News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දීය ලාභ ශ්‍රමය ලංකාවට?.. පුර්ව එට්කා ව්‍යාපෘතිය 2027 සිට ක්‍රියාත්මක කිරීමට පිඔුරුපත් සැකසෙන ලකුණු!

Jul 17, 2026 at 08:36 AM
|

අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව  එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම  එළි නොකරන ලද  ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින්  තිබේ.

ටී බී සරත් පිටරටින් පෙදරේරුවන් වෑලිඩිං කරුවන් ගෙන ඒම ගැන කථා කරේ අහම්බයෙන් නොවේ.‼️

ටී බී සරත් පැත්තකින් තබන්න පහුගිය අගහරුවාදා සිරස සටන වැඩ සටහන බලන්න චතුරංග  අබේසිංහත්  ඒක කියන්නේ හොද දැනුවත්භාවයෙන් .‼️

ලංකාවේ තවම මහින්ද රාජපක්ෂගේ 2010 -  14 කාලය තරමට ආර්ථික වර්ධන වේගයක් පෙන්වන්නේ නැත ( එකී කාලය තුළ අපි 7% අඛන්ඩ වර්ධනයක ගමන් කෙරැනු රටකි.)

එහෙමනම්  අද ආර්ථිකය ණය නොගෙවමින් පවතින තත්වයක් තුළ ඇති  පහළ  වර්ධනයට සාපේක්ෂව පහළ ස්ථරයේ ශ්‍රමික ගැටළුවක්  පවතින බවට  කියමින් මේ කරන්නේ කුමක්ද?

මේ සිදුවන්නේ ඉන්දියාව අත්දැකීම් අඩු,පාළනයක් ඉන්දීය රෑකඩ ආකාරයට අටවා ගැනීමට අදාලව සිදු කරන්න නියමිත මානව උරුමයකට අයිති ආක්‍රමණයක පියවරයන්ය.

අපේ පොළවේ මිලියන 22 පරපුරක අනාගත දරු,පරපුරට අයිති රැකියා අවස්ථා සහ ස්වාධීනව  ජීවත්වීමට ඇති අවස්ථා  ක්‍රමිකව උදුරා,ගැනීමේ  ක්‍රියාවලියය.

මේවා අපට එදා කීවේ ජවිපයමය 

එට්කා වලට අදාලවය

අද එට්කා වලට පෙර මුට්ටිය දමා බලන්නේ  අඩුම්ළට  ඉන්දීය ශ්‍රමය ලංකාවේ  වැඩ කරන හැටි පෙන්වා  එයට(එට්කා සදහා) ඇති විරෝධය මරා දමා අනාගතය පාවාදීමටය.‼️ 

මේ සිදු කරන්නේ  පුර්ව එට්කා ව්‍යාපෘතියකි.‼️

ඇත්තටම අපේ රටේ පෙදරේරු / වෑල්ඩිං / වරනි පහළ කාර්මික පුහුණු ශ්‍රමයේ,ගැටළුවක් ඇත්නම් එය පියවීමට වෙන රටකින් ශ්‍රමය සපයා ගන්නවා නම් අපට ආර්ථිකමය ලාභම ශ්‍රමය ඇත්තේ බංග්ලා දේශයේය.

මොකද අද ඩුබායි ශ්‍රම වෙලදපලේ  පෙදරේරැවෙකුගේ මාසික වැටුප සහ වෙල්ඬිං කාර්මිකයෙකුගේ වැටුප ඩිරාම් 1200 -1300 අතරේ දෝළනය වන විට

බංගලිදේශයේ ශ්‍රමය ඩිරාම් 1000ටත් ඔය අංශ වලට සපයනු ලබන්නේය.

ලංකාව එහෙම බාහිරෙන් ශ්‍රමය සපයා ගනී නම් ඉන්දියාව අපට ඒ අවශ්‍යතාවය චීනයෙන් බංගලිදේශයෙන්    අඩුම පාකිස්ථානයෙන් සපයා ගන්න ඉඩ දෙන්නේ නැත.

අපට ගන්න පුළුවන් ඉන්දියාවෙන් පමණි.‼️

ඉන්දියාව තුළ ඇති විරැකියා ගැටළුවට ඔවුන් කරන්නේ වෙනත් රටවලට තොග පිටිං  ලාභ ශ්‍රමය අපනයනයට සැළසුම් සකස්කිරීමය.

ඉන්දියාව තුළ දෛනිකව ඉන්දීය පෙදරේරු/ වෑල්ඩිං/ බාබර් / කුළී / රියදුරු   වැටුප ඉන්දීය රුපියල් 400 පමණ වන්නේය 

🔴 එය ඩුබායි සහ මැදපෙරදිග දෛනිකව ඉන්දීය රු 1058 -1200 අතර වන්නේය. ( ඩිරාම් 01 ක් ඉන්දීය රු 26.37 කි.) 

🔴 ලංකාවේ පෙදරේරුවෙකු වෑල්ඩිං ශිල්පියෙකු  දෛනික වැටුප රු 3000 බවට මැදි අගයකට ගත්තොත්  එය ඉන්දීය රු  ආසන්නව රු 865.00 කි ( ඉන්දීය රු 1ක් ලංකා රුපියල් 3.47 කි.

ලංකාවට ආසන්නම තමිල්නාඩුව සහිත දකුණු ඉන්දීය කලාපයේ පුහුණු අතිරික්ත පහළ කාර්මික රැකියා විරහිත  අගය මිළියන 2.5 හෙවත් ලක්ෂ 25 කි.

