News Category
From Date
To Date
Maximum Number of Result

අටමස්ථානයට පායන MCC හඳ..

May 29, 2026 at 05:23 AM
|

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් (2022 වසරේ සිදුවූවක් යැයි කියන) 15 හැවිරිදි දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව මත 2026 මැයි 8 වන දින නවලෝක රෝහලේදී අත්අඩංගුවට පත්වීමත් සමඟ රට තුළ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. නමුත්, මෙම සිදුවීමේ මතුපිට සීරීමෙන් ඔබ්බට ගිය විට පෙනෙන්නට තිබෙන්නේ හුදෙකලා අපරාධ නඩුවකට වඩා, ලංකාවේ සිංහල බෞද්ධ පදනම සහ භූ-දේශපාලනික මංසන්ධි ඉලක්ක කරගත් සූක්ෂම "කළු මෙහෙයුමක" (Black Operation) දියත් වීමකි.

මෙන්න එහි සම්පූර්ණ නිරුවත සහ පෙළගැස්ම:

🛑 ප්‍රභූන් පාගා දැමීමේ ආස්වාදය සහ සමස්ත භික්ෂු විරෝධී රැල්ල

මෙම නඩුවේ සැකකරු රටේ ප්‍රමුඛතම ආගමික නායකයෙකු වීම නිසා සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව ඇත. එහෙත් මෙතැන තිබෙන්නේ වින්දිත දැරියට යුක්තිය ඉටු කිරීමේ සැබෑ වුවමනාවකට වඩා, ප්‍රභූ පුද්ගලයෙකු පාගා දැමීමෙන් ලබන "ගැලරි ආස්වාදයක්" සහ පන්සල සමඟ ඇති "ඇරියස් කවර් කිරීමකි".

මෙම හුදෙකලා සිදුවීම මුල් කරගනිමින්:

◼️ පන්සල්වලට දානය දීම ප්‍රතික්ෂේප කිරීම

◼️ භික්ෂූන්ට බස් රථවල ආසන ලබා නොදීම

◼️ මහානායක හිමිවරුන්ට සහ සමස්ත භික්ෂු පරපුරටම එරෙහිව සංවිධානාත්මක ප්‍රතිරූප විනාශ කිරීමේ රැල්ලක් සමාජ මාධ්‍ය පුරා දියත් කර ඇත.

🛑 සංඛ්‍යාලේඛන බොරු කරන්නේ නැත: භික්ෂු සමාජයේ සැබෑ ප්‍රතිශතය

සුළු පිරිසකගේ වැරදි නිසා සමස්ත ශාසනයටම අවලාද නඟන අයට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දත්ත ඇසුරින් දිය හැකි පිළිතුර මෙන්න:

📊 සංඛ්‍යාලේඛන සැසඳීම: සැබෑ චිත්‍රය වටහා ගනිමු

☸️ බෞද්ධ භික්ෂූන් වහන්සේලා:

◼️ සමස්ත සංඛ්‍යාව: 42,122 නමකි (භික්ෂුණීන් 4,000 ද ඇතුළුව)

◼️ දශකයක් තුළ චෝදනා ලැබූවන්: 110 නමකි

◼️ චෝදනා ලැබීමේ ප්‍රතිශතය: 0.261%

✝️ කිතුණු පූජක / පාස්ටර්වරු:

◼️ සමස්ත සංඛ්‍යාව: 3,800 ක් පමණ

◼️ දශකයක් තුළ චෝදනා ලැබූවන්: 20 දෙනෙකි

◼️ චෝදනා ලැබීමේ ප්‍රතිශතය: 0.526%

💡 පැහැදිලි නිරීක්ෂණය:

සමස්ත සංඛ්‍යාවන්ට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස සැලකූ විට, ලිංගික හා ළමා අපචාර චෝදනා ලබා ඇති කිතුණු පූජක/දේවගැති සංඛ්‍යාව, එම චෝදනා ලැබූ භික්ෂු පිරිසෙහි ප්‍රතිශතය මෙන් දෙගුණයකටත් වඩා වැඩි (0.526% ලෙෂ 0.261%) මට්ටමක පවතී.

