News Category
From Date
To Date
Maximum Number of Result

දිලීප පීරිස් ඇරියස් කවර් කරනවාද?

Jun 5, 2026 at 06:57 AM
|

දිලීප පීරිස් දිහා බැලුවම මට පෙනෙන අනිවාර්ය ලක්ෂණ කිහිපයක් තියෙනවා.

එක්කො දිලීප කුඩා කාලයේ ඉතාම දැඩි දුක් විඳලා, වේදනා විඳලා අමාරුවෙන් අද ඉන්න තැනට ආපු සමාජය එක්ක වෛරයකින් ඉන්න මිනිහෙක්.

එහෙම නැත්නම් දිලීප කුඩා කාලයේ සහ තරුණ කාලයේ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලා, ඒ නිසා සමාජයට වෛර කරන් අද ඉන්න තැනට ආපු මිනිහෙක්.

දිලීප අධිකරණයේ කතා කරන නාට්‍යානූසාරයේ තියෙන්නේ මේ වෛරය. මේ වෛරය මිනිහෙකුට හිතලා රඟපාන්න බැහැ.

පපුව ඇතුලෙන් පැස වන වෛරයක සහයක් අවශ්‍යයමයි.

මම දීලිප ඊලගට කියවා ගත්තේ නීති සිසුන්ට දේශනයක් දෙන දවසේ.

ඔහු 'Lots of ''පණ්ඩිතයාස්" in this room' කියලා කිව්වා.

ඒ වගේම ඩෙනිම් අඳින, පුද්ගලික විශ්ව විද්‍යාල වලින් ආපු නීති ශිෂ්‍යාවො ඔහු දැඩිව විවේචනය කළා.

අනිවාර්යෙන්ම ඔහු තරුණ කාලයේ කාන්තා ආකර්ෂනය නොලැබුණු, ප්‍රතික්ෂේප වෙච්ච මනුෂ්‍යයෙක් විය හැකියි.

ඔහු අද සිය නිල බලය එයට පළිගැනිමක් ලෙස භාවිතා කරනවා.

ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල නීති උපාධිය ලබා දෙන්නේ කලා අංශයෙන්.

හැබැයි නීති වෘත්තිය කියන්නේ තර්කන බුද්ධිය සහ විශ්ලේෂනාත්මක බුද්ධිය (Analytical thinking) සෑහෙන උවමනා රැකියාවක්. 

නමුත් දිලීප එවැනි හැකියාවක් නැහැ.

දිලීප නීතිඥයෙක් ලෙස මතුවෙන්නේ රූපවාහිනි වලින් අධිකරණ සහ නඩු විස්තර විකාශය කරන්න ගත්තට පස්සේ.

රූපවාහිනියට නඩුවේ නීති පදනම සහ තර්ක වැඩක් නැහැ.

ඔවුන් ඒ කොටස් පෙරලා තෝරා ගන්නේ නීතිඥවරුන්ගේ නාට්‍යානුසාරී කොටස් පමණයි.

දිලීප මේ අවස්ථාව ලංකාවේ ලෝ Iq මැද පන්තියට සහ ග්‍රාමීය පන්තියට කතා කරන්න සහ ඔවුන් අතර ජනප්‍රිය වෙන්න, වීරයෙක් වෙන්න අවස්ථාවක් විදියට දැක්කා.

එදා ඉදලා නඩු වල දිලීප කරන්නේ රඟපාන එක.

ෆිල්ම් එකක වීරයෙක් ඩයලොග් දෙනවා වගේ ඝන පිහිටුවලා, රඟපාලා දිලීප කෑ ගහනවා.

පන්ච් ලයින් දෙනවා.

මාධ්‍යකරුවොත් ඒ කොටස් උස්සනවා.

නමුත් නඩුවක ප්‍රතිඵලය තීරණය වෙන්නේ නාට්‍යානුසාරී කොටස් වලින් නෙවෙයි.

නීති තර්ක වලින් සහ ලොජිකල් හරස් ප්‍රශ්න වලින්.

ඔබ විජේදාස රාජපක්ෂ වගේ ලංකාවේ ටොප් ලෝයර්ස්ලා නඩුවකට ලෑස්ති වෙන විදිය බැලුවොත් ඔවුන්ගේ නඩු වල නාට්‍ය නැහැ, රඟපෑම් නැහැ.

ඔවුන් අධ්‍යනය කරන්නේ නඩුවට අදාල නීති. පැරණි නඩු තීන්දු.

ඊටපස්සේ සාක්ෂි කියවලා ඒවායේ සංගත නොවන තැන්.

එම නිසා ඔවුන් නඩු දිනන සම්භාවිතාව බොහෝ වැඩියි.

දිලීප නඩුවක් දිනපු නීතිඥයෙක් නෙවෙයි.