ලංකාවට ඔවුන් ගෙන්වා ගන්නවා යනු අවම  කන්න බොන්න නවාතැන දී  ඉන්දීය රු 600 බැගින් දෛනික වැටුපකට මාසිකව ගන්නවා කීවොත් ලංකාවට බහින්නේ තොග පිටිනි.

අනෙක මැදපෙරදිග යනවා වගේ නොවේ මාස තුනකට වරක් ඉන්දියාවට මෙහෙන් හම්බකරගෙන යන විදිහට ඉන්දිය රජය ගේම් එක සකස් කර දුන්නාම  මෙහෙ පැලපදියම් වෙන එකා මෙන්ම හම්බ කරගෙන යන එකාටත් පට්ටම වාසිය.‍

ඊළගට ලංකාවේ පෞද්ගලික ⁣රෝහල් වල දොස්තරලා ඉදන්  රෝහල් කම්කරු දක්වාද  ලංකාවේ හංදිවල බාබර් සැලෝන් එකේ ඉදන්ද   කාජ්ල්ටත්  ඩ්‍රෙසිං කරාපු  පළපුරුදු  ඩ්‍රෙසර්ලා ඉන්නවා  කියන  කාන්තා බියුටි සැලොන්ද  

ලෙස විවිධ ක්ෂේත්‍රයේ ලංකාවෙි පහළ ඉහළ  රැකියා වෙලද පල ඉන්දියාව අල්ලනවාය.

කවුරු හරි කියනවනම් එහෙම වෙන්නේ නෑ කියලා  අද ලංඩනයේ පමණක් නොව මැදපෙරදිග කලාපය පමණක් නොව ඕනෑම කලාපයක ව්‍යාප්ත ඉන්දීය ශ්‍රම වෙලද පළ ව්‍යාප්තිය අධ්‍යයනය කරන්න අප ආරාධනා කරන්නේය.

ලංකාවට ශ්‍රමය ආනයනය කරන විට ලංකාවේ රස්සා නැති වෙන්නේ පහළ කම්කර්,පංතියට කීව ජවිප රජයක් තුළදී

ටී බී සරත්ලා චතුරංග අබේසිංහළා වැනි " නියොජ්‍ය ඇමති වරු ලවා  මෙහෙම කියවන්නේ 

ජවිපය ලංකාවේ කම්කරු පංතියට ඇදිවත උස්සා පෙන්නනවා කියනවාට වඩා.

ඉන්දියාව ජවිපය ඇදිවත ගලවා ලංකාවේ ජනතාව ඉස්සරහ හිටගස්වා තිබෙන හංදා කියලා ගන්නවා  නම් ඉතා හොදය.

ලංකාවේ පවතින්නේ අවිධිමත් කුටුම්භ රැකියා  යැපීම් ආර්ථිකයකි. ලංකාවේ පහළ කාර්මික පුහුණු රැකියා ක්ෂේත්‍රයේ  හිග කමක් ඇත.

වසරක්,තුළ  ඒ රැකියා පුහුණු කදවුරැ මගින්  ශ්‍රම වෙලදපල ඉල්ලුම ලංකාවට සපයා ගැනීමට හැකිය.

ගමකට 5 දෙනා බැගින් තෝරාගෙන පෙදරේරු විදුලි කාර්මික ජලනල කාර්මික  ලී වඩ කාර්මික  මොිටර් යන්ත්‍ර සුත්‍ර කාර්මික  ආදියෙන්  

අළුත් තාක්ෂණය සමග පුහුණ වැඩ සටහන් කරොත්  රටේ ලක්ෂ දෙකකට ආසන්න අළුත්  රැකියා පුහුණ,බලකායක්  නිර්මාණය කර ගත හැකිය.

අප ඉන්දියාවෙන් ඉගන ගත යුත්තේ ඉන්දියාවට අතිරික්තව  ලෝකයෙන් මදල් ඉන්දියාවට ඇද ගන්න තරමට  පුහුණු ශ්‍රමයක් සෑම ක්ෂේත්‍රයකම ව්‍යාප්ත කල හැටි මිස

ඒ පුහුණු ශ්‍රමය ලංකාවට ගෙනැවිත් මෙහෙ තිබෙන සීමිත පහළ ස්ථර  අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා ටික  බිලි දීම නොවේ.

ඇත්තටම  ලාංකික නිර්ධන පංතියේ   සුරක්ෂිත තාවය ගැන කථා කරපු ඒ,වෙනුවෙන් හඩ නගපු ජවිපයෙන් හැදුන ආන්ඩුවක් පවතින අවස්ථාවක

නිර්ධන පංතියේ බඩට ගහන මෙවැනි  කාරණා  නියොුජ්‍ය ඇමතිවරුන්ට ප්‍රවර්ධනය කරන්නට සදාචාරාත්මක අයිතියක් නැත.

අපි මේවා කියන්නේ ජවිපයෙන්ම අපට  ලද හැදෑරීම් වලට සාපේක්ෂවය.

එක්කෝ  ජවිපය  ආන්ඩු,බලය සමග ජවිපය සහ නිර්ධන පංතිය  අත ඇර ඇත.

නැත්නම් බලය සමග ජවිපය ජනතාවට ඉන්දියාව සමග කොකා පෙන්වමින්   කලාපීය අධිරාජ්‍යවාදී ධනේෂ්වරයේ පිංගුත්තර යටත්   සේවකයෙක් වීමට  කැමති බව රටට  පෙන්වමින්,තිබෙන්නේය.

- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.