.

ලංකාවට සිංහල හයිකු කවි හඳුන්වාදීමේ ගෞරවය ද හිමිවන්නේ ඔහුට ය.

“මමයි දුම්රිය

ඇයි ඔබ පිපුණේ රේල් පීලිමත”

චිත්‍රානි

පෙරුම්පුරා බස් නැවතුමට

ආ සඳ

‘එකසිය දොළහ’ ඔබ ගිලගෙන

බණ්ඩාරේ ගේ ඒ හයිකූ කව ඔහුගේ සංවේදිභාවය පිළිබඳ බොහෝ මතකයන් අප හදෙහි අවදි කරවමින් අද ද අප සසල කරවයි.

1969 අගෝස්තු 6 වන දින ,ඔහු යුගදිවියට පත්වන්නේ ඉංග්‍රීසි ගුරුවරියකවූ කල්‍යාණි  සමරවීර සමගය.උමා ඉන්දීවරී බණ්ඩාර මෙම යුවලගේ එකම දියණිය වීමේ  වාසනාව ලැබුවාය

හිතුවක්කාර, විප්ලවවාදී චරිතයක් වූ , මේ අප්‍රමාණ මිනිසා 1990 ජනවාරි 03 වෙනිදා රෝගාතුරව රෝහලට ඇතුළත් කරනු ලදුව එදින පස්වරු 5ට ජීවිතයෙන් සමු ගත්තේය.

බණ්ඩාර මියගිය පසු පළ වූ “සුළඟ වගේ ඇවිදින්” ගී පදමාලා කෘතියට 2001 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

සිංහල ගීත සාහිත්‍යයේ වැඩිවශයෙන් ම ශ්‍රවණය  කරන්නට ලැබෙන්නේ ප්‍රේම සහ ප්‍රිය – විප්‍රයෝග සංකල්ප තේමා කර ගත් ගීතයන්ය.එනමුදු බණ්ඩාර සිය ගීත ප්‍රස්තුත සදහා ප්‍රේමය,විප්‍රලම්භය කෙරෙහි නැඹුරු වුවද,ඔහු ඒවා ඉදිරිපත් කරන්නේ මහත් සංයමයකින් යුතුව ,නව්‍ය දෘෂ්ටිකෝණයකිනි.

හෘදයාංගම වූ ප්‍රේම හැඟීම් ධ්වනිත කරන,සෞන්දර්යයෙන් අනූන ගීත සම්ප්‍රදායක් බිහි කරන්නට බණ්ඩාරයන් දැක්‌වූ කුසලතාවය ප්‍රශස්තය

අසම්මත පෙම්වතුන්ගේ සිතුම් පැතුම්,චර්යා රටා ,ඔවුනගේ හද ගැහෙනා රාවය, ප්‍රේමයෙන් පරාජිතවූවන්ගේ  සිත් තැවුල් බණ්ඩාරයන් ඉතා සියුම් අන්දමින් සිය ගී පදවැල්හී දවටන්නේ, තත් අත්දැකීම් ශ්‍රාවක සන්තානයනයන් ප්‍රකම්පනයට පත්කරවන ලෙසිනි.

ගීතයක මුඛ්‍ය අරමුණ විය යුත්තේ  ,ශ්‍රාවකයා   ආනන්දයෙන් ප්‍රඥාව වෙත යොමු කිරීම බවට  පැරණි ඇඳුරන් පෙන්වාදී  ඇති න්‍යාය ,ගීත නිර්මානයේදී බණ්ඩාර ගුරුතන්හී  තබා කටයුතු කල සෙයක් ඔහුගේ නිර්මාණයන් තුළින් අපට ගම්‍යවේ.ඔහුගේ ගීත  නිර්මාණ මගින් ජීවිතය පිළිබදව  පුළුල් දැක්මක් ගොඩනගා ගන්නට ශ්‍රාවකයාට අවස්ථාව සැළසේ.

ඔහුගේ  පදවැල් අතුරින් කිහිපයක් මෙසේ සටහන් කරමු.