🛑 ළමා අපයෝජන, ආයතනික අසාර්ථකත්වය සහ සමාජයේ ද්විත්ව ප්‍රමිතීන්

රජයේ නිල වාර්තා අනුව ලංකාවේ දිනකට ළමා අපයෝජන 35ක් වාර්තා වේ (පැයකට එකකට වඩා වැඩි). වසරකට පැමිණිලි 10,000කට වඩා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට (NCPA) ලැබුණද, සැබෑ අපයෝජන සංඛ්‍යාව මෙන් එය පස් ගුණයකි. පැමිණිලිකරුවන්ගෙන් 90%ක් අධිකාරියේ ක්‍රියාකලාපය ගැන සෑහීමකට පත් නොවන අතර, ආයතනයේ නොහැකියාව නිසා අපරාධකරුවෝ නිදොස් වෙති.

එසේ තිබියදී, අනෙකුත් ක්ෂේත්‍රවල සිදුවන බරපතළ අපරාධ හමුවේ ඩොලර් මත යැපෙන ලිබරල්වාදීන් සහ සමාජ මාධ්‍ය දක්වන්නේ ද්විත්ව ප්‍රමිතියකි

◼️ කොටහේන දැරියගේ සිදුවීම: බාලවයස්කාර සිසුවියකට අතවර කළ ගුරුවරයාට ලැබුණේ ස්ථාන මාරුවක් පමණක් වූ අතර, පසුව එම දැරිය සියදිවි නසාගත්තාය. NGO හෝ කාන්තා සංවිධාන එදා මෙතරම් මහා විරෝධයක් පෑවේ නැත. මන්ද සිවුරට ගසන තරම් ඩොලර් කුට්ටි එවැනි දේට ලැබෙන්නේ නැත.

◼️ 2011 නොවැම්බර් 23 (මොරටුව රාවතාවත්ත ප්‍රේම් ළමා නිවාසය): නවසීලන්ත ජාතික කන්‍යා සොහොයුරියක යටතේ ක්‍රියාත්මක වූ මෙම නිවාසය ළමුන් විකුණන ජාවාරමක් නිසා වටලා ළමුන් 70ක් සහ ගැබිනි මව්වරුන් බේරාගත්තද, කාදිනල්තුමාගේ මැදිහත් වීම සහ "නත්තල් උත්සව වර්ජන" තර්ජන හමුවේ විමර්ශන යටපත් විය.

◼️ පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු (මිරකල් ඩෝම්): මිනිසුන්ගේ පිටේ නැගී, පහර දෙමින් සිදුකරන ව්‍යාජ යාඥා සහ කෝටි ගණනක කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම් චෝදනා මැද, ඔහු අත්අඩංගුවට ගත්තද පසුව දෙවියන්ගේ නාමයෙන් නිදහස් වී සුඛෝපභෝගී ලෙස වැජඹෙයි. අධිවේගී මාර්ග අසල ඔහුගේ කටවුට් ප්‍රදර්ශනය වේ.

◼️ මුස්ලිම් විවාහ නීතිය: 1950 මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) අනුව වයස 18ට අඩු දැරියන් විවාහ කර දීම තවමත් වලංගුය. බීබීසී වාර්තාවලට අනුව නැගෙනහිර පළාතේ ළමා විවාහ 2014 දී 114කින්ද, 2015 දී 122කින්ද වැඩි වී ඇත. එමෙන්ම 1951 මුස්ලිම් විවාහ නීතියේ 23 වන වගන්තිය අනුව කාතිවරයෙකුගේ අවසරය මත වයස 12ට අඩු දැරියන් පවා විවාහ කර දීමට නීත්‍යානුකූල ඉඩක් තිබුණද, ලිබරල්වාදීන් ඒ ගැන කතා නොකරයි.

◼️ මද්‍රසා පාසල්වල අභිරහස් මරණ: 2023 දී කල්මුණේ සහ සෛන්තමරුතු මද්‍රසා පාසල්වල ළමුන් දෙදෙනෙකු (වයස 14 සහ 13) අභිරහස් ලෙස මියගිය අතර, 2025 නොවැම්බර් 3 වන දින වැලිමඩ සිල්මියාපුර මද්‍රසා පාසලක 12 හැවිරිදි සිසුවෙකු ලිංගික අතවරයට ලක්කර මරා එල්ලා තිබියදීත් සමාජ මාධ්‍ය තුළ මේ හේමරතන හිමිගේ සිදුවීමට තරම් කිසිදු ආන්දෝලනයක් ඇති නොවීය.

🚨 මෙය අටමස්ථානය ඉන්දු-ඇමරිකානු භූ-දේශපාලන උගුලකට බිලිදීමේ සූක්ෂම සැලසුමක්ද?

