News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දීය ලාභ ශ්‍රමය ලංකාවට?.. පුර්ව එට්කා ව්‍යාපෘතිය 2027 සිට ක්‍රියාත්මක කිරීමට පිඔුරුපත් සැකසෙන ලකුණු!

Jul 17, 2026 at 08:36 AM
|

අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව  එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම  එළි නොකරන ලද  ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින්  තිබේ.

ටී බී සරත් පිටරටින් පෙදරේරුවන් වෑලිඩිං කරුවන් ගෙන ඒම ගැන කථා කරේ අහම්බයෙන් නොවේ.‼️

ටී බී සරත් පැත්තකින් තබන්න පහුගිය අගහරුවාදා සිරස සටන වැඩ සටහන බලන්න චතුරංග  අබේසිංහත්  ඒක කියන්නේ හොද දැනුවත්භාවයෙන් .‼️

ලංකාවේ තවම මහින්ද රාජපක්ෂගේ 2010 -  14 කාලය තරමට ආර්ථික වර්ධන වේගයක් පෙන්වන්නේ නැත ( එකී කාලය තුළ අපි 7% අඛන්ඩ වර්ධනයක ගමන් කෙරැනු රටකි.)

එහෙමනම්  අද ආර්ථිකය ණය නොගෙවමින් පවතින තත්වයක් තුළ ඇති  පහළ  වර්ධනයට සාපේක්ෂව පහළ ස්ථරයේ ශ්‍රමික ගැටළුවක්  පවතින බවට  කියමින් මේ කරන්නේ කුමක්ද?

මේ සිදුවන්නේ ඉන්දියාව අත්දැකීම් අඩු,පාළනයක් ඉන්දීය රෑකඩ ආකාරයට අටවා ගැනීමට අදාලව සිදු කරන්න නියමිත මානව උරුමයකට අයිති ආක්‍රමණයක පියවරයන්ය.

අපේ පොළවේ මිලියන 22 පරපුරක අනාගත දරු,පරපුරට අයිති රැකියා අවස්ථා සහ ස්වාධීනව  ජීවත්වීමට ඇති අවස්ථා  ක්‍රමිකව උදුරා,ගැනීමේ  ක්‍රියාවලියය.

මේවා අපට එදා කීවේ ජවිපයමය 

එට්කා වලට අදාලවය

අද එට්කා වලට පෙර මුට්ටිය දමා බලන්නේ  අඩුම්ළට  ඉන්දීය ශ්‍රමය ලංකාවේ  වැඩ කරන හැටි පෙන්වා  එයට(එට්කා සදහා) ඇති විරෝධය මරා දමා අනාගතය පාවාදීමටය.‼️ 

මේ සිදු කරන්නේ  පුර්ව එට්කා ව්‍යාපෘතියකි.‼️

ඇත්තටම අපේ රටේ පෙදරේරු / වෑල්ඩිං / වරනි පහළ කාර්මික පුහුණු ශ්‍රමයේ,ගැටළුවක් ඇත්නම් එය පියවීමට වෙන රටකින් ශ්‍රමය සපයා ගන්නවා නම් අපට ආර්ථිකමය ලාභම ශ්‍රමය ඇත්තේ බංග්ලා දේශයේය.

මොකද අද ඩුබායි ශ්‍රම වෙලදපලේ  පෙදරේරැවෙකුගේ මාසික වැටුප සහ වෙල්ඬිං කාර්මිකයෙකුගේ වැටුප ඩිරාම් 1200 -1300 අතරේ දෝළනය වන විට

බංගලිදේශයේ ශ්‍රමය ඩිරාම් 1000ටත් ඔය අංශ වලට සපයනු ලබන්නේය.

ලංකාව එහෙම බාහිරෙන් ශ්‍රමය සපයා ගනී නම් ඉන්දියාව අපට ඒ අවශ්‍යතාවය චීනයෙන් බංගලිදේශයෙන්    අඩුම පාකිස්ථානයෙන් සපයා ගන්න ඉඩ දෙන්නේ නැත.

අපට ගන්න පුළුවන් ඉන්දියාවෙන් පමණි.‼️

ඉන්දියාව තුළ ඇති විරැකියා ගැටළුවට ඔවුන් කරන්නේ වෙනත් රටවලට තොග පිටිං  ලාභ ශ්‍රමය අපනයනයට සැළසුම් සකස්කිරීමය.

ඉන්දියාව තුළ දෛනිකව ඉන්දීය පෙදරේරු/ වෑල්ඩිං/ බාබර් / කුළී / රියදුරු   වැටුප ඉන්දීය රුපියල් 400 පමණ වන්නේය 

🔴 එය ඩුබායි සහ මැදපෙරදිග දෛනිකව ඉන්දීය රු 1058 -1200 අතර වන්නේය. ( ඩිරාම් 01 ක් ඉන්දීය රු 26.37 කි.) 

🔴 ලංකාවේ පෙදරේරුවෙකු වෑල්ඩිං ශිල්පියෙකු  දෛනික වැටුප රු 3000 බවට මැදි අගයකට ගත්තොත්  එය ඉන්දීය රු  ආසන්නව රු 865.00 කි ( ඉන්දීය රු 1ක් ලංකා රුපියල් 3.47 කි.

ලංකාවට ආසන්නම තමිල්නාඩුව සහිත දකුණු ඉන්දීය කලාපයේ පුහුණු අතිරික්ත පහළ කාර්මික රැකියා විරහිත  අගය මිළියන 2.5 හෙවත් ලක්ෂ 25 කි.

