පැලවත්තේ නත්තල් සුන්දරත්වය වෙසක් පෝයට නැති වුණේ ඇයි? - පැලවත්තෙන් ඇහුන වෙනස්ම කතාවක්...
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානය කියන්නේ 2004 වසරෙන් පස්සේ සිංහල බෞද්ධ ජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වගේම සාමාන්‍ය පාක්ෂිකයන්ගේ දායකත්වයෙන් එකතු වුණු දැවැන්ත අරමුදලකින් හැදුණු තැනක්. එදා පක්ෂයේ ආරම්භකයා වුණු රෝහණ විජේවීරයන් පවා බුදුදහමට සහ මහා සංඝරත්නයට දේශපාලනික වශයෙන් සුවිශේෂී තැනක් දුන්නා. හැබැයි සෝමවංශ අමරසිංහයන්ගේ නායකත්වයෙන් පස්සේ ආපු වත්මන් ජේ.වී.පී. නායකත්වයේ ක්‍රියාකලාපය දිහා බැලුවහම, එදා තිබුණු ඒ දේශප්‍රේමී උපායමාර්ගික ගමන් මඟ සහ වර්තමාන භාවිතාව අතර ලොකු පරස්පරතාවයක් දකින්න ලැබෙනවා. මේ ගැන Lanka Underground News තැබූ සටහනක මෙසේ සදහන් කර තිබුණා.
මේ පරස්පරය වඩාත්ම කැපී පෙනෙන්නේ ආගමික උත්සව සැමරීමේදී ඔවුන් දක්වන ද්විත්ව ප්‍රතිපත්තිය නිසයි. උදාහරණයක් විදිහට 2025 නත්තල් උත්සවය වෙනුවෙන් පැලවත්ත මූලස්ථානය ඉතාමත් අලංකාර ලෙස විදුලි බුබුළුවලින් සහ සැරසිලිවලින් හැඩගන්වා තිබුණා. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් විදිහට වෙසක් උත්සව දිනයේදී පක්ෂ මූලස්ථානය වෙනුවෙන් එවැනි කිසිදු සැරසිල්ලක් සිදු කර තිබුණේ නැහැ. මාක්ස්වාදී සිද්ධාන්තවලට අනුව හැම ආගමකටම එක හා සමානව සැලකිය යුතු වුවත් වෙසක් උත්සවය පමණක් මෙලෙස මඟහැර යාම බරපතළ ගැටලුවක්.
මේ තත්ත්වය පක්ෂයේ නිල සමාජ මාධ්‍ය හැසිරීම් තුළිනුත් මනාව පැහැදිලි වෙනවා. "JVP Sri Lanka" නිල ෆේස්බුක් පිටුවේ නත්තල් සහ තෛපෝංගල් වැනි අන්‍යාගමික උත්සව වෙනුවෙන් නායකත්වයේ සුබපැතුම් පණිවුඩ පළ කර තිබුණත් වෙසක් පෝය වෙනුවෙන් කිසිදු නිල සුබපැතුමක් පළ කර තිබුණේ නැ. ඒ වෙනුවට දකින්න ලැබුණේ ජනාධිපතිවරයා වියට්නාමයේ විහාරස්ථානයකට ගිය පුවතක් පමණයි. එක ආගමක විශේෂ දිනයක් පමණක් මේ විදිහට හලා දැමීම පිටුපස තියෙන්නේ කුමන ආකාරයේ දේශපාලන න්‍යායක්ද කියන එක ප්‍රශ්න සහගතයි.
මීට අමතරව වෙසක් නිවාඩුව සම්බන්ධයෙන් රජය ගත් තීරණයත් රටේම කතාබහට ලක්වුණා. ඒ සාමාන්‍යයෙන් වෙසක් පෝය සති අන්තයකට යෙදුණොත් පසුගිය පාලකයන් කළේ සතියේ දිනක අමතර නිවාඩුවක් ලබා දීමයි. හැබැයි වත්මන් පාලනය සෙනසුරාදා දිනට යෙදුණු වෙසක් පෝය වෙනුවෙන් විශේෂ නිවාඩු දිනයක් විදිහට ගැසට් කළේ කොහොමටත් රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දවසයි. අනික් පැත්තට දකුණේ බෞද්ධ ජනතාව යාපනයේ තිස්ස රජමහා විහාරයට යන එක "වෛ💔රය වැපිරීමක්" විදිහට දකින පාලකයෝ දකුණේ කිතුනු ජනයා මන්නාරම් මඩු පල්ලියට යනකොට නිහඬ ප්‍රතිපත්තියක් රකින්නේ ඇයිද කියන එකත් හිතලා බලන්න ඕනනේ.
ආණ්ඩුව සහ පක්ෂය අනෙක් හැම ආගමික උත්සවයකටම ලොකු හැන්දකින් සලකද්දී බුදු සසුනට සහ බෞද්ධ උත්සවවලට පමණක් කුඩම්මාගේ සැලකිලි ද? මේ සැඟවුණු බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය වහාම හඳුනා නොගතහොත් රටේ සංස්කෘතික පදනමට සිදුවන හානිය සුළුපටු නැ. ආගමික සහජීවනය කියන්නේ එක ආගමක් විතරක් කොන් කරන එකට නෙවෙයිනේ. මේ යන ගමනේ අවසානය මොකක්ද කියලා එදා ඔවුන්ට කෘතඥ පූර්වකව ඡන්දය දුන්න ඔබම දැන්වත් බුද්ධිමත්ව හිතලා බැලුවොත් හොදයි නේද?
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..