අටමස්ථානයට පායන MCC හඳ?

ලෝවාසී සමස්ත බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ බඳු වූ, වසර 2300කට අධික අඛණ්ඩ ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පැවැත්මට සහ සමස්ත අටමස්ථාන පූජා භූමියට එරෙහිව සූක්ෂම, අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. රටේ පුරවැසියන් ලෙස අප මැනවින් වටහාගත යුත්තේ, මෙය හුදෙක් නොදැනුවත්කම නිසා සිදුවූ ඉදිකිරීම් දෝෂයක් නොව, සමස්ත පූජා භූමියම විදේශීය භූ-දේශපාලන න්‍යායපත්‍රයන්ට නතු කරගැනීම සඳහා වත්මන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ අනුදැනුම මත සිදුවන පුළුල් කුමන්ත්‍රණයක තවත් එක් පියවරක් ද යන්නයි.  

​🧱 තාක්ෂණික වාර්තාවෙන් හෙළිවන බෝධීන් වහන්සේට එල්ල කර ඇති තර්ජනය

​මෑතකදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මළුවෙහි සිදුකර ඇති නවීකරණ කටයුතු හේතුවෙන් බෝධීන් වහන්සේගේ සෞඛ්‍ය සහ අනාගත පැවැත්ම පිළිබඳ බරපතළ ගැටලුවක් මතුව තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය රංගික හල්වතුර මහතාගේ තාක්ෂණික වාර්තාවකට අනුව භයානක කරුණු රැසක් අනාවරණය වී ඇත:  

◼️ ​ස්වභාවික වැලි තලාව ඉවත් කිරීම: ඉතිහාසයේ පටන් පසෙහි වාතාශ්‍රය සහ උෂ්ණත්වය ස්වභාවිකව පාලනය කළ වැලි මතුපිට වෙනුවට සිදුරු සහිත ගඩොල් වර්ගයක් ඇල්ලීම නිසා බෝධියේ පැවැත්මට ඍජු බලපෑම් එල්ල වේ.  

◼️ ​අධික උෂ්ණත්වය සහ තාපය රඳා පැවතීම: මෙම ගඩොල්වල පවතින වායු කුහර හේතුවෙන් හිරු රශ්මිය හමුවේ මතුපිට උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යන අතර තාපය පිටවීම වැළැක්වීම නිසා දිගු වේලාවක් රස්නය පවතී.  

◼️ ​පරිවෘත්තිය ක්‍රියාවලියට හානි වීම: ඉහළ යන උෂ්ණත්වය සහ පරාවර්තනය වන සූර්ය විකිරණ නිසා බෝධීන් වහන්සේගේ පත්‍රවලින් ජලය පිටවීම ඉහළ ගොස් ශාකයේ පරිවෘත්තිය ක්‍රියාවලියට අහිතකර බලපෑම් එල්ල වේ.  

◼️ ​මූල පද්ධතිය අඩපණ වීම: පසට ජලය කාන්දුවීම සහ වායු හුවමාරුව සීමා වීම නිසා බෝධි ශාකයේ මූල පද්ධතියට බරපතළ හානි සිදු විය හැක.  

◼️ ​බැතිමතුන්ට සිදුවන පීඩාව: මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් ද දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටිති.  

​වඩාත්ම කනගාටුදායක සහ සැකකටයුතු කරුණ නම්, බෝධීන් වහන්සේගේ උද්භිද විද්‍යාත්මක ආරක්ෂාව භාර පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂක ජනරාල් එච්. චන්ද්‍රිකා පී. ජයවීර මහත්මියගෙන් හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ. සෙනරත් මහතාගෙන් මේ සඳහා කිසිදු අවසරයක් හෝ උපදෙසක් ලබාගෙන නොමැති වීමයි. බෝධීන් වහන්සේගේ භාරකාරීත්වය විසින් මේ පිළිබඳව කිසිදු දැනුම් දීමක් පවා සිදුකර නැත. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට මාධ්‍ය දැරූ උත්සාහයන් ද ව්‍යර්ථ වී ඇත.

  ​🌐 අටමස්ථානයේ භූ-දේශපාලනික වටිනාකම සහ MCC කුමන්ත්‍රණය?