හුදෙක් ඔහු රඟපාලා, රූපවාහිනි රේටිංග්ස් හදලා දෙන්න කෑ ගහන නීතිඥයෙක්.

අද නඩුව වුනත් බලන්න.

ෆේස්බුක් එකේ ඩෝබියො කියපු කතාවම ඔහු අධිකරණයේ කිව්වා.

එනම් 'සුරේෂ් සලේ ටෆ් නැති ය' කියලා කිව්වා.

එහි අදහස සුරේෂ් සලේ බුද්ධි නිළධාරියෙක් නිසා ශානි දෙන වද බන්ධන පැමිණිලි කිරීමකින් තොරව ඔහු දරා ගත යුතු ය යන්න.

මොන තරම් ගොබ්බ සහ මෝඩ අදහසක් ද ?

දක්ෂ විත්තියේ නීතිඥයෙකුට ලිටරලි නැතිම කරලා ෆ්ලෝ එක මොප් කරන්න ගන්න පුලුවන් තරම් මෝඩ අදහසක්.

එනම් දිලීප අද අධිකරණයේ පිළිගත්තා ශානි, සලේට වද බන්ධන ලබා දෙනවා කියලා.

හැබැයි මේ බුවාට තේරෙන්නෙ නැහැ අධිකරණය ඉදිරියේ සුරේෂ් සලේ තවත් එක් පුරවැසියෙක් ය කියලා.

අනිත් සිවිල් වැසියන්ට තියෙන මානව අයිතිවාසිකම් සුරේෂ් සලේටත් තියෙනවා කියලා.

අත්අඩංගුවේ දි වද බන්ධනයට යටත් කිරීම නීති විරෝධි මෙන්ම මේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් ය කියන කාරණාව දිලීපට අමතක වුණා.

බුද්ධිමත් , ඇනලිටිකල් තිංකින් එකක් තියෙන ලෝයර් කෙනෙකුට මේ කතාව ලේසියෙන්ම පික් වෙනවා.

මේ ගොබ්බ කතාව අහපු ගමන්ම මගේ ඔලුවට ආවේ දිලීප නඩුව පරාදයි කියලා.

නමුත් දිලීප දක්ෂ නීතිඥයෙක් නෙවෙයි.

ඔහුට ඒ තාර්කික හැකියාව හෝ විභවය නැහැ.

ඔහු රඟපාල, කෑ ගහලා සහ එන ඕනෑම ආණ්ඩුවකට ගොට්ට අල්ලලා සහ කුණු කොන්ත්‍රාත් කරලා උසස් වීම් ගත්තු මිනිහෙක් මිසෙක නඩු දිනපු මිනිහෙක් නෙවෙයි.

කාලවර්ණ දේහධාරී දිලීප උසාවියේ කෑ ගහනවා. 

ඔහුගේ රූපය, ඒ හඬ සහ වේදනාව අස්සේ මට පේනවා සමාජයට තවමත් වෛර කරන මිනිහෙක්.

ඒ මිනිහාගේ ඔරිජින් ස්ටෝරිය බැලුවොත් අනිවාර්යෙන්ම අපිටත් දුක හිතෙන කතාවක් ඇති.

අද නීතිඥ ක්ෂේත්‍රයේ පිරිස් දිලීප විහිලුවකට අරන්.

තවත් සමහරු ඔහුව දැඩිව විවේචනය කරනවා.

හැබැයි මගේ මතය වෙනස්.

මගේ මතය මේ තඩි පිරිමියා අස්සේ ඉන්නේ බිඳුනු තරුණයෙක් සහ ළඳරුවෙක්.

ඔහු මේ කවර් කරන්නේ ඒ ඇරියස්.

ඔහුට සලේ එක්ක ප්‍රශ්නයක් නැහැ.

ඔහුට ඉස්සර හිජාස් හිස්බුල්ලා එක්ක ප්‍රශ්නෙකුත් තිබුණේ නැහැ.

ඔහුට තියෙන්නෙ සමාජය එක්ක වෛරයක්.

තමන්ට වඩා උසස් යැයි සහ දේවල් ලැබුණා යැයි ඔහු සිතන මිනිස්සු එක්ක ප්‍රශ්නයක්.

එමෙන්ම සමාජය එක්ක තව තව ඇරියස් කවර් කිරිමට, ආණ්ඩු වල කුණු කොන්ත්‍රාත් කරලා, ආණ්ඩු සතුටු කරලා උඩට යන්න ආශාවෙන් ඉන්න මිනිහෙක්.

මෝරල් කෝඩ් එකක් නැති මිනිහෙක්.

ඕනෑම දෙයක් විකිණීමට ලෑස්ති මිනිහෙක්.

ඇත්තටම දිලීප පීරිස් කියන්නේ අපි අනුකම්පා කළ යුතු මනුස්සයෙක්.

(Sachin Rathwatte ගේ මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.