අටමස්ථාන වාර්තාව..
මුළු සමාජය ම බිඳ වට්ටලා කුණු ගොඩක් බවට පත් කරලා තියෙද්දි, ඒකේ තැනින් තැන පණුවෝ මතුවෙන එක අමුතු දෙයක් නෙවෙයි. ලෙඩවෙච්ච ශරීරවලින් තමයි සැරව ගලන්නේ. ඉතින් අපේ සමාජයේ විවිධ තැන්වලින් වාර්තා වෙන අපරාධ සිදුවීම් ගැන විස්තර හොයන පුරුද්දක්, ඒවා ගැන ඉවරයක් නැතුව කියවන පුරුද්දක් මට නෑ. මම වදවෙන්නේ මේ මහා සමාජය නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් විදිහක් ගැන විතරයි. ලිබරල් පුද්ගලික අන්තවාදය හරහා ඉස්සරහට දාපු කාමසුකල්ලිකානු යෝගී ජීවිත රටාවෙන් අපේ සමාජය මුදවාගෙන ඒක අත්ථකිලමතානු යෝගී උගුලටත් ගොදුරු කරන්නේ නැතුව සාමූහිකත්වය පදනම් කරගත්ත සමාජ ක්‍රමයකින් අපේ අවුල් නැති කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම ඒ වෙනුවෙන් කැපැවෙලා වැඩ කරනවා.
මෑතක මහා සද්දයකින් වාර්තා කරපු “අටමස්ථාන සිදුවීම” සම්බන්ධයෙනුත් හරි හමන් දැනුමක් මට නෑ. ලොකු සද්දයක් ඇති කරපු හින්දා ඒකට අදාළ වාර්තාවක් දෙකක් මම කියෙව්වා. මම ඒ වැඩේ කළෙත් උඩින් පල්ලෙන්. ඉතින් මේ නිශ්චිත සිදුවීම ගැනත් ප්‍රාමාණික දැනුමක් මට නෑ.
සන්නිවේදන විෂයය සෑහෙන දුරකට හදාරලා තියෙන හින්දා මෙච්චර ලොකු සද්ද ඇතිවෙන්නේ ඇයි කියන එක නම් මම දන්නවා. මේවා සමාජ සද්ද නෙවෙයි. මේවා සංවිධානාත්මකව, මහා පරිමාණයෙන් ඉස්සරහට දාන දේශපාලන සද්ද. හුඟක් වෙලාවට සමාජයේ අවධානය මුළුමනින් ම වෙන පැත්තකට යොමු කරන්න ඕන වුණාම මේ වගේ ලොකු සද්ද ඇති කරනවා. ලෝකයේ හුඟක් රටවල්වල මේ වැඩේ කරනවා.
අටමස්ථාන සද්දය ඉස්සරහට දැම්මාට පස්සේ බල නහර කතාව මිනිස්සුන්ට අමතක වුණා. දැන් කවුරුවත් ලාල්ගේ ගේ ගැන කතා කරන්නෙත් නෑ. අටමස්ථාන සිද්දිය ඇතිවුණා ද නැද්ද කියන කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ සමාජ මාධ්‍ය ගිණුම් ලක්‍ෂයක් විතර යොදාගෙන කරපු මහ දැවැන්ත සද්දය ගැන විතරයි.
අදාළ වාර්තාවල බොහොම ඩ්‍රැමටික් කතන්දරත් තියෙනවා මම දැක්කා. තමන්ට අතවර කළාට පස්සේ ශිෂ්ණයෙන් දියරයක් පිටවෙනවා තමන් දැක්කා කියලා අදාළ ළමයා කියනවා. ඒ වගේ ම, එහෙම පිටවෙච්ච දියරය පාපිස්සේ පිහදාපු බවකුත් කියනවා. මේ “කට උත්තරයේ වචන” ඒ ළමයාගෙන් ම ඉපැදිච්ච එකක් කියලා හිතන්න අමාරුයි.
මම මෙහෙම කියන්නේ ඇයි?