​අනුරාධපුර පෞරාණික පූජනීය නගරය යනු වර්ග කිලෝමීටර් 40ක් (අක්කර 10,000ක්) පුරා විහිදුණු, පුරාවිද්‍යාත්මක සීමාව වර්ග කිලෝමීටර් 100 ඉක්මවන අතිසංවේදී කලාපයකි. භූ-දේශපාලනික ඇසින් බලන කල, අනුරාධපුරය යනු ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් යා කරන උපායමාර්ගිකව අතිශය වැදගත් මරමස්ථානයකි. චීනයේ "එක් තීරයක් එක් මාවතක්" (BRI) සහ ඇමරිකානු-ඉන්දීය "ඉන්දු-පැසිෆික්" උපායමාර්ගික බලපොරය හමුවේ ලංකාව මිලිටරි කේන්ද්‍රස්ථානයක් කරගැනීමට ලෝක බලවතුන් මාන බලමින් සිටිති.

​මෙහිදී ඇමරිකානු අරමුණු වෙනුවෙන් සකස් කළ, ජාතික භෞතික සැලැස්ම නමින් ගැසට් කරන ලද MCC (Millennium Challenge Corporation) වැඩපිළිවෙළ සහ අනුරාධපුර-ත්‍රිකුණාමලය ආර්ථික කොරිඩෝවට මෙම පූජනීය භූමිය බිලිදීමේ සූක්ෂම සැලැස්මක් ක්‍රියාත්මක වන බවට රටේ බුද්ධිමත් පුරවැසියන් තුළ දැඩි සැකයක් මතුව ඇත.

​🧐 තිත් එකතු කර බැලීම: වත්මන් අටමස්ථානාධිපති හිමියන්ගේ භූමිකාව සූක්ෂමද?

​මෙම සමස්ත ක්‍රියාවලිය දෙස බැලීමේදී, වත්මන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් මෙම විදේශීය භූ-දේශපාලනික න්‍යායපත්‍රයන්ට අනුකූලව කටයුතු කරමින් සිටින බවට සාක්ෂි මතු වේ

◼️ ​රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය වෙනස් කිරීම: උන්වහන්සේ රුවන්වැලි මහා සෑයේ භාරකාරීත්වය දැරූ සමයේ, අකුණක් වැදී පලුදු වූ බව පවසමින් චූඩා මාණික්‍යය මාරු කිරීම පිළිබඳ එකල දැඩි ආන්දෝලනාත්මක සහ සැකකටයුතු කතාබහක් රට තුළ නිර්මාණය විය.

◼️ ​විදේශීය තැරැව්කරුවන් සමඟ සබඳතා: 2026 අප්‍රේල් මාසයේදී වියට්නාම-ඇමරිකානු තැරැව්කාර "ලෑම් වෑන්" (Lam Van) ලංකාවට පැමිණි "Walk for Peace" වැඩපිළිවෙළ හරහා ශ්‍රී මහා බෝධි අංකුරයක් ලබාදීමට ද උන්වහන්සේ කටයුතු සූදානම් කර තිබුණි.

◼️ ​රාජ්‍ය ආයතන මඟ හැරීම සහ බෝධිය අනතුරේ දැමීම: රාජ්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ උද්භිද විද්‍යා බලධාරීන් දැනුවත් නොකර, ජය ශ්‍රී මහා බෝධී මළුවේ උෂ්ණත්වය ඉහළ නංවන සහ මූල පද්ධතිය විනාශ කරන ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ දීම.  

​📢 ​ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැනි ජාතික උරුමයන් විනාශයට පත් කරමින්, විද්‍යාත්මක උපදෙස් පවා තුට්ටුවකට මායිම් නොකර සිදුකරන මෙම වෙනස්කම්වල සැබෑ අරමුණ කුමක්ද? පූජා භූමියේ ස්වභාවික පැවැත්ම අඩපණ කර, අවසානයේ එය MCC සැලසුම්වලට සහ ඉන්දු-ඇමරිකානු ආර්ථික කොරිඩෝවට නතු කරගැනීමට සුදුසු වටපිටාවක් වත්මන් අටමස්ථානාධිපති හිමියන් විසින් ඉතා සූක්ෂම ලෙස සකස් කරමින් සිටින්නේ ද යන්න පිළිබඳව රටේ පුරවැසියන් ලෙස අප දැඩි සෙවිල්ලෙන් සහ දැඩි විවේචනයෙන් පසුවිය යුතුය!

