News Category
From Date
To Date
Maximum Number of Result

පාදඩවාදය

Jul 23, 2026 at 12:08 PM
|

දන්නේ නැති‍ මගුල් ගැන කියවන්න මේ හාදයා සෑහෙන කැමැත්තක් දක්වනවා. චීනයේ වෙනත් ප්‍රදේශවල ඉන්න අයට පෙයි-චිං අගනුවරට එන්න බෑ කියන මේ බයිලයත් එහෙම එකක්.

චීනයේ ඕන කෙනෙක්ට පෙයි-චිං අගනුවරට එන්න පුළුවන්. එහෙම ඇවිල්ලා රස්සා කරන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙන් කිසිම තහනමක් නෑ. ඇත්තෙන්ම, පෙයි-චිං අගනුවර විතරක් නෙවෙයි ෂං-හයි, කුවං-චෝ, වූ-හන් ඇතුළු හැම මහ නගරයක ම බහුතරය බවට පත්වෙලා ඉන්නේ පිට පළාත්වලින් ඒ නගරවලට ආපු මිනිස්සු. ඒ මිනිස්සු අවුරුදු කාලෙට ගමේ ගියාම ඔය මහ නගර හැම එකක් ම සෑහෙන්න හිස්වෙනවා.

එහෙම නම්, මේ යකා මොකක්ද මේ කියවන්නේ?

චීනයේ කුටුම්බ ලියාපදිංචි (户口, Hukou) ක්‍රමය ගැන අහුලගත්ත කෑල්ලක් තමයි මේ ගොබ්බයා රස කර කර කියවන්නේ.

අපේ රටේ අපිට වුනත් ස්ථිර පදිංචියක් තියෙනවා. අවශ්‍යතා ඇතිවුණාම, අපි ග්‍රාම නිලධාරි ළඟට ගිහිල්ලා අපේ ඒ පදිංචිය සනාථ කරගන්නවා. පිටස්තරයෙක් (බෝඩිම්කාරයෙක් කියමු) ගෙදරක තියාගන්නවා නම් ඒ ගැන අදාළ පාර්ශ්වවලට (ග්‍රාම නිලධාරිට, පොලිසියට) දැනුම් දෙන්න කියන අවස්ථාත් තියෙනවා.

චීනයේ හූ-කෝ ක්‍රමයෙන් කරන්නේ කුටුම්බ (පවුල්) ලියාපදිංචියක්. ඒ ලියාපදිංචිය අනුව තමයි චීන ජාතිකයන්ට අදාළ අයිතිවාසිකම් භුක්ති විඳින්න පුළුවන්වෙන්නේ.

අපි කවුරුත් දන්න උදාහරණයක් ආශ්‍රයෙන් මම මේ කාරණය පැහැදිළි කරන්නම්.

1980 ඉඳලා 2016 දක්වා, චීනයේ එක් දරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා කියලා අපි හැමෝම වගේ දන්නවා. 2015 අවුරුද්දෙන් පස්සේ, ඒ සීමාව දරුවෝ දෙන්නෙක් දක්වා වැඩි කළා. මේ ප්‍රතිපත්ති ඒ විදිහට ම ක්‍රියාත්මක කරන්නේ හූ-කෝ පදනම් කරගෙන. එක් දරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන කාලෙත් පිටස්තර පළාත්වල (දුෂ්කර ප්‍රදේශවල, දේශ සීමාවල) හූ-කෝ තියෙන අයට කැමැති තරම් ළමයි හදන්න ඉඩ දුන්නා. ගොවියන්ට මේ නීති ක්‍රියාත්මක කළෙත් වෙන විදිහකට. මේ කාරණයේ දී, කුටුම්බ ලියාපදිංචිය සළකා බලනවා. ඒ කියන්නේ පිටස්තර හූ-කෝ එකක් තියෙන පවුලක් පෙයි-චිං නගරයේ තාවකාලිකව (අපි කියමු රස්සාව කරන්න කියලා) ජීවත්වෙනවා නම්, ඒ අය හදන ළමයි ගණන තීරණය කරන්නේ අදාළ හූ-කෝ එකට අනුව මිසක් පෙයි-චිං නගරයේ ක්‍රමයට නෙවෙයි.

කුටුම්බ ලියාපදිංචි වෙනස් කරගැනීමත් නිතර ම සිද්දවෙනවා. විවාහයක දී මෙහෙම කරගන්න එක සාමාන්‍ය වැඩක්. පෙයි-චිං වගේ නගරයක කාලයක් රස්සාව කරලා, වැඩ පෙන්නන අයට ඒ නගරයේ ලියාපදිංචිය (හූ-කෝ එක) ලබාගන්න පුළුවන්.