ඔය දියරය පිටවෙනවා දැකලා සතියක් ඇතුළත ඒ ළමයා මෙහෙම කට උත්තරයක් දුන්නා නම් ඒක ගැන වාද කරන්න හේතවුක් නෑ. අවුරුදු දෙකකට කලින් ඒ දේ වෙද්දි ළමයාගේ වයස අවුරුදු 13 ක් කියලා කියනවා. ඉතින් මුල් ම අත්දැකීම ලබපු ළමයාට ඒ දියරය ගැන දැනුමක් නැතිවීමේ විශාල ඉඩක් තියෙනවා. ඒත් පහුගිය අවුරුදු දෙකක කාලය තුළ මේ ළමයා තව සෑහෙන පිරිසක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වපු බවකුත් කියනවා. ඉතින් මුල් සිදුවීමෙන් අවුරුදු දෙකකට පස්සේ දෙන කට උත්තරයක තවමත් එහෙම “දියරයක්” (නො දන්නා දෙයක්) ගැන කියන්න ඉඩක් නෑ. දැන් මේ ළමයා පැහැදිළිව ම ඒ දියරය මොකක්ද කියලා දන්නවා. ඉතින් ළමයා අනිවාර්යයෙන් ම තමන් දැන් දන්න වචනවලින් තමයි කට උත්තරය දෙන්නේ. ළමයා එහෙම කළා නම්, මේ වැඩේ ඩ්‍රැමටික් වෙන්නේ නෑ.
පාපිසි කතාවත් සිහි කල්පනාව තියෙන මිනිහෙක්ට හිතාගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අවශ්‍ය අඩුම කුඩුම තියා අමතර රෙදි කෑල්ලක්වත් නැති ගල් ගුහාවක් වගේ තැනක මේ වැඩේ වුණා නම් පාපිසි කතාවට අර්ථයක් ලැබෙනවා. ඒත් මේ කියන්නේ එහෙම තැනක් ගැන නෙවෙයි. මේ කියන්නේ කිසිම අඩුපාඩුවක් නැති තැනක් ගැන. ඉතින් “පාපිසි කතාවත්” මේ වැඩේ ඩ්‍රැමටික් කරන්න ඇතුළු කරපු එකක් කියලා තමයි මට හිතෙන්නේ.
මම අවධාරණය කරන “ඩ්‍රැමටික් කිරීම” මේ ළමයාගේ උවමනාවට මේ ළමයා විසින් ම කරපු එකක් කියලා හිතන්න බෑ. මේක අනිවාර්යයෙන් ම, වෙනත් බාහිර පාර්ශ්වයක් විසින් ඒ ළමයාට කියලා දීපු දෙයක්. මේ කතා වරදින්නේ නැතුව කියන්න අවශ්‍ය පුහුණුවීම් පවා ලබාදෙන්න ඇති කියලා හිතන්න පුළුවන්.
කොහොම වුනත්, මේ අතවර සිදුවීමට අටමස්ථානාධිපති හාමුදුරුවෝ සම්බන්ධ ද නැද්ද කියලා තීන්දුවක් දෙන්න ඕනකමක් මට නෑ. මෙහෙම සිදුවීම් විග්‍රහ කරලා ඒවා ගැන තීන්දු දෙන එක මම කරන දේශපාලන කාර්යයට අදාළ නෑ. අදාළ තීන්දු තීරණ ගැනීම් කැමැති අය කැමැති විදිහට කරගත්තාට මට කමක් නෑ. (බුද්ධ ශාසනය ආශ්‍රිතව ඇති කරලා තියෙන ප්‍රශ්න - විශේෂයෙන් ම, අපේ ස්වාමීන්වහන්සේලාගේ විනය පිළිබඳ ප්‍රශ්න ගැන නම් අපිට පුළුල් දේශපාලන අර්ථයකින් සාකච්ඡා කරන්න පුළුවන්. ඉඩක් ලැබුණාම මම ඒ ගැන ලියන්නම්).