​(තොරතුරු මූලාශ්‍රය: දිවයින ඉරිදා සංග්‍රහය, 2026 මැයි 17 වාර්තාව සහ වත්මන් දේශපාලන සමාජ තොරතුරු ඇසුරින්)  

🛑 නීතිමය "නොපෙනෙන හිඩැස්" (Loopholes) සහ වක්‍ර සංස්කෘතික සංහාරය

ජාතික භෞතික සැලසුම් (National Physical Plan 2030/2050) මඟින් අනුරාධපුරය "සංරක්ෂිත උරුම කලාපයක්" ලෙස නම් කර තිබුණද, කඩදාසිවලින් ඔබ්බට ගිය බරපතළ නීතිමය හිඩැස් 4ක් පවතී

1️⃣ "පොදු අවශ්‍යතා" (Public Purpose) වගන්තිය: ඉඩම් පවරාගැනීමේ පනත අනුව, විදේශීය ආයෝජන සහිත මහා පරිමාණ ව්‍යාපෘතියක් වුවද "රටේ ආර්ථික සංවර්ධනය උදෙසා වන පොදු අවශ්‍යතාවක්" ලෙස අර්ථ දක්වමින්, සාමාන්‍ය උරුමයන් සුරැකීමේ නීති යටපත් කර පූජා භූමි ඉඩම් පවරාගත හැකිය.

2️⃣ පරිධිය වාණිජකරණය කිරීම (Buffer Zones): මධ්‍යම කලාපය ආරක්ෂා කළත්, පූජා භූමියට මායිම්ව ඇති බෆර් කලාප පෞද්ගලික ව්‍යාපාරිකයන් (Proxies) ලවා මිලදී ගෙන, සංස්කෘතියට නොගැලපෙන වාණිජ හෝටල් ඉදිකිරීමේ අවදානමක් ඇත.

3️⃣ පනත් සහ උඩින් දිවෙන නීති: සාමාන්‍ය පුරාවිද්‍යා පනත අභිබවා යන පරිදි, "විශේෂ ආර්ථික කලාප පනත්" පාර්ලිමේන්තුව හරහා සම්මත කරගැනීමෙන් පුරාවිද්‍යා නීති ලිහිල් කළ හැකිය.

4️⃣ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP): නඩත්තු පිරිවැය මුවාවෙන් පූජා භූමියේ කළමනාකරණ අයිතිය දිගුකාලීන බදු පදනම මත පෞද්ගලික හෝ විදේශීය සහාය ලබන සමාගම්වලට පැවරීම හරහා පාලනය වක්‍රව ඔවුන් අතට පත් විය හැකිය.

මෙමඟින්සිදුවන්නේ "රාජ්‍ය ස්වයංභක්ෂණයකි" (State Cannibalism). චෛත්‍යයකට භෞතිකව හානි නොකළද, එහි ආධ්‍යාත්මික පදනම අහිමි කර "වාණිජ සංචාරක කලාපයක්" (Pure commercial tourist destination) හෝ ඓතිහාසික කෞතුකාගාර උද්‍යානයක් (Heritage Theme Park) බවට පත් කර සාම්ප්‍රදායික සංඝ පාලනය වඳ කර දැමීම මෙහි සූක්ෂම අරමුණයි.

🛑 සූක්ෂමව සිදුවන සිංහල බෞද්ධ සංස්කෘතික මර්දනය සහ මාලිමා පාලනයේ "ඇත්ත" මුහුණ! 🚩👁️

මෙන්න අපි පන්සල් ගිණි තියෙනවා, මෙන්න අපි ආගම ඉවර කරනවා, මෙන්න අපි ජාතිය අනතුරේ දානවා කියලා රටට පේන්න නොකරාට, බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියට ඉතා සූක්ෂම ලෙස පහර දෙමින් පවතී.

🔸 රජය පෙරහැරවල් පවත්වන්නේ හෝ දළදා ප්‍රදර්ශන පවත්වන්නේ ශ්‍රද්ධාව නිසා නොව, වෙනත් විකල්පයක් නැති නිසා සහ ජනතාව මුළා කිරීමටයි:

2025/04/05 දින ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි සමග ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කරන ලද රහස් ගිවිසුම් ලෙස අදටත් අභිරහසක්ව තියෙන ගිවිසුම් 7 සිංහල බෞද්ධයන්ගෙන් සැඟවීම.