එහෙම නම්, මේ යකා කියන බහුභූත කතාවේ තේරුම මොකක්ද? ඇත්තෙන්ම, මේ යකා මෙහෙම කතාවක් කියන්නේ ඇයි?

මේ හාදයා කියන්නේ ඇඹිලිපිටියේ, මොනරාගල, හම්බන්තොට පැත්තේ කාන්තාවන්ට කොළඹ ඇවිල්ලා ගණිකා වෘත්තියේ යෙදෙන්න නිදහසක් නෑ කියලයි.

මෙන්න මේ නිදහස නම් චීනයේ නෑ. චීනයේ ගණිකා වෘත්තිය තහනම්. සූදුවත් තහනම්. පාදඩකම් කරන්න නීතිමය අවසරයක් චීනයේ නෑ. නීතියෙන් තහනම් වැඩ හොරෙන් කරන එවුන් හැම රටක ම ඉන්නවා. නීතිය තදින් ක්‍රියාත්මක වන රටක තහනම් වැඩ කරලා අහුවුණාම අදාළ දඬුවම් විඳින්න වෙනවා.

මුන්ට ඕන පාදඩ වැඩවලට අහිංසක මිනිස්සු තල්ලු කරලා දාලා සමාජය විනාශ කරලා දාන්න මිසක් වෙන දෙයක් නෙවෙයි. මිනිස්සු මේ පාදඩ වැඩවලට යොමුවෙන්නේ කැමැත්තෙන් නෙවෙයි. කෙහෙම්මල් නිදහසක් භුක්ති විඳින්නත් නෙවෙයි. රටේ ආර්ථිකය මුළුමනින් ම බිඳවැටිලා තියෙන හින්දා මිනිස්සුන්ට ආදායම් නෑ. ඉතින් සමහරු කසිප්පු පෙරනවා - විකුණනවා. තවත් සමහරු කුඩු විකුණනවා. සමහරු හොරකම් කරනවා. සමහරු මංකොල්ලකෑම් කරනවා. කප්පම් ගන්නවා. තව තව වංචා, අපරාධ මහ ගොඩක් කරනවා. ඒ වගේ ම, සල්ලි හොයන්න ඇඟ විකුණන (ගණිකා වෘත්තියේ යෙදෙන) කාන්තාවෝ සෑහෙන පිරිසකුත් ඇතිවෙලා තියෙනවා.

අපේ රටේ ආර්ථික දියුණුව කොච්චර ඉහළ ද කියන එක තේරුම්ගන්න මහ බැංකුව නිකුත් කරන වාර්තා කියවන්න ඕන නෑ. පාර දිගට ස්පා කොච්චර දාලා තියෙනවා ද කියලා බලන්න. තරුණ පිරිස් කොච්චරක් නම් මත්ද්‍රව්‍යවලට ගොදුරු කරගෙන තියෙනවා ද කියලා බලන්න. දවසකට අපරාධ කොච්චරක් නම් සිද්දවෙනවා ද කියලා බලන්න. හිරගෙවල් කොච්චර පිරිලා තියෙනවා ද කියලා බලන්න.

මේ රටේ අපරාධ සිද්දවෙනවා මදි කියලයි මේ යකා කියන්නේ. ඒ සඳහා නිදහසක් ලබාදෙන්න ඕන කියලා මූ කියනවා.

මේකට කියන්න ඕන “නිදහස” කියලා නෙවෙයි. මේ තමයි පාදඩවාදය!

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති


සම්බන්ධිත පුවත් | Related News

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ධුරය සඳහා නැවත වරක් වෛද්‍ය නොවන පුද්ගලයෙකු පත් කිරීමට සූදානම් වන බවට මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරයි.
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.

ප්‍රධාන පුවත්

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට ගෙන ඇති බවත්, අධිකරණ පද්ධතිය ආණ්ඩුවෙන් නිදහස් කරගැනීම සියළු මත දරන සියල්ලන්ගේ පොදු වුවමනාවක් බවට පත්ව ඇති බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ධුරය සඳහා නැවත වරක් වෛද්‍ය නොවන පුද්ගලයෙකු පත් කිරීමට සූදානම් වන බවට මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලූණි.

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්

ඕස්ට්‍රේලියානු 'Export Finance Australia' ආයතනය වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරිකය වංචනික ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු අසත්‍ය සහ අසම්පූර්ණ බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.