ෆාර්සි භාෂාව සහ සිංහල භාෂාව එක පවුලේ නෑදෑයන් බව දන්නවාද?.. ආක්‍රමණ හමුවේ විනාශ නොවූ ඉරානයේ පර්සියානු භාෂා උරුමය..
👉 ඉරානය ඉස්ලාම් රටක් වුණත් ඉරානයේ භාෂාව අරාබි භාෂාව නෙමෙයි. ඔවුන්ගේ භාෂාව තමයි ෆාර්සි (Farsi) කියන භාෂාව. භාෂාව කියන්නේ සංස්කෘතියක තිබෙන වැදගත්ම හා ප්‍රබලම අංගයක්. ඉස්ලාම් බලපෑම නිසා ඔවුන්ගේ භාෂා උරුමය විනාශ වුණේ නැහැ. ඒ අනුව ඉරානයේ භාවිත වන භාෂාව පුරාණ පර්සියානු සංස්කෘතියෙන් ඔවුන්ට ලැබුණු දායාදයක්.
👉 ෆාර්සි කියන්නේ අවුරුදු 2500කට වැඩි දීර්ඝ ඉතිහාසයක් සහිත ලෝකේ පැරණිම භාෂාවක්. සිංහල කියන්නෙත් අවුරුදු 2500කට වැඩි ඉතිහාසයක් සහිත ලෝකයේ පැරණිම භාෂාවක්.
👉 මවුභාෂාව හා දෙවැනි භාෂාව ලෙස ෆාර්සි භාෂාව කතා කරන මිලියන 127ක පමණ ජනගහනයක් ලෝකයේ ඉන්නවා. ලෝකයේ මිලියන 18ක පමණ ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරනවා. ඒත් ලෝකයේ ඇති 7000ක් පමණ වූ භාෂාවන්ට සාපේක්ෂව බැලීමේදී මිලියන 18 කියන්නේ කුඩා අගයක් නොවෙයි.
👉 එතකොට ෆාර්සි භාෂාව අයිති වෙන්නේ ඉන්දු යුරෝපීය භාෂා පවුලට. සිංහල භාෂාවත් ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයිති භාෂාවක්. ඒ අනුව සිංහල සහ ෆාර්සි භාෂා දෙක එක පවුලේ නෑදෑයෝ. මේ නිසාම අර්ථයෙන් හා ශබ්දයෙන් ආසන්න ලක්ෂණ පෙන්වන වචන ගණනාවක් මේ භාෂා දෙකේ තිබෙනවා. හැබැයි අරාබි භාෂාව ඉන්දු යුරෝපීය භාෂාවක් නොවෙයි.
👉 බෙහිස්ටූන් කියන සෙල්ලිපිය (Behistun Inscription) තමයි ඉරාන භාෂාව පිළිබඳ දැනට හමුවන පැරණිම ලිඛිත සාධකය විදිහට සැලකෙන්නේ. මේක ක්‍රි. පූ හය වැනි සියවසට පමණ අයිති සෙල්ලිපියක්. සිංහල භාෂාව පිළිබඳ පැරණිම ලිඛිත සාධක අයිති වෙන්නෙත් ක්‍රි. පූ හය වැනි සියවසට. ඒ තමයි අනුරාධපුර සල්ගහවත්ත කැණීමෙන් හමුවුණු සිංහල අකුරු කීපය. මෙය බෙහිස්ටූන් සෙල් ලිපිය තරම් දීර්ඝ එකක් නොවෙයි කෙටි අකුරු කීපයක් පමණයි.
👉 දැනට හමුවන පැරණිම පර්සියානු කාව්‍ය කෘතිය විදිහට සැලකෙන්නේ ෆර්ඩෝසි විසින් රචනා කරපු ෂානා මේ කියන කෘතිය. මේක ක්‍රි. ව. 1010 දි විතර ඒ කියන්නේ 11 වන සියවසේ ලියවුණු කෘතියක්. මේ කාලේ ලංකාවේ ලියවුණ කාව්‍ය කෘති අද වෙද්දි ඉතුරු වෙලා නැතත්, අපේ රටේ සීගිරි කවි ලියවුණේ මේ ආසන්න සියවස් කිහිපය තුළ.
👉 ඒ වගේම ඊට කලින් ලියවුණු කාව්‍ය විචාරය සම්බන්ධ කෘතියක් අපේ රටේ තියනවා. ඒ තමයි අට වන සියවසේ ලියවුණු සියබස්ලකර කියන පොත. ඊට අමතරව අනුරාධපුර යුගයේ දියුණු සිංහල පද්‍ය සාහිත්‍යයක් පැවති බවට තව සාධක බොහොමයක් ඉතිරි වී තිබෙනවා. ඒ අනුව සිංහල කවිය පිළිබඳ සාධක ෆාර්සි කවිය පිළිබඳ සාධකවලට වඩා පැරණියි.
👉 එතකොට ෆාර්සි භාෂාව විතරක් නෙමෙයි ෆාර්සි භාෂාව හා සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් සහිත අද දක්වාම පැවතෙන සාහිත්‍ය සම්ප්‍රදායක් ඉරානයේ තිබෙනවා. ෆාර්සි භාෂාවෙන් ලේඛනයේ නිරත වන ලොව පිළිගත් ලේඛක ලේඛිකාවන් විශාල පිරිසක් ඉන්නවා. සිංහල භාෂාවටත් අනුරාධපුර යුගයේ සිට අද දක්වා අඛණ්ඩව පැවතෙන සාහිත්‍ය සම්ප්‍රදායක් තිබෙනවා.
👉 ඉරානයට ඉතිහාසයේ සිට විවිධ ආක්‍රමණ එල්ල වුණත් ඒ කිසිවකින් ඔවුන්ගේ භාෂා උරුමය විනාශ වුණේ නැහැ. සිංහල භාෂාවත් නොයෙක් ආක්‍රමණ මැද අද දක්වාම තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න සමත් වෙලා තිබෙනවා.
👉 ඊළගට අක්ෂර මාලාව ගැන කතා කළොත් නම් අපේ භාෂාව සහ පර්සියානු භාෂාව අතර තිබෙන්නේ සමානකමක් නෙමෙයි වෙනස්කමක්. සිංහල භාෂාවට ක්‍රිස්තු පූර්ව යුගවල සිට පරිණාමය වූ අපටම ආවේණික අක්ෂර මාලාවක් තිබෙනවා. හැබැයි පර්සියානු භාෂාව කාලයෙන් කාලයට විවිධ අක්ෂර මාලා භාවිතා කළා. අද ඔවුන් භාවිතා කරන්නේ අරාබි අක්ෂර මාලාව.
👉 මෙතන මම සඳහන් කළේ ෆාර්සි භාෂාව සහ සිංහල භාෂාව අතර සමානකම් සහ වෙනසකම් ගැන මූලික කරුණු කීපයක්.
👉 වැදගත්ම කාරණය තමයි ඉරානය යනු අන්තවාදී ඉස්ලාම් රටක් පමණක් යැයි සිතා සිටින බොහෝ දෙනාට ඉරානයේ සංස්කෘතිය තුළ ඇති පර්සියානු උරුමයන් පිළිබඳ අදහසක් නොතිබීම. ඒත් සංස්කෘතියක වැදගත්ම හා ප්‍රබලම අංගය වන භාෂාව සලකා බැලුවත් එය ඉරානය තුළ තවමත් නොනැසී පවතින පර්සියානු උරුමයන් පිළිබඳ වැදගත් හා ප්‍රබල උදාහරණයක්.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..