2025 මැයි 06 වනදා පැවති පළාත් පාලන මැතිවරණයේදී සිංහල බෞද්ධයන්ගේ ඡන්ද ඉලක්ක කර ගැනීම.

🔸 ලෝක බෞද්ධ සංඝ මණ්ඩලයේ 60 වන සංවත්සරය ලංකාවේ පැවැත්වීම රජයේ දක්ෂතාවයක් නොව, එහි මූලාරම්භය 1966 දී කොළඹදී සිදුවූ බැවිනි. නමුත් මෙය පාලකයන්ගේ "කළු මෙහෙයුම්" වසා ගැනීමට ලැබුණු කදිම අවස්ථාවක් කරගෙන ඇත:

ලෝක බෞද්ධ සංඝ මණ්ඩලයේ (WBSC) 60 වන සංවත්සරය සහ එහි 11 වන මහා සම්මේලනයේ විධායක කාරක සභා රැස්වීම මෙවර ලංකාවේදී පැවැත්වෙන්නේ එය ප්‍රථම වරට 1966 දී කොළඹදී පිහිටුවූ නිසාය. නමුත් මාලිමා ජනපති අනුර කුමාර දිසානායක "ආගම යනු පාලකයන්ගේ අවසන් නැවතුමයි" යන තියරියම අනුගමනය කරමින්, රට තුළ සිදුවන සියලුම කළු මෙහෙයුම් වසා ගැනීමට බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව අමු අමුවේ මාර්කටින් කිරීමට මෙම සමුළුව පාවිච්චි කරයි.

🔸 මහායාන වියට්නාම බෞද්ධ භික්ෂූන් පිරිසක් ලෝක සාමය වෙනුවෙන් ලෝකය පුරා කරගෙන යන සාම පා ගමනට අනුග්‍රහයකත්වය දීම සහ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ඇමරිකාවෙ රෝපනය කරන්න වැඩම කරවීම යනු ද මෙවැනිම මාර්කටින් මෙහෙයුමකි

(යථාර්ථය වටහා ගැනීමට පහත ලිපි සහ වීඩියෝ බලන්න)

🔗 අධ්‍යාත්මික වෙස් මුහුණට යටින් දිවෙන භූ-දේශපාලනික උගුල: facebook.com/share/p/1FkUYDgMJt/

🔗 සිවුරට මුවා වූ මත්ද්‍රව්‍ය නාටකය: facebook.com/share/p/1DBEPx9r8u/

🔗 භික්ෂූන් වහන්සේලා විදේශගත වීමේදී මහානායක හිමිවරුන්ගේ නිර්දේශ ලබා ගැනීමේ නීතිය වත්මන් රජය ඉවත් කළේ ඇයි?: facebook.com/share/p/1EFfDBQCJj/ | වීඩියෝ: facebook.com/share/r/17pMAyiyEC/

ජවිපෙ/මාලිමා ෆෑන්ස්ලා නොකියන තවත් කරුණු

◼️ 2024 මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කිරීම ඉල් පුර පසළොස්වක පෝදා සිදුකරමින් ඉල් පොහොය දියාරු කර හැරීම.

◼️ ජනපති නිළ නිවසේ පැවැත්වෙන පොහොය ධර්ම දේශනය අතහැර දැමීම.

◼️ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ කවුන්සිලයට USAID ආධාරවලින් වැඩ කරපු ICES ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් වන නිරාගමික මහාචාර්ය ජයදේව උයන්ගොඩ පත් කිරීම.

◼️ බුද්ධ ශාසනා ඇමති ලෙස නමට පමණක් බෞද්ධ, සැබවින්ම බෞද්ධ නොවන පුද්ගලයෙක් පත් කිරීම

◼️ එම ඇමතිවරයා ලවාම බුද්ධ ශාසනා අමාත්‍යාංශය අහෝසි කර ඇති බවත්, මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බවත් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම.