එච්.ආර්. ජෝතිපාල ගැයූ ‘මහද නමැති වනබඹරා’

වික්ටර් රත්නායක ගයන ‘සඟවා ගනු මැන’

‘සබඳකමක් නැති’ (නීලා වික්‍රමසිංහ) 

මිහිදුම් සළු තිර’ (සුනිල් එදිරිසිංහ - නීලා වික්‍රමසිංහ)

‘ක්‍රිස්ටෝපර් පෝල් ගැයූ ‘රුවන් තොරන් තනා'

සනත් නන්දසිරි ගැයූ 

'මහද පෙම් විලේ',

දිනෙන් දින ඔබ මා වෙතින්,

කිසිවක් නොකියන කිසිවක් නොඅසන

‘හමුවෙමු සුවබර තවත් සැඳෑවක’- සනත් හා මල්කාන්ති

මිල්ටන් මල්ලවාරච්චි ගැයූ 

‘ඔබයි මමයි මැවූ සිහින’  

සඳ උතුරා ගංගාවේ  සහ​

ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්

සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘ශ්‍රී මදාරා’ චිත්‍රපටයේ ‘විල්ලුද පලසේ මිණි ඕවිල්ලේ’

සුනිල් ආරියරත්නගේ ‘පොඩි මල්ලී’ චිත්‍රපටයට ‘උපුල් නුවන් වසා - සවන් බඳුන් පුරා

ආදර කතාව චිත්‍රපටයේ 'සුනිල්වන් වළා'

පරාක්‍රම ද සිල්වාගේ ‘බිත්ති හතර’ චිත්‍රපටයේ ‘සිතුවිලි සිර මැදුරේ,'අතීත සිහිනය මිය යන්නේ'

සේන සමරසිංහගේ ‘ආශා දෑසින්  චිත්‍රපටයේ’ ‘විකසිත පැතුමන් ඔබේ ලයේ’

මධුසමය’ චිත්‍රපටයට  මාලිනී බුලත්සිංහල ගැයූ මාද ඔබම විය  ගීතයට 

1992 වසරේ හොඳම ගීත රචකයා ලෙස ජනාධිපති හා සරසවිය සම්මාන දිනා ගත්තේය.

(ගාමිනි කාරියවසම්, රන් ජිත් කුමාර, ලාල් සෙනරත්, සුනිල් ආරියරත්න සැපයූ ලිපි ඇසුරෙන්) 

සකස්කලේ
- නිර්මලී නේත්‍රා මාකලන්ද



සම්බන්ධිත පුවත් | Related News

ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රහාරය සිදුවූයේ දළදා වහන්සේ පැහැර ගැනීමට නොව පොලිස් මුරපොලවල් 5කට ප්‍රහාරයක් එල්ලකර ආයුධ පැහැර ගැනීමටය. මේ පිළිබඳ සොයා බැලීමට මම මෙයට වසර 20කට පමණ පෙර දළදා මාලිගා ප්‍රහාරයට සම්බන්ධවීමේදී එම ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ප‍්‍රහාරය සම්බන්ධයෙන් නඩු පැවරූ තිදෙනාම නුවරට ගොස් හමුවිය. එමෙන්ම නඩුව විභාගකළ නුවර මහාධිකරණ විනිසුරු විනිසුරු නිශ්ශංක උදලාගම (එවකට විශ්‍රාමික) සහ ආරක්ෂක අංශයේ පාර්ශ්වයන්ද ප්‍රහාරයට එක්වී එයට හසුනොවූ කැරලිකරුවන් කීපදෙනෙක් සමගද සාකච්ඡා කළෙමි. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් මුරපොලවල් 5කට ප්‍රහාරයක් එල්ලවූයේ 1989 පෙබරවාරි 8දාය.
අද ඥානසාර හාමුදුරුවන්ගේ පා ගමනට සිවුරක් අන්දලා ජෙප්පෙක් එවලා වැඩේ කඩාකප්පල් කරන්න.
දළදා මහ කරඬුවේ රන් ආලේප කිරිම ලැකර් ගෑමක් යැයි සමාජගත කිරිමට යන නිසා රන් ආලේප කිරිමේ පින්කම පිළිබඳව නිවැරදි විස්තරයක් සටහන් කිරිමට සිතුවෙමි.
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.