ලංකාවට ඔවුන් ගෙන්වා ගන්නවා යනු අවම  කන්න බොන්න නවාතැන දී  ඉන්දීය රු 600 බැගින් දෛනික වැටුපකට මාසිකව ගන්නවා කීවොත් ලංකාවට බහින්නේ තොග පිටිනි.

අනෙක මැදපෙරදිග යනවා වගේ නොවේ මාස තුනකට වරක් ඉන්දියාවට මෙහෙන් හම්බකරගෙන යන විදිහට ඉන්දිය රජය ගේම් එක සකස් කර දුන්නාම  මෙහෙ පැලපදියම් වෙන එකා මෙන්ම හම්බ කරගෙන යන එකාටත් පට්ටම වාසිය.‍

ඊළගට ලංකාවේ පෞද්ගලික ⁣රෝහල් වල දොස්තරලා ඉදන්  රෝහල් කම්කරු දක්වාද  ලංකාවේ හංදිවල බාබර් සැලෝන් එකේ ඉදන්ද   කාජ්ල්ටත්  ඩ්‍රෙසිං කරාපු  පළපුරුදු  ඩ්‍රෙසර්ලා ඉන්නවා  කියන  කාන්තා බියුටි සැලොන්ද  

ලෙස විවිධ ක්ෂේත්‍රයේ ලංකාවෙි පහළ ඉහළ  රැකියා වෙලද පල ඉන්දියාව අල්ලනවාය.

කවුරු හරි කියනවනම් එහෙම වෙන්නේ නෑ කියලා  අද ලංඩනයේ පමණක් නොව මැදපෙරදිග කලාපය පමණක් නොව ඕනෑම කලාපයක ව්‍යාප්ත ඉන්දීය ශ්‍රම වෙලද පළ ව්‍යාප්තිය අධ්‍යයනය කරන්න අප ආරාධනා කරන්නේය.

ලංකාවට ශ්‍රමය ආනයනය කරන විට ලංකාවේ රස්සා නැති වෙන්නේ පහළ කම්කර්,පංතියට කීව ජවිප රජයක් තුළදී

ටී බී සරත්ලා චතුරංග අබේසිංහළා වැනි " නියොජ්‍ය ඇමති වරු ලවා  මෙහෙම කියවන්නේ 

ජවිපය ලංකාවේ කම්කරු පංතියට ඇදිවත උස්සා පෙන්නනවා කියනවාට වඩා.

ඉන්දියාව ජවිපය ඇදිවත ගලවා ලංකාවේ ජනතාව ඉස්සරහ හිටගස්වා තිබෙන හංදා කියලා ගන්නවා  නම් ඉතා හොදය.

ලංකාවේ පවතින්නේ අවිධිමත් කුටුම්භ රැකියා  යැපීම් ආර්ථිකයකි. ලංකාවේ පහළ කාර්මික පුහුණු රැකියා ක්ෂේත්‍රයේ  හිග කමක් ඇත.

වසරක්,තුළ  ඒ රැකියා පුහුණු කදවුරැ මගින්  ශ්‍රම වෙලදපල ඉල්ලුම ලංකාවට සපයා ගැනීමට හැකිය.

ගමකට 5 දෙනා බැගින් තෝරාගෙන පෙදරේරු විදුලි කාර්මික ජලනල කාර්මික  ලී වඩ කාර්මික  මොිටර් යන්ත්‍ර සුත්‍ර කාර්මික  ආදියෙන්  

අළුත් තාක්ෂණය සමග පුහුණ වැඩ සටහන් කරොත්  රටේ ලක්ෂ දෙකකට ආසන්න අළුත්  රැකියා පුහුණ,බලකායක්  නිර්මාණය කර ගත හැකිය.

අප ඉන්දියාවෙන් ඉගන ගත යුත්තේ ඉන්දියාවට අතිරික්තව  ලෝකයෙන් මදල් ඉන්දියාවට ඇද ගන්න තරමට  පුහුණු ශ්‍රමයක් සෑම ක්ෂේත්‍රයකම ව්‍යාප්ත කල හැටි මිස

ඒ පුහුණු ශ්‍රමය ලංකාවට ගෙනැවිත් මෙහෙ තිබෙන සීමිත පහළ ස්ථර  අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා ටික  බිලි දීම නොවේ.

ඇත්තටම  ලාංකික නිර්ධන පංතියේ   සුරක්ෂිත තාවය ගැන කථා කරපු ඒ,වෙනුවෙන් හඩ නගපු ජවිපයෙන් හැදුන ආන්ඩුවක් පවතින අවස්ථාවක

නිර්ධන පංතියේ බඩට ගහන මෙවැනි  කාරණා  නියොුජ්‍ය ඇමතිවරුන්ට ප්‍රවර්ධනය කරන්නට සදාචාරාත්මක අයිතියක් නැත.

අපි මේවා කියන්නේ ජවිපයෙන්ම අපට  ලද හැදෑරීම් වලට සාපේක්ෂවය.

එක්කෝ  ජවිපය  ආන්ඩු,බලය සමග ජවිපය සහ නිර්ධන පංතිය  අත ඇර ඇත.

නැත්නම් බලය සමග ජවිපය ජනතාවට ඉන්දියාව සමග කොකා පෙන්වමින්   කලාපීය අධිරාජ්‍යවාදී ධනේෂ්වරයේ පිංගුත්තර යටත්   සේවකයෙක් වීමට  කැමති බව රටට  පෙන්වමින්,තිබෙන්නේය.

- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.