◼️ විහාර හා දේවාලගම් පනත සහ පුරාවිද්‍යා අණ පනත් සංශෝධනය කරන බව පැවසීම. (ලිපිය: facebook.com/share/p/14XEPpJ3iNG/ | වීඩියෝ 1: facebook.com/share/v/17dvQ4ZCVN/)

◼️ දළදා මාළිගය අවට ජෝගිකට (Events) අවසර දීම. (ලිපිය: facebook.com/share/p/183tfh8rV2/ | වීඩියෝ 1: facebook.com/share/r/17YornU88v/ | වීඩියෝ 2: facebook.com/share/v/1E6ZrjBVNb/)

ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නායකයා ලෙස බුදුදහමට, බුද්ධ ශාසනයට, සිංහල ජාතියට සහ බෞද්ධ සංස්කෘතියට සූක්ෂ්මව කරපු විනාසය අති මහත්ය 

2022 "ත්‍රස්ත අරගලයේ" සිට වර්ධනය වූ රැල්ල වත්මන් මාලිමා රජය (අනුර සහ හරිනි) යටතේ තීව්‍ර වී ඇත

◼️ නව පාර්ලිමේන්තු සැසියේදී ජයමංගල ගාථා ගැයීම නැවැත්වීම.

◼️ මහජන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ ජනරජ ලාංඡනය, ධර්ම චක්‍රය සහ සිංහයා විකෘති කිරීම

◼️ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් ඉතිහාසය අනිවාර්ය විෂයයක් නොකිරීම සහ පාසල්වලට LGBTQ+ ලිංගික අධ්‍යාපන පෙළපොත් හඳුන්වා දීමට ක්‍රියා කිරීම.

◼️ වෙසක් සතියේ ගැටලුව: මෙවර 2026 වෙසක් සතිය (මැයි 24 - ජූනි 2) හිතාමතාම ගවයින්ගේ ලේ වැගිරෙන මුස්ලිම් හජ් උත්සවය (ඊදුල් අල්හා) මැදට දමා ඇති අතර, වෙසක් සතියේදී නිවාස සහ දන්සල්වල බෞද්ධ කොඩි වෙනුවට රජයේ "කහ පාට කොඩි" පමණක් දමන ලෙස නියෝග කර ඇත. ජනාධිපති ධජය විනාශ කිරීමෙන් පසු ඔවුන්ගේ ඊළඟ ඉලක්කය බෞද්ධ කොඩියයි!

🛑 ඊනියා "සාසන සංශෝධන" (සංගායනා) වල ඇති භයානකකම

දේශපාලන බලාධිකාරයේ අනුග්‍රහය ඇතුව සංගායනාවක් කරලා දුසිල් භික්ෂූන් බලෙන් නෙරපිය යුතුයි කියලා කතා බහක් නිර්මාණය වෙමින් පවතී. හැබැයි ධර්මාශෝක රජතුමා සසුනෙන් නෙරපුවේ බොරුවට කසාවත් පොරවගත්ත පිරිසක් මිසක් සාසනික සම්ප්‍රදාය අනූව නියම ලෙස පැවිදි වූවන් නොවේ.

මේ වෙද්දි රටේ පවතින භූ-දේශපාලනික සන්දර්භය තුළ දේශපාලනික මෙන්ම පැවිදි නායකත්වයද විජාතික න්‍යායපත්‍රවල අතකොළු වී ඇති නිසා, මේ පවත්වන්ඩ හදන ඊනියා සංගායනා හරහා සිදුවන්නේ තමන්ගේ භූ-දේශපාලනික අරමුණු වලට උවමනා හැටියට භික්ෂූන්ව සහ බෞද්ධ සිද්ධස්ථාන දඩයම් කරලා මේ තියෙන සාසනයත් නැත්තටම නැති කර දැමීමයි.

🚨 ජනතාව වෙත කෙරෙන අවධාරණය

මෙම ලිපියේ සියලුම කාරණාවලින් පැහැදිලි වන්නේ සිදුවන සෑම සිදුවීමක්ම මේ මොහොතේ ලංකාවේ වෙලාගෙන ඇති ඇමරිකානු ඉන්දු භූදේශපාලන කළු මෙහෙයුමේ අරමුණක් වන අටමස්ථාන පූජා භූමිය වටා ගොනු වී පවතින බවත්, එම සෑම සිදුවීමක්ම එකම අරමුණක් සහිතව විවිධ මුහුණුවලින් ක්‍රියාත්මක වන බවයි.

සිදුවූ අපරාධ චෝදනාවට රටේ ගරු අධිකරණ පද්ධතිය විසින් තීන්දුව ලබා දෙනු ඇත. අප අධිකරණයට හිස නමා, අධි-සංවේදී නොවී ගමත් පන්සලත් භික්ෂුවත් අතර ඇති ඓතිහාසික බැඳීම කෙරෙහි විශ්වාසය තබමු. පන්සලේ වැඩවසන අහිංසක ස්වාමීන් වහන්සේලා තනි නොකරමු!

(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.