ප්‍රධාන පුවත්

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිති.

මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ, ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකළ හොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්‍රශ්න අවසන් කළ හැකි බව ප්‍රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු LTTE සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අධිකරණයේදී අද (16) හෙළි කළේය.

ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්

ආසියාව තුළ වගකීම් සීමාවෙන් ඔබ්බට ගොස් බලපෑම් කිරීමට නේටෝව දරන උත්සාහයට සාධනීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

දූෂිත අමාත්‍යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන යටි අරමුණු හෙළිදරව් කරමින් ජාතික සංවිධාන විසින් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම් හෙළා දකිමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ලංකා ලීඩර් විසින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී.

යුක්‍රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්!

බයිඩන් පාලනය යටතේ යුක්‍රේනයට ලබාදුන් ඇමරිකානු මිසයිලවලට සිදුවූයේ කුමක්දැයි ට්‍රම්ප් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..

සෞදි අරාබියේ ක්‍රියාත්මක වන දැවැන්ත හරිත ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට සැලසුම් කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 130.16ක කොහුබත් ව්‍යාපෘතියක්, රාජ්‍ය ආයතනයක නිලධාරියකු විසින් නීතිවිරෝධී ලෙස අල්ලස් ඉල්ලීමක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවලංගු වී ඇති බව වාර්තා වේ.

ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහා නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනට' එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද (16) උදෑසන වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිති.

මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

තමන් වහන්සේගේ ඡන්දය මාලිමාවට ලබාදීම ගැන කණගාටු වන බවත්, ජනාධිපතිවරයා භික්ෂූන් වහන්සේලාගේ පාගමන ගැන නොදැන සිටියා නම්, ඔහු රටේ නායකයාද, නැතිනම් පැලවත්තේ නායකයාදැයි මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ ප්‍රශ්න කරති.

ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ

අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන සැලසුමේ කොටසක් වන්නේ ඇතුල් නුවර ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු කිරීම බවත්, ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ලෙස අක්කර දෙසීයක භූමියක ඉඩම් සහ වන්දි ලබාදීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවත් ඇමති වසන්ත සමරසිංහ පවසයි.

ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..

බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වීමට ‘නිදහසේ පාද යාත්‍රාව’ සමඟ පැමිණි මහා සංඝරත්නය තීරණය කර තිබේ.

මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා හමුවේ මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කරගැනීම සඳහා සවුදි අරාබිය විසින් චීන රජයේ සහය අපේක්ෂා කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි

පසුගිය දශකය තුළ බ්‍රිතාන්‍යයේ අලුතින් එකතු වූ රැකියා මිලියන 3.7න් සියයට 80ක් විදේශිකයන් විසින් පුරවා ඇති අතර, බ්‍රිතාන්‍ය ජාතිකයන් මිලියන ගණනක් රැකියා විරහිත ප්‍රතිලාභ ලබමින් සිටින බව Centre for Social Justice (CSJ) ආයතනයේ නව වාර්තාවක් පෙන්වා දෙයි.

ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..

චීන–ඉන්දීය දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවල ස්ථාන නාම ඒකපාර්ශ්විකව වෙනස් කරමින්, නිල සිතියම් සංශෝධනය කිරීමට ඉන්දියාව ගන්නා උත්සාහයන් මගින් කිසිදු භෞමික ස්වෛරීභාවයක් තහවුරු නොවන බවත්, එය හුදෙක් ඉන්දියාවේ ඇතැම් පාර්ශ්වයන් විසින් නිර්මාණය කරගන්නා ලද “මානසික ජයග්‍රහණයක්” පමණක් බවත් චීනය අවධාරණය කරයි.

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්

ජාතික සංවිධාන එකමුතුව මඟින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසන්නේ වර්තමාන රජය යටතේ මෙරට බුද්ධ ශාසනයට, ජාතික සංකේතවලට සහ ඓතිහාසික පුරාවස්තුවලට බරපතළ තර්ජන එල්ල වී ඇති බවය.

ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්‍යයකට යන ගමන..

2015 දෙසැම්බර් 22 වන දින එවක පැවති යහපාලන රජය මගින් පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.