මේ අටමස්ථාන වාර්තාවත් එක්ක තවත් පචයක් සමාජගත කරනවා. ඒ තමයි “හැම කෙනෙක් ම නීතියට එක විදිහට යවත්” කියන ටොම් පචය. උසාවි යන්න නම් යහමින් සල්ලි තියෙන්න ඕන. සල්ලි නැති කෙනෙක්ට හරි හමන් නීතිඥයෙක් හයර් කරන්න පුළුවන් ද? මහ සල්ලිකාරයෝ උසාවි යද්දි මහා ජනාධිපති නීතිඥයෝ පවත්වාගෙන යන නීතිඥ සමාගම්වල සේවය ලබාගන්නවා. ඒ සේවය වෙනුවෙන් ඕන තරම් සල්ලි විසි කරන්න මහ සල්ලිකාරයන්ට පුළුවන්. ඒත් අපි වගේ අතේ සතේ නැති මිනිහෙක්ට උසාවි යන්න සිද්දවුනොත්?
සල්ලිවලින් නැති සාක්කි හදන්නත් පුළුවන්. තියෙන සාක්කි නැති කරන්නත් පුළුවන්. විමර්ශන වාර්තා අතුරුදහන් කරන්න, නඩු වාර්තා තියෙන ගබඩා කාමරවලට ගිනි තියන්න අපි වගේ දුප්පත් මිනිස්සුන්ට බෑ. මේ විෂයයට අදාළ තව කාරණා මහ ගොඩක් තියෙනවා. ඒ හැම එකක් ම කියන්න ඕනත් නෑ. සමහර ඒවා කියන්නත් බෑ. ඉතින් “හැම කෙනෙක් ම එක විදිහට නීතියට යටත්” කියන කතාව මිනිස්සු අන්දන තවත් ටොම් පචයක් විතරයි කියලා තේරුම්ගත්තාම හොඳට ම ඇති.
අපේ රටේ සිවිල් නඩුවලට මූලික වශයෙන් රෝම - ලන්දේසි නීතියත්, අපරාධ නඩුවලට මූලික වශයෙන් බ්‍රිතාන්‍ය අපරාධ නීතියත් යොදාගන්නවා. 1815 ට කලින් නෙදර්ලන්තයේ පාවිච්චි කරපු රෝම නීතියට තමයි “රෝම - ලන්දේසි නීතිය” කියලා කියන්නේ. උන් ඒ නීතිය විසි කරලා දාලා මේ වෙද්දි අවුරුදු 211 ක කාලයක් ගතවෙලා. ඒත් අපි තවමත් ඒ නීතිය කරේ තියාගෙන යනවා. ඉතින් මේ පරණ යටත්විජිත නීතිවලට හැමෝම යටත්වෙන්න ඕන කියලා තමයි අපේ කට්ටිය කියන්නේ.
අපිට අපේ ම නීති පද්ධතියක් හදාගන්න පුළුවන්. ඒ වැඩේට අදාළ මූලධර්ම සහ සංකල්ප ඝණනාවක් මම “බෞද්ධ ජනරජ ප්‍රවාදය” පොතේ පරිච්ඡේද 9 කින් ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මෙහෙම අපේ ප්‍රශ්න විසඳන දැනුමක් නිර්මාණය කිරීම ගැනත් මම වදවෙනවා.
ඇතිවෙච්ච සද්දයට අදාළ දේශපාලන - සන්නිවේදන පසුබිම ගැනත්, පවතින නීතියේ ස්වභාවය ගැනත්, අපි අපේ ම නීතියක් හදාගන්න ඕන කියන කාරණය ගැනත් කියන්නයි මම මේ ලිපිය ලිව්වේ. එහෙම නැතුව එදිනෙදා සිදුවීම් ගැන නඩු තීන්දු දෙන්න ඕනකමක් මට නෑ. මුලින් ම කියපු විදිහට මම මූලික වශයෙන් වදවෙන්නේ සාමූහිකත්වය පදනම් කරගත්ත සමාජ ක්‍රමයක් හඳුන්වලා දීලා ඒ මාර්ගයෙන් අපේ අවුල් නැති කරගන්න විතරයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..