රාජ්‍ය දේපල ආරක්ෂා කළ ප්‍රාදේශීය ලේකම්වරියගේ ඉරණම.. ස්වාභාවික යුක්තියේ මූලධර්ම වළපල්ලට..
ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් වර්තමානයේ උද්ගතව ඇති පරිපාලනමය ගැටුම සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට ගිය රාජ්‍ය නිලධාරිනියකට මුහුණ දීමට සිදුව ඇති ඉරණම පිළිබඳව තවත් එක් කථාවක් පමණක් නොවේ. එය සාධාරනත්වය, සමානාත්මතාවය, යුක්තිය පමණක් නොව රාජ්‍ය දේපල ද අවභාවිතා කරමින් සිදුකරන දැවැන්ත වංචාවක එක් පරිච්ඡේදයක් බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතී.
එසේම මෙය පරිපාලනමය ගැටලුවකට එහා ගිය, රාජ්‍ය දේපළ මංකොල්ලයකට එරෙහි වූ ගැහැනියකගේ කඳුළු කතාවකි.
රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියව මේ වන විට පරිපාලන සේවා සංචිතයට (Pool) අනුයුක්ත කර ඇති අතර, එම ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අසාධාරණ සහ ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි දඩයමක් බවට කරුනු හෙළිවී තිබේ.
2023 ජුනි මාසයේදී ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස වැඩ භාරගත් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය, වසර ගණනාවක් තිස්සේ විවිධ පෞද්ගලික සහ දේශපාලන පාර්ශ්වයන්ගේ පාලනයට නතු වී තිබූ බිලියන ගණනක රජයේ ඉඩම් සහ දේපළ රැසක් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත.
වසර විස්සකට ආසන්න කාලයක් පෞද්ගලික පරිහරණයට යොදාගෙන තිබූ ගම්පොළ සංස්කෘතික මධ්‍යස්ථානය දැඩි නීතිමය සටනකින් පසු රජයට පවරා ගැනීමට හැකි වූයේ ඇයගේ සෘජු මැදිහත්වීම හේතුවෙනි. මීට අමතරව අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය, පුස්සැල්ලාව බස් නැවතුම්පොළ, ගම්පළ බස්නැවතුම්පළ, නාමල්වල වෙල්යාය ආශ්‍රිත අක්‍රමවත් සංවර්ධනය සහ අම්බුලුවාවට පවරා ගැනීමට සූදානම් වූ ගම්පල නගර මධ්‍යයේ පිහිටි සමූපකාර සමිති ගොඩනැගිල්ල ඇතුළු රජයේ ඉඩම් හා දේපල රැසක සිදුවූ දූෂණවලට එරෙහිව ඇය නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ. ඇයට එරෙහිව සංවිධානාත්මක පරිපාලන දඩයම ආරම්භ වූයේ මේ සියලු දූෂණ වංචා හෙළිදරව් කිරීමෙන් පසුව බව පෙනෙන්නට තිබේ.
(මහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..